මළ මිනී වගා කරන අතිශය භයානක ගොවිපලේ අභිරහ&#352

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මළ මිනී වගා කරන අතිශය භයානක ගොවිපලේ අභිරහ&#352



    ටෙක්සාස්හි සැන් මැක්‍රෝ නැමති ප්‍රදේශයට සැතපුම් 7ක් පමණ වයඹ දිශාවට වෙන්න තියෙනවා අක්කර 16ක් පමණ විශාල ගොවිපලක්. හැබැයි මේක වගා කටයුතු සිදු කරන ගොවිපොළක් නම් නෙවෙයි. මෙම ගොවිපොළ ගැන නොදන්නා කෙනෙක් මෙය තුලට ඇතුළු වුනොත් එම පුද්ගලයාට භයානක ඉරණමකට මුහුණ පාන්න වෙන බව නම් නොවනුමානයි.

    ඒ තරම්ම මෙම ගොවිපොළ තුල සිදු වන කටයුතු අප්‍රසන්නයි. ගොවිපොළ පුරාම කුණු වෙමින් පවතින ගද ගසන මිනිස් මල සිරුරු 50ක් පමණ විසිරි පවතිනවා. කලබල වෙන්න එපා. මෙම ගොවිපොළ අයිතිකරුවන් භයානක මිනීමරුවන් නොවෙයි. ඔවුන් මේ දේ කරන්නේ හොද අරමුණක් වෙනුවෙන්.

    මේ ගොවිපොළේ හදුන්වන්නේ Freeman ගොවිපොළ නමින්. මෙය අයිති වන්නේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා ඒකකයට (Forensic Anthropology Center at Texas State University). මෙම ගොවි පොලේ තැන තැන විසිරි පවතින මල සිරුරු පිටුපස පවතින අභිරහස වන්නේ මෙයයි. මේ වැඬේ ඇත්තටම පරීක්ෂණයක්. මිනිස් මල සිරුරුක් විවධ පරිසර තත්වයන් යටතේ කුණු වී යන ආකාරය ඒ සදහා ගත වෙන කාලය ගැන තමයි මොවුන් මෙතැන නිරීක්ෂණයන් සිදු කරන්නේ. මේ ලබා ගන්නා තොරතුරු විවිධ මිනි මැරුම් අපරාධ විසදීමේදී ප‍්‍රයෝජනයට ගන්නවා.

    මසකට කීප වරක් මේ ගොවිපොලට මිනිස් මල සිරුරු ලැබෙනවා. ඉන්පසුව මෙහි සිටින පරීක්ෂකයන් හා විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයන් මෙම මල සිරුරු ගොවිපොළේ තැන තැන විසිර වීම සිදු කරනවා.

    මිනිස් මල සිරුරක් කුණුවෙන ආකාරය හොදින්ම තේරුම් ගැනීම සදහා කුණු වීමේ ක‍්‍රියාවලියේ විවිධ අවධීන් ගැන අධ්‍යනය කල යුතුයි. සාමාන්‍යයෙන් සිරුරක් කුණු වීමේදී අවධීන් තුනක් පසු කරනවා. පලමු අවධියේදී මල සිරුර ඉදිමෙන්නට පටන් ගන්නවා. එසේ වනුයේ ශරීරයේ ඉන්න බැක්ටීරියා විසින් සිරුරේ කාබන් පාරිබෝජන්ය කරමින් ගෑස් නිකුත් කරන නිසාය. මේ අවධිය මිනිසෙකු මිය ගිය විටම ආරම්භ වේ

    මල මිනිය කුණුවීමේ දෙවන අවධියේදී එය දිස් වනුයේ මෙසේයි. මෙහිදී සිරුර තැනින් තැන පිපිරී / පැලි විවධ කුණු දියර ගැලීමට පටන් ගනී

    මේ දිස්වන්නේ සති කිහිපයකට පසු එළඹෙන කුණු වීමේ ක්‍රියාවලියේ අවසාන අදියරයි. මෙහිදී මල මිනියේ සියලූ මස් බැක්ටීරියා විසින් අනුභව කර අවසාන අතර මෙම මිනිස් ගොවිපොළේ ඇති මල සිරුරු බොහෝ ප‍්‍රමාණයක් පසු කරන්නේ මෙම අවධියයි

    මෙම සිතියම මගින් පෙන්නුම් කරන්නේ මෙම ගොවිපොළේ මල සිරුරු තිබෙන ස්ථානයි. සමහරක් මල සිරුරු හිරු එලියට නිරාවරණය වන සේ එළිමහනේ දමා තිබෙන අතර සමහරක් මල සිරුරු වැඩුණු තණකොළ අස්සේ සගවා ඇත. සමහරක් මළමිනී වලදමා ඇති අතර තවත් මළසිරුරු ඔක් ගස් අතර දමා ඇත

    මෙම පරීක්ෂණ මගින් නිතිපතා එක් රැස් කෙරෙන තොරතුරු පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමේදී ඉතා වැදගත් වෙනවා. ඒ අනුව මල සිරුරක් නිරීක්ෂණය කිරීම මගින් පහසුවෙන් එම තැනැත්තා මිය ගිය දිනය හා වේලාව කීමට හැකියාව තිබෙනවා.

    dead-body-1.jpg


    dead-body-2.jpg


    dead-body-3.jpg


    freeman-ranch-body-farm-2-1.jpg


    freeman-ranch-body-farm-3.jpg


    freeman-ranch-body-farm-8.jpg


     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඕක එක දවසක් discovery එකේද කොහෙද ගියා. ඇමෙරිකාවේ forensics ඔච්ච්ච්ර දියුණු ඔය වගේ දේවල් කරන හින්ද. අපේ පොලිසිය වගේ පොලිසියට ගෙනල්ල නිවැරදි කාරයට වැරැද්ද පිළිගන්නකන් නෙලන්නේ නැහැ.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,649
    539
    113
    ලන්ඩන් වත්ත
    ඔච්චර නහින්න ඔනැයැ බන්. ඔය පොඩ්ඩක් අවුල් වගෙ පේන මනුස්සයෙක් අරන් ඇවිල්ල දෙක දීල උඹ නේද මේක කරේ ඇහුව නම් අගේට පිලිගනී.
     

    blue_in_rio

    Well-known member
  • ඕක එක දවසක් discovery එකේද කොහෙද ගියා. ඇමෙරිකාවේ forensics ඔච්ච්ච්ර දියුණු ඔය වගේ දේවල් කරන හින්ද. අපේ පොලිසිය වගේ පොලිසියට ගෙනල්ල නිවැරදි කාරයට වැරැද්ද පිළිගන්නකන් නෙලන්නේ නැහැ.

    ඔච්චර නහින්න ඔනැයැ බන්. ඔය පොඩ්ඩක් අවුල් වගෙ පේන මනුස්සයෙක් අරන් ඇවිල්ල දෙක දීල උඹ නේද මේක කරේ ඇහුව නම් අගේට පිලිගනී.

    :dull::dull::dull::dull::dull:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,436
    113
    ඔච්චර නහින්න ඔනැයැ බන්. ඔය පොඩ්ඩක් අවුල් වගෙ පේන මනුස්සයෙක් අරන් ඇවිල්ල දෙක දීල උඹ නේද මේක කරේ ඇහුව නම් අගේට පිලිගනී.
    :dull: