මානව ප්රවේණි විද්‍යාව 2 - පෙලපත් වෙබ් අඩවි
රතු කොටු සංගමයේ සාමාජික අමාවක දාගේ ඉල්ලීම පරිදි මේ ත්‍රෙඩ් එක දාන්නෙ.
පෙළපත් වෙබ් අඩවි
තාක්ෂණික ලෝකයේ නව රැල්ලක් විදියට ඉදිරියට ආපු දේවල් වලින් එකක් තමයි පෙළපත් වෙබ් අඩවි නැත්නම් genealogy web sites කියන්නෙ
23andMe සහ Ancestry යන වෙබ් අඩවි පවත්වාගෙන යන සමාගම් තමයි ඒ අතරිනුත් වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නෙ. ලෝකය පුරා ම මිලියන 10 කට ආසන්න පිරිසක් මේවා හරහා තමන්ගේ ජාන විශ්ලේෂණය කරගෙන තියෙන බව පැවසෙනවා.
ඒ ආයතන හරහා තමන්ගෙ ජාන විශ්ලේෂණය කරලා ඒවා එකී වෙබ් අඩවියේ අඩංගු දැවැන්ත data base එකට ඇතුළු කරලා සංසන්දනය කරන්නත් පුළුවන්.
කොහොමද කරන්නේ?
අන්තර් ජාලය හරහා ඔවුන්ගෙන් instrument එකක් මිලදී ගෙන ඒකට කෙල ටිකක් දාලා ආයෙත් තැපැල් කරලා යවන එක විතරයි කරන්න තියෙන්නේ.
එතකොට එයාලා ඒ DNA විශ්ලේෂණය කරනවා. ඒකෙන් ඔයාගෙ origin එක ගැන , අප්‍රිකානුවන්ට යුරෝපීයයන්ට ආසියානුවන්ට ඔයා කොච්චර දුරට නෑකම් කියනවා ද, මොනවා හරි ප්‍රවේණිගත රෝගයක් වැළදෙන්න පුළුවන් ද, මොන වගේ ආසාත්මිකතා තියෙනවා ද කියලා දැනගන්න පුළුවන්
( ඔය සිංහලේ කියාගෙන ලෝකෙන් උසස්ම ජාතිය කියලා හිතාගෙන ඉන්නේ ඉතිං මොන්ගලේ අය තමයි. මේ වගේ දෙයක් කරලා බැලුවොත් තේරෙයි ඇත්තම සම්භවය මොකද්ද කියලා.තාමත් නුවර ඌව පලාත්වල ඉන්නවා pure blood මානසික ලෙඩ්ඩු. කාගෙන් සම්භවයට උනාද කියන එකට අපහාස කරනවා නෙමෙයි.ඇත්තටම බැලුවොත් අපි මුළු ලෝකෙටම නෑකම් කියනවා නේද? ලෝකෙටම නැතත් අන්‍ය ජාතීන් කිහිපයක් ම ඥාති වෙනවා අනිවාර්යෙන්. මගේ පෞද්ගලික විශ්වාසය හීන මානයේ අන්තයටම ගිය අය තමයි අර ජාතියේ නිසා උසස් අර ආගමේ නිසා උසස් අර ඉස්කෝලෙ නිසා උසස් කියලා දගලන්නෙ.)
ආයෙත් මුලට .......මේකෙ තියෙන ගොඩක් popular වෙච්ච දේ තමයි පවුල් පොතක් වගේ දෙයක් හදන්න පුළුවන් තමන්ගේ ජානමය දත්ත ඇතුලත් කරලා.ගොඩක් අය මේ system එකට එයාලගෙ දත්ත දුන්න ම එයාලගෙ family එකේ විස්තර හොයාගන්න පුළුවන්. දෙමව්පියො දරුවො මිනිපිරියො මුණුපුරන් කවුද කියලා පරම්පරාවෙන් පරම්පරාවට හදුන ගන්න පුළුවන් ඒ හරහා ගොඩක් අය මේ සේවය ලබා ගත්තම
අතු ඉති හදලා ගහක් වගේ පවුලේ ඉතිහාසය දකින්න පුළුවන්.
ඔය වෙබ් සයිට්ස් වලින් හොයා ගෙන ගොඩක් අය පොඩි කාලෙ අතුරුදහන් වෙච්ච අය හදා වඩා ගත්ත ළමයි ඇත්තම අම්මලා තාත්තලා හොයා ගත්ත අවස්ථා පවා තියෙනවා.
මේක තමයි පෙලපත් වෙබ් අඩවි වල කතාව.
කාලයක් තිස්සෙ හොයාගන්න බැරුව හිටපු දරුණු මිනීමරුවෙක්????
1974 ,1975 කාලයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Visalia ප්‍රදේශයේ නිවාස 120කට කඩා පැන මංකොල්ල කෑම
සහ එක් මිනිසෙකු මරා දැමීම
1976 සිට 1979 කැලිෆෝනියා ප්‍රාන්තයේ Sacramento ප්‍රදේශයේ නිවෙස්වලට කඩා පැන ස්ත්‍රී දූෂණ සිදු කිරීම සහ පසුව ඔවුන්ට දුරකථන ඇමතුම් දෙමින් තර්ජනය කිරීම
මේ ටික කරලා තියෙන්නේ එක ම පුද්ගලයෙක් බව හදුන ගන්නවා.
මේ අතර තව භයානක මිනීමරුවෙක් 1979 සහ 1986 දක්වා කාලය තුළ කැලිෆෝනියා ප්‍රාන්තයේ දකුණුදිග ප්‍රදේශයේ ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් ගණනාවකට මුල් උන තවත් මිනීමරුවෙක් ඉන්නවා.
පස්සෙ මේ දෙන්නම එක් කෙනෙක් බව හොයා ගන්නවා. Golden state killer යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නෙ මෙයා තමයි. ස්ත්‍රී දුෂණ 50 කබ අධික සංඛ්‍යාවක් සහ මිනීමැරුම් 13කට වැඩි ගණනකට මොහු වගකිවයුතූ බවට හදුනාගෙන තිබුණා.
මේසා දරුණු අපරාධකාරයෙක් උණත් අල්ල ගන්න ගොඩක් අමාරු වෙනවා කොච්චර උත්සහ කරත්. අපරාධය සිදු වෙච්ච ස්ථාන වලින් මොහුගෙ DNA සාම්පල ලබා ගන්න පුළුවන් උනත් ඇ.එ. ජනපදයේ අපරාධකරුවන්ගේ සහ සැකකරුවන්ගෙ DNA දත්ත ගබඩාවේ කිසිම එකක් එක්ක ගැලපෙන්නේ නැහැ මේ කෙනාගෙ දත්ත
පැමිණිලිකරුවො දීපු විස්තර වලින් ඇදපු චිත්‍ර අරවා මේවා වලින් මෙයාව කොටු කරගන්න ගොඩක් උත්සහ කරත් ඒ සියලුම වෑයම් අසාර්ථක වෙනවා.
2016 දිත් ආයෙමත් කේස් එක දිග අරිනවා ඒ කියන්නෙ අවුරුදු 42 දෙකක් ගිහිල්ලත් උත්සහය අතාරින්නෙ නැහැ.
කොහොම හරි 2018 දි කැලිෆෝනියා පොලීසිය සමත් වෙනවා අපරාධකාරයන් අල්ල ගන්න. අත්තඩංගුවට ගන්නකොට වයස අවුරුදු 72ක් වෙනවා. Joseph De Angelo. තමයි නම.
අවුරුදු 40කට වඩා ගත වෙලත් කොහොමද මෙයාව ඇල්ලුවේ
DNA සාම්පල තිබුණත් ඒවා හිටපු අපරාධකරුවන් එක්ක ගැලපුනේ නැති නිසා මෙයාලා කරේ DNA දත්තවලින් profile එකක් හදලා පෙළපත් වෙබ් අඩවවියක් උණ GEDmatch වල සේවය ලබාගත්ත එකයි.ඒකෙන් ඒ profile එකට දුරින් ඥාති වෙන ඥාතීන් කිහිප දෙනෙක්ව හොයා ගන්න පුළුවන් වෙනවා.ඊට පස්සෙ රහස් පරීක්ෂකයො පස් දෙනෙක් මාස 4ක් තිස්සෙ ඒ ඥාතින් ගැන හොයනවා. ඔවුන්ගෙ දෙමව්පියන් දරුවන් සහෝදර සහෝදරියන් ගැන හොයා ගන්නවා.එහෙම හොයාගත්ත දත්ත එකතු කරලා ඔවුන්ගෙ පෙළපත් සටහනට අයත් සියලු ම දෙනාගෙ තොරතුරු එක්රැස් කරගන්නව
ඊට පස්සෙ ඒ අතරින් හොයනවා මේ අපරාධ කරන්නට සැක කල හැකි කෙනෙක්ව.
එතකොට අහු වෙනවා Joseph යම් යම් කාලවල පදිංචි වෙලා ඉදපු ප්‍රදේශවලට ආසන්නයේ තමයි මේවා සිද්ධ වෙලා තිබුණෙ.
මෙයාලා කරන්නෙ එයාව follow කරලා එයා විසි කරන දෙයකින් DNA සාම්පලයක් ලබා ගන්න එකයි.
ඊට පස්සෙ අතට ම අහු උනා
Barbara Rae Venter කියන විද්‍යාඥවරිය තමයි DNA දත්ත යොදාගෙන පවුල් ගස නිර්මාණය කරලා genealogist විදියට අවශ්‍ය සහය ලබා දීලා තියෙන්නෙ පරීක්ෂණ වලට.
අහු උන Joseph James Angelo තුත් දුවලා 3න් දෙනෙක් ඉන්න පොලිස් නිලධාරියෙක්
එයාව කොටු කරගන්න වැඩේ දි මුල්ම DNA සාම්පලය ගන්නෙ car එකේ door handle එකෙන්.දෙවනි එක විසි කරපු ටිෂූ එකකින්
Kasunigamage

Last edited: