මමත් ලොකුවට අභිදර්මය දන්නෙ නෑ. ඔව් ඒ හත සෑම සිතක් එක්කම ඇති වෙන චයිතසික 7ක්. මම දන්න විදිහට දනගන්නව කියන්නෙ අදාල විජ්ජනය අති වීම. හැබයි මොන මට්ටමකට දන ගන්නවද කියල තීරනය වෙන්නෙ අදල චයිතසික අනුව.
මටත් අභිධර්මය ගැන ඉදිරියට කතාකරන්න අපහසුයි දන්නෙ නැතිව. ධර්මය විග්රහ කරන්න සූත්‍ර ක්‍රමයයි අභිධර්ම ක්‍රමයයි කියලා දෙකක් තිබෙනවා. මනසිකාර "චෛතසික" කතාවක් ගන්න එපා. මනසිකාරය ගන්න. මම පැහැදිලි කරන්නෙ මනසිකාර "චෛතසිකය" නෙමෙයි මනසිකාරය. (උඩ කියපු ක්‍රම දෙකෙන් දෙවෙනියට කියපු ක්‍රමය) මම ප්‍රිය කරන්නෙ, පුරුදු වෙලා තියෙන්නෙ. මට කතාකරන්න පුලුවන් ඒ ඔස්සේ...මගේ සමහරක් ගුරුවරු "අභිධර්ම මාස්ටර්ලා". රේරුකාණේ හාමුදුරුවන්ගෙ සඟ පරපුර. නමුත් මට අද වෙනකං එකදු අභිධර්ම වචනයකින් කමටහන් දීලා නෑ.
කෙනෙකුට අසට යම්කිසි රුපයක් වටුනොත් ඒක රග සිත් පරම්පරවකට යොමු කරන්නෙත් (අයොනිසෝ) නතිනම් එසේ යා නොදි මුලුක රුපය පිලිබන්දම අටෙන්ශන් එක තියාගන්නෙත් (යොනිසෝ මෙ මනසිකාර චඉතසිකය උදව්වෙන්. ඒකයි ඒක එතරම් වදගත්. හබයි මනසිකර චයිතසිකයෙන් අනිච්ච හන්දුනගන්න බෑ.
ඉහත කිව්ව මනසිකරය මගින් ලොක් කරපු අරමුනට අදල අනිච්ච දර්මතවය හන්දුනාගන්නෙ මෙ ප්රජ්නාචය්ටසිකයෙන්. ඒ සදහා කෙනෙකුට ප්‍රජ්නා චඉටසිකය ඉන්ද්රිය මට්ටමට වැඩිය යුතුයි. අර්යශ්ටන්ගික මර්ගයෙන්ම කියවෙන්නෙ ඕක වඩන හැටි තමයි. (සීල->සමාදි->ප්‍රජ්නා). අර එවිජෙසෙකර මහත්තය කිව්ව විඩිහට කෙනෙකු එක පාරට රුපයක් දිහා බලල අනිච්ච සන්නව වඩන්න බැරි ඔය තුන වර්දනය වෙන්න ඕනි මට තෙරෙන විදිහට. මොකද ප්‍රජ්නවෙන් තොර අනිච්චක් ගැන කත කරන්න බෑ.
යොනිසොමනසිකාර සම්පදා එකධම්ම සූත්‍රය
“මහණෙනි, යම් ධර්මයක් හේතුකොටගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, යම් ඒ උපාය මානසිකාර සම්පත්තියක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි.
දැන් ඉහත සූත්‍රයේ බුදුන් කියනවා නිවැරදි (යොනිසෝ) මනසිකාරය තුලින් ආර්ය වූ අෂ්ටාංගික මාර්ගය උපදිනවා, වර්ධනය වෙනවා සහ සම්පූර්ණ වෙනවා කියලා. ඔබතුමා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා කියන්නෙ ප්‍රඥාව ඉන්ද්රිය, බල, බොජ්ජංග යනාදී ලෙස වර්ධනය වෙනවා කියලා. ඉදින් එතකොට යෝනිසෝ මනසිකාරයනෙ මූලිකව ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ ?
මනසිකාරය තමා පුරුදු කරන දේ. ඒ තුලින් ඉන්ද්රිය සකස්වෙලා, ඒවා බල වෙලා බොජ්ජංග බවට සකස්වෙලා අවසාන කෘත්‍ය කරයි. නූපන්නාවූ ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදදවන්නෙ යෝනිසෝ මනසිකාරයෙන්, වඩවන්නෙත් යෝනිසෝ මනසිකාරයෙන්, පරිපූර්ණ බවට පමුණුවන්නෙත් මනසිකාරයෙන් කියලා බුදුන් කියනවා නම් අපි තව මොනවා කියන්නද.
යෝනිසෝ මනසිකාරය කලක් පුරුදු කරනකොට අනිච්ච සංඥාවත් ක්‍රම ක්‍රමයෙන් වඩ වඩාත් පිරිසිදුව/වෙනස් වෙනස් ආකාර දකිමින් දියුණු වෙනවා.
ඔව් රූපය දිහා බලපු ගමන් අනිච්ච සංඥාව නියමම ආකාරයෙන් වැඩෙයි කියලා නම් කියන්න බෑ. නමුත් උත්සහ කරන්නෙ අනිච්ච සංඥාව වඩන්න තමා. වඩනවා කියන්නෙ ටික ටික දියුණු වෙනවා කියන එක මිසක්ක එකපාරට බල්බ් එකක් පත්තු උනා
වගේ එකක් නෙමෙයි නෙ. ඒකතමයි ඊවිජේසේකර ප්‍රකාශ කලේ මම හිතන්නෙ. නැති කෙනෙකුට බෑ කීවොත් කවදාවත් බෑ තමා. ඒකතමා පර්ෆෙක්ශන් එක ගැන වද වෙන්න එපා කීවෙ.
"බණ අසා සෝවහන් වී පසුව භාවනා කරනවා", මේ මතයෙ මම නෑ. හබයි ඔන කෙනෙකුට අනිච්ච සන්නව වඩන්න පුලුවන් කියන මත්යෙත් මම නෑ. ස්තිපට්ටානයයි අනිච්ච සන්නවයි එක සමාන නෑ. පෘටක්ජන බවයෙන් පටන්ගෙන දම්මනුපස්සනවට එනකොට මට තෙරෙන විඩිහට පජ්නා චයිටසිකය වර්දනය වෙලා තියෙන්නෙ, එක නිසයි දම්මනු පස්ස්නව වඩන්න පුලුවන් වෙන්නෙ, ඒ කියන්නෙ ඊ වෙනකොට ටෙක්නිකලි සොවන් වෙලා ඉවරයි දම්මනු පස්සනව වඩනකොට. අනිච්ච සන්නව කියන්නෙ සතිපට්ටන භවනවෙ අන්තිම වගෙ (දම්මනුපස්සනව ). ඒ කියන්නෙත් ටෙක්නිකලි අනිච්ච් සන්නව වඩන්නෙ සොවන් උන කෙනා.
"වඩනවා, වැඩෙනවා, පරිපූර්ණත්වයට පැමිණෙනවා" කියන වචන ටිකේ පටලැවිල්ලක් ඔය තිබෙන්නෙ මට තේරෙන විදිහට. ටෙක්නිකලි සෝවාන් වෙලා ඉවරයි කියන එක අධර්මයක් මම හිතන්නෙ. පරිපූර්ණ වෙච්ච සතර සතිපට්ඨානයමයි මගඵල දෙන්නෙ. ඒක ධර්මනුකූල නැහැ.
ඔයා ඔය කියන කතාව වෙන අර්ථයකින් ධර්මයේ එකතැනක සඳහන් වෙනවා චූල-සෝතාපන්නයා කියලා. මේක මාර්ගඵලයක් නෙමෙයි. ඒ සඳහා ගමන සිද්ද වෙනවායි කියන එකක්. ටෙක්නිකලි සෝතාපන්නත් නෙමෙයි, ඊට පහල තැනක්. ඒක තමා විසුද්ධි මාර්ගයෙ සඳහන් වෙන්නෙ. මට මතක විදිහට කංකාවිතරණ විශුද්ධිය ලැබූ පුද්ගලයා චූල-සෝතාපන්න ලෙස සඳහන් වෙනවා. උදය-වය කියන, ඇතිවීම නැතිවීම (අනිත්‍ය) "සරල මට්ටමකින්" දැකීම කරපු කෙනෙක්. එයාට තව පසු කරන්න ඥාන බොහොමයක් තිබෙනවා. ඒ නිසා සෝතාපන්නයෙක් නොවෙයි.
එයත් හැබැයි අනිත්‍ය යම් මට්ටමකට දැකලා තියනවා නමුත් ප්‍රඥාව සම්පූර්ණ වෙලා නැහැ. ඒ අනිත්‍ය යම් මට්ටමකට දැකපු නිසයි චූල-සෝතාපන්න වෙන්නෙ. ඔයාට මෙතනින් වත් යම් පැහැදිලි වීමක් වෙයිද දන්නෑ.
දැන් ඔය "ප්‍රඥාව" පර්ෆෙක්ට් කරගෙන අනිත්‍ය දකින කතාවට මේ සූත්‍රය දාලා බලන්නකො.
සික්ඛාත්තය සූත්‍රය
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම
ශීලය සම්පූර්ණ කරන්නේ වේද, සමාධිය එක්තරා ප්‍රමාණයකින් කරන්නේ වේද, ප්‍රඥාව එක්තරා ප්‍රමාණයකින් කරන්නේ වේද, හෙතෙම යම් කුඩා, අනුකුඩා ශික්ෂාපද වෙයිද, ඒ ශික්ෂාපදයන්ගේ වරදට පැමිණෙන්නේද වෙයි. වරදින් නැගී සිටින්නේද වෙයි. ඊට හේතු කවරේද?
“මහණෙනි, මෙහි මාර්ග ඵලයන්ට නුසුදුසු බව නොකියන ලදී. මහණෙනි, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට සුදුසුවූ, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ, යම් ඒ ශික්ෂාපද කෙනෙක් වෙත්ද, එහි නිත්‍ය සිල් ඇත්තේ වෙයිද, පිහිටි සිල් ඇත්තේ වෙයිද, ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මෙයිද, හෙතෙම
සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, මාර්ග නියාමයෙන් නියතවූ, මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ, සෝවාන්වූවෙක් වෙයි.
එතකොට සෝතාපන්නයා මේ ශාසනයේ සමාධිය සහ ප්‍රඥාව පර්ෆෙක්ශන් එකට අරගත්ත කෙනෙක් නෙමෙයි. සෝතාපන්න කෙනාගෙත් ප්‍රඥාව පර්ෆෙක්ට් නැහැ කියනවනං ඊට කලිං තැන ගැන කුමන කතාද...

ආන්න ඒකමයි මේ ආයෙ ආයෙ කියන්නෙ. ප්‍රඥාව පර්ෆෙක්ශන් කරන්න ඉන්න එපා. ඒක වැඩෙයි මාර්ගය වඩනකොට.
"සෝතාපන්න නොවී අනිච්චානුපස්සනාව වඩන්න බැහැ" කියන මතයට බහින්න එපා කියන එකයි මේ කියන්නෙ. අනිච්චානුපස්සනාව පිරිසිදු වෙවී ඉදිරියට යාවි.
මේ ටික ලිව්වෙ මම අහපු කියවපු දෙවල් වලින් හදාගත්ත මොඩල් එක අනුව. මට තෙරෙන විදිහ බොහෝ දුරට නිවරදි දර්මය නොවෙන්න පුලුවන්. එක නිසා නොපකිලවම මගෙ වරදි තෙරුම් ගැනිම් පෙන්වන්න. මගෙ මතය ඔබගෙ මතයට වඩිය නිවරදි බව ඔප්පු කරීමෙ අභිලාශයක් නැත. ඔබ දමු පොස්ට් වලින් ඉගෙන ගෙන අතිදේ බොහොමයි.
සතුටුයි හුවමාරුවට. වැරදි පෙන්වනවට වඩා මට ඕනෙ "ප්‍රායෝගිකව" භාවනාව ජීවිතයට එකතු කරගන්න පොලොඹවන්න. රහත්වෙන තෙක් අපි හැමෝටම තියෙන්නෙ විවිධ මත. අපි කවුරුත් සංසාරය දුකයි දුකයි කීවට ඒක ප්රත්යක්ෂව නොදැනයි දුකයි දුකයි කියන්නෙ. ඒ බුදුන් කියූ චතුරාර්ය සත්‍ය (දුක) පැහැදිලිව දන්නේ රහතන් වහන්සේයී. ඒ තත්වයට පත්වීමට නම් සතර සතිපට්ඨානය වැඩිය යුතුයි. ආන්න ඒකයි පෙලඹෙනවා නම් ඒ ඇති.
