මානසික ලෙඩෙක්ට හෙල්ප්!!!!

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    මානසික ලෙඩෙක්ට හෙල්ප්!!!!

    මචංලා social anxiety කියන ලෙඩේ නිට්ටාවටම සනීප කරගන්න බැයිද??ඉංග්‍රීසි බෙහෙත් සිංහල බෙහෙත් කවුන්සලිං මෝහනය වගේ මොකක්ම හරි ක්‍රමයකින් මේ තත්වෙ 100% ක් නිට්ටාවටම හොද කරගන්න පුලුවන්ද??එලකිරියෙ කවුරුහරි ඉන්නවද social anxiety තිබිලා දැන් නිට්ටාවටම හොද කරගත්ත නැත්තං එහෙම හොදකරගත්ත උබලා අදුරන පොරක් හරි ඉන්නවද දන්නවනං කියහල්ලකො.....මගේ බාප්පාගෙ පුතාටත් social anxiety තියනවලු මම දන්නෙත් ඊයෙ... අපිත් ඒ මලයව ඕන තරං බයිට් කරලා තියනවා බං :(ඌට මෙහෙම අවුලක් තියනවා කියලා දැනගෙන හිටියෙ නෑ...අපි හිතුවෙ ඒ උගෙ හැටි කියලා..පොර ඊයෙ හවස මට කිව්වෙ සීන් එක බාප්පලා කියලා ඒ අවුල ගැන කාටවත් කියන්න එපා කියලා ඒත් පොර ඊයෙ කිව්වා මට කතාව දැන් උට ජීවිතේ එපා වෙලා ඉන්නෙ කියලා ඌ දැන් අවුරුදු 2ක විතර ඉදන් බෙහෙතුත් ගන්නවලු මනෝ වෛද්‍ය කෙනෙක්ගෙන් ඒත් අඩුවක් නැහැලු...තවම ඉස්කෝලෙ යනවා මේ අගෝස්තු AL උට ඉස්කෝලෙ යන්නත් බෑලු පන්ති යන්නත් බෑලු හැමතැනම ඌ බයිට් වෙනවලු....යාලුවො සෙට් එකෙන් කොන් වෙනවලු...බොහෝවිට කොල්ලා මේපාර AL ඇනගනී:(...ඊයෙ clz එකකදි කොල්ලො සෙට් එකක් ඌව කෙල්ලොත් ඉස්සරහා ඇඩෙන්නම බයිට් කරලා...මම ඇහුවා කවුද කොල්ලො ටික කියපන් හොයලා හමන්#ලා ගන්න කියලා ඒකටත් ඌ කැමති නෑ.. ඌ කියනවා ඒ බයිට් කරපු උන්ගෙත් වැරැද්දක් නෑලු වැරැද්ද තියෙන්නෙ උගෙ ලෙඩේ කියලා... ඌ අඩ අඩ කියනවා මේ ලෙඩේ කොච්චර බෙහෙත් ගත්තත් හොදවෙන පාටක් නෑ මේ ලෙඩේ තියාගෙන ජීවත් වෙලා වැඩකුත් නෑ මැරෙන්න හිතෙනව කියලා...මම දන්න සෙල්ලං ඔක්කොම දාලා පොරගෙ හිත හැදුවා මෝඩ වැඩ කරගන්න එපා කියලා...උගෙ හිත හදන්න බොරුවට කිව්වා ඔය ලෙඩේ නිට්ටාවටම හොදකරන්න පුලුවන් නෙට් එකේ එහෙම හොදකරගත්ත එවුන් ගැන ඔනතරං විස්තර තියනවා උබ බය නැතුව හිටහන්...මම හෙට අනිද්දාම උබට හරියටම හොයලා කියන්නං ඕක නිට්ටාවටම හොදකරන්න විදිහ කියලා....ඌ කියනවා ඌ ඒ අවුල ගැන මට කිව්වා කියලා උගෙ ගෙදර අයට (බාප්පලාට) කියන්නත් එපා කියලා...ඒ හින්දා මට මේ සීන් එක ගැන බාප්පලා එක්කත් කතාකරන්න බෑ.....මූ වෙන කාටවත් ඕක නොකියා මටම ඔය සීන් එක කිව්වෙත් අයියා කෙනෙක් විදිහට මං ගැන විශ්වාසයක් තියලා මම මොකක් හරි උදව්වක් කරයි කියලානෙ අනිවා ඒ හින්දා මේක හොදකරන්න ක්‍රමයක් හොයාගන්නම වෙනවා මචංලා.... ලංකාවේ ලොකුම ඔන්ලියින් ෆෝරම් එක වෙච්ච එලකිරියෙ ඉන්න එකෙක් හරි මේක හොදකරගන්න ක්‍රමයක් දන්නවා ඇති කියලා හිතනවා... ක්‍රමේ අදාල නෑ සිංහල බෙහෙත් ඉංග්‍රීසි බෙහෙත් කවුන්සලිං ඕන මගුලක් ලෙඩේ නිට්ටාවටම හොද වෙන්නයි ඕන....දන්න එකෙක් ඉන්නවනං එලකිරි සහෝදරත්වයේ නාමයෙන් උදව් කරහල්ලා අහිංසක කොල්ලෙක්ගෙ ජීවිතේ ගොඩ දාන්න...
     
    Last edited:
    • Like
    Reactions: TheRockSays

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    හිතින් හදා ගන්න ලෙඩ ඕවා... බෙහෙත් කරලා වැඩක් නැහැ ඔළුව හැදෙන්නෙ නැතුව
    බලෙන් හරි කැඩෙට් කරන්න දාන්න
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    746a79f72919713cff753122cb7c164e.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්.. ඌට ජොබ් එකක් කරන්න කියපන් වැඩකරන මිනිස්සු ගොඩක් ඉන්න තැනක..
    ඌට පොඩ්ඩක් යාලුවෙක් එක්ක හරි ෂෙෘපින් යන්න කියපන්.. එම් සී, ලීබර්ටි වගේ..
    පුලුවන්නන් දවසක නයිට් ක්ලබ් එකකට එක්කන් පලයන්..
    තව කෙල්ලෙක් දෙන්නෙක් සෙට් කරල කතා කරන්න කියපන්..
    මිනිස්සු කියන්නේ අමුතු සත්ව කොට්ටාෂයක් නෙමෙයි කියල හිතන්න කියපන්..
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    දන්න එකෙක් ඉන්නවනං එලකිරි සහෝදරත්වයේ නාමයෙන් උදව් කරහල්ලා අහිංසක කොල්ලෙක්ගෙ ජීවිතේ ගොඩ දාන්න.
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මචන්.. ඌට ජොබ් එකක් කරන්න කියපන් වැඩකරන මිනිස්සු ගොඩක් ඉන්න තැනක..
    ඌට පොඩ්ඩක් යාලුවෙක් එක්ක හරි ෂෙෘපින් යන්න කියපන්.. එම් සී, ලීබර්ටි වගේ..
    පුලුවන්නන් දවසක නයිට් ක්ලබ් එකකට එක්කන් පලයන්..
    තව කෙල්ලෙක් දෙන්නෙක් සෙට් කරල කතා කරන්න කියපන්..
    මිනිස්සු කියන්නේ අමුතු සත්ව කොට්ටාෂයක් නෙමෙයි කියල හිතන්න කියපන්..

    u iskole yana ekek... iskolewath wath yanna keamathi neathiwa ekpaarama ohoma thanakata yaida ban..uuta aniwa eka denna ekathu karala conversation yana set ekak hadanna wenaa... thaniyama godayanna bea...
     

    Ediriges

    Banned
    Feb 26, 2017
    162
    18
    0
    samaja beethikawane.. matath oka tibuna podi kale e kiyanne waysa 15, 16 kale. mamath sahenna bite una oka nisa. anthimata o/l fail wela 2nd time karala tama a/l walata giye.

    e gihinuth mul kale sahenna bite una class walath. passe matama mawa epa wela marennam hituna.

    ohoma yanakota fit una yaluwo dennak enna pissu kelinna gatta. biwwa, ciga gahuwa, ganja gahuwa. a/l anagena hotel course ekak karala dan tanaka innawa.

    dan mata taram yaluwo set eka na ape family eke katawath, oya okkotama mula hita.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,337
    67,684
    113
    oya social anxiety godak hadenne podi kale bite karama.genes walinuth enawa anxiety.mature wenna one ban eka para hoda karanna be.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    හිතින් හදා ගන්න ලෙඩ ඕවා... බෙහෙත් කරලා වැඩක් නැහැ ඔළුව හැදෙන්නෙ නැතුව
    බලෙන් හරි කැඩෙට් කරන්න දාන්න

    මාත් ඌට කිව්වා ඕව හිතෙන් හදාගත්ත ලෙඩ කියලා ඒත් ඌට ඩොකා කියලා තියන විදිහට වගේම නෙට් එකෙත් තියනවිදිහටත් ඔය ලෙඩේ හැදෙන්නෙ මොලේ රසායනික වෙනස් වීමකින්ලු බං .... දැන් නං කැඩෙට් දාන්න කාලයක් නෑ ඌට මේ අගෝස්තු AL
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    මචන්.. ඌට ජොබ් එකක් කරන්න කියපන් වැඩකරන මිනිස්සු ගොඩක් ඉන්න තැනක..
    ඌට පොඩ්ඩක් යාලුවෙක් එක්ක හරි ෂෙෘපින් යන්න කියපන්.. එම් සී, ලීබර්ටි වගේ..
    පුලුවන්නන් දවසක නයිට් ක්ලබ් එකකට එක්කන් පලයන්..
    තව කෙල්ලෙක් දෙන්නෙක් සෙට් කරල කතා කරන්න කියපන්..
    මිනිස්සු කියන්නේ අමුතු සත්ව කොට්ටාෂයක් නෙමෙයි කියල හිතන්න කියපන්..

    තාම ජොබ් කරන්න වයසක් නෑ බ්‍රෝ ඌට ඌ මේපාර AL කරන්න ඉන්න එකෙක්...මූව මේ ලෙඩේ ටිකක් හරි අඩු කරන්නැතුව සමාජෙට දාන එක අමාරුයි සහෝ පාර්ට් වලට ක්ලබ් වලට තියා ජිම් යන්නවත් එන්නෑ කොච්චර කෑගැහුවත්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    samaja beethikawane.. matath oka tibuna podi kale e kiyanne waysa 15, 16 kale. mamath sahenna bite una oka nisa. anthimata o/l fail wela 2nd time karala tama a/l walata giye.

    e gihinuth mul kale sahenna bite una class walath. passe matama mawa epa wela marennam hituna.

    ohoma yanakota fit una yaluwo dennak enna pissu kelinna gatta. biwwa, ciga gahuwa, ganja gahuwa. a/l anagena hotel course ekak karala dan tanaka innawa.

    dan mata taram yaluwo set eka na ape family eke katawath, oya okkotama mula hita.

    ඒ කියන්නෙ මචං උබ මේ ලෙඩේ නැතිකරගත්තෙ බෙහෙත් නැතුව තනියම උබම හිතලද??තව පොඩ්ඩක් උබ මේක හොදකරගත්ත හැටි ගැන විස්තර කියහන්කො
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    සොහොන;21323698 said:
    Uta abadita manusayek ya muna gasayapan

    Tikak wela e manusaya hasirena widiha penapan

    Pase uta kiyahan hambuna life eka kochara hodada kiyala

    එල මචං
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    oya social anxiety godak hadenne podi kale bite karama.genes walinuth enawa anxiety.mature wenna one ban eka para hoda karanna be.

    ජාන සීන් එකක් වෙන්නනං බෑ මචං අපේ තාත්තලාගෙ පවුලේ කාටවත් එහෙම සීන් නෑ....බාප්පා උනත් රජයේ ඉහල තනතුරක් තියන හොද පෞරුෂයක් තියන පොරක්...මූ විතරයි මෙහෙම
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචන් මටත් ඕක ගොඩක් කල් තිබ්බ.. හොඳින් සලකපන් මල්ලිට ඕක පට්ට දුකක් බන්.. ජීවිතේ එපා වෙනවා. ඔක්කොටම වඩා මිනිස්සු ඕව ගැන හරියට නොදැනුවත්ව කරන කියන දේවල් වලින් තව උන්ව එපා වෙනවා.
    මට පොඩි කලේ ඉඳන් ම මිනිස්සු වැඩිය ඉන්න තැන් වලට යන්න බෑ බන් කියන්න තේරෙන්නේ නැති අමාරුවක් හිතට එනවා. හැබැයි කාලෙත් එක්ක මම මාවම ටිකෙන් ටික හුරු කළා ඕකට. වැඩේ තියෙනෙන් නිකන්ම ගෙදර ඉන්න පුළුවන් කාලයක් (a/l ඉවර වෙලා ඉන්න කාලේ වගේ) උනොත් ඕක තව දරුණු වෙනවා. උබට කියන්න මම a/l කාලේ ගෙදරින් එලියට බැස්සේ නැ. කොටිම ජනෙල් වලට කළු කොළ ගහල එලිය වැටෙන එකත් block කළා. අපරාදේ කියන්න බෑ වටිනාම කාලෙන් බාගයක් විතර f*ck වෙලාම ගියා බන්.

    හැබැයි මගේ අම්මයි අය්යයි පට්ට help එකක් දීල මගේ ජිවිතේ ගොඩ දාල දුන්න. අද මම marry කරලා හොද job එකක් කර ගෙන ඉන්නවා. හැබැයි මිනිස්සු (සමහර) නුරුස්සන ගතිය තාම තියෙනවා බන්. ඒක නම් එච්චරම අවුලක් නෑ බන්.

    කියන්න තියෙන්නේ මල්ලි එක්කම ඕන දෙකට හිටපන්. උඋව පොඩ්ඩ පොඩ්ඩ සමාජෙට දාපන්. පොඩි class එකකින් පටන් ගනින්. ඊට පස්සේ උබ දන්නා කෙල්ලෙක්ට කියල fb එකේ chat කරවපන්. උගේ confidence හදන්න try කරපන්. මම ඔය කාලේ ගෙදර ඉඳන් පිස්සෙක් පිස්සෙක් වගේ exercises කළා. එකෙන් hormone flow ඒක active වෙලා මොළේ chemical balance ඒක වැඩි වෙනවලු. අනිත් ඒක අග ටිකක් shape වෙද්දී confidence වැඩිවෙනවා. කොහොමහරි චුට්ට චුට්ට උව සමාජෙට හුරු කරපන්. ඕක හරියය් බන් අතාරින්න එපා. මම ඔකේ දුක දන්නා නිසා කියන්නේ. Good Luck!
     

    elakiri san

    Member
    Jan 30, 2017
    2
    0
    0
    Uba hari...

    Macho mage yaluwekuth oya widiyatama godagiya...uu podi kale gee ethulema thama hitiye ...pase A/L kara iwara wenakota uu wede goda dagatha...