මාතරින් ලොව ජයගත් අපේ හපන්නු 1
ඔන්න අද අලුත් වැඩකට අත ගහනවා ,මේ ලිපි පෙලින් බලාපොරොත්තු වෙන්නේ මාතර ජන්ම භූමිය උන මේ වෙනකොට ලෝකෙම දන්නා අය බවට පත්වුණු අය ගැන ඔබ නොදන්නා විස්තර ගෙන ඒමයි ,
ඉතින් අද හා හා පුරා කියලා විස්තර ගෙන එන්නේ අභිමානවත් මාතර පුත්‍රයෙක් ගැන ,එතුමා තමයි දොන් කරෝලිස් අප්පුහාමි මහතා නැත්නම් දොන් කරෝලිස් හේවාවිතාරණ මහතා ,
1833 මාතර මැද හිත්තැටිය ගමේ පොකුනුවත්තේ උපත ලබන මෙතුමාගේ පියා වෙන්නේ හේවාවිතාරණ ඩිංගිරි අප්පුහාමි මහතායි ,හිත්තැටිය රජ මහා විහාරය ඇසුරේ හැදී වැඩෙන මෙතුමා ජෝතිෂය පිලිබදව ඉගෙන ගන්නවා ,තමන් ඉගෙන ගන්නා ශාස්ත්‍රය අනුව සහ ගුරු හාමුදුරුවන්ගේ උපදෙස් අනුව තමන්ගේ ජය භූමිය සොයා කොළඹට එනවා ,
කොළඹදී ව්‍යාපාරික කටයුතු අරබන මෙතුමා 1860 දී කොළඹ ව්‍යාපාරික මහතෙකු වන ලන්සිගේ අන්දිරිස් පෙරේරා ධර්මගුනවර්ධන මහතාගේ දුවණිය වන මල්ලිකා ධර්මගුනවර්ධන මෙනවිය සමග විවාපත් වෙනවා ,
කොළඹ පිටකොටුවේ H.DON KAROLIS නමින් ගෘහ භාණ්ඩ වෙලදසැලක් අරබනවා ,මෙම භාණ්ඩ වල තිබූ උසස් නිමාව නිසා ලෝක ප්‍රසිද්ද තත්වයට පත්වෙනවා ,
තේ අපනයන හැරුණු කොට වෙනත් දෙයක් ගැන සිතීමටවත් බැරිඋනු 1886 තරම් ඈත යුගයකදී ඔස්ට්‍රේලියාවට ගෘහ භාණ්ඩ අපනයන කිරීමට මේ වනවිට H.DON KAROLIS & SONS නමින් පැවතුනු මෙම ආයතනය සමත් වෙනවා ,
1895 දී ලන්ඩන් නගරයේ අරඹන ව්‍යාපාරික ස්ථානය මගින් දකුණු අප්‍රිකාවට ,ඉන්දියාවට , බුරුමයට ,යුරෝපයට සහ ඇමෙරිකාවට භාණ්ඩ අපනයන කටයුතු පටන්ගන්නවා ,මෙම කාලෙයේදීම කොළඹ පටන් ගන්නා වාෂ්ප මගින් ගෘහ භාණ්ඩ නිපදවීම ඉතා ජනප්‍රිය වෙනවා ,
20 වන සතවර්ෂයේ මුල් කාලයේදී ලෝකය පුරා පවත්වන ගෘහ භාණ්ඩ ප්‍රදර්ශන වලදී සම්මාන දිනාගන්නත් මෙම සමාගම සමත් වෙනවා ,එහි ප්‍රතිපලයක් විදිහට එංගලන්තය ඇතුළු යුරෝපාකරයේ රජ පවුල් වල භාවිතය සදහා මෙම භාණ්ඩ ලබාගැනීමට ඔවුන් කටයුතු කරනවා .
මෙම කාලයෙදී හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ ප්‍රදානත්වයෙන් රටපුරා පැනනගින බොදු පුනර්ජීවනයේ මුලිකත්වය ගන්නා මෙතුමා වෙසක් නිවාඩුව සහ බෞද්ධ ධජය නිර්මානයේදීත් මුල් වී කටයුතු කරනවා ,එමෙන්ම මාතර හිත්තැටිය රජමහා විහාරය ඇතුළු විශාල විහාර ගණනක් ගොඩනන්වන්නත් මෙතුමා තමන්ගේ ධනය නිර්ලෝභීව යොදවනවා .
පුතුන් 4 දෙනෙකුගේ සහ එක දියණියකගේ පියා වන මෙතුමාගේ පුතුන් දෙදෙනෙක් පියාගේ වෙළද ව්‍යාපාර භාරව කටයුතු කරනවා ,වඩාත් ප්‍රසිද්ද වන අනෙත් පුතුන් දෙදෙනා තමයි දොන් ඩේවිඩ් හේවාවිතාරණ සහ දොස්තර චාල්ස් අල්විස් හේවාවිතාරණ,මෙයින් දොස්තර සී ඒ හේවාවිතාරණ මහතා නිදහස් සටනේ පුරෝගාමියෙකු වෙනවා ,දොන් ඩේවිඩ් හේවාවිතාරණ නොහොත් දෙටු පුත්‍රයා ලෝකප්‍රසිද්ද වෙන්නේ අනගාරික ධර්මපාල නමින්,
එමෙන්ම මෙතුමාගේ බෑනා වන කුමාරදාස් මුණසිංහ මහතා තමයි අලියා ගිනි පෙට්ටි සමාගම පටන්ගන්නේ ,මෙලෙස රටටත් ජාතියටත් අමිල සේවයක් කල මෙතුමා 1906 පෙබරවාරි මස 18 වෙනිදා දැයෙන් සමුගත්තා ,
http://apegamamathara.blogspot.com/2012/11/01.html
මාතරින් ලොව ජයගත් අපේ හපන්නු 01 - දොන් කරෝලිස් අප්පුහාමි මහතා