මානසික_ආතතියෙන්_අත්මිදීමට_ප්‍රතිකර්ම!

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මානසික_ආතතියෙන්_අත්මිදීමට_ප්‍රතිකර්ම!

    මානසික ආතතියෙන් අත්මිදීමට ප්‍රතිකර්ම!


    කාර්යබහුලත්වය, විවේකය මඳ කම වැනි දේ නිසා අද වන විට මානසික ආතතිය බොහෝ දෙනෙක්ට වද දෙන කරුණක්. මේ සුළු ක්‍රම කිහිපය අත්හදා බලන්න. ඔබට සුවයක් දැනේවි.


    01. ප්‍රශ්ණ වලම එල්ලිලා ඉන්න එපා

    ප්‍රශ්ණයක් ඇති වූ විටෙක ඒ ගැනම නොසිතා ඒ සඳහා කළයුතු දේ පිළිබඳ සිතන්න. ධනාත්මකව සිතන්න. සිත එකඟ කර ගැනීමට නොහැකි වන අවස්ථාවන් වල ප්‍රීතිමත් දෙයක් ගැන සිතන්න.

    Beautiful-Girl-solving-problems.jpg



    02. යෝගා අභ්‍යාස වල යෙදෙන්න

    සිතේ ඒකාග්‍රතාවය රැක ගැනීමට යෝගා ව්‍යායාම බෙහෙවින් දායක වේ.

    meditation.jpg



    03. ඇවිදින්න යන්න

    මනසට විවේකයක් ලබා දීමට park එකක ඇවිදින්න යන්න. නැතිනම් පිහිනීමද මනසට විවේකය ගෙන දේ.

    couple-walking-by-pond.jpg


    04. head massage එකක් කරගන්න

    ඔබට තවකෙකු ලවා හෝ තනිවම හෝ head massage එකක් කරගත හැක. හිස්කබල සෙමින් පිරිමදිමින් මසාජ් කරන ගමන් සාමාන්‍ය භාවනාවක යෙදීමද සුදුසු වේ. ආශ්වාස ප්‍රාශ්වාසය කෙරෙහි සිත යොමමින් මෙලෙස භාවනා කරන්න.

    indian-head-massage.jpg


    05. ක්‍රීඩාවක යෙදෙන්න

    මනස එකඟ කරගනිමින් ආතතිය අවම කරගැනීමට ක්‍රීඩාව තරම් ඔසුවක් නොමැති තරම්ය.

    Girls-Playing-Badminton.jpg


    06. සංගීතයට සවන් දෙන්න

    මෙය වෙත් වැඩක යෙදෙන අතරවාරයේ වුවද කළ හැකිය. දිනකට යම් වේලාවක් ඔබ කැමති සංගීතය රසවිඳීමට වෙන්කර ගන්න.

    Stress8.jpg.jpg


    07. ඉන්න ස්ථානය වෙනස් කරන්න

    කාර්යාලයේ හෝ පාඩම් වැඩ කරන හෝ ඔබ සිටිනා ස්ථානය වෙනස් කරන්න. හොඳින් වාතය ඇති පහසු ස්ථානයකට යන්න.

    Stress11.jpg


    08. මත්ද්‍රව්‍ය වලින් ඉවත් වන්න

    ප්‍රශ්ණ වලට විසඳුම් සෙවීමට මත්දුව්‍ය වෙත යොමු වෙන්න එපාග ඉන් ඉවත් වන්න. ඒ ලෙසම බෙහෙත් වලින්ද ඉවත් වන්න. හොඳ ලොකු වතුර වීදුරුවක් බී වැඩ පටන් ගන්න.

    Stress10.jpg.jpg


    09. හොඳට සිනාසෙන්න

    හැකි හැම විටම සිනාසෙන්න. ටමය ඔබගේ ආතතිය පහකර හරීවි. මිතුරන් සමඟ විහිළු තහළු කරගැනීමට කාලය වෙන් කර ගන්න

    3-Friends-laughing-together.jpg


    10. හොඳට නිදා ගන්න

    රාත්‍රියට පැය 7-8 පමණ හොඳ නින්දක් ලබා ගන්න. මේ මඟින් ඔබට ඊළඟ දිනයේ ජවයකින් යුතුව වැඩ කිරීමට අවස්ථාව ලැබෙනවා.

    sleeping-baby.jpg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    TFS. REP 8

    හරි බන් ආයෙ අර ත්‍රෙඩ් එක බම්ප් කරන්නෙ නෑ. මන් හිතුවෙ නෑ උබට ආතතිය හැදෙයි කියලා.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Podi Silva - පොඩි සිල්වා;19049712 said:
    මචන්ලා මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපාලු
    බම්ප් කරන ත්‍රෙඩ් එකක් අරහේ තියෙනවා

    :growl::growl: මේකෙත් ඇවිල්ල මාව කන්න එපා යකු :growl::growl::dull:

     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    :dull::dull::sorry::sorry: තොපි තමා මාව කෑවේ :growl:
    ස්ටික් නෝට් එක මකපිය දැන්ම :growl::dull::dull:
    අඩේ මම කිව්වෙ බම්ප් කරන්න එපා කියලනෙ උබට උදව්වක් හැටියට.
    මට ඒක මකන්න වෙලාවක් නෑ බන් දැන් මාර බිසී. සතියකින් විතර මකල ඒකෙම අප්ඩේට් එක දාන්නම් කො.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අඩේ මම කිව්වෙ බම්ප් කරන්න එපා කියලනෙ උබට උදව්වක් හැටියට.
    මට ඒක මකන්න වෙලාවක් නෑ බන් දැන් මාර බිසී. සතියකින් විතර මකල ඒකෙම අප්ඩේට් එක දාන්නම් කො.

    :growl::growl::growl: ආයේ දැම්මොත් තෝව :growl:
    මට මානසික ආතතිය යකු ..!! :growl::dull: