මාදුගගේ දියරෑලි අතරින් සිනා සිසී බල&#

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    මාදුගගේ දියරෑලි අතරින් සිනා සිසී බල&#

    මාදුගගේ දියරෑලි අතරින් සිනා සිසී බලන අඬාවැටෙන ඇල්ල දක්වා

    කාලයක් තිබුණු ආසාවක් තමයි මාදු ගගේ පොඩි සවාරියක් යන එක. ඒත් කාලෙන් කාලෙට යෙදුන වෑඩ නිසා ගමන පොඩ්ඩක් විතර මග ඈරිලා තිබුනා කිවොත් හරි. ;) කොහොමින් කොහොමින් හරි මගේ පරණ ආසාව ඈවිස්සෙන විදියේ පෝස්ට් ගොඩාක් බුකියේ පල උනා පහුගිය කාලේ පුරාවටම. :D

    ඒවගෙනුත් ලෑබුන ගෑම්ම නිසාම යාලුවෝ සෙට් එකට කතා කරලා ගමනක් යන්න ඕනේ කියන හෑගීම ආයෙමත් හිතට ආව.
    කතාකරා මගේ අතිජාත යහලු යෙහෙලියො ටිකට. අහන්න දෙයක් නෑ උන් ටික අපායට ගියත් සති අන්තෙ නම් ඕකේ. ඊලග ප්‍රෂ්නේ දිනයක්.. සති දෙකක් විතර කතා කරලා දිනයක් දා ගත්තා.කෑබ් සර්විස් එකකින් වෑන් එකකුත් කතාකරගත්තා. කිලොමීටර් 200 ට 7000ක් කිවා.
    මාදුගගට යන්න අපි යන්න ඕනේ බලපිටියට. කොළඹ ඉදන් බලපිටියට කිලොමීටර් 107 ක් තියෙනවා හයිවේ යනවා නම්.. නිකන් ගාලු පාරේ යනවා නම් කිලෝමීටර් 82 :D

    කට්ටියම කතා කරගත්ත දවසේ උදේ 6ට සෙට් වෙන්න කතා කරගත්තා. මලාට වෙලාවට ඕක යන්නේ නෑ කියලා අපි කවුරු උනත් දන්නවනේ ? .. කොහොම හරි ජයග්‍රාහි විදියට 8 ට විතර කොටිකාවත්තෙන් පිටත් උනා ගමන. :D

    අපි කඩුවෙලින් දෑම්මා හයි වේ. බලපිටියට යන්න කුරුදුගහහෑතෑක්ම එක්සිට් එකෙන් එලියට දෑම්මා.. මතක විදියට 300 ක් වගේ ගානක් තමා ඒකට අය කිරීම. :D

    එක්සිට් එකෙන් වමට දාලා බලපිටිය පෑත්තට යන්න ඕනේ. ගූගල් මෑප් එකේ ලේසියෙන්ම හොයගන්න පුලුවන්..
    කොහොම හරි බලපිටියට ආවා.. ටවුන් එකේ පාලම පහු කරනවත් එක්කම ගොඩක් බෝට්ටු සවාරි කරන අය ඉන්නවා.. කලින් වෙන් කිරීමක් හෝ දෑනුවත් කිරීමක් ඔනේ නෑ.. යන්න පුලුවන්

    උදේ කෑම බලපිටියෙන් ම අරන් අපිත් ගියා එක බෝට්ටු සේවා සපයන ආයතනයකට. එතනින් අපිට හොද සේවාවක් ලෑබුනා කියන්න පුලුවන්. අපේ සෙට් එකේ හිටියා 12 ක්. අපි 12ටම යන්න පුලුවන් බෝට්ටුවකට 2800ක් ඉල්ලුවා.. පෑය 2ක් 3ක් අතර කාලයක් එක ගමනකට ගතවෙනවා..
    ඉතින් එයාලා දුන්න ජිවිතාරක්ශක ජෑකට් එකත් දාගෙන අපිත් නෑග්ගා බෝට්ටුවට. මේ ගමන නම් හරිම ලස්සනයි වගේම හරිම නිදහස්. ගිහින්ම බලන්න ඕනේ දවසක..
    බෝට්ටුවෙන් ගග ඉහලට ගියා අපි. ඒ අතරමගදි ලස්සන දේවල් ගොඩක් සෙට් උනා. ෆොටෝස් බලන්න. :D <3
    ගග මෑද හදපු මාලු කොටු සහ ඉස්සෝ කොටු තියෙනවා. fish therapy කරන්නත් පහසුකම් තියෙනවා. ඒකට එක්කෙනෙක්ගෙන් 200ක් ගන්නවා. වෙලාවක් නම් කියන් නෑ. අපි එතන විනාඩි 35ක් විතර හිටියා..

    තව ගොඩක් දේවල් බලන්න තියෙනවා. ලස්සන පන්සලක් , කඩොලාන පරිසරය. වගේ ගොඩක් දෙවල්. ගිහිල්ලම බලන්න........
    ගගමෑද අටවපු අට්ටාල වගේ කඩවල් වලින් කෑමති අයට කිරල බොන්නත් පුලුවන්.. වෙනස්ම අද්දෑකීමක් වෙයි :D
    මාදු ගගේ දුපත් 65ක් විතර තියෙනවලු.. බෝට්ටුවෙ අයියා තමා කිව්වෙ..
    කොහොම හරි සවාරිය ඉවර කරලා ආවා අපි.එතකොට දවල් 1ට වගේ ඈති. බලපිටියෙන් දවල්ට කාලා එහෙම අපි අලුත් තෑනක් බලන්න යන්න පිටත් උනා.
    ඊලගට අපි ගියේ අඬාවැටෙන ඇල්ල බලන්න. මන් දන්න විදියට ඒක තමයි මුහුදු සීමාවට දෙවනියට ලගින්ම තියෙන දිය ඈල්ල.

    ගූලල් මෑප් ඒකෙන් ලේසියෙන්ම හොයගන්න පුලුවන්. තියෙන්නේ ඈල්පිටියේ. බලපිටියේ ඉදන් කිලෝමීටර් 21ක දුරක් රට ඈතුලට හරිම ලස්සන පරිසරයක තියෙන දිය ඈල්ලක්. නාන්න නම් අපූරු තැනක්.............. <3

    ඈල්ල ලගටම වාහනේකින් යන්න බෑ.. වාහන නවත්තන්න පොඩි පර්ක් එකක් තියෙනවා ගමේ අය හදලා එකට රුපියල් 100ක් වගේ ගන්නවා. එතන ඉදන් කෑලේ මෑද්දෙන් පොඩි දුරක් යන්න ඔනේ. මර ලස්සන ගමනක්. තේ වත්තක් මෑදින් යන්නත් තියෙනවා..
    අපි යනකොට නම් ඈල්ලේ වතුර තත්වේ ටිකක් අඩුයි. එත් අව්ලක් නෑ.. ඈල්ලේ වම් පත්තෙන් ඈල්ල උඩට නගින්න පුලුවන්. උඩ තියෙනවා නියම ස්වාභාවික පූල් එකක්.. වෑඩි ගෑඹුරක් නෑ.. නිදහසේ නාගන්න පුලුවන්. පීනන අයට පීනන්නත් පුලුවන් අඩි 8ක් වගේ ගෑඹුරු තෑනකුත් තියනවා.. (ෆොටොස් බලන්නකො )
    එතනින් නාල අපි එන්න පිටත් උනා.. එතන අපි ගොඩක් වෙලා ගතකරා.. :D

    විෂෙශයෙන් කියන්න ඕනේ දෙයක් තමයි ගොඩක් රෑ වෙනකම් ඈල්ල ලග ඉන්න එපා.. කෑලේ මෑදින් එන්න තියෙන නිසා පාර වරදින්න තියෙන ඉඩ වෑඩී..

    අපිටත් වෑරදුනා.. අපි එතන රෑ 7 වගේ වෙනකම් හිටියා.. අන්තිමට අපි කෑලේ මෑද්දෙන් අවිත් නතර උනේ ගමේ ගෙයක් ගාව.. එ ගෙදර නන්ගි කෙනෙක් ගෙන් පර අහගෙන පාරට ආවේ.. අන්තිමට වෑන් එකට කෝල් කරලා ගෙන්න ගත්තේ ...


    පරිස්සමට ගිහින් එන්න හරි සුන්දර ගමනක්. :yes::yes::yes:

    සසිත පෙරේරා
     

    Attachments

    • 20117219_1745795442114399_2932570234764168133_o.jpg
      20117219_1745795442114399_2932570234764168133_o.jpg
      35.7 KB · Views: 159
    • 20121426_1745794712114472_3882204938540048056_o.jpg
      20121426_1745794712114472_3882204938540048056_o.jpg
      38.8 KB · Views: 130
    • 20157197_1745794888781121_4029770663943447587_o.jpg
      20157197_1745794888781121_4029770663943447587_o.jpg
      36.9 KB · Views: 121
    • 20232729_1746668318693778_5946573843938363192_o.jpg
      20232729_1746668318693778_5946573843938363192_o.jpg
      35.3 KB · Views: 122
    • 19555018_1743257625701514_4784008685938522995_n.jpg
      19555018_1743257625701514_4784008685938522995_n.jpg
      51.4 KB · Views: 135
    Last edited:
    • Like
    Reactions: EvilEye and D_Mad

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    අඩෝ එන්න කලින් පොඩ්ඩක් දැනුවත් කරන්න තිබුනනේ මචෝ. අපේ ඒරියා එකනේ.. උඹලට ගග මැද ලන්ච් ගන්න සෙට් කරන්න තිබ්බා..
     

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    අඩෝ එන්න කලින් පොඩ්ඩක් දැනුවත් කරන්න තිබුනනේ මචෝ. අපේ ඒරියා එකනේ.. උඹලට ගග මැද ලන්ච් ගන්න සෙට් කරන්න තිබ්බා..

    :shocked::shocked: aiyoo aparade
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    අායේ එන අය කලින් කියපන්.. පුලුවන් විදියට සප් එකක් දෙන්නම් එන අයට.. මගේ යාලුවෙක්ගේ බෝට් සර්විස් එකක් තියෙනවා.. මිනිහව සෙට් කරල දෙන්න පුලුවන් අඩුවට..:yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අඩෝ එන්න කලින් පොඩ්ඩක් දැනුවත් කරන්න තිබුනනේ මචෝ. අපේ ඒරියා එකනේ.. උඹලට ගග මැද ලන්ච් ගන්න සෙට් කරන්න තිබ්බා..

    අඩෝ උඹලගෙ ඒරියල් එකද...? දැනගත්ත එක හොඳයි, අපිත් එන්න හිතාගෙන ඉන්නව සැට් එකක්, උඹට PM කරන්නම් එන්න කිට්ටුව සප් එකක් දීපන් මචං...
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    අඩෝ උඹලගෙ ඒරියල් එකද...? දැනගත්ත එක හොඳයි, අපිත් එන්න හිතාගෙන ඉන්නව සැට් එකක්, උඹට PM කරන්නම් එන්න කිට්ටුව සප් එකක් දීපන් මචං...

    අනිවා කියපන්.. මම සතියේ දවස්වල නම් කොළඹ මචෝ ඉන්නේ.. සතිඅන්තේ විතරයි ගෙදර යන්නේ.. ඒ නිසා ටිකක් කලින් කියපන්..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අනිවා කියපන්.. මම සතියේ දවස්වල නම් කොළඹ මචෝ ඉන්නේ.. සතිඅන්තේ විතරයි ගෙදර යන්නේ.. ඒ නිසා ටිකක් කලින් කියපන්..

    80.gif

    එළකිරි මචං.....!!
     

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    අායේ එන අය කලින් කියපන්.. පුලුවන් විදියට සප් එකක් දෙන්නම් එන අයට.. මගේ යාලුවෙක්ගේ බෝට් සර්විස් එකක් තියෙනවා.. මිනිහව සෙට් කරල දෙන්න පුලුවන් අඩුවට..:yes::yes:


    aniwa bro :yes:
     
    • Like
    Reactions: cresendo

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    අායේ එන අය කලින් කියපන්.. පුලුවන් විදියට සප් එකක් දෙන්නම් එන අයට.. මගේ යාලුවෙක්ගේ බෝට් සර්විස් එකක් තියෙනවා.. මිනිහව සෙට් කරල දෙන්න පුලුවන් අඩුවට..:yes::yes:

    උඹ බලපිටියෙමද?