මාතරින් ලොව ජයගත් අපේ හපන්නු 2

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මාතරින් ලොව ජයගත් අපේ හපන්නු 2

    සුල්තානගොඩ කළු මහත්තයා - මාතරින් ලොව ජයගත් අපේ හපන්නු 02

    මාතෘකාව දැක්ක ගමන් කාටවත් ක්ලික් වෙන්න නැතුව ඇති මං අද මේ කවුරු ගැන කියන්න යනවද කියලා ,අද මං කියන්න යන්නේ සුල්තානගොඩ කළු මහත්තයා නොහොත් හේවා කොමනගේ ධර්මදාස මහත්තයා ගැනයි ,ම්හු .. ඒත් මතක වෙන්නේ නෑ නේද ? එහෙනම් මෙහෙම කියමු ,එච් .කේ .ධර්මදාස නොහොත් " නවලෝක මුදලාලි ",ආ.... දැන්නම් කවුරුත් දන්නවා නේද ,හරි හරි දැන් ඔය ඇරිලා තියෙන කට වහගෙන ඉතුරු ටික කියෝමු .

    nawaloka-h.k.dharmadasa.jpg

    මේ ඉන්නේ අපේ කාලයේ චුල්ල සෙට්ටි සිටුතුමා කිව්වොත් වැරදි නැහැ

    1920 ජුනි මස 20 වෙනිදින මාතර සුල්තානගොඩ වරකපිටිය වත්තේ ජන්ගිරිස් අප්පුහාමිටත් මද්දුම හාමිනේටත් ලැබුණු පුත්‍ර රත්නය වන මෙතුමාට ගමේ අය ආදරේට කිව්වේ කළු මහත්තයා කියලයි ,ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ හැදී වැඩුණු මෙතුමා පසුකාලීනව කෙතරම් ඉහලට ගියත් එම ගැමිසුවදනම් අමතක කලේ නෑ ,




    navaloka_2.jpg

    සුල්තානගොඩ නිවස වර්තමාන ස්වරූපය​

    කළු මහත්තයාට වයස 13 ක් වෙනකොට සිද්ද උණු පියාගේ වියෝව මෙතුමාගේ ජීවිතයේ හැරුම් ලක්ෂය වෙනවා ,පියාගේ අවසන් කටයුතු වලින් පසුව තමා සතුව තිබු සත 75 ක මුදලත් ඇදුම් කඩමාලු කීපයත් පත්තර කැබැල්ලක දවටා ගන්නා මෙතුමා පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි තමන්ගේ අනාගතය සරි කරගැනීම සදහා කොළඹ එනවා ,

    කොළඹ ඇවිත් මාතර වෙළෙන්දෙකු වන පියදාස මුදලාලි හමුවීමට යන මෙතුමා එහිදී තමන්ගේ අරමුණු ඉෂ්ට නොවන බව දැන පසුදාම සදලන්කාව ප්‍රදේශයේ සිටින තම පියාගේ හිතවතෙකු වන මනම්පේරි මුදලාලි හමුවීමට ගොස් එහි වසර දෙකක් පමණ සේවය කරනවා ,නැවතත් කොළඹ පියදාස මුදලාලි හමුවට ඇවිත් එහිත් තව වසර දෙකක් පමණ සේවය කරනවා ,

    මෙම කාලය තුල විශාල ප්‍රමාණයක් වෙළෙන්දන් හදුනා ගැනීම මත කළු මහත්තයා තීරණය කරනවා තමන්ගේම වෙළදාමක් ඇරඹීමට ,එහිදී ඔහු තමන්ගේ වෙළදාම ඇරඹීමට තෝරාගන්නේ පෑලියගොඩ ප්‍රදේශයයි ,පසුකාලේයෙදී ඔහු ප්‍රකාශ කල ආකාරයට ඔහු එම තීරණය ගත්තේ කොළඹට එන සියලුම කරත්ත පාහේ කොළඹට ඇතුළුවෙන්නේ පෑලියගොඩ හරහා නිසයි ,

    මේ කාලයේ තමන්ගේ අනාගත සහකාරිය තෝරාගන්නා කළු මහත්තයා විවාහ දිවියට එළබෙන්නේ තමන් දිවා ආහාරය ලබාගන්න අවන්හල පවත්වාගෙන ගිය මීලින් නෝනා සමගයි ,මීලින් නෝනාගේ සහෝදරයින් මුලින් මෙම කටයුත්තට අකමැත්තක් දැක්වූවත් පසුව එකග වෙනවා ,



    Dambatanne_3.jpg


    විවාහය කළු මහත්තයාගේ ජීවිතයේ නව පිටුවක් පෙරලුවායයි කිව්වොත් වැරදි නැහැ ,කළු මහත්තයා තමන්ගේ තේ , පොල් , රබර් වෙළදාම සිදුකරන අතරේ මීලින් නෝනා තමන්ගේ අවන්හලේ කටයුතු කරගෙන යනවා ,මේ කාලෙදී තමන්ගේ වෙළදාම තවදුරටත් පුළුල් කරන කළු මහත්තයා ලී වෙලදාමටත් අත තබනවා ,කොන්ත්‍රාත් කටයුතු වලටද අත ගහන කළු මහත්තයා අවන්හලේ කටයුතු සීමා කිරීමට තීරණය කරන්නේ ගවමස් කෑම සහ මත්පැන් පානය තමන්ගේ ආගම දහමට එකග නොවන නිසයි ,මේ කාලෙයේම තමන්ගේ ව්‍යාපාරය "නවලෝක" නමින් නම් කරන්නත් කළු මහත්තයා කටයුතු කරනවා ,

    මෙලෙස ටිකෙන් ටික ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නා මෙතුමාටත් 1977 විවුර්ත ආර්ථිකය හදුන්වාදීමත් සමග දේශීය ව්‍යාපාරිකයින් මුහුණ දුන් අභියෝග සියල්ලටම මුහුණ දෙන්න වෙනවා , එම අභියෝගයත් සාර්ථකව ජයගන්නා මෙතුමා නවලෝක රෝහල ඇරඹීම මගින් තමන්ගේ නවලෝක සමුහ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරනවා ,

    විවාහය මගින් දියණියන් සිව්දෙනෙකු සහ ජයන්ත සහ උපාලි නම් පුතුන් දෙදෙනෙකු ලබන මෙතුමා තමන්ගේ දරුවන් නිසි අද්‍යාපනය ලැබූ පසු තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ද කරගන්නවා ,හැබැයි ඒ ඉහලම තැනින් නම් නෙමෙයි ,පහලම තැන ඉදලා ඉහලට එන්න ඔවුන්ට ඉඩ සලස්වලා දෙනවා ,





    Dambatanne_4.jpg



    පහේ පන්තිය දක්වා පමණක් අද්‍යාපනය ලැබූ මෙතුමා තමන්ගේ දර්ශනය මගින් ඉහලට නැග්ග ආකාරය පුදුම සහගතයි ,පසු කාලෙදී එතුමා විසින්ම එතුමාගේ දියුණුවට හේතු උණු කරුණු දැක්වුවා ,එනම් මුල අමතක නොකිරීම, "නෑ" , "බෑ" උත්තර ලෙස බාරනොගැනීම,ධාර්මිකව හම්බ කිරීම සහ වියදම් කිරීම ,අපතේ යාම නැවතීම සහ අද කලයුතුදේ අදම කිරීමයි ,

    අදවනවිට ලංකාවේ ලොකුම සමුහ ව්‍යාපාරයක් වන නවලෝක ව්‍යාපාරයේ කටයුතු තමන්ගේ අවසන් කාලය දක්වාම තමන් යටතේ පවත්වාගත් මෙතුමා සාම දිනකම උදෑසන 10.15 සිට හවස 5.00 වනතෙක් තමන්ගේ කාර්යාලයේ රැදී සිටියා ,නැගී එන ව්‍යාපාරිකයින්ට කළමනාකරණ පොත් දහසකින්වත් ලබාගත නොහැකි ගුණාංග මෙතුමාගේ ජීවිතය අද්යයනය කිරීමෙන් ලබාගත හැකියි ,

    දේශමාන්‍ය ගරු නාමයෙන් පුද ලද මෙතුමා 2011 අගෝස්තු මස 10 වෙනිදා දැයෙන් සමුගත්තා ,


    http://apegamamathara.blogspot.com/2012/11/02.html
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මේක ලිවුවේ උබද බන් ??

    තාත්තා මැරුනට පස්සේ නෙවෙයි මෙයා කොලබ ආවේ..
    වරකපිටියේ අල්ලපු ගෙදර හොරාට පුවක් වල්ලක් කඩලා තාත්තට මාට්ටු වෙලා ගැහුවට පස්සේ කොලබ ඇවිත් තියෙන්නේ..:yes:

    ඇවිත් ඉදලා තියෙන්නේ දැන් නවලෝකේ තියෙන තැන ඇවිද ඇවිද,,
    එතන හිටපු වයසක මනුස්සයෙක් එයාගේ කඩේ වැඩට ඇරන් පස්සේ එයා මැරුනම ඒක මෙයාගේ වෙලා..එකේන් පස්සේ තමා ඔය අනිත් සීන්...

    ලියන උන් ලස්සනට එක එක දේවල් ඇඩ් කරලා ලිව්වට ඕක තමා ඇත්ත..


     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ලියන්න පුටා උපාලි විජේවර්ධන ගැනත්
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේක ලිවුවේ උබද බන් ??

    තාත්තා මැරුනට පස්සේ නෙවෙයි මෙයා කොලබ ආවේ..
    වරකපිටියේ අල්ලපු ගෙදර හොරාට පුවක් වල්ලක් කඩලා තාත්තට මාට්ටු වෙලා ගැහුවට පස්සේ කොලබ ඇවිත් තියෙන්නේ..:yes:

    ඇවිත් ඉදලා තියෙන්නේ දැන් නවලෝකේ තියෙන තැන ඇවිද ඇවිද,,
    එතන හිටපු වයසක මනුස්සයෙක් එයාගේ කඩේ වැඩට ඇරන් පස්සේ එයා මැරුනම ඒක මෙයාගේ වෙලා..එකේන් පස්සේ තමා ඔය අනිත් සීන්...

    ලියන උන් ලස්සනට එක එක දේවල් ඇඩ් කරලා ලිව්වට ඕක තමා ඇත්ත..



    1973 න් පස්සේ මෙයාගේ වාසනාවට R ප්‍රේමදාස හිටපු ජනදිපති තුමා මුණ ගැහෙනවා . එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් 75/77 කාලය තුල සැහෙන වෙහෙසෙනවා 1977 UNP ආණ්ඩුව ලැබීමත් සමග ව්‍යාපාරික කටයුතු සදහා සැහෙන සහයෝකයක් J R ජනාධිපති තුමා ප්‍රේමදාස මහතා හරහා ලබා දෙනවා . ඔන්න ඉතුරු ඇත්ත කතාව.

    දේශපාලන වාසිය ලැබෙන්න පෙර ගොඩක් දුක් විදපු මනුස්සයෙක් .
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    1973 න් පස්සේ මෙයාගේ වාසනාවට R ප්‍රේමදාස හිටපු ජනදිපති තුමා මුණ ගැහෙනවා . එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් 75/77 කාලය තුල සැහෙන වෙහෙසෙනවා 1977 UNP ආණ්ඩුව ලැබීමත් සමග ව්‍යාපාරික කටයුතු සදහා සැහෙන සහයෝකයක් J R ජනාධිපති තුමා ප්‍රේමදාස මහතා හරහා ලබා දෙනවා . ඔන්න ඉතුරු ඇත්ත කතාව.

    දේශපාලන වාසිය ලැබෙන්න පෙර ගොඩක් දුක් විදපු මනුස්සයෙක් .
    ලොල්...ඔන්න කතාව..
    තව ඕකේ කතාවක් තියෙනවා...මෙයාගේ එක ලමයෙක්ට ලමයි නැතුව කරපු සීන් එකක්...ඒවා ප්‍රසිද්දියේ කියන එක හරි නෑ නේහ්
     

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    මේකට තව දාපං මචන් කිරිබත්ගොඩ මනම්පේරි මහත්තයා ගැනත්....

    rep++++