මානව ප්‍රවේණි විද්‍යාව 2 - පෙලපත් වෙබ් අඩවි

kasunigamage

Active member
  • Oct 9, 2017
    299
    147
    43
    මානව ප්‍රවේණි විද්‍යාව 2 - පෙලපත් වෙබ් අඩවි


    රතු කොටු සංගමයේ සාමාජික අමාවක දාගේ ඉල්ලීම පරිදි මේ ත්‍රෙඩ් එක දාන්නෙ.

    පෙළපත් වෙබ් අඩවි:eek:
    තාක්ෂණික ලෝකයේ නව රැල්ලක් විදියට ඉදිරියට ආපු දේවල් වලින් එකක් තමයි පෙළපත් වෙබ් අඩවි නැත්නම් genealogy web sites කියන්නෙ
    23andMe සහ Ancestry යන වෙබ් අඩවි පවත්වාගෙන යන සමාගම් තමයි ඒ අතරිනුත් වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නෙ. ලෝකය පුරා ම මිලියන 10 කට ආසන්න පිරිසක් මේවා හරහා තමන්ගේ ජාන විශ්ලේෂණය කරගෙන තියෙන බව පැවසෙනවා.
    ඒ ආයතන හරහා තමන්ගෙ ජාන විශ්ලේෂණය කරලා ඒවා එකී වෙබ් අඩවියේ අඩංගු දැවැන්ත data base එකට ඇතුළු කරලා සංසන්දනය කරන්නත් පුළුවන්.

    කොහොමද කරන්නේ?
    අන්තර් ජාලය හරහා ඔවුන්ගෙන් instrument එකක් මිලදී ගෙන ඒකට කෙල ටිකක් දාලා ආයෙත් තැපැල් කරලා යවන එක විතරයි කරන්න තියෙන්නේ.

    එතකොට එයාලා ඒ DNA විශ්ලේෂණය කරනවා. ඒකෙන් ඔයාගෙ origin එක ගැන , අප්‍රිකානුවන්ට යුරෝපීයයන්ට ආසියානුවන්ට ඔයා කොච්චර දුරට නෑකම් කියනවා ද, මොනවා හරි ප්‍රවේණිගත රෝගයක් වැළදෙන්න පුළුවන් ද, මොන වගේ ආසාත්මිකතා තියෙනවා ද කියලා දැනගන්න පුළුවන්
    ( ඔය සිංහලේ කියාගෙන ලෝකෙන් උසස්ම ජාතිය කියලා හිතාගෙන ඉන්නේ ඉතිං මොන්ගලේ අය තමයි. මේ වගේ දෙයක් කරලා බැලුවොත් තේරෙයි ඇත්තම සම්භවය මොකද්ද කියලා.තාමත් නුවර ඌව පලාත්වල ඉන්නවා pure blood මානසික ලෙඩ්ඩු. කාගෙන් සම්භවයට උනාද කියන එකට අපහාස කරනවා නෙමෙයි.ඇත්තටම බැලුවොත් අපි මුළු ලෝකෙටම නෑකම් කියනවා නේද? ලෝකෙටම නැතත් අන්‍ය ජාතීන් කිහිපයක් ම ඥාති වෙනවා අනිවාර්යෙන්. මගේ පෞද්ගලික විශ්වාසය හීන මානයේ අන්තයටම ගිය අය තමයි අර ජාතියේ නිසා උසස් අර ආගමේ නිසා උසස් අර ඉස්කෝලෙ නිසා උසස් කියලා දගලන්නෙ.)

    ආයෙත් මුලට .......මේකෙ තියෙන ගොඩක් popular වෙච්ච දේ තමයි පවුල් පොතක් වගේ දෙයක් හදන්න පුළුවන් තමන්ගේ ජානමය දත්ත ඇතුලත් කරලා.ගොඩක් අය මේ system එකට එයාලගෙ දත්ත දුන්න ම එයාලගෙ family එකේ විස්තර හොයාගන්න පුළුවන්. දෙමව්පියො දරුවො මිනිපිරියො මුණුපුරන් කවුද කියලා පරම්පරාවෙන් පරම්පරාවට හදුන ගන්න පුළුවන් ඒ හරහා ගොඩක් අය මේ සේවය ලබා ගත්තම
    අතු ඉති හදලා ගහක් වගේ පවුලේ ඉතිහාසය දකින්න පුළුවන්.
    ඔය වෙබ් සයිට්ස් වලින් හොයා ගෙන ගොඩක් අය පොඩි කාලෙ අතුරුදහන් වෙච්ච අය හදා වඩා ගත්ත ළමයි ඇත්තම අම්මලා තාත්තලා හොයා ගත්ත අවස්ථා පවා තියෙනවා.
    මේක තමයි පෙලපත් වෙබ් අඩවි වල කතාව.

    කාලයක් තිස්සෙ හොයාගන්න බැරුව හිටපු දරුණු මිනීමරුවෙක්????

    1974 ,1975 කාලයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Visalia ප්‍රදේශයේ නිවාස 120කට කඩා පැන මංකොල්ල කෑම
    සහ එක් මිනිසෙකු මරා දැමීම
    1976 සිට 1979 කැලිෆෝනියා ප්‍රාන්තයේ Sacramento ප්‍රදේශයේ නිවෙස්වලට කඩා පැන ස්ත්‍රී දූෂණ සිදු කිරීම සහ පසුව ඔවුන්ට දුරකථන ඇමතුම් දෙමින් තර්ජනය කිරීම
    මේ ටික කරලා තියෙන්නේ එක ම පුද්ගලයෙක් බව හදුන ගන්නවා.
    මේ අතර තව භයානක මිනීමරුවෙක් 1979 සහ 1986 දක්වා කාලය තුළ කැලිෆෝනියා ප්‍රාන්තයේ දකුණුදිග ප්‍රදේශයේ ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් ගණනාවකට මුල් උන තවත් මිනීමරුවෙක් ඉන්නවා.
    පස්සෙ මේ දෙන්නම එක් කෙනෙක් බව හොයා ගන්නවා. Golden state killer යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නෙ මෙයා තමයි. ස්ත්‍රී දුෂණ 50 කබ අධික සංඛ්‍යාවක් සහ මිනීමැරුම් 13කට වැඩි ගණනකට මොහු වගකිවයුතූ බවට හදුනාගෙන තිබුණා.
    මේසා දරුණු අපරාධකාරයෙක් උණත් අල්ල ගන්න ගොඩක් අමාරු වෙනවා කොච්චර උත්සහ කරත්. අපරාධය සිදු වෙච්ච ස්ථාන වලින් මොහුගෙ DNA සාම්පල ලබා ගන්න පුළුවන් උනත් ඇ.එ. ජනපදයේ අපරාධකරුවන්ගේ සහ සැකකරුවන්ගෙ DNA දත්ත ගබඩාවේ කිසිම එකක් එක්ක ගැලපෙන්නේ නැහැ මේ කෙනාගෙ දත්ත
    පැමිණිලිකරුවො දීපු විස්තර වලින් ඇදපු චිත්‍ර අරවා මේවා වලින් මෙයාව කොටු කරගන්න ගොඩක් උත්සහ කරත් ඒ සියලුම වෑයම් අසාර්ථක වෙනවා.
    2016 දිත් ආයෙමත් කේස් එක දිග අරිනවා ඒ කියන්නෙ අවුරුදු 42 දෙකක් ගිහිල්ලත් උත්සහය අතාරින්නෙ නැහැ.:cool:
    කොහොම හරි 2018 දි කැලිෆෝනියා පොලීසිය සමත් වෙනවා අපරාධකාරයන් අල්ල ගන්න. අත්තඩංගුවට ගන්නකොට වයස අවුරුදු 72ක් වෙනවා. Joseph De Angelo. තමයි නම.

    අවුරුදු 40කට වඩා ගත වෙලත් කොහොමද මෙයාව ඇල්ලුවේ

    DNA සාම්පල තිබුණත් ඒවා හිටපු අපරාධකරුවන් එක්ක ගැලපුනේ නැති නිසා මෙයාලා කරේ DNA දත්තවලින් profile එකක් හදලා පෙළපත් වෙබ් අඩවවියක් උණ GEDmatch වල සේවය ලබාගත්ත එකයි.ඒකෙන් ඒ profile එකට දුරින් ඥාති වෙන ඥාතීන් කිහිප දෙනෙක්ව හොයා ගන්න පුළුවන් වෙනවා.ඊට පස්සෙ රහස් පරීක්ෂකයො පස් දෙනෙක් මාස 4ක් තිස්සෙ ඒ ඥාතින් ගැන හොයනවා. ඔවුන්ගෙ දෙමව්පියන් දරුවන් සහෝදර සහෝදරියන් ගැන හොයා ගන්නවා.එහෙම හොයාගත්ත දත්ත එකතු කරලා ඔවුන්ගෙ පෙළපත් සටහනට අයත් සියලු ම දෙනාගෙ තොරතුරු එක්රැස් කරගන්නව
    ඊට පස්සෙ ඒ අතරින් හොයනවා මේ අපරාධ කරන්නට සැක කල හැකි කෙනෙක්ව.
    එතකොට අහු වෙනවා Joseph යම් යම් කාලවල පදිංචි වෙලා ඉදපු ප්‍රදේශවලට ආසන්නයේ තමයි මේවා සිද්ධ වෙලා තිබුණෙ.
    මෙයාලා කරන්නෙ එයාව follow කරලා එයා විසි කරන දෙයකින් DNA සාම්පලයක් ලබා ගන්න එකයි.
    ඊට පස්සෙ අතට ම අහු උනා:rofl:
    Barbara Rae Venter කියන විද්‍යාඥවරිය තමයි DNA දත්ත යොදාගෙන පවුල් ගස නිර්මාණය කරලා genealogist විදියට අවශ්‍ය සහය ලබා දීලා තියෙන්නෙ පරීක්ෂණ වලට.
    අහු උන Joseph James Angelo තුත් දුවලා 3න් දෙනෙක් ඉන්න පොලිස් නිලධාරියෙක්:angry:
    එයාව කොටු කරගන්න වැඩේ දි මුල්ම DNA සාම්පලය ගන්නෙ car එකේ door handle එකෙන්.දෙවනි එක විසි කරපු ටිෂූ එකකින්
    Kasunigamage
     
    Last edited:
    • Dislike
    • Like
    Reactions: saja and janaka_jr

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    tho kopi past kra neda blogv eken
    biosinhala.blogspot ?

    copy paste කරා නම් ලින්ක් එක දානවා පුළුවන් නම් :angry::angry:
    මේකත් කොපි කරලා බ්ලොග් වල දාගෙන ද තනියම අකුරක් ලියාගන්න බැරි මන්ද මානසිකයෙක් වෙන්න ඇති.link එක දාන්න:angry:
    පැයක් විතර අත කඩාගෙන ටයිප් කරේ. කාගෙවත් ඒවා කොපි කරන්න මම ගොනෙක් කියලා හිතුවද? පලවෙනි ත්‍රෙඩ් එකත් එහෙනම් කොපි පේස්ට් කරලා ද?:angry::angry:
    මම genetics දන්නෙ නෑ කියලා හිතුවද:angry::angry:
    මේක කොහේ හරි මොකෙක් හරි මේ පොඩ්ඩට අරගෙන දැම්මද මම දන්නෙ නෑ.අපරාදෙ පාඩම් වැඩක් කරගන්න තිබුන වෙලාව මටත් හොද වැඩේ මුන්ට ත්‍රෙඩ් ලිය ලිය ඕවා අහන්න එක
    හරි වැඩක් බලන් ඉන්නම් මීට පස්සෙ. රතු කොටු සංගමේ අය කියන නිසා ලිව්වෙ:angry:
    :angry::sorry::sorry:
     
    Last edited:

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    tho kopi past kra neda blogv eken
    biosinhala.blogspot ?

    අලුතෙන් වැඩක් පටන් ගත්තම කඩාකප්පල් කරන්න එපා ඕයි. මෙඩිසින් select වෙච්ච එකෙකුට genetics ගැන ත්‍රෙඩ් එකක් දාන්න එක එකාගෙන් කොපි කරන්න ඕන ද?
    දාපන් ඔය කියන බ්ලොග් පෝස්ට් එක මෙතන:angry:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අලුතෙන් වැඩක් පටන් ගත්තම කඩාකප්පල් කරන්න එපා ඕයි. මෙඩිසින් select වෙච්ච එකෙකුට genetics ගැන ත්‍රෙඩ් එකක් දාන්න එක එකාගෙන් කොපි කරන්න ඕන ද?
    දාපන් ඔය කියන බ්ලොග් පෝස්ට් එක මෙතන:angry:

    :P
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හොඳ උත්සාහයක් එත් plagiarism ටෙස්ට් එක ෆේල්.

    කාලයෙන් වසන් වුණු, අපරාධකරුවන් හෙළිදරව් කරන 'පෙළපත්' වෙබ් අඩවි

    [www.vidusara.com]

    dna.jpg


    1974 හා 1975 වසර දෙක තුළ කැලිෆොaනියාවේ Visalia ප්‍රදේශයේ නිවෙස්‌වලට කඩාවැදී සිදු කළ මංකොල්ලකෑම් ගණනාවක්‌ වාර්තා විය.
    තනි පුද්ගලයකු විසින් කරන ලදැයි පෙනෙන්නට තිබුණු මේ මංකොල්ලකෑම්වල දී දේපළ හානි කිරීම් හා නොවැදගත් දේ සොරකම් කිරීම් දක්‌නට
    ලැබිණි. 1975 අවසන් වන විට මේ මංකොල්ලකරුවා නිවාස 120කට කඩා වැදී තිබූ අතර එක්‌ මිනිසකු මරා දමා තිබිණි. 1976 සිට 1979 දක්‌වා
    තවත් අපරාධකරුවෙක්‌ කැලිෆොaනියාවේ Sacramento ප්‍රදේශය භීෂණයෙන් තැති ගන්වමින් සිටියේ ය. නිවෙස්‌වලට කඩාවදිමින් ස්‌ත්‍රීන් දූෂණය කළ
    මොහු, සිදු වීමෙන් පසුව පවා දුරකතනයෙන් අමතමින් ඔවුන්ට තර්ජනය කිරීම් සිදු කිරීමට කටයුතු කර තිබිණි. ඒ අතරවාරයේ මිනීමැරීම් ද කිරීමට
    ඔහු පසුබට වී තිබුණේ නැත. 1979 සිට 1986 දක්‌වා තවත් බිහිසුණු අපරාධකරුවකු කැලිෆොaනියාවේ දකුණුදිග ප්‍රදේශයෙන් බිහි වී තිබිණි. ඔහු
    ද ස්‌ත්‍රී දූෂණ හා මිනීමැරුම් ගණනාවකට මුල් වී තිබිණි. පසුව හෙළිදරව් වූයේ මේ ප්‍රදේශ තුනේ ම අපරාධවලට හේතු වී තිබුණේ එක්‌ පුද්ගලයකු
    බවයි. අන්වර්ථ නම් ගණනාවකින් හැඳින්වුණු 'රන් ප්‍රාන්තයේ මිනීමරුවා' (Golden State Killer) ලෙස වඩා ප්‍රකට වූ මේ අපරාධකරු
    1974 -1986 කාලය තුළ නිවාස බිඳීම් සියයකට වැඩි ප්‍රමාණයකට, ස්‌ත්‍රී දූෂණ 50කට වැඩි ප්‍රමාණයකට හා මිනිමැරුම් 13කට වැඩි ප්‍රමාණයකට
    නීතියේ රැහැනට හසු කරගැනීමට ඕනෑ වී තිබිණි.


    ඉතා දරුණු අපරාධ රාශියක්‌ සිදු කළ ද මේ කාලය පුරා ම පොලිසියට හා අනෙකුත් අපරාධ පරීක්‌ෂණ ආයතනවලට මේ අපරාධකරු හසු කරගැනීමට
    නොහැකි වී තිබිණි. අපරාධ ස්‌ථානවලින් සැකකරුගේ ඩීඑන්ඒ සාම්පල ලබාගැනීමට හැකි වී තිබුණ ද ඒවා එක්‌සත් ජනපදයේ අපරාධකරුවන්ගේ
    හා සැකකරුවන්ගේ අති විශාල ඩීඑන්ඒ දත්ත ගබඩාවේ තොරතුරු හා නො ගැළපිණි. එමෙන් ම රූ සටහන් ආදිය යොදාගනිමින් ඔහු පිළිබඳ හෝඩුවාවක්‌
    ලබාගැනීමට පොලිසිය දැරූ සියලු උත්සාහයන් නිරර්ථක වී තිබුණේ පොලිසියට ඉමහත් අවමානයක්‌ අත් කර දෙමිනි. ඊළඟ දශක හතර පුරාවට ම
    ඒ පිළිබඳ ව කිසිදු හෝඩුවාවක්‌ සොයාගැනීමට බලධාරීන් අසමත් වූයේ එය නො විසඳුණු අපරාධ ගොනුවට එක්‌ කරලමිනි.

    2016 වසරේ නිවැරැදි තොරතුරක්‌ ලබා දෙන්නකුට විශාල ත්‍යාග මුදලක්‌ වෙන් කරමින් මේ පර්යේෂණය නැවත ආරම්භ වූ නමුත් ඒ පිළිබඳ ව
    සුබදායී ප්‍රතිඵලයක්‌ ලැබී තිබුණේ නැත. කෙසේ වෙතත් 2018 වසරේ අප්‍රේල් මාසයේ දී කැලිෆොaනියා පොලිසිය හදිසියේ නිවේදනය කළේ
    තමන් රන් ප්‍රාන්තයේ මිනීමරුවා අත්අඩංගුවට ගත් බවයි. Joseph De Angelo නමැති මේ පුද්ගලයා අත්අඩංගුවට පත් වන විට වයස අවුරුදු 72ක්‌ විය.

    dna1.jpg


    වසර හතළිහකට වැඩි කාලයක්‌ තිස්‌සේ අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ මේ දරුණු මිනීමරුවා හදිසියේ අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ කෙසේ ද?
    එයට උපකාරී වී තිබුණේ තාක්‌ෂණික ලෝකයේ නව රැල්ලක්‌ වන පෙළපත් වෙබ් අඩවි ය.

    ජාන විශ්ලේෂණ තාක්‌ෂණයන් වඩා පහසු හා වඩා ලාභදායී ක්‍රියාවලියක්‌ බවට පත් වීමත් සමඟ කරළියට පැමිණි මේ පෙළපත් වෙබ් අඩවි (genealogy
    web sites) ලෝකය පුරා ඉමහත් ජනප්‍රියත්වයක්‌ අත්පත් කරගෙන තිබෙනවා. 23andMe හා Ancestry යන වෙබ් අඩවි පවත්වාගෙන යන සමාගම්
    මේ අතරින් ඉදිරියෙන් ම සිටිනවා. මේ වන විට ලොව පුරා මිලියන දහයකට වැඩි දෙනෙක්‌ මෙලෙස තම ජාන විශ්ලේෂණය කරගෙන ඇති බවයි පැවසෙන්නේ.
    මේ සමාගම් හරහා ඕනෑ ම අයකුට තමාගේ ජාන සාම්පලයක්‌ විශ්ලේෂණය කොටගෙන ඒවා එම වෙබ් අඩවියේ අඩංගු දැවැන්ත දත්ත ගබඩාවට ඇතුළු කොට
    සංසන්දනය කළ හැකියි. ඒ සඳහා කරන්නට තිබෙන්නේ අන්තර්ජාලයෙන් මුදල් ගෙවා උපාංග කට්‌ටලයක්‌ නිවසට ගෙන්වාගෙන එයට තමන්ගේ කෙළ
    සාම්පලයක්‌ දමා නැවත තැපැල් කර යෑවීම පමණයි. එවිට එම සාම්පලයේ ඩීඑන්ඒ විශ්ලේෂණය කිරීමට ඔවුන් කටයුතු කරනවා. මේ හරහා තමාගේ
    අතීත සම්භවය කෙබඳු එකක්‌ වී ද, එනම් තමා තුළ අප්‍රිකානු, යුරෝපියානු හෝ ආසියානු පෙළපත්වලට අයත් ජාන කෙතරම් තිබෙනවා ද ආදිය සොයාගත
    හැකියි. එමෙන් ම තමාට කිසියම් ප්‍රවේණිගත රෝගයක්‌ වැළඳීමේ අවදානමක්‌ තිබෙනවා ද, යම් යම් අසාත්මිකතා තිබෙනවා ද යන්න ද මේ හරහා දැනගත
    හැකියි. කෙසේ වෙතත් මෙහි ඇති ඉතා ජනප්‍රිය යෙදුම නම් තම ජානමය තොරතුරු ඇතුළත් කර තමාගේ පවුල් පොතක්‌ සැකසීමේ හැකියාවයි. විවිධ
    පුද්ගලයන්ගේ ජාන තොරතුරු මේ පද්ධතිය තුළට ඇතුළු කළ විට ඒ අතරින් පියා කවුද? මව කවුද? දරුවන් හා සහෝදර සහෝදරයන් කවුරුන් ද,
    මුණුපුරු මිණිපිරියන් කවුරුන් ද යන්න පරම්පරාවෙන් පරම්පරාවට වෙනස්‌ වෙමින් යන ජාන තොරතුරු හරහා නිර්ණය කළ හැකියි. විශාල පුද්ගලයන්
    ප්‍රමාණයක්‌ මෙලෙස තොරතුරු ඇතුළත් කළ විට ඒ ඒ පවුල් ඉතිහාසය පුරා අතු ඉති විහිදා යමින් වැඩුණු ආකාරය දැනගත හැකියි. කුඩා කල සිට වෙන් වූ
    සහෝදර සහෝදරියන් සොයාගැනීම්, ලේ ඥාතීන් හඳුනාගැනීම්, හදා වඩාගැනීමට ගත් දරුවන් තම සැබෑ මවුපියන් සොයාගත් අවස්‌ථා ආදි සිදුවීම් ගණනාවක්‌
    මේ පෙළපත් අඩවි හරහා පසුගිය කාලය තුළ වාර්තා වුණා.

    'රන් ප්‍රාන්ත මිනීමරුවා'ගේ පර්යේෂකයන් සිදු කර තිබුණේ මේ සේවාව අපරාධකරු පිළිබඳ ව හෝඩුවාවක්‌ සොයාගැනීමට යොදාගැනීමයි. අපරාධ සිදු වූ
    ස්‌ථානවලින් අපරාධකරුවාගේ ඩීඑන්ඒ සාම්පල බොහෝ කලකට පෙර සොයාගෙන තිබුණත් ඒවා පවතින අපරාධකරුවන්ගේ ඩීඑන්ඒ ලැයිස්‌තු හා නො
    ගැළපුණු බැවින් මේ දක්‌වා එයින් ප්‍රතිඵලයක්‌ අත්පත් කරගත හැකි ව තිබුණේ නැහැ. එහෙත් මෙවර පර්යේෂකයන් සිදු කළේ එම ඩීඑන්ඒ දත්ත යොදාගනිමින්
    පුද්ගල ගොනුවක්‌ නිර්මාණය කර එය මෙවැනි පෙළපත් වෙබ් අඩවියක්‌ වන GEDMatch තුළට ඇතුළත් කිරීමයි. ඒ හරහා එම පුද්ගලයාට දුරින් ඥාති සබඳතාවක්‌
    ඇති ඥාතීන් කිහිප දෙනකු හඳුනාගැනීමට පොලිස්‌ නිලධාරීන් සමත් ව තිබෙනවා.

    මෙය මේ පරීක්‌ෂණයේ තීරණාත්මක ම සොයාගැනීමයි. ඉන් පසු පොලිස්‌ නිලධාරීන් පස්‌ දෙනකු, පුරා මාස හතරක්‌ තිස්‌සේ එම පුද්ගලයන්ගේ මවුපියන්, සහෝදර
    සහෝදරියන් හා දරුවන් ආදි සියලු ඥාතීන් පිළිබඳ විස්‌තර සොයමින් ඔවුන්ගේ පෙළපත් සටහනට අයිති සියලු ම පුද්ගලයන්ගේ තොරතුරු එක්‌රැස්‌ කර තිබෙනවා.
    ඔවුන් මේ කටයුත්ත කර තිබෙන්නේ පැරැණි සංගණන වාර්තා, උප්පැන්න හා මරණ සහතික, පුවත්පත් දැන්වීම්, පොලිස්‌ වාර්තා, වාණිජ ලියකියවිලි, සමාජ මාධ්‍ය
    ජාල ආදි මූලාශ්‍ර විශාල ප්‍රමාණයක්‌ පීරා බලමිනුයි.

    ඉන් අනතුරු ව එම පුද්ගලයන් ගෙන් මේ අපරාධය කිරීමට විභවයක්‌ ඇති වයස්‌ සීමාවන් දරන්නන් තෝරාගෙන ඔවුන් මේ අපරාධය සිදු වූ කාලය තුළ පදිංචි වී
    සිට ඇත්තේ කොහේ ද යන්න සොයා බලා තිබෙනවා. ඒ අනුව ඔවුන්ට පෙනී ගොස්‌ ඇත්තේ මේ පෙළපතට අයත් De Angelo නම් පුද්ගලයා මේ කාල
    සීමාව තුළ අපරාධ සිදු වූ ස්‌ථානවලට ආසන්න ප්‍රදේශවල ජීවත් වී ඇති බවයි. ඉන් පසු පර්යේෂකයන් සිදු කර ඇත්තේ හොර රහසේ එම පුද්ගලයා නිරීක්‌ෂණය කිරීමයි.

    එසේ කොට ඔහු විසින් ඉවත දමන ලද දෙයකින් ඩීඑන්ඒ සාම්පලයක්‌ ලබාගෙන එය අපරාධකරුගේ ඩීඑන්ඒ දත්ත සමඟ සසඳා බලා තිබෙනවා. එමඟින්
    තහවුරු වී ඇත්තේ ඔහු නිසැක වශයෙන් ම රන් ප්‍රාන්තයේ මිනීමරුවා බවයි. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් පසුවයි.

    De Angelo ගේ සිදුවීම මෑතකාලීන ව මෙසේ සිදු කෙරුණු පර්යේෂණ හරහා විසඳනු ලැබූ පැරැණි අපරාධ පරීක්‌ෂණ අතරින් කැපී පෙනෙන එකක්‌ පමණයි.
    මේ වන විට මෙවැනි අපරාධකරුවන් 20කට වැඩි ප්‍රමාණයක්‌ අත්අඩංගුවට ගැනීමට මේ ක්‍රමය සාර්ථක ව භාවිත කර තිබෙනවා.

    dna2.jpg


    කෙසේ වෙතත් තවමත් මෙය පිළිගත් අපරාධ විද්‍යා පර්යේෂණ ක්‍රමයක්‌ ලෙස නීතිගත ව නැහැ. එනිසා එය පුළුල් ලෙස භාවිත කිරීමට ඉඩ ඇහිරී තිබෙනවා.
    උදාහරණයක්‌ ලෙස 23andMe හා Ancestry යන වෙබ් අඩවි දෙක ම පොලිසියට තම දත්ත ගබඩාවලට ඇතුළු වීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. ඒ තම
    පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්‌ෂා කිරීමේ අයිතිය යටතේයි. අනෙක්‌ අතට ඔවුන් තම අඩවිවල ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන් ම කෙළ
    සාම්පලයක්‌ ඉල්ලා සිටීම හරහා ව්‍යාජ නමක්‌ යටතේ හෝ මේ සේවාව සඳහා ලියාපදිංචි වීමට ඇති ඉඩ අහුරා තිබෙනවා. ඔවුන් දැනට බලධාරීන්ට තම දත්ත
    ගබඩාවල ඇති තොරතුරු නිකුත් කරන්නේ උසාවි නියෝගයක්‌ ඇත්නම් පමණයි. දැනට බලධාරීන්ට මෙවැනි පර්යේෂණ පැවැත්වීමට ඉඩ ලබා දී ඇත්තේ
    GEDMatch වෙබ් අඩවිය පමණයි. එතරම් ජනප්‍රියත්වයක්‌ හිමි කරගත් වෙබ් අඩවියක්‌ නො වන බැවින් එහි දත්ත ගබඩාව ඉතා විශාල එකක්‌ නො වුණත්
    ඒ හරහා ද සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමට ඔවුන් සමත් ව තිබෙනවා. කෙසේ වෙතත් මේ විවෘත ප්‍රවේශ සහිත වෙබ් අඩවිය වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින
    අතර ඊළඟ වසර කිහිපය තුළ විශාල වර්ධනයක්‌ අත්පත් කරගනු ඇතැයි සැලකෙනවා. එමෙන් ම ඉතා ඉක්‌මනින් ම ජානමය තොරතුරු හරහා පෙළපත් මූලාශ්‍ර විමසා
    බැලීමේ මේ ක්‍රමවේදය නීතිමය ප්‍රතිපාදන සහිත අපරාධ වෛද්‍ය විද්‍යාවේ සාමාන්‍ය පිළිගත් තාක්‌ෂණික ක්‍රමවේදයක්‌ වනු ඇති බවයි සැලකෙන්නේ.

    ජානමය පෙළපත් සටහන් විමසා බැලීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඉඩ ලබා දීම ඉතා බරපතළ ලෙස පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමක්‌ බව සමහරුන්
    පවසනවා. එහෙත් නීතියේ ඇසට වැලි ගසා සැඟව සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් එම අපරාධවලට මුහුණ දුන් පුද්ගලයන්ට ඇති වන සැනසීම හා
    සමාජයේ ආරක්‌ෂාවට ඇති වන යහපත් බලපෑම සැලකීමේ දී එම පෞද්ගලිකත්වය උල්ලංඝනය වීම එතරම් සැලකිය යුත්තක්‌ ද යන්න ප්‍රශ්නයක්‌. කෙසේ හෝ වේ
    වා මේ ක්‍රමවේදය ඉදිරියටත් බහුල ව භාවිත වීම නො වැළැක්‌විය හැකියි. 2019 වසරේ දී මේ උපක්‍රමය හරහා අපරාධකරුවන් අල්ලා ගැනුණු ප්‍රවෘත්ති විශාල
    ප්‍රමාණයක්‌ අපට අසන්නට ලැබෙනු ඇති බවට සැකයක්‌ නැහැ.

    දමිත නිපුණජිත්
     

    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    Up.... and cool down.uba digatama liyapan.mewa watinawa denagena inna eka.ජය වේවා....
    බල්ලො බුරන තරමට කදු පාත් වෙන්නෙ නෑ සහෝදරයා .... keep it up
     
    • Like
    Reactions: sriyasas

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හොඳ උත්සාහයක් එත් plagiarism ටෙස්ට් එක ෆේල්.

    කාලයෙන් වසන් වුණු, අපරාධකරුවන් හෙළිදරව් කරන 'පෙළපත්' වෙබ් අඩවි

    [www.vidusara.com]



    දමිත නිපුණජිත්[/SIZE]

    ado Sirawatamada ban..
    mn jok ekata kiwwe kopi paste kiyala...
    mn me mge thiyena balu kamata
    kuppa comments kota kota yanne
    hama thanama... :)
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    හොඳ උත්සාහයක් එත් plagiarism ටෙස්ට් එක ෆේල්.

    මම බලපු තැන්වලින් එයත් බලන්න ඇති:lol:
    කොහෙවත් යන එකෙක් කියනකම් තමයි හිටියෙ ඔය ටික:lol:
    ]
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43

    Thinking_guy නම දාලා රෙප් කපනවාකො නපුංසකයෝ
    rep higakanna copy paste karanawa. ube ammage namin account ekak hadagena waren ponnayo. attention whore
    :lol::lol: