මහ_පාරෙන්_විසඳුම්
කනේ අවුලට මහ පාරෙන් විසඳුම්
කනෙහි කලාඳුරු වැඩි වන විට කන කසන්නත්, වේදනාවක් දැනෙන්නත්, සමහර විට කන නෑසෙන ගතියක් මතුවන්නත් පුළුවන්. බාගදා එහෙව් කරදරයක් ආ වෙලාවට හුඟදෙනකු කරන්නේ කන, නාසය සහ උගුර පිළිබඳ වෙදකු හෙවත් ‘ඊඑන්ටී‘ දොස්තර කෙනකු සොයා යෑමය. අප දන්නා සාමාන්‍යය එය වුවත්, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල අයට මඟ-තොටේ යන-එන ගමන්ම තමන්ගේ කනේ කුණු එළියට අද්දාගැනීමේ වරප්‍රසාදය හිමිව තිබේ.
ඔවුන්ට ඒ සහනය ලැබෙන්නේ කනේ කුණු ඉවත් කිරීමේ ‘විශේෂඥයන්‘ මඟ දිගට තැනින් තැන ‘සත්කාරක මධ්‍යස්ථාන‘ පවත්වාගෙන යන බැවිනි. මේ කියන ගණයේ කන් වෙදුන්, අප දන්නා කියන ඊඑන්ටී දොස්තරලා මෙන් කනේ කුණු අදින්නට ලොකු ගණනක් ගන්නේ වත්, වැඩි කාලයක් විය-පැහැදම් කරන්නේ වත්, ලෙඩුන් රස්තියාදුවේ යවන්නේ වත් නැත. ලෙඩා කළ යුත්තේ තමාගේ ඕඩරය සමඟ කනද දීගෙන සිටීම පමණි. ඉතිරි සියල්ල කන පවිත්‍ර කර දෙන විශේෂඥ තැනගෙනි..
බංග්ලාදේශයේ ඩකා අගනුවර බස් නැවතුම ආසන්නයේ කන් ශුද්ධ කිරීමේ ජංගම මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මොහොමඩ් ජෝයිනල් එවැනි විශේෂඥයෙකි. තම සේවාදායකයාගේ කන ඇතුළ පරීක්ෂාකර බැලිය හැකි තාලයේ කාචයක් සහිත මෙවලමක් හිස පැලඳ බේත්-හේත් අඩුක්කුවත් බිම තබාගෙන හෙතෙම වෙදකමේ යෙදෙයි. ඔහුගේ බෙහෙත් බෝතල් කුණු දූලියෙන් අපවිත්‍ර වී ඇත.
සේවාදායකයන්ගේ කන් හාරන්නේ සරල මෙවලමකින් නැත් නම් දෙකකිනි. ඒ එකක්වත් ජීවානුහරණය කියා දෙයකට භාජනය කෙරෙන්නේ නැත. අනෙක් අතට ලෙඩාගේ කනට ඔබන්නේද අනාරක්ෂිතව තබා ඇති පුළුන්ය. තමන් දන්නා ශාස්ත්‍රයෙන් සේවාදායකයාගේ කනේ කුණු ගොඩ එළියට අදින්නට මොහොමඩ් ඒ හැටි වෙලාවක් ගන්නේ නැත.
මේ කාරිය ලෙහෙසි පහසු වුවත් මොකක්දෝ අරුමයකට මොහොමඩ්ලාගේ රස්සාවට පිවිසෙන පිරිස දැන් අඩු වී තිබේ.
“... කනේ කුණු සුද්ද කරලා දෙන අය 10ක්-15ක් විතර මේ බස් නැවතුම ආසන්නයේ සිටියා දැනට අවුරුදු කිහිපයකට කලින්. ඒ අය අද මේ රස්සාව අතහැරලා වෙනත් ව්‍යාපාර කරන්න ගිහින්. දොස්තරලා කියනවානේ; කනට කොට්න් බඩ් දාන්න එපා කියලා. ඒක භයානක වැඩක් කියලා දොස්තරලා ලෙඩ්ඩුන්ව දැනුවත් කරලා තියෙන්නේ. අපි ළඟට ඇවිත් කන් ශුද්ධ කරගන්න පිරිස ඒ නිසා එන්න එන්නම අඩු වුණා. දැන් අපි ළඟට එන පිරිස හුඟක් අඩුයි. ඒ වුණාට මම මේ රස්සාව තවමත් කරගෙන යනවා. මේකෙන් සල්ලි හම්බ කරන්නත් පුළුවන්. මට නිදහසකුත් තියෙනවානේ.” මඟ-තොටේදී කන් පිරිසුදු කරදීමේ කර්මාන්තයේ බහින කලාව ගැන මොහොමඩ් විස්තර කළේ ඒ අන්දමටය.
බිලියන 1.2කට වඩා වැඩි ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ කන් ශුද්ධ කිරීමේ කර්මාන්තයටත් හෙනහුරා ලබා ඇත. ඉන්දියාවේ පරණ දිල්ලි නගරයේ වීදියක් වීදියක් ගානේ කන් ශුද්ධ කර දෙන විශේෂඥයන් දැකිය හැකි වුණේ මෙයට වසර හය-හතකට පෙරය. දැන් ඒ පිරිස බෙහෙවින්ම අඩු වී ඇත. කන් පවිත්‍ර කිරීමේ ශාස්ත්‍රය තාත්තාගෙන් ඉගෙනගත් ඉන්දියාවේ මොහොමඩ් අබ්බාස් එකල දිනකට සෑහෙන ගණනක් හරි-හම්බ කරගත්තේය.
