මාධ්‍ය නිදහසට බලපෑම්..........

  • Dec 18, 2013
    535
    98
    28
    මාධ්‍ය නිදහසට බලපෑම්..........

    මාධ්‍ය නිදහසට බලපෑම් නොකරන බවට ජනපතිගෙන් සහතිකයක්

    රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේ දී කිසිදු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරමරටට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් මාධ්‍යයෙන් රටට වියයුතු වගකීම් ඉටුකිරීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යලයේ දී පැවැත්වුණු අතර එහිදී මේ බව බව සඳහන් කෙරිණි.

    පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව තමා තෝරා පත් කර ගත්තේ අපේක්ෂා රැසක් පෙරදැරිව බවද සඳහන් කර සිටි ජනාධිපතිවරයා, දේශපාලනඥයන්ගේ සහ රාජ්ය නිලධාරින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම,දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය ඒ අතර ප්‍රමුඛ වෙන බවත් පැවසීය.

    එම අරමුණ ජය ගැනීමේදී ද මාධ්‍යයේ සහාය තමා වෙත නොඅඩුව ලැබෙනු ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.

    ආයෝජන සහ ආර්ථික සබඳතා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගීමට රටේ ප්‍රතිරූපය ඉතා වැදගත් වෙන බවත් පවසා ඇති ජනාධිපතිවරයා, එබැවින් රටේ ප්‍රතිරූපය ගොඩනැගීමේදී ද මාධ්‍යයට පුළුල් වගකීමක් පැවරෙන බව ද පෙන්වා දුන්නේය.

    පසුගිය දිනවල සංවාදයට ලක් වූ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීමේ දී මෙරට මාධ්‍යවල හැසිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කර සිටි ජනාධිපතිවරයා, ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය අන්දමින් එම සිදුවීම උලුප්පා දැක්වීමට ගත් උත්සාහය පිළිබඳව කණගාටුව පළ කර සිටියේය.

    එම සිදුවීම් නිවරුදි කිරීමේ හැකියාව ද මෙරට මාධ්‍ය සතුව පවතින බව පෙන්වා දුන් ජනපතිවරයා, නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුරා නිර්මාණය වී ඇති චිත්‍ර ඇදීමේ රැල්ල පිළිබඳව ද මෙහිදී මාධ්‍ය දැනුවත් කළේය.

    එය කිසිවෙකුගේ ඉල්ලීමක් අනුව ආරම්භ වූවක් නොව රටට ආදරය කරන තාරුණ්‍යය අතරින්ම බිහි වූ නිර්මාණශීලි වැඩපිළිවෙළක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    කෙසේ වෙතත් රටට ආදරය කරන එම කණ්ඩායම් දිරි ගැන්වීම වෙනුවෙන් මාධ්‍යයේ දායකත්වය නොඅඩුව ලැබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

    විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍ය ආයතන ප්‍රධානිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    -අද දෙරණ-
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    janapathita mada gagaha inne nathuwa ratata deyak karapalla. api hamotama inda thiyenne me rata witharainey..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,894
    40,670
    113
    තමන්ට ගහද්දි පවුලට ගහද්දි ඕන දෙයක් අසාධාරණ වෙන්න පුළුවන් බන්. විවේචනයක් ආවම තමයි තේරෙන්නෙ සාධාරණ විවේචන ලෝකේ නෑ කියලා. විශේෂයෙන්ම විපක්ශ්යෙන් ආවම. ගෝටගෙ අතීතය බැලුවොත් එයා ඕනම විවේචනයක් ත්‍රෙට් එකක් විදියට දැකපු කෙනෙක්. කාලයත් එක්ක මිනිස්සු හැදෙනවා. ගෝටත් හැදිලා නම් හොඳයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන්ට ගහද්දි පවුලට ගහද්දි ඕන දෙයක් අසාධාරණ වෙන්න පුළුවන් බන්. විවේචනයක් ආවම තමයි තේරෙන්නෙ සාධාරණ විවේචන ලෝකේ නෑ කියලා. විශේෂයෙන්ම විපක්ශ්යෙන් ආවම. ගෝටගෙ අතීතය බැලුවොත් එයා ඕනම විවේචනයක් ත්‍රෙට් එකක් විදියට දැකපු කෙනෙක්. කාලයත් එක්ක මිනිස්සු හැදෙනවා. ගෝටත් හැදිලා නම් හොඳයි.

    කාලයත් එක්ක මිනිස්සු වයසට යනවා ඒත් ගතිගුණ හැදෙන්නෙ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබල වගේ ගු ඇන් පී කාරයො ජනාධිපතිතුමාගෙ මොනා විවේචනය කරන්ඩද බන්..ඉස්සෙල්ලා හරි හමන් කොන්ද පන තියෙන පිරිමියෙක් ගූ ඇන් පී එකේ නායකය කරල ඉදපල්ල , නැත්තන් ඉතින් බොලාට හැමදාම වෙන්නෙ ගේ මුල්ලෙ හැගිලා මඩ ගගහ ඉන්ඩ තමයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාලයත් එක්ක මිනිස්සු වයසට යනවා ඒත් ගතිගුණ හැදෙන්නෙ නෑ.

    පක පන නැති පොන්නයන්ට නායකය කියන උන්ගෙ කමෙන්ට් ලොල්:lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,894
    40,670
    113
    උබල වගේ ගු ඇන් පී කාරයො ජනාධිපතිතුමාගෙ මොනා විවේචනය කරන්ඩද බන්..ඉස්සෙල්ලා හරි හමන් කොන්ද පන තියෙන පිරිමියෙක් ගූ ඇන් පී එකේ නායකය කරල ඉදපල්ල , නැත්තන් ඉතින් බොලාට හැමදාම වෙන්නෙ ගේ මුල්ලෙ හැගිලා මඩ ගගහ ඉන්ඩ තමයි..
    ඇයි රනිල්ස:love::love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,894
    40,670
    113
    janapathita mada gagaha inne nathuwa ratata deyak karapalla. api hamotama inda thiyenne me rata witharainey..
    කාලෙකට එක කට්ටියකගෙ ෆොටොශොප් ලයිශන් එක්ස්පයර් වෙනකොට තව කට්ටියක් සල්ලි දීලා ගන්නවා. ඕවා ඔහොම තමයි බන්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උබලෑට රට යන්න ඕනේ නම් ස්ථිර පදිංචියට ෆ්බ් පෙජ් එකක් පටන් ගනින් ,

    බැනපන් හොදට මඩ ගොටාටා සේප එකේ unp jvp ලයික් හෝ ගාලා පුළුවන් 100,000වගේ ලයික්ස් ගත්තාම දරුනුවටම බැනපන් පස්සේ බොරුවට එකෙක් දම්මලා ගහගනින් උබටම (හැබැයි අහුවෙන්නේ නැතිවෙන්න කරන්න ඕනේ )
    (ඒ වගෙමේ මේ ටිකේ හොද කන්කසන් ටිකක් හද ගන්න ඕනේ unp jvp වලින් )

    පස්සේ කියපන් අන්න්දුවෙන් මාද්‍යවේදීන්ට ගැහුවා ගැහුවා මේ වෙලාවේ තමයි අර කනෙක්සන් ටික වටින්නේ

    කෙන්ලින්ම සිව්ස් ටිකට් එකක් වෙබ් එකක් තියේ නම් ලේසියි හැබැයි