මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

Cydeminz

Member
Mar 10, 2012
57
1
0
ටිකක් දිගට දාපන් මචන්! නැත්තම් කෑළි අමතකත් වෙනවා නෙ;)
 
Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
ටිකක් දිගට දාපන් මචන්! නැත්තම් කෑළි අමතකත් වෙනවා නෙ;)

mama try karannam

වැලි ගොව්වා;12281138 said:
උබ බීලා ඉන්නවා කියලා මුලින්ම දාලා තිබුන එකෙන්ම මට හිතුනා දුක හිතෙන සීන් එකෙක් වෙන්න ඇති කියලා..:(

මම මේ දවස් දෙකකට කොටපුවා.
දැන් ඒක දිගටම දවස් 45 ක තිස්සේ මම ඒක වේලක් හරි බොනවා.
45 ටම මට බොන්න බැරි වෙන්න ඇත්තේ, දවස් 5ක් 6ක් වගේ කාලයක්.
කොහොමත් මම මෙටිකේ රැට එළකිරි එකේ ඉන්නේ බීමත්ව.
ඒ නිසා මගෙන් වෙන වැරදි වලට සමාව ඉල්ලනවා.
 
Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
එයාගේ අයියා COMPUTER වලට වැඩ්ඩා, මම ගැන සෙවල හලනවා නෙවෙයි. මමත් ටිකක් වැඩ්ඩා. එකයි අපේ යාලු කමටත් මුල. දවසක් එයයි මමයි Visual Basic 6 වලින් Program එකක් ලිය ලිය හිටියා. නංගි කාමරේට ඇවිත් අයියගෙන් මොනවා හරි ඇහුවා, මම එයාගේ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා. හිතලම නෙවෙයි. එයත් මගේ ඇස දෙක දිහාම බලාගෙන හිටියා. ටික වෙලාවකට පස්සේ සීන් ඒක තේරිලා මම මගේ ඇස දෙක අහකට ගත්තා. හැබැයි මගේ හිතේ තිබුණු දේ මම මගේ ඇස දෙකෙන් අයට කිව්වා කියන දේ මට හොඳටම තේරුණා. මට එයාගේ උත්තරෙත් ලැබුණා.
එත් කෙලින් අහන්න හිතට බයයි. මොකද වැඩේ ගැස්සිලා ගියොත් යාලුවත් නැහැ, නංගිත් නැහැ.
අපි දෙන්නගේ ෆෝන් කෝල් ගණනත් එන්න එන්නම වැඩි උනා. උය මට හදිස්සියකට වගේ හැම වෙලාවෙම කෝල් ගන්නේ හේතුවක් නැතුව බව මමත් දැනගෙන හිටියා.

මමත් බොරු හේතුවක් හදාගෙන හැම වෙලාවේම එයාට කෝල් කලා. සමහර වෙලාවට ඒ කෝල් පැය 5 ක් 6 ක් වෙනකල් දුරදිග යනවා. මම ඒවාට රීලෝඩ් කරනවා. හැබැයි අපි යාලුත් නැහැ.
හැමදාම කෙල්ලයි කොල්ලයි වගේ අපි දෙන්න කතා කරනවා, යාලු නැති උනාට. මම ඒක දවසක් කිව්වා, මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඒක මට කියන්න බැහැ. මම එස්. එම්. එස්. කරන්නම්. බලලා උත්තරයක්‌ දෙන්න කියලා.

මම එස්. එම්. එස්. ඒක දැම්මේ දෙපැත්තටම හරියන්න. කෙල්ල සෙට් උනොත් එහෙමයි. අප්සෙට් උනොත් ජෝක් පැත්තෙන් අවන්න. මෙන්න මේකයි මගේ මැසේජ් ඒක.

I

L
O
V
E

Y
O
U
G
H
T

එයාට මේකේ ජෝක් පැත්ත තේරුනේ නැතත් අයි ලව් යු කියන ඒක හොඳට තේරිලා තිබුණා.
ඉක්මනටම එයා මට කෝල් එකක් ගත්තා. එයාගේ පළමු ප්රතශ්නය. අයියගෙන් මේකට ප්රනශ්නයක් වෙයිද කියන ඒක. ඒ කියන්නේ එයා කැමති කියන ඒක මම හිතාගත්තා. මම කිව්වා අයගෙන් ප්ර ශ්නයක් වෙන්නේ නැහැ කියලා මම දන්නවා කියලා. එයා කිව්වා එහෙනම් අද රැටම ඇවිත් අයියගෙන් අහන්න කියලා(මොකද එයාට අම්ම තාත්තා නැති නිසා)
 
SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    මචෝ දිගටම ලියපන්.ඒත් උබේ එක කතාවකට මම එකඟ නෑ.මම හිතන්නෙ අපේ කොල්ලො සේරම එහෙම වෙයි..උබෙ අරක්කු බොන වැඩේ අතහැරපන්..මොකද ප්‍රශ්න විසදන්න ඒක නෙවෙයි මාර්ගෙ.ඒක ජීවිතේ පහලට වැටෙන්න මුල විතරයි..උබත් කොල්ලෙක් නිසා මෙහෙම වත් කීවේ.නැතිනම් අරක්කු වලට වහල් වෙන එවුන් මම සතේකට ගනන් ගන්නෙ නෑ:frown::frown:.උබේ අරක්කු බීම නවත්තගනින්
     
    • Like
    Reactions: chirart1

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    mama try karannam

    මම මේ දවස් දෙකකට කොටපුවා.
    දැන් ඒක දිගටම දවස් 45 ක තිස්සේ මම ඒක වේලක් හරි බොනවා.
    45 ටම මට බොන්න බැරි වෙන්න ඇත්තේ, දවස් 5ක් 6ක් වගේ කාලයක්.
    කොහොමත් මම මෙටිකේ රැට එළකිරි එකේ ඉන්නේ බීමත්ව.
    ඒ නිසා මගෙන් වෙන වැරදි වලට සමාව ඉල්ලනවා.

    ඔව් බන් ත්‍රෙඩ් එකක ලියන්වා කියන්නෙ පු* ඉරෙන වැඩක්:dull:
    උබ කියනන් තියෙන හැමදෙයක්ම පුලුවන් නම් අද රැම ලියලා ඉවරකරපන් අපි එලිවෙනකන් හරි කියවන්නම්:yes:බොන එක නම් කොල්ලො ප්‍රශ්න වලට උත්තරයක් නෙමෙයි කතාවට කිව්ව නෙමෙයි අත්දැකිමෙන් කියන්නෙ:dull: ඔකෙන් වෙන්නෙ උබ නිකන් චාටර් වෙලා ගෙදර මිනිසුත් නැත්තට නැති වෙන වැඩක්:sorry: බොන්න ඔනෙ නම් ආතල් එකට ටිකක් බීපන් සතියකට 2කට විතර සැරයක් ව්අගෙ ඔනෙ නම් මම උනත් එන්නම්:cool: එකෙන්ම:rofl:
    ජයවේවා
    11.gif
     
    හප්පා ඒකනම් ඇත්ත.සිංහල ටයිප් කොරන්න හෙන වෙලා යනවා.කතා නම් අනිවා ඇත්ත තමයි.බිව්වට ප්‍රශ්නයක් නෑ.ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ දිගටම බොන එකයි.අපි උනත් කොල්ලො ටික සෙට් වෙලා මසෙකට දෙකකට සැරයක් පොඩි ඩ්‍රින්ක් එකක් දානවා.ඒ උනාට දවස ගානේ බොන්නේ නෑ.
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    මචෝ දිගටම ලියපන්.ඒත් උබේ එක කතාවකට මම එකඟ නෑ.මම හිතන්නෙ අපේ කොල්ලො සේරම එහෙම වෙයි..උබෙ අරක්කු බොන වැඩේ අතහැරපන්..මොකද ප්‍රශ්න විසදන්න ඒක නෙවෙයි මාර්ගෙ.ඒක ජීවිතේ පහලට වැටෙන්න මුල විතරයි..උබත් කොල්ලෙක් නිසා මෙහෙම වත් කීවේ.නැතිනම් අරක්කු වලට වහල් වෙන එවුන් මම සතේකට ගනන් ගන්නෙ නෑ:frown::frown:.උබේ අරක්කු බීම නවත්තගනින්

    එයාව මගේ හිතෙන් අමතක කරන්න හිතුවට එයාව අමතක වෙන්නේ නැහැ.
    අමතක කරන්න ඕනෑ නිසා,
    කෙල්ලෝ 4 කගෙ නොම්බර හොයාගෙන කතා කර කර ඉන්නවා.(එකෙක් වත තම ඇහැට දැකල නැ)
    ඒ මොනවා කලත්, ඒ අස්සෙත් මතක් වෙන්නේ එයාව.
    මට එයාව ටික මොහොතකට වත් අමතක වෙන්නේ බීලා ඉන්න වෙලාවට විතරයි.
    එකයි බොන්නේ.
    එයාට සමාන කෙනෙක් හම්බුනොත් සමහර විට එයාව අමතක වෙයි.
    එත් මට ඒක විස්වාස නැහැ.
    එයා මට මෙහෙම කරපු එකේ මට මගේ අම්ම තාත්තවත් විස්වාස නැහැ.
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    ඔව් බන් ත්‍රෙඩ් එකක ලියන්වා කියන්නෙ පු* ඉරෙන වැඩක්:dull:
    උබ කියනන් තියෙන හැමදෙයක්ම පුලුවන් නම් අද රැම ලියලා ඉවරකරපන් අපි එලිවෙනකන් හරි කියවන්නම්:yes:බොන එක නම් කොල්ලො ප්‍රශ්න වලට උත්තරයක් නෙමෙයි කතාවට කිව්ව නෙමෙයි අත්දැකිමෙන් කියන්නෙ:dull: ඔකෙන් වෙන්නෙ උබ නිකන් චාටර් වෙලා ගෙදර මිනිසුත් නැත්තට නැති වෙන වැඩක්:sorry: බොන්න ඔනෙ නම් ආතල් එකට ටිකක් බීපන් සතියකට 2කට විතර සැරයක් ව්අගෙ ඔනෙ නම් මම උනත් එන්නම්:cool: එකෙන්ම:rofl:
    ජයවේවා
    11.gif

    ඇයි උබ විතරක්:frown::frown:.මමත් එනවා සෙට් වෙන්න:yes:.අනිව පුළුවන් නම් අද දවස අතුලත දාපන්.එලි වෙනකම් හරි කියවනවා:D:D
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    ඇයි උබ විතරක්:frown::frown:.මමත් එනවා සෙට් වෙන්න:yes:.අනිව පුළුවන් නම් අද දවස අතුලත දාපන්.එලි වෙනකම් හරි කියවනවා:D:D

    davasen kiyanna puluvan kathavak newei meka.
    3.5 years adara kathavak.
    try karapu kale,
    hathuro ekka satan karapu kale.
    okkoma ekka 5 years vath story ekak.
    keeyata vath eli wenna kalin nam danava boru.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එයාව මගේ හිතෙන් අමතක කරන්න හිතුවට එයාව අමතක වෙන්නේ නැහැ.
    අමතක කරන්න ඕනෑ නිසා,
    කෙල්ලෝ 4 කගෙ නොම්බර හොයාගෙන කතා කර කර ඉන්නවා.(එකෙක් වත තම ඇහැට දැකල නැ)
    ඒ මොනවා කලත්, ඒ අස්සෙත් මතක් වෙන්නේ එයාව.
    මට එයාව ටික මොහොතකට වත් අමතක වෙන්නේ බීලා ඉන්න වෙලාවට විතරයි.
    එකයි බොන්නේ.
    එයාට සමාන කෙනෙක් හම්බුනොත් සමහර විට එයාව අමතක වෙයි.
    එත් මට ඒක විස්වාස නැහැ.
    එයා මට මෙහෙම කරපු එකේ මට මගේ අම්ම තාත්තවත් විස්වාස නැහැ.

    පිස්සුද බන් උබට:frown: කෙල්ලො ගැන ඔච්චර හිතන්න යන්න එපා උබ අරකිව අමතක කරන්න කෙල්ලො 3-4ක් එක්ක කතාකරනන්වා එක මහ බොරු වැඩැක් ඔවා ආයෙ මකන්න බැ බන් මම කියනම් පොඩි දෙයක් මම 2කෙදි විතර කෙලෙල්ක්ට ලව් කලා දැක්කම පිස්සු හැදෙනවා එක එක හෙතු නිසා ස්කුල් එකෙන් අවුට් වෙනන්ම කියගන්න බැරි උනා පස්සෙ අවුරුදු 4-5කට පස්සෙ ඇෆ් බී එකෙදි දැක්කා එදා ඉදලල අර පිස්සුව ආයෙ හැදුනා:( ඒත් දැන් හොදයි වගෙ එත් ලාවට තියෙනවා:rofl:
    උබ බිලා විකාරකර කර ගමටම ලැජ්ජාවක් ව්එනකොට ඔනෙ නම් උබට පලු යන්න බනිවි:( හැබැයි උබ බිලා බිලා මැරෙන්න වැටිලා හොස්පිරිතාලෙ ඉන්නකොට ඉන්නකොට බලපන් උදෙ දවල් රැ කියලා වෙනස්ක නැතිව හරියට කැමක් වත් නැතුව අඩාගෙන උබවා බලාගනන් එනෙන් කවුද කියලා උබට ඔවා තෙරෙයි පන යන්න ඔන්න මෙන්න ඉන්නකොට හැබැයි පුතො එතකොට උබ ප්‍රමාද වැඩි උබ මැරෙන්නෙත් ඒ වෙදනාවෙන් මට සිනිබෝල කතාකියලා පුරුද්දක් නැ ඒත් ඇත්ත කතාව ඕකයි:dull: මචන් උබෙ හිත රිදුනා නම් සොරි වෙයන්:sorry: අහ්හ් එක්කො උබට දැන් රිදෙන්න හිතක් නැතිව ඇති:dull:

    ඇයි උබ විතරක්:frown::frown:.මමත් එනවා සෙට් වෙන්න:yes:.අනිව පුළුවන් නම් අද දවස අතුලත දාපන්.එලි වෙනකම් හරි කියවනවා:D:D
    තෝ ඉස්සෙල්ලා කිව්වෙ කොහොමද:frown:
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර

    පිස්සුද බන් උබට:frown: කෙල්ලො ගැන ඔච්චර හිතන්න යන්න එපා උබ අරකිව අමතක කරන්න කෙල්ලො 3-4ක් එක්ක කතාකරනන්වා එක මහ බොරු වැඩැක් ඔවා ආයෙ මකන්න බැ බන් මම කියනම් පොඩි දෙයක් මම 2කෙදි විතර කෙලෙල්ක්ට ලව් කලා දැක්කම පිස්සු හැදෙනවා එක එක හෙතු නිසා ස්කුල් එකෙන් අවුට් වෙනන්ම කියගන්න බැරි උනා පස්සෙ අවුරුදු 4-5කට පස්සෙ ඇෆ් බී එකෙදි දැක්කා එදා ඉදලල අර පිස්සුව ආයෙ හැදුනා:( ඒත් දැන් හොදයි වගෙ එත් ලාවට තියෙනවා:rofl:
    උබ බිලා විකාරකර කර ගමටම ලැජ්ජාවක් ව්එනකොට ඔනෙ නම් උබට පලු යන්න බනිවි:( හැබැයි උබ බිලා බිලා මැරෙන්න වැටිලා හොස්පිරිතාලෙ ඉන්නකොට ඉන්නකොට බලපන් උදෙ දවල් රැ කියලා වෙනස්ක නැතිව හරියට කැමක් වත් නැතුව අඩාගෙන උබවා බලාගනන් එනෙන් කවුද කියලා උබට ඔවා තෙරෙයි පන යන්න ඔන්න මෙන්න ඉන්නකොට හැබැයි පුතො එතකොට උබ ප්‍රමාද වැඩි උබ මැරෙන්නෙත් ඒ වෙදනාවෙන් මට සිනිබෝල කතාකියලා පුරුද්දක් නැ ඒත් ඇත්ත කතාව ඕකයි:dull: මචන් උබෙ හිත රිදුනා නම් සොරි වෙයන්:sorry: අහ්හ් එක්කො උබට දැන් රිදෙන්න හිතක් නැතිව ඇති:dull:

    තෝ ඉස්සෙල්ලා කිව්වෙ කොහොමද:frown:

    මේකෙන් පස්සේ මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා.
    මම මේ කතාව මාව සුද්ද කරන්න හිතාගෙන, මගේ වැරදි නැහැ කියලා කියන්න හදන කතාවක් නෙවෙයි.
    සමහර විට මේක කියවගෙන යද්දී හිතයි, මේක යකෝ තොගේම වරද්දනේ කියලා.
    එත් කතාව ඉවර වෙනකල් කියෙව්වොත් හොඳයි කියලයි මම හිතන්නේ. හරි වැරැද්ද තීරණය කරන්න කලින්.
    මම කරපු හැමදේම කලේ ආදරේ නාමයෙන්.
    අන්තිම වෙද්දී එයා ඔක්කොම කරලා තියෙන්නේ සල්ලිවල නාමයෙන්.
    මමත් උඹල හිතන විදිහේ හොඳ චරිතයක් නෙවෙයි, හැබැයි ආදරේ කලේ අවන්කවම.
    චරිතේ නරකයි කියන්නේ වනචර කම කලා කියන ඒක නෙවෙයි. මගේ හැම දෙයක්ම එයත් දැනගෙන හිටියා. මොකද මම කිසි දෙයක් එයාට හංගල නැති නිසා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(:(:(
    කතාව දැන් දෙවනි පාරටත් කියෙව්වා මචං..
    උඹ හිමින් ලියපං අවුලක් නෑ..

    බිව්වා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නෑ බං.. මමත් ඔය වැරැද්ද කලා..
    NUWAN BUWA

    Mal Baba

    prageeth119lk

    sameerasadaru

    sudu pusa

    මෙන්න මෙයාලා ටික සීන් එක දන්නවා. එයාල නිසා තමා අද මම මේ විදියට ඉන්නේ.. නැත්නම් බිබී නන්නත්තාර වෙලා හිටියෙ.. පඩිය ඉවරයි බොන්නම.. :no::no:
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    මම ඒ වෙලාවෙම එයාගේ අයියට කෝල් එකක් ගත්තා. අරගෙන කිව්වා අද රැට ලොකු දෙයක් තියෙනවා කතා කරගන්න, මම එනවා කියලා (කොහොමත් හැමදාම රැට එහෙ යනවා). ඒ වෙලේ එකටත් පොඩි අදහසක් ඇවිල්ල තියෙනවා මම කැරකෙන්නේ පොල් පැලේ කන්න කියලා.

    ගෙදර මල්ලිවයි, බප්පවයි, බාප්පාගේ දුවවයි, ශේප් කරලා ප්ර.ශ්නේ ගැන අයියට කියන්න එන්න කෙල්ලත් පොරොන්දු වෙලයි හිටියේ. මම ගියා ගමන් මම ලොකු ප්රවශ්නයක් කියන්න හදන්නේ කියලා යාලුවටත් තේරිලා තිබුණා.

    “මචං, මම උඹට කැ_ කමක් කලා කියලා හිතන්න එපා. මම මේක සිරා කරන්නේ. මමයි උඹගේ නංගියි අතරේ පොඩි සම්බන්දයක් තියෙනවා, මම අදයි එයාගෙන් ඇහුවේ, එයා කිව්වා උඹගෙන් අහන්න කියලා. එකයි මේ උඹගෙන් අහනේ ” කියලා මම කිව්වා.

    ඒක ඌට මුලින්ම නංගි කියපු නැති එකට ඌට උප්සෙට් ගියා.

    එත් එක්කම නංගිත් කාමරේට ආව. “අයියේ මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද කියලා ඇහුවම උ පොඩ්ඩක් නංගිට සැර දැම්ම, අර තරහට. අන්තිමට එයා අපිට කැමැත්ත දුන්නා කොන්දේසි ගණනාවක් පිට.

    1 ක් තමයි. ගෙවල් වලින් පස්සේ කලෙක කතා කරලා මේක කරලා දෙනකල් ආදර සම්බන්දයක් තියාගන්න බැහැ කියන ඒක (ඒකා බය උනා ලව් එක දුර දිග ගිහින්, මම එකට කොටයි කියලා). මමයි එයයි ඒ ඔක්කොටම එකඟ උනා.(එකඟ උනාට ඕව කවදාවත් කෙරෙන වැඩ නෙවෙයි කියලා මම දැනගෙන හිටියා.

    2 මෙහෙම දෙයක් උනා කියලා, නෑදෑයෝ තියා ගෙදර ඉන්න මල්ලිටවත් දැනගන්න තියන්න එපා කියන එක. මම එකටත් පොරොන්දු උනා.
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    :(:(:(:(:(
    කතාව දැන් දෙවනි පාරටත් කියෙව්වා මචං..
    උඹ හිමින් ලියපං අවුලක් නෑ..

    බිව්වා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නෑ බං.. මමත් ඔය වැරැද්ද කලා..
    NUWAN BUWA

    Mal Baba

    prageeth119lk

    sameerasadaru

    sudu pusa

    මෙන්න මෙයාලා ටික සීන් එක දන්නවා. එයාල නිසා තමා අද මම මේ විදියට ඉන්නේ.. නැත්නම් බිබී නන්නත්තාර වෙලා හිටියෙ.. පඩිය ඉවරයි බොන්නම.. :no::no:

    thanks machan.
    love seen valin godakma duk vindinne kollo.
    kellanta eva ikmanata amathaka karala danna puluvan.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thanks machan.
    love seen valin godakma duk vindinne kollo.
    kellanta eva ikmanata amathaka karala danna puluvan.
    ඒක ඇතත් මචං.. ඒක හැම කෙල්ලටම පොදු කාරණාවක්.. එයාලට දෙයක් අමතක කරන්න වැඩි කාලයක් යන්නෙ නෑ.. ඒත් කොල්ලො බිබී නන්නත්තාර වෙනවා. ඒත් ඔබ බොන එක නවත්තන්න පුළුවන් නම් ලොකු දෙයක්.. මම දන්නවා අමාරුයි කියලා. ඒත් ට්‍රයි එකක් දියන් මචෝ.. බිව්වා කියලා නැතිවෙච්ච දෙයක් ආපහු ගන්න බෑ නේ.. උඹ මටත් වඩා හොදට ඉගෙන ගෙන ඇති.. පොඩ්ඩක් ගැඹුරින් හිතන්න බලපන් මචෝ.. නිකන් නාස්ති වෙන්න එපා.. අපරාදේ.. :no::no:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේකෙන් පස්සේ මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා.
    මම මේ කතාව මාව සුද්ද කරන්න හිතාගෙන, මගේ වැරදි නැහැ කියලා කියන්න හදන කතාවක් නෙවෙයි.
    සමහර විට මේක කියවගෙන යද්දී හිතයි, මේක යකෝ තොගේම වරද්දනේ කියලා.
    එත් කතාව ඉවර වෙනකල් කියෙව්වොත් හොඳයි කියලයි මම හිතන්නේ. හරි වැරැද්ද තීරණය කරන්න කලින්.
    මම කරපු හැමදේම කලේ ආදරේ නාමයෙන්.
    අන්තිම වෙද්දී එයා ඔක්කොම කරලා තියෙන්නේ සල්ලිවල නාමයෙන්.
    මමත් උඹල හිතන විදිහේ හොඳ චරිතයක් නෙවෙයි, හැබැයි ආදරේ කලේ අවන්කවම.
    චරිතේ නරකයි කියන්නේ වනචර කම කලා කියන ඒක නෙවෙයි. මගේ හැම දෙයක්ම එයත් දැනගෙන හිටියා. මොකද මම කිසි දෙයක් එයාට හංගල නැති නිසා.

    උබ විතරක් නෙමෙයි බන් මම හැම මනුස්සයම සර්වසම්පුර්න අය නෙමෙයි :dull: මෙ කමෙන්ට් එක දාන මගෙ උනත් අඩු පාඩු තියෙනවා:nerd: ඔව් කෙල්ලොන්ගෙ ආදරෙයි අම්මගෙ ආදරෙයි සංසන්දන්ය කරන්න යන්න එපා එක මහ බොරු වැඩක් මොන අම්මා උනත් ලමයින්ට වැරද්දක් වෙනවට කැමති නැ:no: මම අරම කිව්වෙ උබ අම්මා තාත්ත ගැන දරන අදහස වෙනස් කරවන්න:oo:මචන් අපෙ එවට් රිපල්යි දාන්න එක නවත්වලා උබ දිගටම කතාව ලියපන් එතකොට අන්තිමට බලනන් පුලුවන් ඇත්තටම මොකද උනෙ කියලා:) කෙල්ලො පාංගෙඩියකට ගනන් ගන්නෙ නැතිව ෆන් එකෙ ඉදපන්:rofl: බොරු ආතල් වලින් නම් ජිවිතෙ දුවවන්න බැ:dull:
    ජයවේවා
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ විතරක් නෙමෙයි බන් මම හැම මනුස්සයම සර්වසම්පුර්න අය නෙමෙයි :dull: මෙ කමෙන්ට් එක දාන මගෙ උනත් අඩු පාඩු තියෙනවා:nerd: ඔව් කෙල්ලොන්ගෙ ආදරෙයි අම්මගෙ ආදරෙයි සංසන්දන්ය කරන්න යන්න එපා එක මහ බොරු වැඩක් මොන අම්මා උනත් ලමයින්ට වැරද්දක් වෙනවට කැමති නැ:no: මම අරම කිව්වෙ උබ අම්මා තාත්ත ගැන දරන අදහස වෙනස් කරවන්න:oo:මචන් අපෙ එවට් රිපල්යි දාන්න එක නවත්වලා උබ දිගටම කතාව ලියපන් එතකොට අන්තිමට බලනන් පුලුවන් ඇත්තටම මොකද උනෙ කියලා:) කෙල්ලො පාංගෙඩියකට ගනන් ගන්නෙ නැතිව ෆන් එකෙ ඉදපන්:rofl: බොරු ආතල් වලින් නම් ජිවිතෙ දුවවන්න බැ:dull:
    ජයවේවා
    11.gif

    ඔය කියලා තියෙන්නෙ කියන්න ඕන ටික. :yes::yes:
    මට වෙච්ච සීන් එකත් ඔයා දන්නවනේ.. :no::no:
    දැන් මම ඒ ගැන හිතන්නෙ නෑ.. උඹලා කියපු දේවල් ඔක්කොම ඇත්ත... හිත හැදුවට තෑන්ක්ස්..:yes::yes:
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    එයාව මගේ හිතෙන් අමතක කරන්න හිතුවට එයාව අමතක වෙන්නේ නැහැ.
    අමතක කරන්න ඕනෑ නිසා,
    කෙල්ලෝ 4 කගෙ නොම්බර හොයාගෙන කතා කර කර ඉන්නවා.(එකෙක් වත තම ඇහැට දැකල නැ)
    ඒ මොනවා කලත්, ඒ අස්සෙත් මතක් වෙන්නේ එයාව.
    මට එයාව ටික මොහොතකට වත් අමතක වෙන්නේ බීලා ඉන්න වෙලාවට විතරයි.
    එකයි බොන්නේ.
    එයාට සමාන කෙනෙක් හම්බුනොත් සමහර විට එයාව අමතක වෙයි.
    එත් මට ඒක විස්වාස නැහැ.
    එයා මට මෙහෙම කරපු එකේ මට මගේ අම්ම තාත්තවත් විස්වාස නැහැ.

    උබ ඔහොම කියනවා නේද?මචෝ මගෙ කුඩා කාලේ ඉදලම අම්මා තාත්තා මම දැකලා තිබුනේ නෑ.අම්මව නම් එක පාරක් දැක්කලු ඒ අවුරුදු 4දි වගේ.මොකාටද ඒ පොඩි කාලේ දැකපු අය මතක තියෙන්නෙ.මමත් උබ වගේ ඉස්කෝලෙ යනකාලේ ඉදලම කෙල්ලො කියන එවුන් දිහා බැලුවෙ නෑ.මොකද මගෙ එකම ආසාව උනේ මාව හදාගත්තු කිරි අම්මට මම ලොකුවෙලා සලකනවා කියන එක.ඒත් සාමාන්‍ය පෙළ විතරයි මට කරගන්න පුළුවන් උනේ.ඉස්කෝලෙන් ගුරු දෙගුරු රැස්වීමක් තිබුනොත් එදාට මම ඉවරයි.ගමේ හැම තැනම අනාථයා කියන ලේබල් එකක පිටටම සීල් කරලා තිබුනේ.ඒත් මම ආසාවෙන් සාමාන්‍ය පෙළ කරපු නිසා මට 9/8ක් ගන්න පුළුවන් උනා.ඒත් උසස් පෙළ කරන්න හිතුනේ නෑ

    කොහොම හරි මට රට යන පිස්සුව නම් ඔලුවට වැදිලා තිබුනා ෆට්ට විදිහටම.ඒත් වයස නෑ.මොනවා කරන්නද කියලා ගිහින් ගමේ වී මෝලක වැඩ කෙරුවා.කොහොමද අවුරුදු 17ට කිලෝ 70,75 වී මිටි කරගහද්දින්.අව්වෙ ඒවා තම්බලා වේලන්න ඔනා.ගෙදර ඇවිත් ඇඟ කහන්නෙ පනාවෙන්.ඔහොම අවුරුද්දක් විතර වැඩ කෙරුවා.දවසට 450යි.උබට කියන්න අමතක උනා.මගෙ තාත්තා මාව දාලා ගිහින් තියෙන්නෙ මාස 2න්,අම්මා මාව දාලා රට ඇවිත් තියෙන්නෙ මාස 5න්..කොහොම හරි ඔය විදිහට වැඩ කරගෙන ඉන්න ගමන් මට ඩුබායි යන්න සෙට් උනා කුරුණැගල ග්‍රීන් වේ ඒජන්සි එකෙන්.මමත් හොරාට පොත හදලා ඩුබායි ගියා.බලද්දින් අම්බ කට්ටක්.මාසෙටම 17000යි,කන්නත් ඔනා ඒකෙන්,එහෙම මාස තුනක් කට්ට කාලා ආයෙ ලංකාවට ආවා.ඒද්දින් තමයි කොල්ලො මම ලැප් එකක් ගෙනාවෙ.ඒ මගේ පළවෙනි ලැප් එක.ජීවිතේ කවදාවත් ඉන්ටර්නෙට් කියන්නෙ මොනවද කියලා නොදැන හිටපු මම කුරුණැගල ඩයලොග් එකෙන් ඩොන්ගල් එකක් ගත්තා රුපියල් 5000ට.

    ගමේ එව්න්ගෙනුත් අහගෙන ෆේස් බුක් එකවුන්ට් එකකුත් ඇරගෙන කොල්ලා චැට්.ඔතනින් කෙල්ලක් සෙට් උනා මට.කීවේ නෙදර්ලන්ඩ් ඉන්නවා කියලා.මේකි උපාසක තාලෙට මාත් එක්ක කතා කෙරුවේ.මමත් දුක් විඳලා තියන එකෙක් නිසා ඒකිට පන උනත් දෙනවා කිය්ලා හිතාගෙන බොක්කෙන්ම ලව් කෙරුවා.අවුරුද්දකුත් මාස 4ක් ගියාට පස්සෙ ඒකි ලංකාවට අවා.බොක්කටම වැදිලා තිබුනේ ඒකිව ඒ වෙද්දින්.ඉතින් මම කටුනායකට ගිහින් ඒකිව උන්ගෙ ගෙදර දාලා මහ රෑ 3ට විතර කිලෝමීටර 9ක් විතර පයින් ආවා.ඒ බස් නැති කට්ට කැලෑවක.ඔහොම ලංකාවෙත් ලව් එක මාස 5ක් විතර ගෙනිච්චා.මේකිට මාව බඳින්න ඔනා කීවා.මමත් මගෙ ප්‍රථම ආදරේ හිතේ තියාගෙන හා කීවා.කොහොමෙන් කොහොම හරි මම දවසක් මේකිත් එක්ක කුරුණෑගල පාක් එකට ගියා.ගිහින් බත් එකක් කාගෙන ඉද්දින් මේකිගෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා ඇහුනා.ඒත් ඒකිට ගානක් නෑ.

    ඒකි අතහොදාගන්න ගිය ගමන් මම ෆෝන් එක අරගෙන නම්බර් එක මීටර් කරගත්තා.ඒකි ගියාට පස්සෙ මම ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා.අරගන බලද්දින් රයිගම කොල්ලෙක්.මම උගෙන් ඇහුවා මෙහෙම නම්බර් එකකට උබ කෝල් ගත්තා මචෝ.මගෙ වයිෆ්ට උබ ගත්තෙ කොහොමද අඳුරන්නෙ කියලා ඇහුවා.මූ ගත් කටටම කීවා උබත් ඇන්දුනාද බන්.ඔකිට අහුවෙන්න එපා වස බඩුවක් මම මේ ගහන්න කතා කලේ කියලා.අහස පොලොව කැරකෙනවා වගෙ දැනුනා.ඒත් දත් මිටි කාගෙන අහගෙන හිටියා.මූ කීවා දැන් ඌ වරායෙ වැඩ කරන්නෙ වරෙන් පුළුවන් නම් කොළඹ කොටුවට කියලා.මමත් එදාට පහුවදාම ගියා.හරියටම ඌත් වෙලාවට ඇවිත් හිටියා.මගෙ ප්‍රථම ආදරෙ ගැන කියන්න මොනවද ලියුම් කවරෙකත් තිබුනා.අපි එහෙමම කතාව පටන් ගත්තා.මූ කියපු කතාවලට ඉන්න තැන අමතක උනා.මේකි සිංගප්පුරුවේ ඉදලා තියෙන්නෙ.එහෙත් ගනිකාවක්.මම කොහොමද විශ්වාස කරන්නෙ කියලා අහපු ගමන් මේ මගෙ යාළුවෙක් එක්ක හිටපු ෆොටෝ වගයක් උබ බලපන් කියලා මගෙ අතට දුන්නා

    දිලා කීවා මටත් ඌ තමයි එහෙ ඉඳලා නම්බර් එක දුන්නෙ.මේ ෆොටෝ ටික නම් ඊයෙ රෑ ඉ-මේල් එකකින් ගෙන්නවා ගත්තෙ කියලා.මම ෆොටෝ ටික අරගෙන ගෙදරට ආවේ ජීවිතේ කිසිදාක බීවෙ නැති අරක්කු බොතලයක් අරගෙන.මගෙ වයසෙම තවත් එකෙක්ට කතා කරලා ගේ ලග තියන වෙල් යායට ගිහින් වැටෙන්නම බීවා.ටිකක් සිහිය ආවම බීලා අරකිට කතා කෙරුවා.ඒත් මොකුත් කීවෙ නෑ.මම හිතුවෙ මුන් මේ ඉරිසියාවට ෆොටෝ ශොප් වලින් හදලා එවනවා ඇති.ෆෙස් බුක් එකෙ මේකිගෙත් ෆොටෝ තිබුනනෙ කියන මෝඩ සිතුවිල්ලමයි තිබුනෙ හිතේ..මේකි ඒත් බබා වගේ මට ආදරෙන් කතා කෙරුවා.මුන්ගෙ ගෙදර එන්න කීවා.මමත් අම්මා මාසෙ අවසානෙ රට ඉඳන් එවපු සල්ලි වලින් නය බේරලා ගෙදර කන්න තිබුනු සල්ලිත් අරගෙන ගියා මුන්ගෙ ගෙදර.තෑගි දෙන අළුත් ක්‍රමේ එලිෆන්ට් හවුස් එකක් එහෙමත් ගත්තා පොල්ගහවෙල ටවුන් එකෙන්.ගෙදරට ගිහින් අම්මලාටත් විස්තරේ කියලා මම දවල් ටිකක් නිදාගන්න කියලා මේකිගෙ කාමරේට යන්න කීවා

    මමත් ගිහින් ටිකක් ඇලවුනා.මේකිගෙ පර්ස් එක තිබුනේ ඇඳ උඩ.ඒක ඇරලා බලපුවාම සුදු කොලේක ඔතලා තිබුනු මෙමරි චිප් එකක් තිබුනා.හොරෙන්ම ඒක සක්කුවෙ කලිසමට දාගත්තා.කොහොම හරි ගෙදර ඇවිත් බලද්දින් මේකි එකෙක් එක්ක තොල දාන සීන් එකක්.ඇඳක් උඩ ඉදගෙන..තොල දාල පෙරලගද්දින් වීඩියෝ එක කට් වෙලා.තව කොල්ලො ගොඩකගෙ ෆොටෝ තිබුනා.මමත් එකත් ලඟ තියාගෙන මේකි ගැන හොයන්න ගත්තා.ආරන්චි මාර්ග අනුව යද්දින් මේකි ඉස්සරලා බැඳපු එකියක්.බැඳලා තියෙන්නෙත් කලින් කියපු රයිගම සයිඩ් එකේ විපුල ශාන්ත කියන එකෙක්.ඌ තමයි එදා මාව හම්බවෙන්න ඇවිදින් ඇත්තෙ කියලා තවත් මට හිතෙනවා.ඒත් එදා ආපු එකා කීවෙ නාමල් කියලා.මේකිට ඉස්සරලා කසාදෙන් ලමයෙක් ඉන්නවා.මිනිහා දාලා ගිහින්.මේකිගෙ අත් පය වලට හෙන ගහලාද කොහෙද රස්සාවට කරලා තියෙන්නෙ ගනිකා වැඩේ.සල්ලි වලින් නම් උපරිම තිබුනා ඒකිට.පස්සෙ පස්සෙ මම ඒකිගෙන් අයින් උනා.මතක් වෙන වෙන පාරට අඬන්න ගත්තා.බොන්න ගත්තා.
    බීවෙ නැති නම් ගංජා හරි ගහනවා.එහෙම ජීවිතයක් මට තිබුනා.උබට කියන්න දුකම සිද්ධිය තමයි මේකිට පිස්සු වැටිලා හිටපු කාලේ වයස අවුරුදු 67ක් උනු මගෙ කිරි අම්මා ගෙදරට කන්න උයලා තියෙන්නෙ කුලී වැඩ කරලා..දෙයියනේ වෙල් ගානේ ගොයම් කපලා..එහෙමම ජීවිතේ කලකිරුනු පිම්මට මම අම්මා ලගට ආවා.ඇවිත් බලද්දින් අලි මදිවට හරක්.අම්මා මෙහෙන් බැඳලා.ලමයෙකුත් ඉන්නවා.ඔනා දෙයක් උනාවෙ කියලා දැන් වැඩ කරගෙන තනියෙන් කාමරයක් අරගෙන ඉන්නවා.දැන් නම් ගෙවල් හදලා.සේරම නය බරින් නිදහස් වෙලා ඉන්නෙ.ඒත් පහු ගිය අතීතෙ මතක් වෙද්දින් අදටත් ජීවිතෙ ගැන කළකිරෙනවා.ඒත් මම මේ දේ කීවෙ උබට බොන්න එපා කියන්න ඔනා නිසා.මොකද මට ඔච්චර ප්‍රශ්න වෙලත් මම බීවෙ සතියට 3,4 පාරක්.බීලා ප්‍රශ්න විසඳන්න බෑ.අදටත් මම කෙල්ලො කියන හැත්තට වෛරකරනවා:frown::frown: