මාධ්‍ය තොරතුරු කෙටියෙන්
••••••••••••••••••••••••••••••••••••
ස්වර්ණවාහිනී නාලීකාවේ ලාංඡනය අගෝස්තු 09 වැනිදා සිට ප්‍රමාණයෙන් කුඩා කර ඇත.HD තාක්ෂණය සඳහා භාවිත කරන තිර පරිමාණ 16:9 අනුපාතයට ගැලපෙන ලෙස ලාංඡනය දැනට භාවිත කරන අතර ස්වර්ණවාහිනී නාලිකාව ඉදිරියේ දී HD තාක්ෂණය භාවිත කරනු ඇත.
අද පැවැත්වූ LPL තරග දෙකම නැරඹීමට freesat පාරිභෝගිකයන්ට ද අවස්ථාව සැලසිණි.සැටලයිට් විකාශන හිමිකම ලබාගෙන ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය නොවේ.
freesat නාලීකා අංක 23 ඔස්සේ විකාශය වන Channel Eye නාලීකාවේ විකාශන කටයුතු දින දෙකට සිට ඇණහිට තිබේ. පෙර පැවති පරිදි අද පෙරවරුවේ යළිත් Channel Eye ලාංඡනය freesat වෙත එක්කර තිබූ අතර එය ඉවත් කර යළිත් අදාල ඇණහිටීම සිදුවූ අවස්ථාවේ රූප රාමුව freesat ඔස්සේ මේ වනවිටත් දක්නට ලැබේ
UHF 21 ඔස්සේ උතුරුමැද සහ මාතලේ ආවරණය කරන Star Tamil ප්‍රති විකාශන කටයුතු දින තුනක සිට අත්හිටවා ඇත.දැනට මාසයකට අධික කාලයක් සියත Tv හන්තාන ප්‍රති විකාශය ද අත්හිටවා තිබේ.
••••••••••••••••••••••••••••••••••••