මාතරත් රනිල්ට!

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ජොනී කියනදේ හරි ?

    රනිල් ව පොහොට්ටුවෙ 92 රැවැට්ටුවද? රනිල්ට වැරදුනාද?

    ජොනී කියන්නෙ " පොහොට්ටුව කියන්නෙ මහින්ද රාජපක්ශයි..පොහොට්ටුව කියන්නෙ මහින්දට කියන අනෙක් නම. චන්ද පදනම තියෙන්නෙ මහින්දගෙ නමට පින්තුරෙට නැතුව පොහොට්ටුවෙ උන්න මැති ඇමතිලට චන්ද කියල දෙයක් නෑ

    එහෙම උනොත් රනිල් අමාරුවෙ නේද? පොහොට්ටුවෙ 92ක් දෑවැද්ද අරන් එනව කියල රනිල්ට පේන්නලා අන්තිමට හිස් අතින් ඇවිල්ල තියෙන්නෙ රනිල්ගෙ දීගෙට..මොකද අවසාන කියවීමෙදි මිනිස්සු චන්දෙ දෙන්නෙ මහින්ද ඉන්නෙ කොතැනටද අන්න ඒකටයි නැතුව නිකන් මන්ත්‍රිලට නෙවෙ. මන්ත්‍රිලත් 2005 ඉදන් කලේ මහින්දගෙ පොටෝ එක විකුනල මහින්දව පෙන්නල දින්න එකයි

    රනිල්ගෙ චන්ද තියෙන්නෙ සජබෙ මන්ත්‍රිලගෙ ලගයි.රනිල්ට සජබෙන් ගන්න බැරි උනා නමුත් ඒකට හරියන්න පොහොට්ටුවෙන් හිස් අතින් ආපු මන්ත්‍රිරිල 200ක් ගත්තත්වැඩක් නෑ



    thawa tika dawasakin Joniyath kiyai uth Ranilta kiyala.

    dan meka News ekak karala NPP eke satan pata wahala thiyenne.
     
    • Like
    Reactions: haunte

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    sagara kariyawasam lept wei wage
    ammoo ubala me wihilu attata aranda?
    Family Feud Lol GIF by Steve Harvey
     
    • Haha
    Reactions: ZIX

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113

    ඔන්න බලපන් දැන් මයිනා කියයි රට වටේම ජනතා රනිල් ඉල්ලන හින්දා අපි අපේක්ෂකයෙක් දන්නෙ නෑ කියලා.
    Season 9 Lol GIF by The Office
     
    • Like
    Reactions: ElaBaba

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113

    යෝජනා සම්මතයි.. පවිත‍්‍රා අතහැර රත්නපුරයම රනිල්ට එක්වේ..

    August 3, 2024 at 3:07 pm | lanka C news
    රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ථ පොහොට්ටුවේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කරති.

    ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින රත්නපුරේ ශ්‍රී රම්‍යා හෝටලයේ පැවැති සාකච්ඡාවකදී එම පක්ෂයේ මහජන නියෝජිතයන් මෙම තීරණයට එළඹුණහ.

    සාකච්ඡාව සඳහා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 08න් හතර දෙනෙකු පැමිණ සිටියහ.

    ඒ ජානක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර, අකිල් එල්ලාවල සහ මුදිතා ප්‍රිශාන්ති මන්ත්‍රීවරියයි.

    පොහොට්ටුවෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජෝන් සෙනෙවිරත්න මහතා දැනටමත් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව පවසා තිබේ.

    එම පක්ෂයෙන් තරඟ කළ ගාමිණි වලේබොඩ මන්ත්‍රීවරයා දැනට සජිත් ප්‍රේමදාස මහතාට එකතු වීමේ සුදානමක සිටින බවත් ආසන සංවිධායක ධූරයේ ගැටළුවක් නිසා එය ප්‍රමාද වී ඇති බවත් පැවසේ.

    වාසුදේව නානායක්කාර මහතා මේ වනවිට අසනීප තත්ත්වය නිසා ඔහු නායකත්වය දැරෑ ප්‍රජාතන්ත්‍රවාදී වමාංශික පෙරමුණ නායකත්වයෙන් ඉවත්ව ක්‍රියාකාරී දේශපාලනයෙන්ද ඉවත්ව සිටියි.

    රත්නපුරේ පොහොට්ටු දිස්ත්‍රික් නායිකාව වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තවමත් සිටින්නේ දොලොවක් අතරය. පැල්මඩුල්ල ආසනයේ පැවැති සිය ක්‍රියාකාරී හමුවකදී ඇයට බල කෙරුණේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමටයි. ඇය මෙතෙක් සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කර නැත.

