මානූෂීය සහන පිළිබඳ පදනමේ උප සභාපති
කොවිඩ් 19 වෛරසය වැළඳී තම ජාතිකයෙකු මියගියහොත් නිරෝධායන නීතිවලට අනුව ආධාහනය කිරීමට එකඟ බව මානූෂීය සහන පිළිබඳ පදනමේ උප සභාපති මොහොමඩ් ජවුෆර් ප්රකාශ කරනවා.
කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්රකාශ කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇතැම් නායකයින් මේ මොහොතේ දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරත් පැහැදිළි කළ ඔහු මෙලෙස ප්රකාශ කළා.
අතිගරු ජනාධිපතිතුමන්ගෙන් සහ අගමැති තුමන්ගෙන් අපි මුස්ලිම්වරු හැටියට ඉල්ලා සිටින්නේ ඒක වල දාන්න කියලා. ඒ දේහයට ගරුකළ යුතුයි කියන එක තමයි එක. දෙවනි එක ඒ දේහය පුච්චන එන ඒ දේහයට හරි අමාරු එකක් කියලා තමයි අපි විශ්වාස කරන්නෙ. WHO එක කියනවනම් මේක වලදාන්න බෑ, පුච්චන්නම ඕනෙ කියලා අනිවාර්යෙන්ම අපි ඒක පිළිපදිනවා.
සමහර කොටසක් තමන්ගෙ වාසිය වෙනුවෙන් මේක දේශපාලනය කරගෙන, තමන්ගෙ ජිතියට කතාකරනවා කියලා ඒ ගොල්ලො ඕන නැති දේවල් කතා කරනවා. සමහර නායකයො කරන වැරදි නිසා මුස්ලිම් මිනිස්සුන්ගෙ වැරදි හැමතිස්සෙම එළියට එනවා.

puchchanakota body ekata amaru nam awan eke dammamath amarui kiyala ubata therenne nadda ?
ade mata oka kalpnaawata awe nahane…