මළගෙයක්_ගන්න_උදව්වක්
හැමෝම මගුල් ගෙවල් ගන්න විදිහ ගැන එළකිරියෙ නිතරම කතාකරනවා දැකලා තියෙනවා. දැන් කාලෙ ඉතින් මළගෙයක් උනත් එහෙම තමයි නේද?
මළගෙයක් ගන්නත් නිකං බෑ මල්ලි. අතේ සල්ලි තියෙන්න ඕනෙ. නැත්තං loan එකක් දාලා හරි වැඩේ කරගන්න ඕනෙ. ජීවිතේටම එක පාරයිනෙ.
වැඩ ඔක්කොම ටික හරියට සංවිධානය කරලා තියෙන්න ඕනෙ.
හොඳ මල් ශාලාවකින් තමන්ට ගැළපෙන පැකේජ් එක හරියට තෝරගන්ඩ ඕනෙ. තමන්ගෙ level එක ලෝකෙට පෙන්නන්ඩ මේක ගොඩක් වැදගත්. පෙට්ටිය පරණ, දිරපු වාහන වල ගෙනියන්නැතුව හොඳ පෙනුමට තියෙන වාහනේක ගෙනියන්ඩ ඕනෙ හරිද.
හොඳ catering service එකකින් කෑම ඕඩර් කරන්න ඕනෙ. හොඳ තැනකින් ගන්නවා නම් ඉතින් ප්ලේට් එක 1000-1500 වගේ වෙනවා. VIP hut අවශ්‍ය ප්‍රමාණයට ගහන්ඩ ඕනෙ.
කැරම් බෝඩ් එකක් දාන්ඩ ඕනෙ. නැත්තන් බෝරිං නෙ. (මතක් කරලා අර කැරම් බෝඩ් වලට දාන හොඳ පවුඩර් එකකුත් ගන්ඩ. නැත්තන් කොච්චර හොඳ කැරම් ශූරයෙක් උනත් එයාලගෙ දක්ෂතාවය උඩට ගන්ඩ බැරුව යනවා.)
කාඩ් පැක් නම් හත අටක් තියෙන්ඩ ඕනෙ. කොහොමත් මළගේ ඉවර වෙන කොට ගොඩක් කාඩ් අතුරුදහන් වෙනවා.
හොඳ electrician කෙනෙක් දාලා වයරින් එක සුපිරියටම ගහන්ඩ ඕනෙ. වයර් එහෙන් මෙහෙන් එල්ලෙන්ඩ දාන්නැතුව ටිකක් පිළිවෙලට කරන කෙනෙක්. වියදම වැඩි උනාට කමක් නෑ.
ඊළඟට සවුන්ඩ් සෙට් එකක්. හොඳ එනවුන්සර් කෙනෙක් ඉන්ඩ ඕනෙ උස්සන වෙලාවට.
එන හැමෝටම Thank you කාඩ් එකක් දෙන්ඩ ඕනෙ.
ඇත්තටම ගෙදරක මරණයක් සිද්ධ වුණාම ඒක ඒ ගෙදරට කියලා නිම කරන්න බැරි ලොකු පාඩුවක්. පවුලේ සාමාජිකයෙකු අහිමි වීම, සමහර විට ගෙදර ප්‍රධාන ආදායම් මාර්ගයේ අහිමි වීම ඔය වගේ පාඩු ගොඩක් අතරෙදි මේ වගේ විශාල වියදමක් කරලා, අමතර පාඩුවක් කරගෙන අසල්වැසියන්වයි, දුර ඉඳන් එන නෑදෑ හිතවතුන්වයි සතුටු කරනවා.
අර උඩ කියපු විදිහට මගේ මළගේ ගත්තෙ නැත්තන් අපේ ගෙදර කට්ටියට සමාජයේ අය මොන තරම් දේවල් කියයිද? ඔය විදිහට මළගේ ගන්න ඒ අය කීයක් විතර වියදම් කරන්න වෙයිද? ඔහොම මහ ඉහළින් මළගේ ගත්තා කියලා මගේ ඊළඟ ජීවිතයට ඒකෙන් යහපතක් වෙයිද? මේක මහ බොරුවක්. හැමෝම කරන හින්දා කරනවා. නොකර හිටියොත් සමාජයෙන් කොන් වෙනවා.
රටේ ලෝකෙ ඉන්න ගොඩක් මිනිස්සුත් අපි ඉන්නකන් අපිව මරාගෙන කන්ඩ හදනවා. මැරුණට පස්සෙ උපහාර දක්වනවා.
මේ ක්‍රමය දිගටම කරගෙන යන්ඩ දෙනවද? නැත්තන් මේක වෙනස් කරනවද?