    අද පැවැති සාකච්ඡාවේදී අනාවරණය වූයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටු සංවිධායකවරු 08 දෙනාගෙන් 07 දෙනෙකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවයි.

    රත්නපුර දිස්ත්‍රික්කයේ පාලන ආයතන සංඛ්‍යාව 16කි. ඒ මහ නගර එකක්, නගර සභා දෙකක් සහ ප්‍රාදේශීය සභා 13ක් ලෙසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන පොහොට්ටුවේ සාමාජිකයන් සහ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 160යි. ඉන් 150ක්ම මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

    රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ සාමාජිකයන් වන පළාත් සභා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 06කි. ඔවුන් සියළු දෙනාම මෙම රැස්වීමට සහභාගී වී සිටියහ.

    මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ තමන් තවමත් පොහොට්ටු සාමාජිකයකු බවයි.

    කිසිසේත් පොහොට්ටුව අත්නොහරින බවත් එක්සත් ජාතික පක්ෂයට නොයන බවත් පැවසු ඇමතිවරයා තමන් මෙය හෘද සාක්ෂියට එකඟව ගත් තීරණයක් නිසා පක්ෂය ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට මුහුණ දීමට සුදානම් බවද කීවේය.

    පක්ෂය යනු පාක්ෂිකයන් බවත් පාක්ෂික මතයට කන් නොදී පුද්ගලික මතයන්ට ඉඩ දි කටයුතු කළහොත් එවැනි පක්ෂවලට පැවැත්මක් නැති බව පැවැසූ ඇමතිවරයා පක්ෂය දැන්වත් පාක්ෂිකයන්ගේ හඩට කන්දිය යුතු බව අවධාරණය කළේය.

    “මම රනිල්ගේ ගොට්ටෙක් නෙමෙයි. මම තවමත් හදවතින් පොහොට්ටුවේ. මහින්ද මහත්තයා තවමත් මගේ පරමාදර්ශී නායකයා. පක්ෂය දෙකඩ වුනොත් වාසිය කාටද කියලා මම හොඳට දන්නවා. එහෙමයි කියලා මැයි 09 වැනිදා වෙච්ච දේ ආයෙත් අපේ පාක්ෂිකයන්ට වෙන්න දෙන්න බෑ.” යැයිද ඇමතිවරයා මෙහිදී කිවේය.

    රැස්වීම ඇමතූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ මෙම රැස්වීමට කැඳවුයේ පොහොට්ටුවේ පක්ෂ සාමාජිකත්වය දරණ මහජන නියෝජිතයන් පමණක් බවයි.

    දේශපාලන අත්දැකීමක් නැති අයෙකුට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට තමන් දැඩි ලෙස විරුද්ධ ලෙස පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා රට බේරාගත් නායකයාට තමන්ගේ තිබෙන ආදරයේ වෙනසක් නොමැති වුවත් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම හැර පොහොට්ටු පාක්ෂිකයන් රැකීමට වෙනත් වැඩපිළිවෙලක් නොමැති බවද කීවේය.

    “ඕබේ මතය අපේ මතය ජනතාවගේ මතය රනිල්ට. 29 වැනිදා වෙනකන් පක්ෂයේ බහුතර මතය තිබුණේ ඉදිරි වසර පහත් මේ රට පාලනය කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දෙන්නයි. නමුත් 29 වැනිදා දේශපාලන මණ්ඩලය කියලා අපි නොදන්නා මිනිස්සුන් ගෙනල්ලා ඒ තීන්දුව වෙනස් කළා. අපි අපේ තීන්දුව ගත්තේ අපේ නායකයා වන මහින්ද රාජපක්ෂ ජනාධිපතුමාව දැනුවත් කරලයි. එතුමා හිටියෙත් අපේ මතයේ. අපේ දිස්ත්‍රික් නායිකාව පවිත්‍රා ඇමතිතුමිය ගතින් එතැන සිටියත් හිතින් අපේ ළඟයි.

    පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට තියන්න අපි තීරණය කරලා තියෙනවා. ජනාධිපතිවරණයෙන් පස්සේ අපි ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා. පළාත් පාලන මැතිවරණය ඉක්මනින් තියලා ඔබේ ප්‍රශ්න විසඳනවා.”

    මෙහිදී අදහස් දැක්වූ ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ පක්ෂය කුමන තීන්දුවක් ගත්තද තමන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවයි. ගෙවි ගිය වසර දෙක තුළ රට වෙනුවෙන් ඔහු කළ සේවය අගයමින් මෙය සිදුකරන බවද රාජ්‍ය ඇමතිවරයා කීවේය.

    රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා සඳහන් කළේ කවුරු කුමක් කීවද රත්නපුර පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවයි.

    මේ වනවිට පොහොට්ටුවේ සියයට 95ක් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ බවත් ඉතිරි සියයට 05ද හෙට අනිද්දාම රනිල්ට වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට එනු ඇතැයි අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා කීවේය.

    රැස්ව සිටි රත්නපුර දිස්ත්‍රික්කයේ සියළුම පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන පොහොට්ටු මහජන නියෝජිතයන් අත ඔසවා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවට ප්‍රතිඥා දුන්හ.

    – Repoter


    ජොනී තලාගෙන වාරියපොලත් රනිල්ට..

    August 3, 2024 at 4:40 pm | lanka C news
    රට යළි ගොඩ නැගීම සඳහා ගරු ජනාධිපතිතුමන් ගෙනයන වැඩපිළිවෙළට තවදුරටත් සහාය දැක්විය යුතු බවටත් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විය යුතු බවටත් අද රැස්වුන පොදුජන පෙරමුණේ වාරියපොල ආසනයේ බල මණ්ඩලය යෝජනා සම්මත කර තිබේ

    රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පොදුජන පෙරමුණේ වාරියපොළ ආසන සංවිධායක ලෙස ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආසන බල මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ කැඳවා තිබිණි.

    මේ සඳහා වාරියපොළ ප්‍රාදේශීය සභාව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්, වාරියපොළ සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩලය, කොට්ඨාස කැඳවුම්කරුවන්, ආගමික නායකයින් ඇතුළු සියළු දේශපාලනික ක්‍රියාකාරිකයින් සහභාගී වූ බව වාර්තා වේ.

    කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙතෙක් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර නොමැති අවස්ථාවක මෙම තීන්දුව සුවිශේෂී බව දේශපාලනික විචාරකයින් පවසයි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113

    :lol:

    පොහොට්ටුවේ බඩවැලත් ගැලවෙයි.. රෝහිත අබේගුණවර්ධනත් රනිල්ට එක්වෙයි..

    August 4, 2024 at 12:06 pm | lanka C news
    පොහොට්ටුවේ බඩවැලත් ගැලවෙයි.. රෝහිත අබේගුණවර්ධනත් රනිල්ට එක්වෙයි..

    ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

    තම ප්‍රදේශයේ ජනතා මතයට ගරු කරමින් මෙම තීන්දුව ගත් බවද හෙතෙම කියා සිටියේය.

    Rohitha to support Ranil in Presidential election​


    4 August 2024 12:02 pm




    Colombo, August 04 (Daily Mirror) - SLPP Kalutara District MP Rohitha Abeygunawardena has announced that he will support President Ranil Wickremesinghe in the upcoming presidential election.

     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,389
    5,745
    113

    :lol:

    පොහොට්ටුවේ බඩවැලත් ගැලවෙයි.. රෝහිත අබේගුණවර්ධනත් රනිල්ට එක්වෙයි..

    August 4, 2024 at 12:06 pm | lanka C news
    පොහොට්ටුවේ බඩවැලත් ගැලවෙයි.. රෝහිත අබේගුණවර්ධනත් රනිල්ට එක්වෙයි..

    ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

    තම ප්‍රදේශයේ ජනතා මතයට ගරු කරමින් මෙම තීන්දුව ගත් බවද හෙතෙම කියා සිටියේය.

    Rohitha to support Ranil in Presidential election​


    4 August 2024 12:02 pm




    Colombo, August 04 (Daily Mirror) - SLPP Kalutara District MP Rohitha Abeygunawardena has announced that he will support President Ranil Wickremesinghe in the upcoming presidential election.


    පුතා මේව චන්ද මවන මැශින් නෙමේ චන්ද කඩන මැශින්. රනිල් ඉල්ලන් කන්න යන්නෙ. උබල හොරු කිව්ව ඔක්කොම පොහොට්ටු හොරු ටික දැන් උබලගේ ගාවනේ.
     
    • Haha
    Reactions: rasikac and monson

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය කොච්චර කිව්වත් නාමල් ටත් යන්න ආස ඇති. තාත්ත නිසා දරාගෙන ඉන්නව ඇති.. පිය සෙනෙහට කවි ගී ලියැවුනා මදී ...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113

    රනිල් දිනවීමට ගම්පහ පොහොට්ටු, එජාප, ශ්‍රීලනිප ඒකාබද්ධ වැඩපිලිවෙලක්

    2024-08-04


    එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති බවට පත් කිරීම සඳහා ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , එක්සත් ජාතික පක්ෂයසහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.
    ඒ ඇමති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පැවැති රැස්වීමකදී
    ගෙයින් ගෙට යාම, ඡන්ද පොළ නියෝජිතයන් පත් කිරීම, කුඩා ජන හමු මෙන්ම, ඩිජිටල් තාක්ෂණය උපයෝග කර ගනිමින් සිදු කරන ජනාධිපති මෙහෙයුම් කටයුතු ඒකාබද්ධව සිදු කිරීමට මෙහිදී සියළු පක්ෂවලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක්ද එහිදී පත් කර තිබෙනවා.
    මෙම ඒකාබද්ධ වැඩපිළිවෙල සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන, ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සභාපති ඇමති ප්‍රසන්න රණතුංග සහ ගම්පහ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරුන් 16 දෙනෙක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ඊයේ පැවැති රැස්වීමට සහභාගී වී තිබෙනවා.
    මීට අමතරව ගම්පහ නගර සභාව නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහ ගම්පහ ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ සමඟ පළාත් පාලන කොට්ඨාශ නියෝජනය කරන එජාප නියෝජිතයන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් සහභාගී වී තිබුනා.

    - https://nethnews.lk/article/116277



    ------ Post added on Aug 4, 2024 at 1:08 PM

    පුත්තලමේත් පොහොට්ටුව වලලයි.. දිස්ත‍්‍රික්කයම රනිල්ට..

    August 4, 2024 at 3:50 pm | lanka C news
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම සදහා කටයුතු කලයුතු බවට වන යෝජනාව පුත්තලම් දිස්ත්‍රික් බල මණ්ඩලයේ දී අද(4) ඒකමතිකව සම්මත විය.

    දිස්ත්‍රික් බල මණ්ඩලය නව සන්ධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම් දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතාගේ මාදම්පේ පිහිටි නිවසේදී අද පෙරවරු 9.30 ට පැවැත්විණි.

    මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් ප්‍රියංකර, අලි සබ්‍රි එක්ව සිටි අතර අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා විදේශ ගතව සිටින බැවින් මේ සදහා සහභාගී නොවීය.ඒ අනුව පුත්තලම් දිස්ත්‍රික්කයේ ආණ්ඩුවට සහයෝගය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනා අතරින් සිව් දෙනෙකු මෙම බල මණ්ඩලය නියෝජනය කිරීමද විශේෂත්වයක්.

    ඊට අමතරව වයඹ පලාත් සභාව නියෝජනය කල හිටපු පලාත් අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ ඇතුළු පිරිසක්ද පලාත් පාලන ආයතන නියෝජිතයින් විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    – Repoter
    ------ Post added on Aug 4, 2024 at 4:15 PM

    මාතලේ සියළු පොහොට්ටු රනිල්ට පිපෙයි.. දිස්ත‍්‍රික්කයම රනිල්ට..

    August 4, 2024 at 5:30 pm | lanka C news
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් බලමණ්ඩලය අද උදැසන පාර්ලිමේන්තු මන්ත්‍රී , දිස්ත්‍රික් නායක ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් , ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකොන් මහතාගේ සහභාගිත්වයෙන් දඹුල්ලෙදි රැස්වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය පලකිරීමට ඒකමතිකව තීරණය කරන ලැබුණි.

    මෙම බලමණ්ඩල හමුව සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජණය කරන සියලු ආසන සංවිධායකයන් සහ කැඳවුම්කරුවන්, හිටපු පළාත් සභා අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්, හිටපු පලාත් පාලන ආයතන ප්‍රධානීන්, නියෝජිතයන් සහ පළාත් පාලන ආයතන අපේක්ෂකයන් සහ පක්ෂයේ දිස්ත්‍රික් අනුබද්ධ සංවිධාන ප්‍රධානීන් රැසක්ම සහභාගි වන ලදි.

    ------ Post added on Aug 4, 2024 at 6:53 PM


    ------ Post added on Aug 4, 2024 at 7:06 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    :lol:





    ------ Post added on Aug 4, 2024 at 11:04 PM


    ------ Post added on Aug 4, 2024 at 11:14 PM

    :lol:

    පොහොට්ටු මන්ත‍්‍රීන් 350ක් රනිල්ට එක්වෙයි..

    August 5, 2024 at 2:10 pm | lanka C news
    ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බවට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් ප්‍රතිඥා දෙති.

    ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පොළ, කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදි මෙම පිරිස මෙම ප්‍රතිඥාව ලබා දුන්හ.

    ඉකුත් මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු තේරී පත්විය. ඉන් මන්ත්‍රීවරුන් 09 දෙනෙකු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන බවට දැනටමත් ප්‍රකාශ කර තිබේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වූ නාලක ගොඩහේවා මහතා මීට මාස කීපයකට ඉහත දී සමඟි ජනබලවේඟයට එක්විය.

    එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර හා ඉන්දික අනුරුද්ධ පක්ෂයේ තීරණය අනුව කටයුතු කරන අතර මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ස්ථාවරය තවමත් පැහැදිලි නැත. එහෙත් ඇයගේ සමීපතමයන් පවසන්නේ ඇය ද ජනාධිපතිවරයාට සහය දැක්වීමට සූදානමින් සිටින බවයි.

    අමාත්‍ය නලීන් ප්‍රනාන්දු හා මන්ත්‍රී නිමල් ලාංසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටය ද ඔවුහු ජනාධිපතිවරයාට සහය දක්වන බව ප්‍රකාශ කර තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද ජනාධිපතිවරයාට සහය පලකරනු ලබයි.

    ඒ අනුව ඊයේ පැවති දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම සදහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මිලාන් ජයතිලක,සහන් ප්‍රදීප් විතාන, කෝකිලා හර්ෂනී ගුණවර්ධන, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සිසිර ජයකොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූහ.

    ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් 13 ක් හා පළාත් පාලන ආයතන නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් 350ට ආසන්න පිරිසක් ද සහභාගී වූහ.

    ගම්පහ දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන සංඛ්‍යාව 19කි. ඉන් ගම්පහ මහනගර සභාවේ හිටපු සභාපතිවරයාත්, ගම්පහ, බියගම, ජා ඇල, කැලණිය, මහර යන ප්‍රාදේශීය සභා හා මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු සභාපතිවරයා පොහොට්ටුවේ මතයට පක්ෂව කටයුතු කරති. ඔවුන්ට ආසන සංවිධායකකම් දැනටමත් යෝජනා වී ඇතැයිද දැනගන්නට ඇත. එහෙත් එම ප්‍රාදේශීය සභා සහ නගර සභාවල හිටපු උප සභාපතිවරු හා බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබේ.

    මේ අතර ඉකුත් දා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටියේ පැවති රැස්වීමට සහභාගී වී තිබෙන්නේ 123 කු පමණක් බවද වාර්තා වේ. එම රැස්වීමට පළාත් පාලන මන්ත්‍රීවරුන් කැඳවා තිබුණද ඊට සහභාගී වී ඇත්තේ හිටපු පලාත් පාලන සභාපතිවරුන් 06කු ඇතුලු මන්ත්‍රීවරුන් 20 කටත් අඩු සංඛ්‍යාවක් පමණි. අනෙකුත් පිරිස මන්ත්‍රීවරුන් නොවන පිටස්තර පුද්ගලයන් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

    මේ අතර එම රැස්වීමට සහභාගී වූ කටුනායක – සීදුව නගර සභාවේ හිටපු සභාපති චමිල් නිශාන්ත මහතා ඇතුළු පළාත් පාලන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ඊයේ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමට පැමිණ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවට ප්‍රතිඥා දුන්හ.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (4) පැවති දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම සඳහා කැඳවා තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් පමණි. ඒ අනුව මෙම රැස්වීමට පැමිණි ඔවුන්ගේ ආධාරකරුවන්ට රැස්වීම් භූමියෙන් ඉවත්ව වෙනත් ස්ථානයකට යන ලෙසට උපදෙස් ලබාදෙන ලදී.

    එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කළද තමන් අදටත් ශ්‍රී ලංකා පොදුජන සාමාජිකයකු බවයි. පක්ෂය තමන්ට තනතුරු ලබා නොදුන්නද ජනතාව ලබාදෙන තනතුරු තමන්ට ප්‍රමාණවත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
    ------ Post added on Aug 5, 2024 at 9:14 PM