“මම මේක ඉගෙනගත්තේ තාත්තාගෙන්. කන් ශුද්ධ කිරීම තාත්තා ඉගෙනගෙන තියෙන්නේ එයාගේ සීයාගෙන්. අපේ පවුලේ උදවිය මෝගල් අවධියේ ඉඳන්ම කරන්නේ කන් සුද්ද කිරීමේ රස්සාව. දවසකට මට විසි තිස් දෙනෙකුගේ කන් සුද්ද කරන්න ඉඩ ලැබුණා; මෙයට අවුරුදු පහකට හයකට කලින්. එදා ඉඳලම මගේ ළඟට වැඩිපුර ආවේ මගෙන්ම ඒ වැඩය කරගන්න හුරු වෙච්ච වයසක පහේ කස්ටමර්ස්ලා පිරිසක්. තරුණ පිරිස මගේ ළඟට ආවේ කලාතුරකින්. කොට්න් බඩ් එකක් දාලා කන ශුද්ධ කරගන්නවා කියලා තමයි තරුණ අය කියන්නේ. ...”
කන් දෙකක් සුද්ද කර දෙන්නට එකල ඔහු ඉන්දියානු රුපියල් 20ත් 50ත් අතර මුදලක් අය කළේය. කලාඳුරු පෙඟවීමට යොදන බෙහෙත් ටිකකටත්, වානේ කටුවක්ටත්, ඩැහි අඬුවකටත්, පුළුන් ස්වල්පයකටත් එහා ගිය දෙයක් කවර තාලයේ කන් පිරිසුදු කිරීමේ කර්තව්‍යයකටවත් ඔහු භාවිත කළේ නැත. මෙවලම් සියල්ල ඔහු තැනින් තැනට රැගෙන ගියේත් තලප්පාවෙහි රඳවාගෙනය.
මොහොමඩ් අබ්බාස් “විශේෂඥ” තැනගෙන් සේවය ලබන්නට ඇතැම් සේවාලාභීන් පැමිණෙන්නේ අවුරුදු විස්සකට එහා සිට ය. එහෙම පැමිණෙන මුහම්මද් අස්ලාම් කුරේෂි තම අත්දැකීම් විස්තර කරන්නේ මේ අන්දමටය:
“... කන් සුද්ද කරගන්න ඕනෑ වුණු හැම වෙලාවකම මම ඔහු ළඟට යනවා. කන් සුද්ද කරද්දී මට දැනෙන්නේ පුදුමාකාර සැහැල්ලුවක්. මෙහෙම කන් සුද්ද කරගත්ත කියලා මට කවදාවත් ගැටලුවක් මතු වෙලා නැහැ. ...”
මුම්බායි නගරය සැලකෙන්නේ ඉන්දියාවේ ප්‍රධානතම වාණිජ නගරය හැටියටය. මිනිස් කන්වල කුණු ඇදිල්ල, මිලියන 12කට අධික පිරිසක් සැරිසරන මේ වාණිජ නගරයේ තවත් එක් ව්‍යාපාරයකි. කන් සුද්ද කිරීම එහි බොහෝදුරට සිදු කෙරෙන්නේ දකුණු ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් අතිනි.
හයිද්‍රාබාද් නගරයට ආසන්න තැනක උපත ලැබූ සයීඩ් මෙහ්බූබ් කන් පිරිසුදු කිරීමේ කර්මාන්තයේ හවුල්කරුවකු වුණේ මෙයට වසර විසි ගණනකට පෙරදී රැකියාවක් සොයාගෙන මුම්බායි නගරයට පැමිණි ගමනෙනි.
තම සේවාදායකයාගේ කන තුළට කටුවක් රිංගවීමට පෙර හයිඩ්‍රන් පෙරොක්සයිඩ්වලින් පෙඟවූ පුලුන් කැබැල්ලකින් කන අවට සහ කන් සිදුර පිරිසුදු කරන්නට සයීඩ් වග බලාගනී.
ඉන් පසු අනෙක් කවුරුනුත් කරන්නාක් මෙන් ඔහුත් කටුවක් කන් සිදුරෙන් යවා කලාඳුරු පිටතට අදී. ඒ ටික කරන්නට ඔහු ඉන්දියන් රුපියල් 20ක් පමණ අය කරයි. වැඩි “කන් සැපක්” ගන්නට බලාපොරොත්තු වන අයට ආයුර්වේද ටොනික් එකක් සහිත සත්කාරයක් ඔහු සපයයි. පොල් තෙල් සහ අඳුරු පැහැ දියරයක් යොදාගෙන කරන මේ සත්කාරය ඉන්දීය රුපියල් 50ක් පමණ වටිනා එකකි.
“... මේ ක්‍රමය හොඳයි; කනේ දැවිල්ල ගතියක්, කන රතුවෙන ගතියක් ඇතිවෙන විට. මේ බෙහෙත් දියරයෙන් ඒ ගතිය සංසිඳුවාලනවා. ...” කියා හෙතෙම ඒ ගැන පවසයි.
මඟ දෙපස රැඳෙමින් කන් සුද්ද කිරීමට අමතරව සයීඩ්ට නිවාස සංකීර්ණවලිනුත් ඇණවුම් ලැබේ. ඔහු කියන විදිහට ඒ ඇණවුම් ලැබෙන්නේ වත්පොහොසත්කම් ඇති අයගෙනි.

Last edited: