මානව ප්‍රවේණි විද්‍යාව - Human Genetics 1

kasunigamage

Active member
  • Oct 9, 2017
    299
    147
    43
    මානව ප්‍රවේණි විද්‍යාව - Human Genetics 1



    මානව ප්‍රවේණි විද්‍යාව - Human Genetics

    ජාන කියන ඒවා කොහේද තියෙන්නේ? ඒවයින් මොකද වෙන්නෙ? විකෘති ඇති වෙන්නෙ කොහොමද? රතු කොටු සාමාජිකයෙක්ගෙ ඉල්ලීමක් පරිදි මේක දාන්නෙ.
    රතු කොටු තියෙන අය fake කියලා බණින නපුංසාකාර නැතහොත් අර්ධ පුරුෂාකාර senior membersලා මේක කියවන්න එපා.ඇස්වලට හෙණ ගහයි.එකී අර්ධ පුරුෂයන්ගෙ මහ ලොකු රෙප් එක නැති උනාට කමක් නැත.. හැංගි හැංගි රෙප් කපන නපුංසාකාර පුද්ගලයන් වෙත - මම නම් ඔයාලා වගේ නපුංසාකාර පුද්ගලයෙක් නෙමෙයි මම ගෑනු ළමයෙක්. මම ගැන ඇත්ත නැත්ත දන්න අය 3න් දෙනෙක් ඉන්නවා මේකෙ.මම කතා කරලාත් තියෙනවා එයාලා එක්ක.කොන්ද පණ තියෙනවා නම් ඇත්ත නම එක්ක රෙප් කපන්න ඔය නපුංසාකාර නැතහොත් අර්ධ පුරුෂාකාර පුද්ගලයො ටික

    ජාන - Gene
    ජාන කියන වචනය මුලින් ම හදුන්වා දුන්නෙ ජොහැන්සන් කියන විද්‍යාඥයා තමයි.ඊට කලින් ප්‍රවේණි විද්‍යාවට අඩිතාලම දාපු මෙන්ඩල් පූජකතුමා පවා ජාන යන පදය වෙනුවට භාවිතා කරලා තිබුණෙ සාධක වගේ වචනයක්. :yes:
    ශරීරයේ සෛලයක් ගත්තම ඒකෙ ඇතුලේ න්‍යෂ්ටියක් තියෙනවා. ඒ න්‍යෂ්ටිය ඇතුලේ වර්ණදේහ තියෙනවා.හරියට කතිරයක හැඩයක් තියෙන ව්‍යුහයක් දැකලා ඇති.ඒකෙ ඇතුලේ තමයි DNA අණුව තියෙන්නෙ.ඒක ගොඩක් දිගයි.ඒකත් දැකලා ඇති හරහට කණු ගහපු අඹරපු ලණු දෙකක් වගේ එකක් :shocked:
    ඒ ලණු දෙක වගේ ඒවා හැදිලා තියෙන්නෙ පෙන්ටෝස සීනි කාණ්ඩ සහ පොස්පේට් කාණ්ඩ වලින් ඒ නිසා sugar phosphate backbones කියලා කියනවා. කණු හැදිලා තියෙන්නෙ භෂ්ම වලින්. ඇඩිනීන්, ගුවැනීන්, තයිමීන්, සයිටොසින් කියලා තමයි ඒ භෂ්මවර්ග හදුන්වන්නෙ.
    ඇත්තටම ජානයක් කියන්නෙ ඔය DNA අණුවෙ ඒ කිව්වෙ හරහට කණු ගහපු අඹරපු ලණු දෙකේ තියෙන කිසියම් භෂ්ම අනුපිළිවෙලක්.
    එක තැනක තියෙන පිලිවෙළ තවත් තැනක නැහැ. ඒ වගේම DNA අණුවේ ජාන නැති ප්‍රදේශත් තියෙන්න පුළුවන්

    වර්ණදේහ - Chromosome
    ආයෙත් මුලට යමු. න්‍යෂ්ටිය ඇතුලේ තියෙන කතිර වගේ ඒවා නැත්නම් වර්ණදේහ නැත්නම් chromosome කියන්නෙ

    වර්ණදේහ ඒවා අපට කොහෙන්ද?:eek:

    මිනිසා සතුව වර්ණදේහ යුගල් 23 ක් තියෙනවා. යුගළයේ එකක් ලැබෙන්නෙ අම්මාගෙන් අනික තාත්තාගෙන්. ඒ සියලුම වර්ණදේහ සමූහ ඡායාරෑපයක් වර්ණදේහාවලියක් නැත්නම් karyotype එකක් විදියට හදුන්වනවා.ඒවායින්
    23 වැනි එක තමයි ලිංග වර්ණදේහ යුගලය වෙන්නෙ.:yes:

    ඇලීල Alleles
    කෙනෙකුගෙ මොනවා හරි ලක්ෂණයක් පාලනය කරන ජානයක් ගත්තොත් ඒකට එකෙනෙක ප්‍රත්‍යාවර්ථ ජානයක් තියෙනවා. මොකද ඕන කෙනෙකුට වර්ණදේහ යුගල වශයෙන් තියෙනවා. එකක් එයාට අම්මාගෙන් ලැබිච්ච එක.අම්මා දීපු වර්ණදේහයේ කිසියම් ජානයක් පිහිටි ජාන පථයට අනුරූප තැන තාත්තා දීපු එකෙත් එම ජානයේම පිටපතක් තියෙනවා.ඒ පිටපත් දෙකට ඇලීල (Alleles) කියනවා.ඒත් ඒ ඇලීල සර්වසම විය යුතු නැහැ.ඒ දෙක ක්‍රියාකාරීත්වයෙන් සමාන වෙන්නත් පුළුවන් වෙනස් වෙන්නත් පුළුවන්:).


    මොකද්ද ජාන පථය කියන්නෙ?:confused:

    ජාන පථය නැතනම් Gene Locus - වර්ණදේහයක ජාන පිලියෙල වෙලා තියෙන්නේ නිශ්චිත අනුපිළිවෙලකට.ඒ නිසා ඕන ම වර්ණදේහයක කිසියම් ජානයක් පිහිටන නිශ්චිත තැනක් තියෙනවා.ඒක එම ජානයේ පථය කියලා කියනවා.:D

    ඉතුරු ටික පස්සෙ....මානව ප්‍රවේණික රෝග ගැන
    මම දන්නෙ නෑ එක එක පාට තඩි රූප දාන්න.පුළුවන් විදියට ටයිප් කරා.:sorry:
     
    Last edited:

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඉදකින් විතරක් වැල බෙදන්නයි අතේ ගහන්නයි විතරද තොපි ගොන් හැත්ත දන්නෙ? මෙච්චර වැදගත් දේවල් ටිකක් දාලත් එයාගෙ රතු කොටු 2ක් ඉතුරුවෙලා ::angry:
    කියවලා අහක බලන් යන්නෙ නැතුව මේ කෙල්ලගෙ රතු කොටු ටික අඩු කරහල්ලා
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඉදකින් විතරක් වැල බෙදන්නයි අතේ ගහන්නයි විතරද තොපි ගොන් හැත්ත දන්නෙ? මෙච්චර වැදගත් දේවල් ටිකක් දාලත් එයාගෙ රතු කොටු 2ක් ඉතුරුවෙලා ::angry:
    කියවලා අහක බලන් යන්නෙ නැතුව මේ කෙල්ලගෙ රතු කොටු ටික අඩු කරහල්ලා

    මේකයි බ්‍රෝ කෙනෙක් පෝස්ට් එකක් බලලා කැමතිනම් + rep එකක් දෙයි, අකමැතිනම් - rep එකක් දෙයි, නැත්නම් නිකන් ඉදියි,,
    ඔය අතර පිරිසක් ඉන්නවා බ්‍රෝ අපි මොනවා කරත් - rep දාලා යන,, මගෙත් ඕනෙ තරම් post තියනවා කෙනෙක්ට උදව්වකට දාපු ඒවා, මගේ psychiatry post සමහරු ඇවිල්ල මගේ අම්මාට පවා බැනල - rep දාලා යනවා,, උන් හදන්න බැහැ,,, උපතින්ම වෙච්ච ප්‍රශ්න

    මම දැන් අවුරුදු 11ක් එලකිරි එකේ ඉන්නවා, මේකෙ බහුතරේ එහෙම නැහැ,, ඒ වගේම ඉස්සර තිබ්බා quality එකත් මේකෙ නැහැ..

    ඔගොල්ලො දාන්න හොද ත්‍රෙඩ්, ඒවා හොදයිනම් පිරිස එකතු වෙයි, අපිත් පුලු පුලුඅන් විදිහට sup එකක් දෙන්නම්.

    good luck..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ පෝස්ට් එක කියවල මගෙ ඔලුව ආයෙත් අවුල් උනා :angry:. kasuni ගෑනියෙක්ද පිරිමියෙක්ද කියල. සාක්ෂියක් දාපන් ඉක්මනට
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    මම නම් ආයෙත් එන්නෙ නෑ එළකිරි මම fake ලු. මගේ exam index number එකත් ඉල්ලනවා medicine select ද නැද්ද කියලා දැන ගන්න.:lol: පව් කුහකයො ටික
    මම කවුද කියලා දන්නෝ දනිති.මට අමුතුවෙන් කොහෙවත් යන අර්ධ පුරුෂයන්ට කිය කිය ඉන්න දෙයක් නෑ.
    අනිත් අයට නම් very sorry මම මීට පස්සෙ ත්‍රෙඩ් දාන්නෙ නෑ. මේකෙ ඉතුරු ටික continue කරන්න බැරි වෙයි sorry
    Bye:cool:
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මම නම් ආයෙත් එන්නෙ නෑ එළකිරි මම fake ලු. මගේ exam index number එකත් ඉල්ලනවා medicine select ද නැද්ද කියලා දැන ගන්න.:lol: පව් කුහකයො ටික
    මම කවුද කියලා දන්නෝ දනිති.මට අමුතුවෙන් කොහෙවත් යන අර්ධ පුරුෂයන්ට කිය කිය ඉන්න දෙයක් නෑ.
    අනිත් අයට නම් very sorry මම මීට පස්සෙ ත්‍රෙඩ් දාන්නෙ නෑ. මේකෙ ඉතුරු ටික continue කරන්න බැරි වෙයි sorry
    Bye:cool:

    :(:(