මාතරින් ලොව ජයගත් අපේ හපන්නු 1

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මාතරින් ලොව ජයගත් අපේ හපන්නු 1

    මාතරින් ලොව ජයගත් අපේ හපන්නු 01 - දොන් කරෝලිස් අප්පුහාමි මහතා

    ඔන්න අද අලුත් වැඩකට අත ගහනවා ,මේ ලිපි පෙලින් බලාපොරොත්තු වෙන්නේ මාතර ජන්ම භූමිය උන මේ වෙනකොට ලෝකෙම දන්නා අය බවට පත්වුණු අය ගැන ඔබ නොදන්නා විස්තර ගෙන ඒමයි ,

    ඉතින් අද හා හා පුරා කියලා විස්තර ගෙන එන්නේ අභිමානවත් මාතර පුත්‍රයෙක් ගැන ,එතුමා තමයි දොන් කරෝලිස් අප්පුහාමි මහතා නැත්නම් දොන් කරෝලිස් හේවාවිතාරණ මහතා ,

    Don_Carolis_Appuhamy_(1833-1906).jpg

    1833 මාතර මැද හිත්තැටිය ගමේ පොකුනුවත්තේ උපත ලබන මෙතුමාගේ පියා වෙන්නේ හේවාවිතාරණ ඩිංගිරි අප්පුහාමි මහතායි ,හිත්තැටිය රජ මහා විහාරය ඇසුරේ හැදී වැඩෙන මෙතුමා ජෝතිෂය පිලිබදව ඉගෙන ගන්නවා ,තමන් ඉගෙන ගන්නා ශාස්ත්‍රය අනුව සහ ගුරු හාමුදුරුවන්ගේ උපදෙස් අනුව තමන්ගේ ජය භූමිය සොයා කොළඹට එනවා ,

    කොළඹදී ව්‍යාපාරික කටයුතු අරබන මෙතුමා 1860 දී කොළඹ ව්‍යාපාරික මහතෙකු වන ලන්සිගේ අන්දිරිස් පෙරේරා ධර්මගුනවර්ධන මහතාගේ දුවණිය වන මල්ලිකා ධර්මගුනවර්ධන මෙනවිය සමග විවාපත් වෙනවා ,

    Lady_Mallika_Dharmagunawardhana.jpg

    කොළඹ පිටකොටුවේ H.DON KAROLIS නමින් ගෘහ භාණ්ඩ වෙලදසැලක් අරබනවා ,මෙම භාණ්ඩ වල තිබූ උසස් නිමාව නිසා ලෝක ප්‍රසිද්ද තත්වයට පත්වෙනවා ,

    තේ අපනයන හැරුණු කොට වෙනත් දෙයක් ගැන සිතීමටවත් බැරිඋනු 1886 තරම් ඈත යුගයකදී ඔස්ට්‍රේලියාවට ගෘහ භාණ්ඩ අපනයන කිරීමට මේ වනවිට H.DON KAROLIS & SONS නමින් පැවතුනු මෙම ආයතනය සමත් වෙනවා ,

    1895 දී ලන්ඩන් නගරයේ අරඹන ව්‍යාපාරික ස්ථානය මගින් දකුණු අප්‍රිකාවට ,ඉන්දියාවට , බුරුමයට ,යුරෝපයට සහ ඇමෙරිකාවට භාණ්ඩ අපනයන කටයුතු පටන්ගන්නවා ,මෙම කාලෙයේදීම කොළඹ පටන් ගන්නා වාෂ්ප මගින් ගෘහ භාණ්ඩ නිපදවීම ඉතා ජනප්‍රිය වෙනවා ,

    2932550.jpg

    20 වන සතවර්ෂයේ මුල් කාලයේදී ලෝකය පුරා පවත්වන ගෘහ භාණ්ඩ ප්‍රදර්ශන වලදී සම්මාන දිනාගන්නත් මෙම සමාගම සමත් වෙනවා ,එහි ප්‍රතිපලයක් විදිහට එංගලන්තය ඇතුළු යුරෝපාකරයේ රජ පවුල් වල භාවිතය සදහා මෙම භාණ්ඩ ලබාගැනීමට ඔවුන් කටයුතු කරනවා .

    Karolis.jpg

    මෙම කාලයෙදී හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ ප්‍රදානත්වයෙන් රටපුරා පැනනගින බොදු පුනර්ජීවනයේ මුලිකත්වය ගන්නා මෙතුමා වෙසක් නිවාඩුව සහ බෞද්ධ ධජය නිර්මානයේදීත් මුල් වී කටයුතු කරනවා ,එමෙන්ම මාතර හිත්තැටිය රජමහා විහාරය ඇතුළු විශාල විහාර ගණනක් ගොඩනන්වන්නත් මෙතුමා තමන්ගේ ධනය නිර්ලෝභීව යොදවනවා .

    පුතුන් 4 දෙනෙකුගේ සහ එක දියණියකගේ පියා වන මෙතුමාගේ පුතුන් දෙදෙනෙක් පියාගේ වෙළද ව්‍යාපාර භාරව කටයුතු කරනවා ,වඩාත් ප්‍රසිද්ද වන අනෙත් පුතුන් දෙදෙනා තමයි දොන් ඩේවිඩ් හේවාවිතාරණ සහ දොස්තර චාල්ස් අල්විස් හේවාවිතාරණ,මෙයින් දොස්තර සී ඒ හේවාවිතාරණ මහතා නිදහස් සටනේ පුරෝගාමියෙකු වෙනවා ,දොන් ඩේවිඩ් හේවාවිතාරණ නොහොත් දෙටු පුත්‍රයා ලෝකප්‍රසිද්ද වෙන්නේ අනගාරික ධර්මපාල නමින්,

    220px-Anagarika_Dharmapala.jpg

    එමෙන්ම මෙතුමාගේ බෑනා වන කුමාරදාස් මුණසිංහ මහතා තමයි අලියා ගිනි පෙට්ටි සමාගම පටන්ගන්නේ ,මෙලෙස රටටත් ජාතියටත් අමිල සේවයක් කල මෙතුමා 1906 පෙබරවාරි මස 18 වෙනිදා දැයෙන් සමුගත්තා ,

    http://apegamamathara.blogspot.com/2012/11/01.html
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    http://apegamamathara.blogspot.com/2012/11/01.html[/QUOTE]

    මාතර ඉන්නවා මාර සෙට් එකක් ඉහලට ගියපු.

    Matara aya tma kohe gyath run karanne

    දකුණේ බයියන්ට ලේවලින් එන හීනමානයක් තියනවා අපි දකුණේ කියාගන්න .... හැබැයි වෙන කිසිම පළාතක මිනිහෙකුය එහෙම හීනමානයක් නෑ !!..මුන්ගේ ඇහුවොත් අපි දකුණේ ... යකෝ ඔයවගේ දුපත් මානසිකත්ව ගැන ලජ්ජාවෙයල්ලා--ඔලුවක් තියනවනම් !!

    ලංකාවේ හැම පලාතින්ම ඔයවගේ චරිත බිහිවෙලා තියනවා ..නමුත් ඒ පළාත්වල මිනිස්සු හිතන්නේ ඒ ලංකාවේ මිනිස්සු කියල මිසක් ඒ ප්‍රදේශයේ සම්පතක් කියල නෙමේ ...කරෝලිස් ලොක්ක කිසිම ආකාරයක ලෝකය ජයගත්තු මිනිහෙක් නෙමේ , ඔහු ලංකාවේ සාර්ථක හා ගුණාත්මක අගය රැකගත්තු වියාපරිකයෙක් පමණයි !! ජාත්‍යන්තර වෙළදපොල ජයගත්තු වියපරිකයෝ ලංකාව බිහිකරලා නෑ ! කවුරුහරි එහෙම කියනවනම් ඔහු ජාත්‍යන්තරය කියන්නේ මොකක්ද කියල දන්නේ නෑ ...

    මම දකුණේ බයියන්ට ටිකක් ලජ්ජා හිතෙන කරුණක් කියන්නද ?.... ලංකාවේ සියලුම ශේස්ත්‍රයන් එකට අරගන බැලුවොත් , ලංකවෙන් බිහිකරපු එකම ජාත්‍යන්තර මට්ටමේ තැබිය හැකි / අබියෝග කරන්න පුළුවන් චරිය "සුසන්තිකා ජයසිංහ" මහත්මිය පමණයි !!!! නමුත් උබල සමාජයේ ගැවසෙනකොට, මිනිස්සු අසුරුකරනකොට කවදාවත් ඇහිලා තියනවද කෑගල්ලේ මිනිහෙක් සුසන්තිකා කෑගල්ලේ පුද්ගලයෙක් කියලා උදම්අනනවා ???? අන්න ඒකයි දකුණේ මෝඩ බයියන්ගෙයි ලංකාවේ අනිත් පළාත්වල මිනිස්සුන්ගෙයි වෙනස....ලැජ්ජයි නේ ...!;);););)
     
    Oct 3, 2008
    1,723
    437
    0

    රිදුනද ? :lol::lol::lol::lol::lol::lol: