මානසික පීඩනය දරාගන්න අමාරුයි

olstress

Member
Jul 18, 2015
33
1
0
උබේ හිතේ මේ වෙලාවේ කැරකෙන්නේ "සැකය"
ඒ සැකය උබට මතක් වෙනකොට උබේ හද ගැස්ම වැඩි වෙලා හිත ඇතුලෙන් බයක් ඇති වෙනවා...


හරියටම හරි :(

ඕක දැනට උබට normal එකේ ඇති වුනත් උබ දැන්මම ඕකට පිලියමක් ගත්තේ නැත්තන් Exam ලං වෙනකොට උබව ලෙඩ වෙන්න පුළුවන් ..
එහෙම ලෙඩ වෙන්නේ උබ Exam එකට මුහුණ දෙන්න සුදානම් නැති නිසා උබේ ශරීරය ඇතුලෙන් ම ඒක මගහරින්න හේතුවක් හදනවා උබට නොදනිම ..

ඒ හින්ද අන්න එක නොවෙන්නයි උබ දැන් ලෑස්ති වෙන්න ඕනේ .. Exam එක ගැන තියෙන සැකය නැති කරගනින් ... එතකොට බය නැති වෙනවා ... මට බය නැති කරගන්න කියල දෙන්න පුළුවන් .. එත් සැකය නැති කරගන්න එක... උබ සෙල්ෆ් කන්ෆිඩන්ස් හදාගෙන උබේ හිත ඇතුලෙන් කරගන්න ඕනේ දෙයක් .. ඒ කිව්වේ සැකය නැති කරගන්න එක උබම තේරුම් අරන් කරන ඕනේ දෙයක් .. ( ඔය සැකය නැති කරගන්න ක්‍රමය කියන්න පුළුවන් එත් එක ටයිප් කරලා කියන එක ප්‍රායෝගික නෑ )

**************************

මම තාවකාලිකව බය නැති කරගන්න විදිහ කියන්නන් .. උබ රෑට නිදා ගන්න කලින් මෙන්න මේ music track එක දාගනින් .. හොඳ relax එකේ fresh පිට headset එකක් ගහල අහනවා නං වඩා හොඳයි .. අර නින්ද යන්න ඔන්න මෙන්න එන නිදිබර මොහොත උබට දැනෙන්න පටන් ගනී ටික ටික .. ඒ මොහොතට එනකොට මතක් කරපන් (ෆිල්ම් එකක් වගේ උබේ හිතින් බලපන්) උබේ O/L results එන මොහොත .. ඒ results එන මොහොතේ උබ result එක දකිනකොට A9 ක් ඇවිල්ල තියෙන විදිහ හිතින් පරිකල්පනය කරපන් .. ඊට පස්සේ උබ ඒ result එක ගෙදර අයට කිව්වම ඒගොල්ලන්ගේ මුණේ තියෙන සතුට බලපන් .. ඒ සන්තෝසෙට උබටත් හිනා යයි හරියට උබ වැඩේ කරනවා නං .. ඒ මොහොත විඳපන් .. ඒ මොහොතේ ජීවත් වෙයන් .. ඊට පස්සේ ඔහොම්මම උබට නින්ද යයි .. පහුදාටත් සන්තෝසෙන් දවස ගෙවපන් .. උබට වෙනසක් තේරෙයි .. ඔයව විදිහට හැමදාම රෑට කරලා බලපන් උබ කැමති නං :) O/L ඉවර වෙලා උබේ ප්‍රගතියත් මට කියපන් උබ මේක කරා නං .. එකෙන් මටත් සතුටක් ලැබෙනවා :)

තෑන්ක්ස් යාලුවා. ගොඩක් වැදගත්. සැකය නැති කරගන්න ක්‍රමය ඉතින් පාඩම් කරන එක නේද?
මියුසික් එක ඩවුන් කරගත්තා. රෙප් නෑ දෙන්න. පුලුවන් උනොත් රියල් එකෙන් ඇවිත් දෙන්නම්.
 

olstress

Member
Jul 18, 2015
33
1
0
malli masa 4k wadith ekka... panthiye 3 weniygen uda innwanam padam krana eka gana khmth byawenna epa.. mn hithana widiyta oya sports kranne nathuwa athi.. puluwn nam dawasata payak 2k wath sellam karanna. dawase hama welema padam kranna one na.. term test wlta lakunu tynwnm o/l thuth e wgema exam 1k thma.. hama welema confident tyaganna mata puluwan. mata puluwak kiyala... normal eke pdm kragena yanna.. baya kiyana eka hamotama enwa exm 1k lan wenkota... ewa normal... hama welema hithe tyaganna mata puluwn kiyla. echchri one

ඔව් ස්පොර්ට්ස් නම් කරන්නෙ නෑ. හැබැයි පොත් ගුල්ලෙක් නම් නෙමේ.
වාර විභාගයකට වඩා මේක ගොඩක් වැදගත්නෙ. ඒකයි බය. දැන්ම පාඩම් කරන්න ගන්න අධිශ්ඨාන කරගත්තා.
 

olstress

Member
Jul 18, 2015
33
1
0
රිප් කරපු හැමෝටම තෑන්ක්ස්. හිත හැදෙනවා ඔයාලා කියන ඒවා අහද්දි. ඒත් මේක ෆේක් එකක් නිසා රෙප් නම් නෑ දෙන්න. පුලුවන් වෙලාවට රියල් එකෙන් දෙන්නම්. :)
 

olstress

Member
Jul 18, 2015
33
1
0
පුතා පළමු දේ ආත්ම විශ්වාසය ඇති කර ගනින්....තමන්ට පුළුවන් කියලා....

ඕලෙවල් කියන්නේ ස්ට්‍රෙස් ඇති කර ගන්න කාරණයක් නම් නෙවෙයි. මැත්ස් කරන්න නම් මැත්ස් වලට ඒ හෝ බී, සයන්ස් වලට ඒ හෝ බී, සහ අනිත් සබ්ජෙක්ට් වලට සී තිබ්බත් ඇති.
පළමු දේ අර මං කිව්ව දේ.....
අනවශ්‍ය විදියට බය වෙන්න එපා. ඒනක හෙන ටොයිස් විභාගයක්....
ටොප් ගියර් එක ගහන් ගන්නේ නැතුව හෙමින් සැරේ දැන් කල් මරන්නේ නැතුව පාඩං කරමු. පාස්ට් පේපර්ස් වලින් තමා මේ දවස්වල ගොඩ අදින්න තියන ලේසිම ක්‍රෙම්...

උඹට බැරි නෑ....උඹට පුළුවන්.........

තෑන්ක්ස්. :)
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හරියටම හරි :(



    තෑන්ක්ස් යාලුවා. ගොඩක් වැදගත්. සැකය නැති කරගන්න ක්‍රමය ඉතින් පාඩම් කරන එක නේද?
    මියුසික් එක ඩවුන් කරගත්තා. රෙප් නෑ දෙන්න. පුලුවන් උනොත් රියල් එකෙන් ඇවිත් දෙන්නම්.

    ඒකට ඉස්සෙල්ල සැකය තියෙන්නේ මොකක් ගැනද කියල තේරුම් අරන් ඉන්න ඕනේ බන් .. උබට සැක O/L result එක ගැනද .. එහෙමත් නැත්තන් පාඩම් කරන්න තියෙන කාලය ගැනද , එහෙමත් නැත්තන් විභාගේ ලියන්න යන ඒ මොහොතට උබට මුහුණ දෙන්න පුලුවන්ද කියන එක ගැනද , එහෙමත් නැත්තන් උබ පාඩම් කරන ඒවා මතක හිටීද කියන එක ගැනද එහෙමත් නැත්තන් වෙනත් කාරණාවක් ද කියල උබම හොයා ගන්න ඕනේ බන් .. ඒ කාරණාව හොයාගෙන උබට එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල කාට හරි කියපන් .. කවුරු හරි උබට ප්‍රියමනාප බුද්ධිමත් කියල හිතෙන කෙනෙක් ට කියපන් .. උබට ඔය ප්‍රශ්න කියන්න පුළුවන් මේ එළකිරියේ විතරයි නං .. එහෙම කියන්න එකෙක් නෑ වගේ නං .. කන්නාඩියක් ඉස්සරට යන්න .. ගිහිල්ල ඒ කන්නාඩියෙන් පේන උබ වෙනමම චරිතයක් කියල හිතපන් .. ඒ පේන චරිතෙට උබේ ප්‍රශ්න ඔක්කොම කියපං .. උබට හිතෙන දේවල් ඔක්කොම උට කියපං(උබේ සැකය සහ සැකයට හේතුව) .. කියල උගෙන් අහපන් මේවට විසඳුම් මොනාද කියල .. එතකොට ඒවාට විසඳුම් උබටම ලැබෙයි .. ලැබෙයි කිව්වේ ඒවා උබේ හිතට එන්න පටන් ගනී .. ඒ ලැබෙන විසඳුම් ගැනත් අර කන්නාඩිය ඉස්සරහා කතා කරපන් ..මාස 4ක් තියෙනවා නේ බන් .. ඒ විසඳුම් එකින් එක ක්‍රියාත්මක කරලා බලපන් .. ඒවායේ ප්‍රගතියත් කන්නාඩිය එක්ක කතා කරපන් .. උබව උබෙම යාළුවා කරගනින් :)

    මේ ත්‍රෙඩ් එකේ අනික් අයත් කියල තියෙනව වගේ yes i can කියන මතයේ උබ නෑ .. අන්න ඒ මතය ඇති කරගනින් .. මේ ලෝකේ හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ බන් .. :yes:
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේක මොන තරම් දුරට සාර්ථක වෙයිද කියන්න බෑ ඔයාට ..එත් කරලා බලන්න ..
    - ටිකක් ලොකු photo එකක් අලවගන්න ඔයාගේ මේසය ඉදිරිපිට බිත්තියේ ...හොද දර්ශනයක් තියෙන එකක් ..මුහුදු වෙරලක් ...කන්දක මුදුනක් ..ලස්සන කැලයක් ......වගේ ...කෙල්ලෝ එහෙම නෙවෙයි ...:p

    - තව ඔයා කැමති හීනයක photo එකකුත් වෙන තැනක අලවා ගන්න ...doctor ,,sport car එකක් ..sexy කෙල්ලෙක්...:p ....


    ඔයාට මහන්සි හිතෙනකොට අර relax වෙන ෆොටෝ එක බලන්න ...කම්මැලි හිතෙනකොට අර හීනය තියෙන ෆොටෝ එක බලන්න ...ඔයා නැගිටිනකොට ..නිදාගන්නකොට හැමවෙලේම ඔයාගේ හීනය දැක්වෙන ෆොටෝ එකක් \ දිරි ගන්වන වැකියක් පෙන්න තිය ගන්න .....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Exam gana sahalluwen hithanna... relax wenna sinduwak ahanna.. bawana karanna puluwannam godak hodai..
     

    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    මම මේ පාර O/L කරන්න ඉන්නේ.තව මාස 4යි තියෙන්නේ.ඒ ගැන හිතල හිතලම මට ලොකු මානසික පීඩනයක් ඇති වෙලා තියෙන්නේ. දැන් මගේ ඇග හැමතිස්සෙම පට්ට රස්නෙයි වගේ.අර හින්දමද කොහෙද ඒකත් වෙන්නේ. මට මේ පීඩනය දරාගන්න අමාරුයි.ගෙදර කිවුවා මේ ගැන.ඒත් ඉතින් එයාලා මොනා කරන්නද. පාඩමක්වත් හරියට කරගන්න බෑ.ඒ ගැන මතක් වෙනවා.මම පන්තියේ හැමදාම 3 වෙනියට ඉස්සෙල්ල ඉන්නවා.(ඉගෙන ගන්න පුළුවන්).දවසට දෙපාරක් විතර අඩනවා.සමහරු කියයි ඕක ඔය තරම් දෙයක්ද කියල.ඒත් මට දැනෙන පීඩනය දන්නේ මම විතරයි.

    මට දැනගන්න ඕනේ මේක වලක්වගන්න ක්‍රමයක්. මොනවහරි ගන්න බෙහෙත් දන්නවනම් කියන්න.මොනවහරි වෙන ක්‍රම නෑ.බම්ප් එකක්වත් දාලා යන්න.:(

    මම නම් කියන්නේ මේක අපි මෙහෙම බැලුවොත් හෝදයි කියලා.
    ඔබට අනාගතයේ ඉලක්කයක් තියෙනවද?
    උදාහරණයක් ලෙස මෙහෙම හිතමු.
    මම කවදා හරි ලෝයර් කෙනෙක් වෙනවා.
    එම ඉලක්කයට අවශ්‍ය පාර තමයි ඔය ඔබ හදන්නේ.
    නමුත් ඔය O/L වැටුනා කියලා මුලු ජිවිතේම විනාශ වෙන්නේ නෑ.
    O/L යනු සමාජයේ දාපු රාමුවක් විතරයි.
    නමුත් ඔබගේ හැකියාව, සහජ දක්ෂතාවය ඒවා ඔබ මැරෙනකන් ඔබ ලගම තියෙවි.
    දන් ඔබ සිතලා බලන්න බයවෙන්න ඕනේ මොකටද කියලා?

    හැකියාවයි සහජ දක්ෂතාවයයි හැම එක්කෙනා ලගම තියෙනව.
    ඔබ පන්තියේ 3වෙනියා උනේ හැකියාවයි සහජ දක්ෂතාවයයි උඩ නේද?.
    O/L ෆ්ල් උනත් (එසේ නොවේවායි පතමි නමුත් උනොත්) ඔබ ලග හැකියාවයි සහජ දක්ෂතාවයයි තියන නිසා ඔබ ඔබේ ඉලක්කය සපුරා ගනු නිසෑකය.

    Bill Gates කියා තිබෙනවා
    I Faild in some subjects in exam,
    but my friend passed in all

    Now he is a engineer in Microsoft
    and i am the owner of Microsoft

    ඔබ බයවෙන්න ඕනේ ඔබට කරදරයක් උනොත් පමණයි. නැතුව විභාගයේ ප්‍රතිපල ගැන නෙමෙයි නේද?

    මම අන්තිමට අහන්නේ මෙචිචරයි ඔබ මෙලොවට බිහිවුන දවසේ හුස්ම ගන්න කියලා දුන්නේ කවුද?
    ඒ ඔබේ දහිරියයි.
    එච්චර දහිරියක් ඇති ඔබව මෙම සමාජේ විසින් නිර්මාණය කරපු පුහු දේවල් වලට හොලවන්න දෙනවද?
    තිරණය ඔබ සතුයි.
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මචන් එයාලා දෙන ප්‍රති කර්ම කොයි වගේද? ඇත්තටම හරි යනවද?

    mainly ma COUNSELING machan...eka me E.K api reply dalal kiyana COUNSELING wage nemey machan.....(NOt to criticize anyone....:shocked::lol:)....that is a well organized counselling....directly to ur problem....


    beheth denne very rarely machan ...it depends on the diagnosis...as i said before sometimes u ll get some drugs(eg.anti anxiety) for a short period...that's not a big deal machan...
    trust me this will help u to get rid of this burden...:cool:
    jaya wewa....
    :yes::yes:
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මම දන්නෙ නෑ මේක ඇත්තට දාපු ත්රෙඩ් එකක්ද ආතල් එකට දාලද කියලා. ඒ මොනවා උනත් අද බොහොමයක් පොඩි උන් පොඩි මානසික පීඩනයක්හෝ දරාගැනීමට නොහැකි තරම් දුර්වල වෙලා තියෙන්නේ.

    ඉස්සර OL කියන්නෙ කිසිම පීඩනයක් නැතුව ගොඩ දාගන්න විභාගයක්. එක විශයකට දවස් 2ක් පාඩම් කරල pass paper දෙකක් තුනක් ලියල දැම්මනම් වැඩේ ඉවරයි. ඒ කතා ඕන නෑ, අපි බලමු මෙහෙම තත්වයකදී මොනවද කරන්න පුලුවන් කියලා.

    පලවෙනිම කාරණාව තමයි පසුතැවීමෙන් වැඩක් නැති බව තේරුම් ගැනීම.
    දෙවනුව උත්සාහය කිසි විදියකින් අත් නොහැරිය යුතුයි.
    තෙවනුව අනුන් ගැන සිතමින්, බලමින් තමන්ව අවතක්සේරුවට පත් නොකරගත යුතුයි.
    සිව්වනුව වඩා වැදගත් දේට ප්රමුඛත්වය දිය යුතුයි.
    පස්වනුව තණ්හාව අඩු කරගත යුතුයි.

    මම මට පුලුවන් විදියට මේ කාරණා පැහැදිලි කරන්නම්.

    1. පසුතැවීමෙන් වැඩක් නැති බව තේරුම් ගැනීම.
    මට පාඩම් කරන්න බැරි උනා, පාඩම්කලේ නෑ, පන්ති කට් කෙරුවා ආදී නොයෙක් දේවල් මතකයට එන්නේ විභාගේ කිට්ටු වෙලා බය දැනෙන්න ගත්තහම. මුලින්ම කරන්න ඕන දේ තමයි අතීතය ගැන හිතන එක තේරුමක් නෑ කියල තේරුම් ගන්න එක. විභාගෙට තියෙන්නෙ එක පැයයිනම් ඒ වෙලාවත් ප්රයෝජනවත් විදියට යොදාගන්නයි අපි බලන්න ඕන. දුක් උනා කියල වෙන්නෙ දුක වැඩි වෙන එක විතරයි. පැයක් හිතනවනම් යටගියාව ගැන, ඇයි ඒ පැයේ ගානක් දෙකක් හදන්න බැරි? විභාග ප්රශ්න පත්රයට වෙලාව දෙන්නෙ පැය වලින් මිසක් මාස වලින් නෙමෙයි. ඇයි මාස 4යි තියෙන්නෙ කියල හිතල දුක් වෙන්නේ. මාස 4යි තියෙන්නෙ කියල නෙමෙයි මාස 4ක්ම තියෙනව කියල හිතන්න. කාලය ඔය විදියට නාස්ති කරන්න එපා. පැය 2ක් 3ක් ඇති පේපර් එකට දෙන කාලය, ඒත් දවසකට පැය 24ක් තියෙනවා. යටගියාව මතකයට එන්න දෙන්නම එපා, පාස් පේපර් පොතක් අරන් බලන්න. ඒවයේ රටාවල් අදුරගන්න. අවුරුදු 3ක 4ක පාස්පේපර් කලානම් මේ පාර විභාගෙන් 40% වත් ඕවයේන් එනවා. ඒක නිසා කාලය නාස්ති කරන්න එපා.

    2. උත්සාහය කිසි විදියකින් අත් නොහැරිය යුතුයි
    මේකනම් විභාගෙට නෙමෙයි හැම දේකටම වැදගත්. නිතරම සුභවාදීව හිතන්න. පාඩම් කරන්න ගන්නකොට හිතන්න මේකෙන් විභාගෙට අනිවාර්යයෙන් ප්රශ්නයක් එනවා කියලා. ඉතින් ඒ පාඩමේ තියෙන හැම දෙයක්ම හොදින් කියවලා තේරුම් ගන්න. වැදගත් සෑම දෙයක්ම කෙටි සටහනකට ගන්න. මොකද ආයේ ආයේ කියවන්න වෙලාවක් නෑ, කෙටි සටහන ගොඩක් වැදගත් වෙනවා. මතක තබාගතයුතුය කියල හිතෙන හැම දෙයක්ම ලියන්න. නැවත නැවත ලියන්න. කම්මැලි වෙන්න එපා. ලියමින් පාඩම් කරනකොට ඉතා හොදින් මතකයට වදිනවා. අනික තමයි බය වෙන්න එපා පොත් හෙන ගොඩක් තියෙනවා කියවන්න, පාඩම් කරන්න කියලා. සරලව හිතන්න මඩොල් දූව පොත එක දවසෙන් කියවන්න බැරිද අපිට? පුලුවන්. අපි ඒක ආසාවෙන් කියවන නිසා මතක හිටින්නේ නැද්ද? අපි ආසාව ඇතිකරගෙන පාඩම් කලොත් ඕව මහ ලොකු දේවල් නෙමෙයි. නිතරම පාඩමක් කියෙව්වාම ඒකට අදාල ප්රශ්න, ගැටලු කිහිපයක් විසදුවනම් හොදට මතක හිටිනවා. උත්සාහවන්ත වෙන්න. වැටෙන්න එපා.

    3. අනුන් ගැන සිතමින්, බලමින් තමන්ව අවතක්සේරුවට පත් නොකරගත යුතුයි
    මේකනම් කොච්චර කිව්වත් අහන එකක් නෙමෙයි. හැම වෙලාවෙම සංසන්දනාත්මකවයි බලන්නේ. විභාග ශාලාවේදී වැඩිම වාර ගනනක් උත්තර ලියන කොල ඉල්ලීමට සමානුපාතික නෑ ප්රතිඵලය. විභාග ශාලාවේදී හුගක් අය බය වෙනව අනිත් අය ලියන ලිවිල්ල දැක්කහම. වෙන මොකුත් හිතන්න අවශ්ය නෑ, හිතන්න තමන් ලියන දේ තමයි 100% හරි. කට්ටිය සෙට් වෙලා පාඩම් කරනකොටත් මේ බය වීම වෙනවා. සමහරු පොත්වල අහුමුලුවල තියෙන ඉලක්කම් පවා මතකයි කියල පෙන්නනවා සෙට් වෙලා පාඩම් කරනකොට. බය වෙන්න එපා, පේපර් එක හදන මනුස්සයට පිස්සුවක් නෑ ඔය අහු මුලු වලින් ප්රශ්න හදන්න, ඕන තරම් වැදගත් කරුණු කාරනා එලිපිටම තියෙද්දී. ඕවට බය වෙන්න එපා. කොටින්ම අපිට පාඩම් කරන්න පුලුවන් උනානම් පාඩම් 6න් 5ක්, හිතන්න එපා මුලු පේපර් එකම එන්නේ අර පාඩම් නොකරපු කොටසෙන් කියලා. ඒක නිසා බය වෙන්න එපා කීයටවත්.

    4. වඩා වැදගත් දේට ප්රමුඛත්වය දිය යුතුයි.
    මේක හුගක් ජීවිතයට වැදගත් දෙයක් විභාගෙට විතරක් නෙමෙයි. AL කරන්න හිතාගෙන ඉන්නේ ගණිතය අංශය නම් අනිවාර්යයෙන් ගණිතය, විද්යාව වගෙ විශයන්ට වැඩි ප්රමුඛත්වයක් දෙන්න. විශයන් හැම එකක්ම සමාන වටිනාකමකින් යුක්ත නෑ. මතක තියාගන්න OL කරන්නේ A අකුරු ප්රදර්ශනයට නෙමෙයි AL වලට සුදුකම් ගන්න විතරයි. තමන් අධ්යාපනය නතර කරපු තැන තමයි වඩා වැදගත් වෙන්නේ. ශිෂ්යත්වය ෆේල් වෙලා OL පාස් නම් ශිෂ්යත්වය ගැන කවුරුත් අහන්නෙ නෑ. AL පාස් වෙච්ච දාට OL මොනවද ඇනගත්තේ අහන්නේ නෑ. ඒක නිසා OL කියන්නේ A අකුරු ප්රදර්ශනයක් නෙමෙයි. ගන්න පුලුවන් උපරිම ප්රතිඵලයට යන්න ඕන තමන්ගේ ඉදිරි ගමනට ගැලපෙන විදියට. ගණිතයට A, සමාජ අධ්යයනයට C ප්රතිඵලය වටිනවා ගණිතයට B, සමාජ අධ්යයනයට B ගන්නවාට වඩා ගණිතයෙන් ඉස්සරහට යන කෙනාට. ඒක නිසා තමන්ගේ අනාගත විශය ධාරාවට වැඩි අවධානයක් දෙන්න.

    5. තණ්හාව අඩු කරගත යුතුයි
    මේකනම් මම වගකීමෙන් කියනව මේ කාරණාවෙන් වැඩිපුරම ඇණගන්නේ කෙල්ලෝ. උන්ට කොච්චර පාඩම් කලත් මදි, A10 අරන් රෑන්ක් එකකුත් ඕනා. ගන්න පුලුවන්නම් හොදටම හොදයි, ඒත් එච්චර තණ්හාධික වෙන්න එපා. කාලය කලමනාකරනය කරගන්න එපායැ මොනව කරන්නත්. ඉතින් මේ වෙලාවේ තමන්ට ගොඩක්ම වැදගත් විශයන්ට මුල් තැන දීලා අනිත් ඒව පුලුවන් විදියට පාඩම් කරන්න. විශයන් 10ක්ද කොහෙද තියෙනවා නේද? මේ ඔක්කොම දොඩම්ගොඩ බදාගත්ත වගේ පාඩම් කරන්න ගියාම අපූරුවට කෙලවෙනවා. අද ගණිතය පාඩමක් බලල, සිංහල පොතේ කවිත් පාඩම් කරල, සමාජ අධ්යයනය පාඩමකුත් බලල තියෙන විශයන් ඔක්කොම දවසෙන් පාඩම් කරන්න ගියාම වෙන්නේ පාඩම් කරන එක එපා වෙන එක. ඊට හොදයි අද ගණිතය පාඩමක් බලල, පාස් පේපර් එකක් කරනවා, වෙලාව තිබ්බොත් තව මොනව හරි බලනවා. මතක තියාගන්න හැමදාම ප්රමුඛ විශයන්ට වෙලාවක් වෙන් කරන්න. ඒව හැමදාම කරන ගමන් අනිත් ඒවට වෙලාව දෙන්න. අනිත් අය විශයන් ඔක්කෝම කරනව, මම අඩුවෙන්නේද කරන්නේ වගේ ඒව හිතන්න යන්න එපා. මේ වෙලාවෙ මම කරන දේ 100% හරි කියලම විශ්වාසයෙන් වැඩ කරන්න.

    තව ගොඩක් දේවල් තියෙනවා ඉතින් කියල දෙන්න. ඒත් මේ වෙලාවේ ඕනාවට වඩා උපදෙස් ඕනත් නෑ. මේ විදියට කරල බලපන්කෝ වෙනසක් වෙයිද කියලා.

    මොකක්හරි උදව්වක් ඕනනම් අහන්න.

    ජය වේවා!
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    O/L ඔච්චර පීඩනයක් නම් උඹට A/L කරන්න ගියාම රෙවෙයි
    :baffled::baffled::baffled:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    siyalla amathaka karala dawasata 15 mins gaane depaarak meditate karanna.. hari giye nathnam puluwan ikamanata dokek hambenna... exams kela wenna kalin. oka ibe hari yanne naha..
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    O /L කියන්නේ එක විබාගයක් විතරයි. ඕකේ තමන්ගේ ජිවිතේ ඉරණම ලියවිලා තියනවා කියල හිතන්න එපා.
    සැහැල්ලුවෙන් ඕක ලියල දන්න. එන ප්‍රතිපලය මොකක් උනත් එක බාරගන්න සුදානම් වෙන්න. මේ පාර කරන්න බෑම කියල හිතෙනවනම් ඊලග පාර කරන්න. කොහොමත් හිත හදාගන්න බැරිනම් ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න.

    නිදහස් වේලාවන් තියනවනම් චරිත කතා ගැන ලියවිලා තියන පොතක් කියවන්න.