මානසික ලෙඩ්ඩුන්ට කර්මය බලපාන්නේ කොහොමද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    Ekane karme dangerous kiyanne.second ekak wath waste karanna epa kivve.sadaranayak hoyanna be karmeta.marenna,naki wenna kalin sowan wenna one ekai.nattan itiin karma rellata ahu wenawa.excuses ne chemical change una kiyala.lede haduwne mokenda kiyala hitanna epa.karmenda nedda kiyana eka buduhamduruwota witarai kiyanna puluwan mokenda hariyatama awe kiyala.
    හරි, කර්මය භයානකයි, සාධාරණයක් හොයන්න බෑ කියන එක විනාඩියකට පිළිගමු. සෝවාන් වෙන්න ඕන කියන එකත් ඇත්ත.
    ඒත් මගේ ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. ඔය 'chemical change' කියන එක නිකන් 'excuse' එකක් (නිදහසට කරුණක්) විතරක්මද? ඒක ඇත්තටම තමන්ට පාලනය කරගන්න බැරි ලෙඩක්නේ.
    එතකොට සිහිය හොඳට තියෙන කෙනෙක් ප්ලෑන් කරලා මනුස්සයෙක් මරණ එකයි, මොළේ ලෙඩක් නිසා සිහිය විකල් වෙලා කවුරුහරි මරණ එකයි, ඔය දෙකේම කර්මය එකම විදිහටද සෙට් වෙන්නේ? 'excuses නෑ' කිව්වොත්, අර චේතනාව කියන කාරණාවට මොකද වෙන්නේ?
    ලෙඩේ හැදෙන එකත් පරණ කර්මයක් නම්, ඒ ලෙඩේ නිසා අලුතෙන් කරන දේත් ආයෙත් කර්මයක් වෙනවද? එතකොට මේකෙන් ගැලවීමක් නැති කර්ම රෝලක්නේ.
    නීතිය පැත්තෙන් නම් ගැලවීමක් තියනවනේ? මම ඒකට වෙනම තෙරඩ් එකක් දැම්මා ඔයාගේ reply බලාපොරොත්තු වෙනවා 👉
    ලින්ක්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    හරි, කර්මය භයානකයි, සාධාරණයක් හොයන්න බෑ කියන එක විනාඩියකට පිළිගමු. සෝවාන් වෙන්න ඕන කියන එකත් ඇත්ත.
    ඒත් මගේ ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. ඔය 'chemical change' කියන එක නිකන් 'excuse' එකක් (නිදහසට කරුණක්) විතරක්මද? ඒක ඇත්තටම තමන්ට පාලනය කරගන්න බැරි ලෙඩක්නේ.
    එතකොට සිහිය හොඳට තියෙන කෙනෙක් ප්ලෑන් කරලා මනුස්සයෙක් මරණ එකයි, මොළේ ලෙඩක් නිසා සිහිය විකල් වෙලා කවුරුහරි මරණ එකයි, ඔය දෙකේම කර්මය එකම විදිහටද සෙට් වෙන්නේ? 'excuses නෑ' කිව්වොත්, අර චේතනාව කියන කාරණාවට මොකද වෙන්නේ?
    ලෙඩේ හැදෙන එකත් පරණ කර්මයක් නම්, ඒ ලෙඩේ නිසා අලුතෙන් කරන දේත් ආයෙත් කර්මයක් වෙනවද? එතකොට මේකෙන් ගැලවීමක් නැති කර්ම රෝලක්නේ.
    නීතිය පැත්තෙන් නම් ගැලවීමක් තියනවනේ? මම ඒකට වෙනම තෙරඩ් එකක් දැම්මා ඔයාගේ reply බලාපොරොත්තු වෙනවා 👉
    ලින්ක්
    Parana karmaeta awata nedda kiyana eka kiyanna be hoyannath be apita.manasika leddu generalise karannath be.e mohothata wena widiyatama tama oka decide wenne.karme ena widiya hoyanna hadana eka boru wedak apita kiyanna be eka.karma rolak wennath puluwan.answer ekak generalise karanna be okata.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    bump

    ADHD ayata oka balapanne khmda
    ------ Post added on Oct 17, 2025 at 1:39 PM
    ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඒත් ADHD කියන්නේ අර මම මුලින් කියපු තරම් සිහිය සම්පූර්ණයෙන්ම විකල් වෙන, යථාර්ථයෙන් මිදෙන (psychosis වගේ) ලෙඩක් නෙවෙයිනේ නේද?
    හැබැයි ඉතින් ඔය ADHD කියලා හිතන් ඉන්න ගොඩක් අයට ඊට වඩා දරුණු මානසික රෝග තියෙනවා කියලත් කතාවක් තියෙනවනේ. සමහරු ADHD වලට මුවා වෙලා ඉන්නේ රිටලින් වගේ වලින් ලැබෙන ආතල් එක නිසා වෙන්නත් පුලුවන්.
    ඒක පැත්තකින් තියමුකෝ. 'ඇත්තටම' ADHD තියෙන කෙනෙක්ට වුනත් ආවේගශීලී බව (impulsiveness) එහෙම වැඩියි තමා, අවධානය තියාගන්න අමාරුයි. ඒත් එයාලා කරන දේ ගැන එයාලට කිසිම තේරුමක් නැති ගානටම සිහිය නැති වෙනවද?
    මට හිතෙන්නේ ADHD තියෙන කෙනෙක් යම් දෙයක් (අපි කියමු තරහ ගිහින් කාටහරි ගහනවා කියලා) කරොත්, ඒක කරන්නේ ආවේගෙට වුනාට, 'මම මේ ගහනවා' කියන සිහිය/චේතනාව එයාලට තියෙනවා. ඒක අර මම කියපු "පොල්ලෙන් ගහලා මරන" සිහිය විකල් වෙච්ච කෙනාට වඩා ගොඩක් වෙනස්.
    එතකොට ADHD කෙනෙක්ගේ කර්මය, සාමාන්‍ය කෙනෙක් ආවේගෙන් කරන දේකට සමාන වෙන්න පුලුවන්. අර සිහිය විකල් වෙච්ච කෙනාගේ කතාව ඊට වඩා සංකීර්ණයි. මට හිතෙන විදිහ ඕකයි.
     
    • Like
    Reactions: clumsyhulk

    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    ඔව්. බලමු අනිත් අයගේ අදහස් මොනවගේද කියලා.


    ම්ම්ම්... ඒක හරි. චේතනාව තමයිලුනේ කර්මයට මුල්. ඒත් මට තියන ගැටලුව තමයි, ඔය කියන මානසික ලෙඩේ තියන කෙනෙක්ට, සිහිය විකල් වෙලා ඉන්න කෙනෙක්ට, නිරවුල් 'චේතනාවක්' ඇති වෙන්න පුලුවන්ද කියන එක.
    එයා ඒ දේ කරන්නේ 'මම මූව මරනවා' කියලා දැනගෙනමද, නැත්නම් ලෙඩේ නිසා සිහිය නැතුවද? එතකොට ඒ චේතනාව කොයි වගේ එකක්ද?


    ඒක නම් ඇත්ත. සිහිය තියෙන කාලේ පුලුවන් තරම් යහපත් දේවල් කරගන්න එක වටිනවා. කවදා මොන දේ වෙයිද කියන්න බෑනේ.
    ඒත් මම මේ අහන ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයිනේ. අපි 'අවුල්' යන්න කලින් සංසාරෙන් මිදෙන්න උත්සාහ කරන එක පැත්තකින් තියමු. දැනටමත් 'අවුල්' ගිහින් ඉන්න, අනිත් අයටත් හානි කරන කෙනෙක් ගැන සමාජයක් විදිහට මොකද කරන්නේ?
    එයාව නිකන්ම අතෑරලා දාලා බෑනේ. එහෙම උනොත් එයා තව කී දෙනෙක්ට කරදර කරයිද. කර්මය කොහොම උනත්, අනිත් මිනිස්සුන්ව ආරක්ෂා කරන එකයි, තවදුරටත් හානියක් නොවෙන්න වග බලාගන්න එකයිනේ වැදගත් වෙන්නේ.


    ඒකත් ඇත්ත. බුදුදහමට අනුව නම් කෙලෙස් තියෙන හැමෝම යම් විදිහක මානසික අසනීපයකින් ඉන්නේ. රාගය, ද්වේශය, මෝහය කියන්නෙත් ලෙඩ තමයි.
    ඒත් මම මේ කතා කරන 'ලෙඩේ' ඊට වඩා වෙනස් නේද? සාමාන්‍ය කෙනෙක්ට තරහා ගියත් 'මම මේ දේ කරනවා' කියලා සිහියක්, චේතනාවක් තියනවා. ඒත් අර මම කියන විදිහේ ලෙඩෙක්ට, සිහිය සම්පූර්ණයෙන්ම විකල් වෙච්ච කෙනෙක්ට, එහෙම පැහැදිලි චේතනාවක් තියෙනවද? එයා කරන දේ එයාට තේරෙනවද?
    අපි හැමෝම 'අවුල්' කියන එකයි, මොළයේ රසායනික වෙනසක් නිසා යථාර්ථයෙන් සම්පූර්ණයෙන්ම මිදිලා ඉන්න එකයි දෙකක් නේද? අන්න ඒ දෙකේ කර්ම පථය කොහොමද වෙනස් වෙන්නේ කියලයි මට දැනගන්න ඕන.


    ඔය කියන කතාවේ ලොකු තර්කයක් තියෙනවා. චේතනාව තමයි මුල් කියන එකනේ බුදු බණේත් තියෙන්නේ. එතකොට සිහිය විකල් වෙච්ච කෙනෙක්ට කොහොමද මරන්න චේතනාවක් එන්නේ? ඒක නිකන් අතපසුවීමකින් වෙන දෙයක් වගේ වෙන්න පුලුවන්. 'පොඩි අකුසලයක්' කියන එකත් හිතන්න ඕන.
    ඒත් අර දෙවෙනියට කියපු කාරණේ තමයි මට අලුත්. ලෙඩේ හොඳ වුනාම 'අප්පටසිරි මම මිනිහෙක් මරලනේ' කියලා හිතන එකෙන් අලුත් කර්මයක් හැදෙනවා කියන එක. ඒ කියන්නේ කරපු දේට නෙවෙයි, ඒක ගැන පස්සේ හිතන එකටද කර්මය?
    ඒක අකුසලයක් වෙනවද නැත්නම් ඒක නිකන් පසුතැවීමක් විතරද? මේක හිතන තරම් සරල නැහැ වගේ.


    ආ, ඒකත් අලුත් අදහසක්. හීනෙන් දකින දේ වගේ කියන්නේ. කර්මය රැස් වෙනවා, ඒත් විපාක දෙන්නේ නැහැ.
    ඒත් මට තියන ප්‍රශ්නේ මේකයි. හීනෙන් අපි මොන දේ කරත් ඇත්ත ලෝකේ කාටවත් හානියක් වෙන්නේ නෑනේ. ඒත් අර මානසික ලෙඩේ තියන මනුස්සයා ඇත්තටම තව කෙනෙක්ව මරනවා. පොල්ලෙන් ගහලා මරනවා. එතකොට කොහොමද විපාකයක් නැහැ කියන්නේ?
    කර්මය රැස් වෙලා විපාක නොදී කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ 'පවක්' විදිහට එකතු වෙනවා, ඒත් ඒක කවදාවත් 'ගෙවෙන්නේ' නැද්ද? මේක තේරෙන්නේ නෑනේ.
    අන්ද මනුස්සයෙක් ඇවිදිනකොට පෑගිලා සත්තු මැරෙනවා.. කුබුර කොටන කොට පනුවෝ කැපෙනවා.. මේවයෙන් කර්ම රැස් වෙන්නේ නෑ . ඒ ගැන චේතනාවක් පොඩ්ඩක්වත් තිබුනේ නෑ ඒ ගොල්ලන්ට. හැබැයි කවුරු හරි අන්ද මනුස්සයට කිව්වොත් ඔය ඇවිදන් යද්දී කුරුමිනියෙක් පෑගිලා මලා කියල. අර මනුස්සය ඕක ඇතුලට නොගත්තොත් හරි.( ඇසුනොත් ඇසුනා , දැක්කොත් දැක්කා තියරිය) . ගත්තොත් කර්මයක්.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,295
    12,761
    113
    🌎
    හැබැයි කවුරු හරි අන්ද මනුස්සයට කිව්වොත් ඔය ඇවිදන් යද්දී කුරුමිනියෙක් පෑගිලා මලා කියල. අර මනුස්සය ඕක ඇතුලට නොගත්තොත් හරි.( ඇසුනොත් ඇසුනා , දැක්කොත් දැක්කා තියරිය) . ගත්තොත් කර්මයක්.
    ඒ වෙddiත් පෑඝිලා ඉවරනේ. සතා මැරිල. අපිට කරන්න පුලුවන් දෙයක් නැහැනෙ එතකොට
     

    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    ඒ වෙddiත් පෑඝිලා ඉවරනේ. සතා මැරිල. අපිට කරන්න පුලුවන් දෙයක් නැහැනෙ එතකොට
    ඔව්. මැරිලා ඉවරයි .ඒ ගැන කරන්න දෙයක් නෑ . ඒත් ඒක ගැන ආයේ ආයේ වොරි වෙන්න යන්න එපා. එකට යන්න දෙන්න ඕනේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    selling after life is the world oldest scams!
    Screenshot-20251017-122420-Facebook.jpg
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    දැන් මේ පුද්ගලයාගේ කර්මයට මේක add වෙනවද නැත්නම් කර්මයට එකතු නොවී කරපු පවක් ආයෙත් nenew වෙනවද?

    චේතනාව අනුව තමයි
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    හීන කියන්නෙ උබෙ මල්ටිවර්ස් වර්ශන් එක්ක එ වෙලවෙ අත් විදින දෙයක්! එක මරනින් පසු වෙන දෙයක් නොවන අතර සිහිනය දකින මොහොතෙම වෙන දෙයක්!
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හිතපන් උඹ ඩොක්ටර් කෙනෙක් නම් ප්ලෑන් කරලා ලෙඩෙක්ගේ ඇස් දෙක අන්ධ කරනවා කියලා. අන්න ඒවගේ දෙයක් පට්ට ජරා වැඩක්නේ. ඒවාට රිටන් එනවාමයි.

    කර්මය අදාල වෙන්නේ කර්මභූමියට අයිති අයට.

    කෙනෙක් ඔය වැඩේ කරනවා. පස්සේ සත්ධර්මය අහලා රහත් වෙනවා. එයා ඇවිදගෙන එද්දි හෙනයක් ගහලා ඇගෙන් භාගයක් පිච්චිලා යනවා, මැරෙන්නැ. ඕක දැකපු එලියේ පෘථග්ජනයා කියනවා, කර්මය ඵලදුන්නා.. කියලා.

    ඒත් ලෝකෙන් මිදුන රහතන්වහන්සේටේ ලෝකේ වෙච්ච ඒ දේ අදාල වෙයිද?
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    හීන කියන්නෙ උබෙ මල්ටිවර්ස් වර්ශන් එක්ක එ වෙලවෙ අත් විදින දෙයක්! එක මරනින් පසු වෙන දෙයක් නොවන අතර සිහිනය දකින මොහොතෙම වෙන දෙයක්!
    Oya terila tiyenne.budhmaduruwo kawadawath maranin passe deyak gena kivve ne.me mothe wena deyak gena kivve
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කරන්න තියෙන්නෙ මානසිකව ලෙඩ වෙන්න කලින් , හොඳ සිහියෙන් ඉන්න ගමන් සන්සාරෙන් මිදෙන්න. අපි කොයි වෙලේ අවුල් යයිද දන්නෙ නෑ

    ඉතින් කිය කිය ඉන්න එපා, අදම පටන් ගනින්. බන අහපන්. සතිය පුරුදු කරපන්. ප්‍රශ්න මොනාහරි තියෙනවනම් මගේ religious thread එකක දාහන්.

    මානසික ලෙඩේ නිසා චේතනාවක් නැතුව කරපු අකුසලයක් නිසා කර්මයක් සිදු වෙන්න විදියක් නෑ .උනත් එක ප්‍රාණගාත අකුසලයක් නොවී පොඩි අකුසලයක් වෙන්න පුළුවන්. එත් ලෙඩේ හොද වෙලා " මම මෙහෙම එකක් කලානේ කියල හිතන්න ගත්තෝත් නව කර්මයක් ඉපදෙන්න පුළුවන් . ඒත් එකත් කර්ම පථයක් වෙන්න බෑ .

    මට හිතෙන විදිහ ඕකයි

    ඕක tbh අපිට හිතන්න බැ. අපිට ගෝචර වෙන්නැ..

    කර්මය හොයන්න එපා කිව්වෙම ඒ නිසා
    ------ Post added on Oct 17, 2025 at 2:13 PM
     
    • Like
    Reactions: jamiezue and Emios

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    මම දන්න දේ අනුව නම්..බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන ධර්මය අනුව. චේතනාව මුල් කරගන සිදුකරන අකුසල් ක්‍රියා තමයි කර්මයට බලපාන්නේ. සරලව කිව්වොත් අපි හොද සිහියෙන් ඉදලා කරන ජඩ වැඩ. හිතපන් උඹ ඩොක්ටර් කෙනෙක් නම් ප්ලෑන් කරලා ලෙඩෙක්ගේ ඇස් දෙක අන්ධ කරනවා කියලා. අන්න ඒවගේ දෙයක් පට්ට ජරා වැඩක්නේ. ඒවාට රිටන් එනවාමයි.

    මේ මම දැකපු ඇත්තම සිද්දි. මම දන්න ඩයල් එකක් උගේ තාත්තා වයස ට ගියාම ටවුන් එක පුරා දුව දුව එලෝ එලෝ ගැහුවා. මිනිස්සු හැමෝම දැක්කා. අදටත් උ නන්නත්තාර වුන එකෙක්. ගෑනි ත් අතහැරලා ගියා. උට යන එන මන් නැති වුනා. උ ට මිහිපිටම ඒක පල දුන්නා කියලා මම හිතන්නේ. කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් උට එහෙම වුනේ වෙන සිද්දි දාමයක් නිසා කියලා. ඒත් බර්ඩ් අයි වීව් එකෙන් බැලුවොත් ඒ සිද්දි හැම එකක්ම එකිනෙක චේන් එකක් වගේ සම්බන්ද දේවල් කියලා පෙනෙයි. අන්න එතනයි පොයින්ට් එක.

    මට හිතෙන්නම..කර්මය කියන්නේ හරියට චේන් එකක් වගේ. පුරුක් දාමයක් එකිනෙකට ගැට ගහලා තියන එකක් වගේ. උඹ ජරා වැඩක් කරන කොට . උඹට රිටන් එක එනවා..එක උඹේ පුරුක..උඹට රිටන් එක දෙන කෙනා උ තවත් කර්මයක පැටලෙනවා.....ඒක ඊලග පුරුක.
    ඔව්, ඔය 'චේතනාව' මුල් වෙනවා කියන එක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. ඔයා කියන ඩොක්ටර්ගේ කතාවෙදි, ඌ ප්ලෑන් කරලා, හොඳ සිහියෙන් ඒ කැරි වැඩේ කරන්නේ. අර තාත්තට ගහපු එකා වුනත් ඒක කරන්නේ 'මම මේ ගහනවා' කියලා දැනගෙන, තරහෙන් හරි මොකක් හරි චේතනාවකින්. ඒවට රිටන් එන එක ගැන തർකයක් නෑ.
    ඒත් මම අහන කේස් එකේ ඉන්න ලෙඩාට එහෙම 'ප්ලෑන්' එකක්වත්, 'හොඳ සිහියක්වත්' නෑනේ. එයා ඒ දේ කරන්නේ ලෙඩේ නිසා, මොළේ රසායනික වෙනසකින්. එතකොට එයාගේ 'චේතනාව' මොකක්ද? ඒක අර ඩොක්ටර්ගේ චේතනාව වගේ බලගතු එකක්ද?
    ඔය කර්ම 'චේන්' එකේ කතාව ගත්තොත්, මේ ලෙඩාගේ 'පුරුක' මොකක්ද? එයා ඒ 'පුරුක' දාන්නේ දැනගෙනද, නැත්නම් ලෙඩේ නිසා එයා අතින් ඒක දැමේනව ද? එයාට පාලනයක් නැතුව වෙන දේකටත් එයා වගකියන්න ඕනද? අන්න එතනයි මට තියෙන අවුල.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    අන්ද මනුස්සයෙක් ඇවිදිනකොට පෑගිලා සත්තු මැරෙනවා.. කුබුර කොටන කොට පනුවෝ කැපෙනවා.. මේවයෙන් කර්ම රැස් වෙන්නේ නෑ . ඒ ගැන චේතනාවක් පොඩ්ඩක්වත් තිබුනේ නෑ ඒ ගොල්ලන්ට. හැබැයි කවුරු හරි අන්ද මනුස්සයට කිව්වොත් ඔය ඇවිදන් යද්දී කුරුමිනියෙක් පෑගිලා මලා කියල. අර මනුස්සය ඕක ඇතුලට නොගත්තොත් හරි.( ඇසුනොත් ඇසුනා , දැක්කොත් දැක්කා තියරිය) . ගත්තොත් කර්මයක්.
    ඔය අන්ධ මනුස්සයාගේ උදාහරණය හිතන්න ඕන එකක්. එයාට චේතනාවක් නෑ, ඒක ඇත්ත. කුඹුර කොටන කෙනාටත් පණුවෝ මරන්න චේතනාවක් නෑ, කුඹුර කොටන්නයි චේතනාව තියෙන්නේ.
    ඒත් මම කියන කේස් එකයි ඕකයි අතර පොඩි වෙනසක් තියෙනවා නේද?
    අන්ධ මනුස්සයා කූඹියෙක්ව පෑගෙන්නේ නොදැනුවත්වමයි. ඒ කියන්නේ එතන කූඹියෙක් ඉන්නවා කියලවත් දන්නේ නෑ.
    ඒත් අර මානසික ලෙඩා, එයාට සිහිය විකල් වුනාට, 'මෙතන මනුස්සයෙක් ඉන්නවා' කියලා 'දකිනවා'. ඊට පස්සේ 'පොල්ලක් අරගෙන ගහනවා'. එයාගේ මොළේ ලෙඩේ නිසා එයාට ඒක කරන්න කියනවා වෙන්න ඇති, ඒත් එයා අර අන්ධ මනුස්සයා වගේ 'නොදැනුවත්ව' නෙවෙයිනේ ඒක කරන්නේ. එයා 'දැනගෙන' ඒත් 'සිහිය නැතුව' නේද කරන්නේ?
    එතකොට ඒකත් අර 'නොදැනුවත්ව පෑගිලා මැරෙන' ගානටම දාන්න පුලුවන්ද?
    අර පස්සේ දැනගත්තම කර්මය වෙනවා කියන කතාවත් අර කලින් කෙනෙක් කියපු 'සුව වුනාම හිතන' කතාවට සමානයි. ඒත් මට තවමත් තියෙන ප්‍රශ්නේ 'කරන මොහොතේ' කර්මය ගැන.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    ඔව්, ඔය 'චේතනාව' මුල් වෙනවා කියන එක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. ඔයා කියන ඩොක්ටර්ගේ කතාවෙදි, ඌ ප්ලෑන් කරලා, හොඳ සිහියෙන් ඒ කැරි වැඩේ කරන්නේ. අර තාත්තට ගහපු එකා වුනත් ඒක කරන්නේ 'මම මේ ගහනවා' කියලා දැනගෙන, තරහෙන් හරි මොකක් හරි චේතනාවකින්. ඒවට රිටන් එන එක ගැන തർකයක් නෑ.
    ඒත් මම අහන කේස් එකේ ඉන්න ලෙඩාට එහෙම 'ප්ලෑන්' එකක්වත්, 'හොඳ සිහියක්වත්' නෑනේ. එයා ඒ දේ කරන්නේ ලෙඩේ නිසා, මොළේ රසායනික වෙනසකින්. එතකොට එයාගේ 'චේතනාව' මොකක්ද? ඒක අර ඩොක්ටර්ගේ චේතනාව වගේ බලගතු එකක්ද?
    ඔය කර්ම 'චේන්' එකේ කතාව ගත්තොත්, මේ ලෙඩාගේ 'පුරුක' මොකක්ද? එයා ඒ 'පුරුක' දාන්නේ දැනගෙනද, නැත්නම් ලෙඩේ නිසා එයා අතින් ඒක දැමේනව ද? එයාට පාලනයක් නැතුව වෙන දේකටත් එයා වගකියන්න ඕනද? අන්න එතනයි මට තියෙන අවුල.
    Chethanawa kiyanne hithin ganna decision newe action ekath ekka hadena hitha.conecentration ekata yatin tiyena layer eka yati hitha.chethnawak netuwa kohomath minehk maranna be pissu hadila unath.ahata rupe attawa wela action ekak gannawa.karamaya wedila ivarayay.chethanwe balawath bawa decide wenne sihiyen or asihiyen newe ekata wada yata layer ekakin.hodata biwamath uda sihiya layer eka adu unata chethanawa hodatama balawath wenna puluwan full danne netuwa karath
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    කර්මය කියල දෙයක් නෑ බම් බය නැතුව ඉදිං
    මේක මං ගැන ප්‍රශ්නයක් නෙවෙයි බං. මේක නිකන් අපි හැමෝටම වැදගත් කියලා හිතලා දාපු ත්‍රෙඩ් එකක්.