මාකඳුරේ මධුෂ් මරුට

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    මාලිගාවත්ත නිවාස සංකීරණයේ සඟවා තිබූ හෙරෝයින් කිලෝ 22ක් ගැන තොරතුරු හෙළිවීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මාකඳුරේ මධුෂ් සමග එම ස්ථානයට ගොස් තිබේ.

    එහිදී මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් වෙඩ් තබා ඇත.

    ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරීයෙකුට වෙඩි වැදී තිබේ.

    ඉන් මාකඳුරේ මධූෂ් මරණයට පත්වී තිබේ.

    Source: Derana

    http://sinhala.adaderana.lk/news/144433/මාකඳුරේ-මධුෂ්-මරුට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    යකෝ................. මේ වගේ එකක් ඊයේ මේ කිරියේ එකෙක් කිව්වා :baffled: :P . ලැසී මොකෝ මදුෂ් මොකෝ.

    Capturelasi.JPG

    20 විවාදේත් එනවා නේ ..
     
    Last edited:

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය ජාවාරම ඉස්සරහ STF අම්බ ලොස් වෙලාද?

    tenor.gif

    පිටිපස්සෙ හිටපු දේශපාලකයො
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,574
    124,874
    113
    දෙහිවල
    මාලිගාවත්ත නිවාස සංකීරණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්ව තිබේ.
    ඔහු එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.
    අද (20) අළුයම එම වැටලීම සිදුකර තිබේ.
    එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත.
    ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරියෙකුට වෙඩිවැදී තිබේ.
    ඉන් මාකඳුරේ මධූෂ් මරණයට පත්වී තිබේ.
    වසර 1 1/2කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මාකඳුරේ මධුෂ් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 16) වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුනි.
    ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාකඳුරේ මධුෂ් ලබාදුන් තොරතුරකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයෙන් සඟවා තිබූ හෙරොයින් කිලෝ 10ක් සොයා ගැණුනි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    හැබැයි කොහොම උනත් කතාව ලස්සනයි ඈ.... වෙඩි හුවමාරුවකට මැදිවෙලා මැරිලා තියෙන්නේ.

    ආයෙ ඉතිං කියලා වැඩක් නෑ බං. 🤣 ඌ මොකටද දන්නෙ නෑ ඕක අස්සෙ එක්ක ගියේ. කුඩු උගේ කියල කියලත් නෑ. මට නං ෂුවර්ම නෑ වැඩේ. ඇත්තටම ඌ මැරුණද? ඇත්තටම ඌ මද මැරුණේ? 🤔
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනිච්චා වත සංඛාරා
    උප්පාද වය ධම්මිනෝ
    උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති
    ඒසං වූප සමෝසුවෝ
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ආයෙ ඉතිං කියලා වැඩක් නෑ බං. 🤣 ඌ මොකටද දන්නෙ නෑ ඕක අස්සෙ එක්ක ගියේ. කුඩු උගේ කියල කියලත් නෑ. මට නං ෂුවර්ම නෑ වැඩේ. ඇත්තටම ඌ මැරුණද? ඇත්තටම ඌ මද මැරුණේ? 🤔
    මොනවා උනත් ඕක ඇහුවම අහුවෙලා ඉන්න අනිත් උන්ට රෙවෙනවා ඇති, ඒක වටිනවා.... අනිත් මිනිස්සු කි දෙනෙක් මුන් හින්දා බයේ ජීවත් වෙන්න ඇද්ද? කී දෙනෙක් කප්පම් ගෙවන්න ඇද්ද? අපි කැමතිද අපි අමාරුවෙන් හම්බ කරන සල්ලි අනිත් උන්ට පුදන්න.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දැන් දැන් ස්ක්‍රිප්ට් ලියන එකා පට්ට ක්‍රියේටිව්. ඌ අලුත් අලුත් විදි වලට ස්ක්‍රිප්ට් ලියනවා පරණ එකම අතුල්ලන්නෙ නැතුව.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    ආයෙ ඉතිං කියලා වැඩක් නෑ බං. 🤣 ඌ මොකටද දන්නෙ නෑ ඕක අස්සෙ එක්ක ගියේ. කුඩු උගේ කියල කියලත් නෑ. මට නං ෂුවර්ම නෑ වැඩේ. ඇත්තටම ඌ මැරුණද? ඇත්තටම ඌ මද මැරුණේ? 🤔
    අපි චන්දෙ දවසේ sf ලොක්කෙක් ගැන කතාකරා
    ප්‍රේමලාල් පාර්ලිමේන්තු ආපු දවසේ හරකෙක් ගැන කතා කරා
    20 විවාදේ වෙලේ මදුෂ් ගැන කතා කරමු. ;)
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොනවා උනත් ඕක ඇහුවම අහුවෙලා ඉන්න අනිත් උන්ට රෙවෙනවා ඇති, ඒක වටිනවා.... අනිත් මිනිස්සු කි දෙනෙක් මුන් හින්දා බයේ ජීවත් වෙන්න ඇද්ද? කී දෙනෙක් කප්පම් ගෙවන්න ඇද්ද? අපි කැමතිද අපි අමාරුවෙන් හම්බ කරන සල්ලි අනිත් උන්ට පුදන්න.


    ඒක තමයි වෙන්න ඕනිත් මචන්.. දැන් ලංකාවෙ ඉන්න අනික් උට්ටල ටික සේරම බය වෙනව...

    කොහොමත් මදූශ්, ඉම්‍රාන්, ලෑසි වගේ සෙට් එක ලංකාවම උන්ට අයිතී වගේනෙ ඉන්නෙ..
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපි චන්දෙ දවසේ දවසේ sf ලොක්කෙක් ගැන කතාකරා
    ප්‍රේමලාල් පාර්ලිමේන්තු ආපු දවසේ හරකෙක් ගැන කතා කරා
    20 විවාදේ වෙලේ මදුෂ් ගැන කතා කරමු. ;)

    එකත් මදි නම් තව දෙන්නම්. ඇතුළෙ ඉන්නවා ඕනි තරම්
     
    • Like
    Reactions: dilann

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් දවස් දෙකකට කලින් දැක්කා ඌ නැතිව කිලෝ 10ක් හොයා ගත්තා කියලා, කිලෝ 22 බර හරියටම තියෙනවද බලන්නද දන්නේ නෑ ඌව එක්කන් ගියේ.

    මූ වගේ උන් හදපු උන්ටත් ඔය වගේම වෙඩිල්ලක් තියෙනව නම් හොදයි නැත්තම්, මු හැදුව වගේ තව එකෙක් හදන එක, උන්ට මහලොකු දෙයක් නෙවේ.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,329
    16,029
    113
    Colombo
    දැන් දැන් ස්ක්‍රිප්ට් ලියන එකා පට්ට ක්‍රියේටිව්. ඌ අලුත් අලුත් විදි වලට ස්ක්‍රිප්ට් ලියනවා පරණ එකම අතුල්ලන්නෙ නැතුව.
    :yes::lol:
     
    • Like
    Reactions: NRTG