යාළුවො එක්ක වැඩිකාලයක් ආශ්රය කරන්න බෑ. මොකකට හරි එපා වෙනවා.
හැබැයි මම පට්ට විදියට උදව් කරනවා පොඩ්ඩක් වත් ආත්මාර්ථකාමී නෑ
මට දීර්ඝ කාලීන සම්බන්ධතා ඇත්තෙ ම නෑ
තනියම කතා කරනවා කාමරේ ඉදිද්දි. නිකං ඇත්ත ලෝකෙ ඇචීව් කරගන්න බැරි දේවල් හිතෙන් මවා ගන්නවා. Ex: මගේ දක්ෂතා පෙන්නන වගේ සීන් නැත්නම් කෙල්ලෙක් ඉස්සරහ පොර වෙන සීන් වගේ
මට නිකං ඉන්න බැහැ සමහර වෙලාවට කාමරේ ඇවිද ඇවිද ඒ වගේ සීන් රගපානවා. නැත්නම් ඇදට වෙලා හිතෙන් දකිනවා චිත්රපටියක් වගේ.
අවධානයත් තියාගන්න ටිකක් අමාරුයි
හෙන රිස්ක් තීරණ ගන්නවා. ඩිග්රි එකක් කරන්න අරන් ඒක නවත්තලා වෙන එකක් කරන්න ගත්තා. දැන් හිතෙනවා කලින් එක අතෑරියෙ ගොන්කමක් කියලා.
අනිත් දේ මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩ ගහනවා. මොනවා හරි දෙයක ප්රශ්නයක් උනාම ඒක පැත්තකින් තියලා අනිත් දේවල් වලට අවදානෙ දෙන්න බෑ.අරක විසදගන්න ම ඕන
කියනවා වැඩි ද කියලත් හිතෙනවා. යාළුවෙක් හම්බ උනාම හරි කොහෙට හරි ගියාම හරි කියවන්නෙ නැතුව ඉන්න බෑ.
තව තියෙනවා මතක් කරලා දාන්නම්
ඕක ලෙඩක් නෙමෙයි, ලෙඩක් වෙන්නේ ඒ ගැන තියන awareness එක ගියොත්, තනියම කතා කරන සින් එක තියනවා නම් පටන් ගනින් ලියන්න, anything කෙටි කතා නව කතා තිර පිටපත් ඕන එකක්, මොකද ඔය පිස්සුවක් කියල හිතෙන imagination එක අපි හිතනවට වඩා ලොකු creative දෙයක්. පොඩ්ඩක් අවධානයක් දීල එක ගැන තියෙන awareness එක නැති කර ගන්නේ නැතිව ඉන්නවකෝ.
හිතෙනවා නම් counseling යන්න ඕනි කියලා ගියාට කමක් නැ එක ස්ව කැමැත්ත,
අනික් කාරනාව හැම එකම ඉන්ටර්නෙට් එකෙන් ගන්න බැහැ. ඉන්ටර්නෙට් එක ඇවිල්ල ඕනිම දෙයක ධන ඍන දෙකම සමානව විග්රහ කරන තැනක්, උදාහරණයක් උබට ඕනි නම් search කරලා බලන්න ඇයි පලතුරු කන්න හොද නැත්තේ කියල, කාරනා දාහක් එයි. හොයලා බලන්න ළමා අපචාරයක් වගේ දෙයක් සාධාරනිකරයන කරන්න පුලුවන්ද කියල. එහෙම පුළුවන් කියන්න කාරනා දාහක් එයි. හැම දේම ඉන්ටර්නෙට් එකට බාර දෙන්න එපා.





මට බෑ