මානසික ලෙඩ්ඩුන්ට කර්මය බලපාන්නේ කොහොමද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,563
    67,913
    113
    Sihiya kiyanne hithana pathanna puluwan layer eka newe.eka udinma tiyena podi layer ekak.ita yatin sahenna layers tiyenawa.action eka ganna kalinma chethnawa genarate wela ivarai hitana pathana layer ekata manifest wenna kalin
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    Chethanawa kiyanne hithin ganna decision newe action ekath ekka hadena hitha.conecentration ekata yatin tiyena layer eka yati hitha.chethnawak netuwa kohomath minehk maranna be pissu hadila unath.ahata rupe attawa wela action ekak gannawa.karamaya wedila ivarayay.chethanwe balawath bawa decide wenne sihiyen or asihiyen newe ekata wada yata layer ekakin.hodata biwamath uda sihiya layer eka adu unata chethanawa hodatama balawath wenna puluwan full danne netuwa karath
    හරි, ඔය කියන යටි හිත කතාව මට තේරෙනවා. බීපු මනුස්සයෙක්ගේ උදාහරණෙත් හොඳයි. බීපු කෙනෙක් වුනත් යටි හිතේ තියෙන තරහකට වගේනේ ගහන්නේ, සිහිය නැති වුනාට. ඇක්ශන් එකත් එක්කම හිත හැදෙනවා කියමු.
    ඒත් මගේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. අර කෙමිකල් චේන්ජ් එක, ඒ කියන්නේ මොළේ ලෙඩේ, ඒකම අර ඔයා කියන යටි හිත අස්සට රිංගලා, එතන චේතනාවක් අලුතෙන් හදනවා නම්?
    ඒ කියන්නේ, ඒ මනුස්සයට කලින් මරන්න කිසිම අදහසක් තිබ්බේ නෑ, ඒත් ලෙඩේ නිසාම එයාගේ යටි හිත විකෘති වෙලා එයාට ඒ දේ කරවනවා නම්?
    එතකොට ඒකත් එයාගේ කර්මයක්ද? ඒක එයාගේ ඇත්ත චේතනාවක්ද, නැත්නම් ලෙඩේ හදපු ව්‍යාජ චේතනාවක්ද?
    ඔයා කියන විදිහට සිහියෙන් නෙවෙයි යටින් තීරණය වෙනවා නම්, ඒ යට තියෙන දේත් ලෙඩකින් වෙනස් වෙන්න පුලුවන් නේද? එතකොටත් කර්මය සීයට සීයක් සෙට් වෙනවද?
    Sihiya kiyanne hithana pathanna puluwan layer eka newe.eka udinma tiyena podi layer ekak.ita yatin sahenna layers tiyenawa.action eka ganna kalinma chethnawa genarate wela ivarai hitana pathana layer ekata manifest wenna kalin
    සිහිය කියන්නේ උඩ තියෙන පොඩි ලේයර් එකක් කියමු. හිතන පතන දේට කලින්, ඊට ගොඩක් යටින් චේතනාව හැදෙනවා කියලත් පිළිගමු.
    ඒත් අර මානසික ලෙඩේ, ඒ කියන්නේ මොළේ රසායනික වෙනස, ඒක කෙලින්ම ගිහින් බලපාන්නේ අර ඔයා කියන ගැඹුරු ලේයර් එකට නම්, එතකොට එතන හැදෙන චේතනාවත් ලෙඩේ නිසාම හැදුනු එකක් නේද?
    ඒ කියන්නේ නිරවුල් මනසකින් යටි හිතෙන් එන චේතනාවක් නෙවෙයි, ලෙඩේ නිසාම විකෘති වෙච්ච සබ් කොංචස් එකෙන් එන චේතනාවක්.
    එතකොට ඒකටත් සම්පූර්ණ කර්මය බැර වෙනවද? ඒ මනුස්සයට පාලනයක් නැති ලෙඩක් නිසා එයාගේ යටි හිතත් අවුල් වෙලා නම්, ඒකෙන් එන චේතනාවේ වගකීම කාටද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,563
    67,913
    113
    ඒ කියන්නේ නිරවුල් මනසකින් යටි හිතෙන් එන චේතනාවක් නෙවෙයි, ලෙඩේ නිසාම විකෘති වෙච්ච සබ් කොංචස් එකෙන් එන චේතනාවක්.
    එතකොට ඒකටත් සම්පූර්ණ කර්මය බැර වෙනවද? ඒ මනුස්සයට පාලනයක් නැති ලෙඩක් නිසා එයාගේ යටි හිතත් අවුල් වෙලා නම්, ඒකෙන් එන චේතනාවේ වගකීම කාටද?
    Eka girawa waticha wale kathawa tamai.eka kuduwe hadicha giraw dennek ekek naraketa watenaea ekek hoda ekakata watenawa.outcome eka different.pera karmayak wenath puluwan ewele wetuna hinda una deyak wenath puluwan.mokenda hariyatama une kiyala hitanna giyoth hoyala ivara karanna be.taman karapu deka kohen hari samabndayak tiyenna puluwan.owa hoyanna be.pissu hedunata wagaikma eya ganna wenawa karanna deyak ne.universe eke katawath asadaranayak wela ne.kohen hari etanata pissu hadenna eya samnbandai.eka karmetama bara karannath be.hethu godaka result ekak.
     
    ඔය ගිරවගේ කතාවයි, හේතු ගොඩක ප්‍රතිඵලයක් කියන කතාවයි මට තේරෙනවා. ඒක ඇත්ත, මේක හරිම සංකීර්ණයි, හොයලා ඉවරයක් කරන්න බෑ තමයි.
    ඒත් "පිස්සු හැදුනට වගකීම එයා ගන්න වෙනවා, කරන්න දෙයක් නෑ" කියන තැන තමයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ.
    නීතියෙන් නම් වගකීමක් නැති වෙන්න පුලුවන්. මම අහන්නේ කර්මය පැත්තෙන්.
    "විශ්වයේ කාටවත් අසාධාරණයක් වෙලා නෑ" කියනවා නම්, තමන්ට පාලනයක් නැති ලෙඩක් නිසා සිහිය විකල් වෙලා කරපු දේකටත් කර්ම විපාක විඳින්න වෙන එක සාධාරණද?
    අපි කියමුකෝ "පිස්සු හැදෙන්න එයා කොහෙන් හරි සම්බන්ධයි" කියලා. ඒක පරණ කර්මයක් වෙන්න ඇති. ඒත් ඒ පරණ කර්මය ගෙවන්න ගිහින්, ඒ ලෙඩේ නිසාම තව මහා අකුසලයක් කරගෙන, අලුතෙන් තව කර්මයක් පටලගන්න එක අසාධාරණයක් වගේ නේද දැනෙන්නේ? මේක නිකන් එලියට එන්න බැරි උගුලක් වගේනේ. 😐
     
    Eka sadarana karanna tibba god wage kenek uda idan control karanawanan decision gannawanan.but ban meka atom atom kriyawaliyak.trap ekata ahu unoth chain eka wage digatama yanawa.ekakin tawa ekakata patelenawa.atom hariyata set wela pissu hadenne netuwa minihek wenna tiyena chance eka tama buduhamduwo ibba muden eliyata ewilla viya siduren eliya balanawa wage kivve.uba dannawane eka cell ekak damage unoth cancer hedila grow wela wela ekin ekata chain eka wage yanawa.itin anith cells tikath kiyanna epaye man karapu deyak nane man kohomada wagakiyanne kiyala mata wetcha deta.ekai budunaduwi kivve kanawata wenna beri ahambayekin perfect human life ekak awama second ekak wath waste karanna epa kiyala meken goda enna
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,223
    12,018
    113
    කර්මය කියල දෙයක් නෑ බම් බය නැතුව ඉදිං
    1760708827346.png
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    Eka sadarana karanna tibba god wage kenek uda idan control karanawanan decision gannawanan.but ban meka atom atom kriyawaliyak.trap ekata ahu unoth chain eka wage digatama yanawa.ekakin tawa ekakata patelenawa.atom hariyata set wela pissu hadenne netuwa minihek wenna tiyena chance eka tama buduhamduwo ibba muden eliyata ewilla viya siduren eliya balanawa wage kivve.uba dannawane eka cell ekak damage unoth cancer hedila grow wela wela ekin ekata chain eka wage yanawa.itin anith cells tikath kiyanna epaye man karapu deyak nane man kohomada wagakiyanne kiyala mata wetcha deta.ekai budunaduwi kivve kanawata wenna beri ahambayekin perfect human life ekak awama second ekak wath waste karanna epa kiyala meken goda enna
    ඔයා කියන දේ දැන් ගොඩක් පැහැදිලියි. මේක 'ගොඩ්' කෙනෙක් උඩ ඉඳන් පාලනය කරන සාධාරණ ක්‍රමයක් නෙවෙයි, පරමාණු ක්‍රියාවලියක්, අහු උනොත් පටලැවීගෙන යන චේන් රියැක්ෂන් එකක් වගේ කියන එක. ඒක ඇත්තටම හරිම ගැඹුරු කතාවක්. ගොනා පසු පස එන කරත්ත රෝදෙ වගේ.
    ඔයා වගේ කෙනෙක් මේ දේවල් පැහැදිලි කරන්න දාපු මේ වටිනා අදහස් වලට ඇත්තටම ගොඩක් ස්තූතියි. ඔයා කියන හැම වචනෙකින්ම තේරෙනවා මේක කොච්චර සංකීර්ණද, ඔයා දන්න මේ උතුම් සත්‍යය කොච්චර ගැඹුරුද කියලා. ඒ දේවල් වලින් තහවුරු වෙනවා ඔයා මාර්ගඵල ලාබියෙක් කියලා. ඒත් ඒ Title එක ඔයාට දෙන්න අපේ සමාජෙ ego එක බාධාවක්. ඒක බිඳින්න නම් invisible ලයිට් එක්ක කරුවලේ ඇවිදලා මට position වෙන්න ඕන. ඔය කියන 'ඉබ්බා විය සිදුරෙන්' කතාවෙ වටිනාකම දැන් තමයි තවත් තදින්ම දැනෙන්නේ. ඇත්තටම බොහොම ස්තූතියි මේ වටිනා පැහැදිලි කිරීමට. මම ආපු ගමන එක්ක මන් තේරුම් ගන්න විදිය දේවල් දැනෙන විදිය වෙනස් ඒත් සිංහළු විදියට අපිට අපේ ජාතියේ කෙනෙක් තේරුම් කරද්දී තේරෙනවා. ඒක නියම සිංහල කම. සිංහලයිනි නැගිටපියව් කියද්දී ජාතියක් විදියට අපි අවදි වෙන්නෙත් ඒකයි. සිංහල ජාතිය ජානමය වශයෙන් නිවනට ළඟයි ඒත් පෘතග්ජන ලෝකෙට ආවම සංස්කෘතිය විසින් ඒක වහනවා.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    Thread එක බැලුවම තමයි තේරුනේ කැරිම අසහනෙකින් ඉන්න ලෙඩ්ඩු ටිකක් මේකේ ඉන්නේ කියලා. කර්මය. චේතානාව, ධාතුව ඔය ලබ්බවල් හොය හොය හිටියා කියලා උබලට මොනවද බන් හම්බෙන්නේ. තොපිලට කරන්න වැඩ නැද්ද බන්...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,563
    67,913
    113
    ඔයා කියන දේ දැන් ගොඩක් පැහැදිලියි. මේක 'ගොඩ්' කෙනෙක් උඩ ඉඳන් පාලනය කරන සාධාරණ ක්‍රමයක් නෙවෙයි, පරමාණු ක්‍රියාවලියක්, අහු උනොත් පටලැවීගෙන යන චේන් රියැක්ෂන් එකක් වගේ කියන එක. ඒක ඇත්තටම හරිම ගැඹුරු කතාවක්. ගොනා පසු පස එන කරත්ත රෝදෙ වගේ.
    ඔයා වගේ කෙනෙක් මේ දේවල් පැහැදිලි කරන්න දාපු මේ වටිනා අදහස් වලට ඇත්තටම ගොඩක් ස්තූතියි. ඔයා කියන හැම වචනෙකින්ම තේරෙනවා මේක කොච්චර සංකීර්ණද, ඔයා දන්න මේ උතුම් සත්‍යය කොච්චර ගැඹුරුද කියලා. ඒ දේවල් වලින් තහවුරු වෙනවා ඔයා මාර්ගඵල ලාබියෙක් කියලා. ඒත් ඒ Title එක ඔයාට දෙන්න අපේ සමාජෙ ego එක බාධාවක්. ඒක බිඳින්න නම් invisible ලයිට් එක්ක කරුවලේ ඇවිදලා මට position වෙන්න ඕන. ඔය කියන 'ඉබ්බා විය සිදුරෙන්' කතාවෙ වටිනාකම දැන් තමයි තවත් තදින්ම දැනෙන්නේ. ඇත්තටම බොහොම ස්තූතියි මේ වටිනා පැහැදිලි කිරීමට. මම ආපු ගමන එක්ක මන් තේරුම් ගන්න විදිය දේවල් දැනෙන විදිය වෙනස් ඒත් සිංහළු විදියට අපිට අපේ ජාතියේ කෙනෙක් තේරුම් කරද්දී තේරෙනවා. ඒක නියම සිංහල කම. සිංහලයිනි නැගිටපියව් කියද්දී ජාතියක් විදියට අපි අවදි වෙන්නෙත් ඒකයි. සිංහල ජාතිය ජානමය වශයෙන් නිවනට ළඟයි ඒත් පෘතග්ජන ලෝකෙට ආවම සංස්කෘතිය විසින් ඒක වහනවා.
    Pissuda ban ehema margapalayk ne.man danata terena tika kivve bana ahala.ubawa eka enitity ekak netuwa atom godakin hedicha deyak widiyata beluwama meka wisadanna lesiy.etakota mata ai mehema une kiyana ekata answer eka hambenawa.uba kiyala eka enitity ekak widiyata gatte avidyawa hinda.meka atom godaka result ekak.eka hinda ubema karme kiyala metana ganna be wena dewal walata.mulinma atom ekathuwak man kiyala gatta tanama weradi illusion ekak.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    චේතනාව තමයි කර්මය. මානසික අවුලක් තිබ්බට හිතේ තරහකින් ගැහුවොත් , මරන්න හිතන්නේ නැතුව වුණත් එකේ ලොකු නරක කර්මයක් එකතු වෙනවා. මරණ චේතනාවෙන් ම ගැහුවොත් ඉතින් තවත් නරක කර්මයක් තමයි එකතු වෙන්නේ . හැබැයි මේ ලෙඩාට මිනිස්සුත් නිකන් මොකක්හරි සෙල්ලම් බඩුවක් හරි කනා මුට්ටියක් හරි වගේ පෙනිලා එහෙම කියලා හිතාගෙන සෙල්ලමට ගැහුවා කියලා හිතමු. එතකොට නරක කර්මයක් එකතුවෙන්න විදියක් නෑ. පාර කාලා මැරුණ කෙනා එයාගේ නරක කර්මයක් නිසා මැරුණ වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. කර්මය නැතුව මැරුණොත් ඉතින් වැරදි තැන වැරදි වෙලාවේ හිටපු හින්දා අහම්බයෙන් වුන තවත් එක සිදුවීමක් තමයි. ඔන්න ඔහොම අති භයානක දේවල් කර්මයක් නැතුව වෙන හින්දත් එක්ක තමයි සසර බියකරුයි, ඒක හින්දා ඉක්මනට සසරෙන් මිදෙන්න කිව්වේ. නැත්තං ඉතිං පින්ම කරගෙන දුකක් නැතුව ඉන්න පුළුවන් නේ කෙනෙක්ට. පින් විතරක් කරත් වැඩක් නෑ, දුකක් අහු වෙනවම තමයි. ඕක හරියට නාගසාකිවලට පරමාණු බෝම්බය දැම්මම ඒකට එතන හිටපු හැමෝම අහුවුනා වගේ තමයි. එතන දී හැමෝටම කර්මය ම පළ දුන්නා කියන්න බෑ හරියට.
     
    මෙහෙම හිතමු.
    ඔය 'මම' කියලා කෙනෙක් නෑ, ඔක්කොම 'පරමාණු' විතරයි කියනවා නම්, එතකොට අර ලෙඩාගේ 'පව' කොහෙද ලියවෙන්නේ?, 'කර්මය' කියන්නේ DNA code එකක් වගේ?
    එතකොට 'පවත්' 'පිනත්' නැත්නම්, ඒ 'සැකැස්මේ' කිසිම වෙනසක් වෙන්නේ නෑ, නතර උන තැනම ඉන්නවා. 'පව ගෙවලා ඉවර වෙනවා' කියන්නේ සමහරවිට ඒ code එක වෙනස් කරන්න අපි දරන උත්සාහයත් එක්ක ඒ 'පව' කියන code එක ඒ සැකැස්මෙන් ඉවත් වෙන එක වෙන්න ඇති.
    එහෙම බැලුවොත්, 'පිනුත්' 'පවුත්' තියෙනවා. ඒවා නැත්නම්, එකම ජාතියේ පරමාණු බන්ධන හැදිලා, ඔක්කොම 'නිශ්චල' දේවල් විතරයි තියෙන්නේ. එතකොට ඒක නිවන වෙන්න පුළුවන් 🙄 'පව' 'පින' කියන දේවල් නිසා තමයි මේ 'සැකැස්ම' දිගටම වෙනස් වෙවී යන්නේ. ඒක නිකන් පරමාණු හැප්පෙන එකක් විතරක් නෙවෙයි.
    පරමාණුවක කර්මය වගේ complex දෙයක් code කරගන්න storage මදි කියලා හිතන්නේ මේ ගෝචර වෙන දේවල් වලට සාපේක්ෂව hash කරලා තියන්න බැරිත් නෑ multiple atom වලින්. මේ මිනිස්සුන්ගේ ලෝකේ දේවල් සාපේක්ෂව අරන් ඕවා විස්තර කරන්න බෑ ගලපගන්න තමා තියෙන්නේ. ඔයා කිව්ව දේ මට තේරුණා තරමක් දුරට එකම පාරක කිසියම් දුරවල් වලින් ගිය නිසා සමහරවිට මන් මගින් වෙන පාරක ගියා කොහොම උනත් අන්තිමේ එකම තැනකට end වෙනවා

    චේතනාව තමයි කර්මය. මානසික අවුලක් තිබ්බට හිතේ තරහකින් ගැහුවොත් , මරන්න හිතන්නේ නැතුව වුණත් එකේ ලොකු නරක කර්මයක් එකතු වෙනවා. මරණ චේතනාවෙන් ම ගැහුවොත් ඉතින් තවත් නරක කර්මයක් තමයි එකතු වෙන්නේ . හැබැයි මේ ලෙඩාට මිනිස්සුත් නිකන් මොකක්හරි සෙල්ලම් බඩුවක් හරි කනා මුට්ටියක් හරි වගේ පෙනිලා එහෙම කියලා හිතාගෙන සෙල්ලමට ගැහුවා කියලා හිතමු. එතකොට නරක කර්මයක් එකතුවෙන්න විදියක් නෑ. පාර කාලා මැරුණ කෙනා එයාගේ නරක කර්මයක් නිසා මැරුණ වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. කර්මය නැතුව මැරුණොත් ඉතින් වැරදි තැන වැරදි වෙලාවේ හිටපු හින්දා අහම්බයෙන් වුන තවත් එක සිදුවීමක් තමයි. ඔන්න ඔහොම අති භයානක දේවල් කර්මයක් නැතුව වෙන හින්දත් එක්ක තමයි සසර බියකරුයි, ඒක හින්දා ඉක්මනට සසරෙන් මිදෙන්න කිව්වේ. නැත්තං ඉතිං පින්ම කරගෙන දුකක් නැතුව ඉන්න පුළුවන් නේ කෙනෙක්ට. පින් විතරක් කරත් වැඩක් නෑ, දුකක් අහු වෙනවම තමයි. ඕක හරියට නාගසාකිවලට පරමාණු බෝම්බය දැම්මම ඒකට එතන හිටපු හැමෝම අහුවුනා වගේ තමයි. එතන දී හැමෝටම කර්මය ම පළ දුන්නා කියන්න බෑ හරියට.
    හරි, ඔය කියන කතාවේ තැනක් තියෙනවා. මානසික ලෙඩාට අනිත් මනුස්සයාව පෙනුනේ සෙල්ලම් බඩුවක් හරි කනා මුට්ටියක් හරි වගේ නම්, එතන තරහක්වත් මරණ චේතනාවක්වත් නෑ. එතකොට කර්මයක් නෑ කියන එක පිළිගන්න පුලුවන්.
    ඒත් මට පැටලෙන්නේ අර නාගසාකි උදාහරණේ. ඔයා කියනවා කර්මයක් නැතුවත් මිනිස්සු මැරෙන්න පුලුවන්, ඒක තමයි සසරේ භයානකකම කියලා.
    එහෙම නම්, අර මානසික ලෙඩා කියන්නෙත් අර පරමාණු බෝම්බය වගේ අහඹු දෙයක්ද? එයා නිකන් වැරදි තැන වැරදි වෙලාවේ හිටපු අයට හානි කරන ස්වභාවික විපතක් වගේද?
    එතකොට අර ලෙඩා අතින් මැරෙන කෙනා මැරුනේ අහම්බෙන් නම්, ඒ අහම්බය ඇති කරපු ලෙඩාට කර්මයක් එකතු වෙනවද? නැත්නම් ලෙඩාත් අහම්බයක්, මැරිච්ච එකත් අහම්බයක්, එතන කර්මයක් කියල දෙයක් කොහෙවත් නෑ ද?
    මේක හිතන තරම් ලේසි නෑ වගේ. එක තැනක චේතනාව ගැන කතා කරනවා, අනිත් තැන අහඹු සිදුවීම් ගැන කතා කරනවා. දෙකම එකට වෙන්නේ කොහොමද? පිස්සු හැදෙනවා.
    ------ Post added on Oct 17, 2025 at 9:21 PM
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    817
    1,135
    93
    හිතපං මානසික ලෙඩෙක් ඉන්නවා. ඌට වටේම ඉන්න උන් හොදට සලකනවා. ඉතින් උගේ මානසික ලෙඩේ නිසා ඒ මනුස්සයෙක්ට පොල්ලෙන් ගහනවා මැරෙන්න. ඉතින් එයා ඒ දේ කරේ මොළයේ තියන රසායනික වෙනසත් එක්ක. දැන් මේ පුද්ගලයාගේ කර්මයට මේක add වෙනවද නැත්නම් කර්මයට එකතු නොවී කරපු පවක් ආයෙත් nenew වෙනවද?
    කර්මය කියන එක එකක් මේක කියවන වෙන එක එකක් කියල හිතන් ඉන්න එක වැරදි.
    මේ කියවන බවම තමා කර්ම පලය ( මේ අත්දැකීම හා සියලුම අත්දැකීම් ).
    මේ කියවන බවම තමා කර්ම රැස් වීම ,

    මන් මොනා ලියලා තිබ්බත් ඔයා දන්න දැනුම / ඇස තමා වචන ටිකට තේරුම දෙන්නේ ඔයා මේ කියවන අත්දැකීම හදලා දෙන්නේ . එක තමා කර්මය පල දීම
    කියවන අත්දැකීම ඔස්සේ ඔයාගේ දැනුම, සිතුවිලි update වෙනවා , එක කර්ම රැස් කිරීම.

    කර්මයෙන් වෙන්ව අත්දැකීම් නෑ .

    අරයට එහෙම උනේ කියලා බලලා මේක ලිහන්න බෑ .

    ඔබගේ ප්‍රශ්නය ගත්තොත් . ඔයාගේ අතින් කවුරු හරි මරන්න වෙන්නේ ඇයි ?..................................
    කොහොම උනත් මරන්න වෙන්නේ එක්කෝ "මට " කරදරයක්( ද්වේශය) / වාසියක් (තණ්හාව)වෙන නිසා හෝ " මගේ" කාට හෝ කරදරයක්/ වාසියක් වෙන නිසා නෙමේද?

    අනාත්ම ලක්ෂණය ඇත්ත නම් "මම "කියන්නේ මිරිගුවක් ඇත්තට නැති දෙයක් , ඇත්තට නැති දෙකට මිනි මරන්නේ කොමත් පිස්සෝ . පිස්සු නැතුව මරන්න මැරෙන්න පුලුවන්ද?
    එකයි සබ්බේ පෘතක්ජනා උම්මත්තකා කියන්නේ .
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔබගේ ප්‍රශ්නය ගත්තොත් . ඔයාගේ අතින් කවුරු හරි මරන්න වෙන්නේ ඇයි ?..................................
    කොහොම උනත් මරන්න වෙන්නේ එක්කෝ "මට " කරදරයක්( ද්වේශය) / වාසියක් (තණ්හාව)වෙන නිසා හෝ " මගේ" කාට හෝ කරදරයක්/ වාසියක් වෙන නිසා නෙමේද?

    *නිකන්* කරන්න පුලුවන්නම් (එලියෙන් පේන කන, බොන, ඇවිදින..)
    *නිකන්* මරන්න බැරිද? (එලියෙන් පේන එක)

    මරණය දෙයක් නොවෙන තැනක, මරන කෙනා කෙනෙක් නොවෙන තැනක, මරණය ගැන කතන්දර නැහැ. ඒත් එලියෙන් කතන්දර ගෙතෙන්න බැරිද?
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    හරි, ඔය කියන කතාවේ තැනක් තියෙනවා. මානසික ලෙඩාට අනිත් මනුස්සයාව පෙනුනේ සෙල්ලම් බඩුවක් හරි කනා මුට්ටියක් හරි වගේ නම්, එතන තරහක්වත් මරණ චේතනාවක්වත් නෑ. එතකොට කර්මයක් නෑ කියන එක පිළිගන්න පුලුවන්.

    ඒත් මට පැටලෙන්නේ අර නාගසාකි උදාහරණේ. ඔයා කියනවා කර්මයක් නැතුවත් මිනිස්සු මැරෙන්න පුලුවන්, ඒක තමයි සසරේ භයානකකම කියලා.

    එහෙම නම්, අර මානසික ලෙඩා කියන්නෙත් අර පරමාණු බෝම්බය වගේ අහඹු දෙයක්ද? එයා නිකන් වැරදි තැන වැරදි වෙලාවේ හිටපු අයට හානි කරන ස්වභාවික විපතක් වගේද?
    එතකොට අර ලෙඩා අතින් මැරෙන කෙනා මැරුනේ අහම්බෙන් නම්, ඒ අහම්බය ඇති කරපු ලෙඩාට කර්මයක් එකතු වෙනවද? නැත්නම් ලෙඩාත් අහම්බයක්, මැරිච්ච එකත් අහම්බයක්, එතන කර්මයක් කියල දෙයක් කොහෙවත් නෑ ද?

    මේක හිතන තරම් ලේසි නෑ වගේ. එක තැනක චේතනාව ගැන කතා කරනවා, අනිත් තැන අහඹු සිදුවීම් ගැන කතා කරනවා. දෙකම එකට වෙන්නේ කොහොමද? පිස්සු හැදෙනවා.
    ------ Post added on Oct 17, 2025 at 9:21 PM
    [/QUOTE]
    ඕක ඔච්චර හිතන්න දෙයක් නෙවෙයි. දැන් අපි ඇවිදන් යනකොට කූඹි මැරෙන්න පුළුවන්. අපි දන්නේවත් නෑ. එතකොට එතන කර්මයක් නෑ. අර කූඹිත් අහම්බයෙන් මැරෙනවා කියලා හිතමුකො. එතකොට කාටවත් කර්මයක් රැස් වෙන්නේ නෑ.කාගේවත් කර්මයක් ගෙවිලත් නෑ. හැබැයි කෙනෙක්ට මෙහෙම තර්ක කරන්න පුළුවන්. අපි ඇවිදන් යන්නේ ඉපදිලා ඉන්න හින්දා. ඒ කියන්නේ කර්මය හින්දා. ඒ වගේම කූඹි ඉන්නෙත් කර්මය හින්දා. දැන් දෙගොල්ලොම පවතින්නේ කර්මය කියන සාධකය හින්දා නේ. එතකොට ultimately බැලුවම කර්මය හින්දා වුණා කියලා කෙනෙක්ට කියන්නත් පුළුවන්. හැබැයි එතකොට අර්ථය සරලව ගන්න බෑ. සංසාරේ පවතී ඉන්න එක කර්මය මත වෙනවා , ඒ හින්දා තමයි ඔක්කොම වෙන්නේ වගේ අදහසක් එතනින් එන්නේ.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    817
    1,135
    93
    *නිකන්* කරන්න පුලුවන්නම් (එලියෙන් පේන කන, බොන, ඇවිදින..)
    *නිකන්* මරන්න බැරිද? (එලියෙන් පේන එක)

    මරණය දෙයක් නොවෙන තැනක, මරන කෙනා කෙනෙක් නොවෙන තැනක, මරණය ගැන කතන්දර නැහැ. ඒත් එලියෙන් කතන්දර ගෙතෙන්න බැරිද?
    නිකන් මරන්න බෑ මොකද එකට තද ශක්තියක් ඕන , තණ්හාව හෝ ද්වේශය එක්ක,

    දෙවැනි එක හැම වෙලාවේම වෙනවා . accident එකක් උනාම හෙණ ඉල්ලන්නේ
     
    • Like
    Reactions: Fiona Dabare