මාන 4 හා වෙනස් වීම

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113
    මේක ඉන්ටෙරෙස්ටින්ග්...

    මනසෙන් හිතනවා නෙමෙයි. දැනගන්නවා. ඒක කරන්නෙ මෙහෙමයි. සාරිපුත්‍ර හාමුදුරුවො නාමරූප විග්‍රහ කරද්දි ප්‍රකාශ කරනවා නේද නාම කියන්නෙ "වේදනා, සංඥා,චේතනා,ඵස්ස,මනසිකාර" කියලා. ආන්න ඒ ධර්ම පහෙන් අන්තිම එක තමා විපස්සනා භාවනා යෝගියා භවිතයට ගන්නෙ.

    මනසින් දැනගන්නව කියන්නෙ මොන චයිතසිකයෙන් ද ඒක වෙන්නෙ?

    "සාරිපුත්‍ර හාමුදුරුවො නාමරූප විග්‍රහ" මේකෙ රෙෆෙරෙන්ස් ලින්ක් එකක් තියෙනවද?

    විඥ්ඥාන වීමක් කියන්නෙ නාමරූපයාගේ හට ගැනීමක් කියන එක දන්නවානෙ අපි. ඒ කියන්නෙ අර කරුණු පහ හටගන්නවා කියන එක. රූප පේනවා කියන්නෙ ඒ පහේ හට ගැනීම. ඉතින් බුදුන් අපිට කියන්නෙ ඒ පහෙන් එකක් වුන මනසිකාරය "නුඹලාගේ පිහිටලා තියෙන්නෙ අයෝනිසවයි, ඒක යෝනිසෝ බවට හරවගන්න උත්සහ කරන්න සහ හරවගන්න කියලා. මනසිකාරය යෝනිසෝ (නිවැරදි දැනගැනීම, හටගන්නා තැනම දැනගැනීම , හටගැනීමත් එක්කම දැනගැනීම, හටගත් ආකාරයටම දැන ගැනීම) කරගන්න එකයි කරන්නෙ. එහෙමයි ඒ ඒ ඇතිවන නාම රූපය (විඥ්ඥාණය) ඒ ඒ මොහොතෙම විනිවිද දකින්නෙ.

    එතකොට ප්‍රජ්නා චයිතසිකය මෙකට සෙට් වෙන්නෙ කොහොම්ද?

    එහෙම ලිටරල් ඉන්ටර්පිටේශන් එකකට ගියොත්, එතන පටිඝ, අරූප රාග සහ දිට්ඨි නැහැ නේද ? ඔය කියන කාරණය සහේතුක මදියි නේද එතකොට...ඒ කොහොම වෙතත් අනිච්ච සංඥා සූත්‍රයේ සඳහන් විදිහට, අනිත්‍ය සංඥාව කෙසේ වැඩූ විටද සියලු සියලු කාම,රූප, භවරාගත්, අස්මියත් අවිද්‍යාවත් දුරු කරනවා කියලා තියෙන්නෙ ?

    එහෙම බලන්නත් පුලුවන්. අදහසක් තියෙනවද සමහර සන්යොජන කියල නත්තෙ කියල?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    අදහසක් විදිහට කියවලා බලන්න . අල්ලන්නෙ නැත්නම් අතහැරලා දාන්න.

    1. නිවන නොවීමක් කියලා අවබෝධය තියෙනවා නම්. නිවන වීමක්,ලැබීමක් ,state එකක්, ලබාගන්න දෙයක්, යන්න පුලුවන් තැනක්, achievement එකක් කියන වැටහීම් වල අවුල දන්නවා. එහෙම කෙනෙක් ලැබීමක් තුල හිර වෙන්නෙ නෑ. ඔය අවබෝධය නැත්නම් මොකක් හෝ ලැබෙනවා. උපරිම උපෙක්ෂාව, god consciousness , වගෙ spiritual achievement එකක් හම්බෙන්නවා. ඉතින් දැනගෙන යන්න ඕන. නොවීම භාවනාවට කලින් හම්බෙන්න පුලුවන් ,මග වඩන කොට කාගෙන් හරි අහලා දැනගන්න පුලුවන් .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේක ඉන්ටෙරෙස්ටින්ග්...මනසින් දැනගන්නව කියන්නෙ මොන චයිතසිකයෙන් ද ඒක වෙන්නෙ?

    "සාරිපුත්‍ර හාමුදුරුවො නාමරූප විග්‍රහ" මේකෙ රෙෆෙරෙන්ස් ලින්ක් එකක් තියෙනවද?

    චෛතසික කිව්වෙ අභිධර්ම ක්‍රමයට බැලුවහොත් ද? අභිධර්මය ගැන මගේ දැනුම අල්පයි. නමුත් මට මතකයි අභිධර්මයේ තිබෙනවා සර්ව චිත්ත සාධාරණ චෛතසික කියලා හතක්. ඒ හතේ මනසිකාරයද ඇතුලුව ඔය උඩ පහම සඳහන් වෙනවා.

    මම දන්න ක්‍රමයට කිවහොත්, ඔය පහේ ක්‍රියාකාරීත්වයට (රූපද ඇතූලත්ව) වෙන්න ඕනෙ "දැනගන්නවා" කියන්න සංකීර්ණ ක්‍රියාවලිය ඇතුලත් වෙන්නෙ. මොකද අපි හඳුනන තාක් හඳුනන්නෙ නාම රූප නිසා.

    සම්මාදිට්ඨි සූත්‍රය.

    ඇවැත්නි නාමරූප කවරේද?.................

    වේදනා (විඳීම) ය, සංඥා (හැඟීමය) ය, චෙතනා (මෙහෙයීම) ය, ස්පර්ශ (ගැටීම) ය, මනසිකාර (මෙනෙහිකිරීම) ය යන මේ ධර්ම ඇවැත්නි, නාමයයි කියනු ලැබේ. මහා භූත රූප හතර (පස් දිය ගිනි සුළං) ද ඒ සතර මහා භූතයන් නිසා පවත්නාවූ උපාදාය රූපද යන මෙය ඇවැත්නි, රූපයයි කියනු ලැබේ.

    එතකොට ප්‍රජ්නා චයිතසිකය මෙකට සෙට් වෙන්නෙ කොහොම්ද?

    ඒ මොකක්ද කියලාවත් මම දන්නෙ නැහැ.

    එහෙම බලන්නත් පුලුවන්. අදහසක් තියෙනවද සමහර සන්යොජන කියල නත්තෙ කියල?

    ලොකු අදහසක් නැහැ. සිංහල අටුවාව බැලුවා නමුත් ඒක සංක්ශිප්තවයි තියෙන්නෙ. නමුත් ඉහත සතිපට්ඨාන සූත්‍ර උදාහරණයෙන් "බණ අසා සෝවහන් වී පසුව භාවනා කරනවා" කියන මතය දුරුවුනා හෝ අඩාල උනා කියලා හිතනවා.

    එහෙම බණ අසන මොහොතොදි සෝතාපන්න වූ අය අප්‍රමාණයි. නමුත් ඒ අය සසරභාවිත හිත තිබුණු අය. අපට සසර භාවිත හිත තියනවාද නැද්ද කියලා බලන්න බණ අසන ගමන් අපි අපේ විවිධ මත පැත්තකට තියලා බුදුන් කියන විදිහට භාවනාත් කරලා බලන එක නුවණට හුරුයි කියලා හිතනවා. මොකද භාවිත හිත තිබ්බොත් ගමන වේගවත්, භාවිත හිත නොතිබුනොත්, භාවනා කරන මොහොතක් මොහොතක් පාසා ඒ අඩුපාඩුව සකස්වෙනවා. එතකොට කොහොම කලත් දිනුම්...:coffee:
     
    Last edited:
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113
    චෛතසික කිව්වෙ අභිධර්ම ක්‍රමයට බැලුවහොත් ද? අභිධර්මය ගැන මගේ දැනුම අල්පයි. නමුත් මට මතකයි අභිධර්මයේ තිබෙනවා සර්ව චිත්ත සාධාරණ චෛතසික කියලා හතක්. ඒ හතේ මනසිකාරයද ඇතුලුව ඔය උඩ පහම සඳහන් වෙනවා.

    මමත් ලොකුවට අභිදර්මය දන්නෙ නෑ. ඔව් ඒ හත සෑම සිතක් එක්කම ඇති වෙන චයිතසික 7ක්.

    මම දන්න ක්‍රමයට කිවහොත්, ඔය පහේ ක්‍රියාකාරීත්වයට (රූපද ඇතූලත්ව) වෙන්න ඕනෙ "දැනගන්නවා" කියන්න සංකීර්ණ ක්‍රියාවලිය ඇතුලත් වෙන්නෙ. මොකද අපි හඳුනන තාක් හඳුනන්නෙ නාම රූප නිසා.

    මම දන්න විදිහට දනගන්නව කියන්නෙ අදාල විජ්ජනය අති වීම. හැබයි මොන මට්ටමකට දන ගන්නවද කියල තීරනය වෙන්නෙ අදල චයිතසික අනුව.

    සම්මාදිට්ඨි සූත්‍රය.

    ඇවැත්නි නාමරූප කවරේද?.................

    වේදනා (විඳීම) ය, සංඥා (හැඟීමය) ය, චෙතනා (මෙහෙයීම) ය, ස්පර්ශ (ගැටීම) ය, මනසිකාර (මෙනෙහිකිරීම) ය යන මේ ධර්ම ඇවැත්නි, නාමයයි කියනු ලැබේ. මහා භූත රූප හතර (පස් දිය ගිනි සුළං) ද ඒ සතර මහා භූතයන් නිසා පවත්නාවූ උපාදාය රූපද යන මෙය ඇවැත්නි, රූපයයි කියනු ලැබේ.

    මම දන්න විදිහට මෙතන මනසිකරය ගැන ටිකක් ටෙක්නිකලි කතා කලොත්, ලබෙන අරමුන හරියට ච්යිතසික වලට යොමු කරන්නෙ චිත්ත විතිය සන්දහා මනසිකරය මගින්.

    අසට රුපයක් වටෙනකොට භවන්ග චලන/උපච්චෙද වෙලා පන්චද්වාර අවර්ජන චිත්තය අතිවෙනව. මනසිකරය අති වෙන්නෙ මෙතනදි. මෙන්න මේ මනසිකරය උදව් වෙනව ච්ත්ත වීදිය ජවන් සිත් හරහා ගමන් කරන්න.

    කෙනෙක් ඉන්න පුලුවන් ඇස අරගෙන ටීවී එක බලගෙන, හබයි ඉස්සරහින් කවුරුත් ගියත් දන්නෙ නෑ මොකද ඒ අරමුනට අදල මනසිකරය හරියට සිදු නොවීම නිසා. කෙනෙක් බාගෙට නිදාගෙන ඉන්නකොට රුපයක් සවිජ්ජනක අසකට වටුනත් ඊට අදල සිත් අති නොවෙන්න හෙතුවත් මෙ මනසිකාර චයිතසිකයෙ ක්‍රියකරිත්වය නිසා.

    කෙනෙකුට අසට යම්කිසි රුපයක් වටුනොත් ඒක රග සිත් පරම්පරවකට යොමු කරන්නෙත් (අයොනිසෝ) නතිනම් එසේ යා නොදි මුලුක රුපය පිලිබන්දම අටෙන්ශන් එක තියාගන්නෙත් (යොනිසෝ මෙ මනසිකාර චඉතසිකය උදව්වෙන්. ඒකයි ඒක එතරම් වදගත්. හබයි මනසිකර චයිතසිකයෙන් අනිච්ච හන්දුනගන්න බෑ.

    ඒ මොකක්ද කියලාවත් මම දන්නෙ නැහැ.

    ඉහත කිව්ව මනසිකරය මගින් ලොක් කරපු අරමුනට අදල අනිච්ච දර්මතවය හන්දුනාගන්නෙ මෙ ප්‍රජ්නා චය්ටසිකයෙන්. ඒ සදහා කෙනෙකුට ප්‍රජ්නා චඉටසිකය ඉන්ද්‍රිය මට්ටමට වැඩිය යුතුයි. අර්යශ්ටන්ගික මර්ගයෙන්ම කියවෙන්නෙ ඕක වඩන හැටි තමයි. (සීල->සමාදි->ප්‍රජ්නා). අර එවිජෙසෙකර මහත්තය කිව්ව විඩිහට කෙනෙකු එක පාරට රුපයක් දිහා බලල අනිච්ච සන්නව වඩන්න බැරි ඔය තුන වර්දනය වෙන්න ඕනි මට තෙරෙන විදිහට. මොකද ප්‍රජ්නවෙන් තොර අනිච්චක් ගැන කත කරන්න බෑ.

    ලොකු අදහසක් නැහැ. සිංහල අටුවාව බැලුවා නමුත් ඒක සංක්ශිප්තවයි තියෙන්නෙ. නමුත් ඉහත සතිපට්ඨාන සූත්‍ර උදාහරණයෙන් "බණ අසා සෝවහන් වී පසුව භාවනා කරනවා" කියන මතය දුරුවුනා හෝ අඩාල උනා කියලා හිතනවා.

    "බණ අසා සෝවහන් වී පසුව භාවනා කරනවා", මේ මතයෙ මම නෑ. හබයි ඔන කෙනෙකුට අනිච්ච සන්නව වඩන්න පුලුවන් කියන මත්යෙත් මම නෑ. ස්තිපට්ටානයයි අනිච්ච සන්නවයි එක සමාන නෑ. පෘටක්ජන බවයෙන් පටන්ගෙන දම්මනුපස්සනවට එනකොට මට තෙරෙන විඩිහට පජ්නා චයිටසිකය වර්දනය වෙලා තියෙන්නෙ, එක නිසයි දම්මනු පස්ස්නව වඩන්න පුලුවන් වෙන්නෙ, ඒ කියන්නෙ ඊ වෙනකොට ටෙක්නිකලි සොවන් වෙලා ඉවරයි දම්මනු පස්සනව වඩනකොට. අනිච්ච සන්නව කියන්නෙ සතිපට්ටන භවනවෙ අන්තිම වගෙ (දම්මනුපස්සනව ). ඒ කියන්නෙත් ටෙක්නිකලි අනිච්ච් සන්නව වඩන්නෙ සොවන් උන කෙනා.

    ps.

    මේ ටික ලිව්වෙ මම අහපු කියවපු දෙවල් වලින් හදාගත්ත මොඩල් එක අනුව. මට තෙරෙන විදිහ බොහෝ දුරට නිවරදි දර්මය නොවෙන්න පුලුවන්. එක නිසා නොපකිලවම මගෙ වරදි තෙරුම් ගැනිම් පෙන්වන්න. මගෙ මතය ඔබගෙ මතයට වඩිය නිවරදි බව ඔප්පු කරීමෙ අභිලාශයක් නැත. ඔබ දමු පොස්ට් වලින් ඉගෙන ගෙන අතිදේ බොහොමයි.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මමත් ලොකුවට අභිදර්මය දන්නෙ නෑ. ඔව් ඒ හත සෑම සිතක් එක්කම ඇති වෙන චයිතසික 7ක්. මම දන්න විදිහට දනගන්නව කියන්නෙ අදාල විජ්ජනය අති වීම. හැබයි මොන මට්ටමකට දන ගන්නවද කියල තීරනය වෙන්නෙ අදල චයිතසික අනුව.

    මටත් අභිධර්මය ගැන ඉදිරියට කතාකරන්න අපහසුයි දන්නෙ නැතිව. ධර්මය විග්‍රහ කරන්න සූත්‍ර ක්‍රමයයි අභිධර්ම ක්‍රමයයි කියලා දෙකක් තිබෙනවා. මනසිකාර "චෛතසික" කතාවක් ගන්න එපා. මනසිකාරය ගන්න. මම පැහැදිලි කරන්නෙ මනසිකාර "චෛතසිකය" නෙමෙයි මනසිකාරය. (උඩ කියපු ක්‍රම දෙකෙන් දෙවෙනියට කියපු ක්‍රමය) මම ප්‍රිය කරන්නෙ, පුරුදු වෙලා තියෙන්නෙ. මට කතාකරන්න පුලුවන් ඒ ඔස්සේ...මගේ සමහරක් ගුරුවරු "අභිධර්ම මාස්ටර්ලා". රේරුකාණේ හාමුදුරුවන්ගෙ සඟ පරපුර. නමුත් මට අද වෙනකං එකදු අභිධර්ම වචනයකින් කමටහන් දීලා නෑ.

    කෙනෙකුට අසට යම්කිසි රුපයක් වටුනොත් ඒක රග සිත් පරම්පරවකට යොමු කරන්නෙත් (අයොනිසෝ) නතිනම් එසේ යා නොදි මුලුක රුපය පිලිබන්දම අටෙන්ශන් එක තියාගන්නෙත් (යොනිසෝ මෙ මනසිකාර චඉතසිකය උදව්වෙන්. ඒකයි ඒක එතරම් වදගත්. හබයි මනසිකර චයිතසිකයෙන් අනිච්ච හන්දුනගන්න බෑ.

    ඉහත කිව්ව මනසිකරය මගින් ලොක් කරපු අරමුනට අදල අනිච්ච දර්මතවය හන්දුනාගන්නෙ මෙ ප්‍රජ්නාචය්ටසිකයෙන්. ඒ සදහා කෙනෙකුට ප්‍රජ්නා චඉටසිකය ඉන්ද්‍රිය මට්ටමට වැඩිය යුතුයි. අර්යශ්ටන්ගික මර්ගයෙන්ම කියවෙන්නෙ ඕක වඩන හැටි තමයි. (සීල->සමාදි->ප්‍රජ්නා).
    අර එවිජෙසෙකර මහත්තය කිව්ව විඩිහට කෙනෙකු එක පාරට රුපයක් දිහා බලල අනිච්ච සන්නව වඩන්න බැරි ඔය තුන වර්දනය වෙන්න ඕනි මට තෙරෙන විදිහට. මොකද ප්‍රජ්නවෙන් තොර අනිච්චක් ගැන කත කරන්න බෑ.

    යොනිසොමනසිකාර සම්පදා එකධම්ම සූත්‍රය

    “මහණෙනි, යම් ධර්මයක් හේතුකොටගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, යම් ඒ උපාය මානසිකාර සම්පත්තියක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි.

    දැන් ඉහත සූත්‍රයේ බුදුන් කියනවා නිවැරදි (යොනිසෝ) මනසිකාරය තුලින් ආර්ය වූ අෂ්ටාංගික මාර්ගය උපදිනවා, වර්ධනය වෙනවා සහ සම්පූර්ණ වෙනවා කියලා. ඔබතුමා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා කියන්නෙ ප්‍රඥාව ඉන්ද්‍රිය, බල, බොජ්ජංග යනාදී ලෙස වර්ධනය වෙනවා කියලා. ඉදින් එතකොට යෝනිසෝ මනසිකාරයනෙ මූලිකව ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ ?

    මනසිකාරය තමා පුරුදු කරන දේ. ඒ තුලින් ඉන්ද්‍රිය සකස්වෙලා, ඒවා බල වෙලා බොජ්ජංග බවට සකස්වෙලා අවසාන කෘත්‍ය කරයි. නූපන්නාවූ ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදදවන්නෙ යෝනිසෝ මනසිකාරයෙන්, වඩවන්නෙත් යෝනිසෝ මනසිකාරයෙන්, පරිපූර්ණ බවට පමුණුවන්නෙත් මනසිකාරයෙන් කියලා බුදුන් කියනවා නම් අපි තව මොනවා කියන්නද.

    යෝනිසෝ මනසිකාරය කලක් පුරුදු කරනකොට අනිච්ච සංඥාවත් ක්‍රම ක්‍රමයෙන් වඩ වඩාත් පිරිසිදුව/වෙනස් වෙනස් ආකාර දකිමින් දියුණු වෙනවා. ඔව් රූපය දිහා බලපු ගමන් අනිච්ච සංඥාව නියමම ආකාරයෙන් වැඩෙයි කියලා නම් කියන්න බෑ. නමුත් උත්සහ කරන්නෙ අනිච්ච සංඥාව වඩන්න තමා. වඩනවා කියන්නෙ ටික ටික දියුණු වෙනවා කියන එක මිසක්ක එකපාරට බල්බ් එකක් පත්තු උනා 💡 වගේ එකක් නෙමෙයි නෙ. ඒකතමයි ඊවිජේසේකර ප්‍රකාශ කලේ මම හිතන්නෙ. නැති කෙනෙකුට බෑ කීවොත් කවදාවත් බෑ තමා. ඒකතමා පර්ෆෙක්ශන් එක ගැන වද වෙන්න එපා කීවෙ.

    "බණ අසා සෝවහන් වී පසුව භාවනා කරනවා", මේ මතයෙ මම නෑ. හබයි ඔන කෙනෙකුට අනිච්ච සන්නව වඩන්න පුලුවන් කියන මත්යෙත් මම නෑ. ස්තිපට්ටානයයි අනිච්ච සන්නවයි එක සමාන නෑ. පෘටක්ජන බවයෙන් පටන්ගෙන දම්මනුපස්සනවට එනකොට මට තෙරෙන විඩිහට පජ්නා චයිටසිකය වර්දනය වෙලා තියෙන්නෙ, එක නිසයි දම්මනු පස්ස්නව වඩන්න පුලුවන් වෙන්නෙ, ඒ කියන්නෙ ඊ වෙනකොට ටෙක්නිකලි සොවන් වෙලා ඉවරයි දම්මනු පස්සනව වඩනකොට. අනිච්ච සන්නව කියන්නෙ සතිපට්ටන භවනවෙ අන්තිම වගෙ (දම්මනුපස්සනව ). ඒ කියන්නෙත් ටෙක්නිකලි අනිච්ච් සන්නව වඩන්නෙ සොවන් උන කෙනා.

    "වඩනවා, වැඩෙනවා, පරිපූර්ණත්වයට පැමිණෙනවා" කියන වචන ටිකේ පටලැවිල්ලක් ඔය තිබෙන්නෙ මට තේරෙන විදිහට. ටෙක්නිකලි සෝවාන් වෙලා ඉවරයි කියන එක අධර්මයක් මම හිතන්නෙ. පරිපූර්ණ වෙච්ච සතර සතිපට්ඨානයමයි මගඵල දෙන්නෙ. ඒක ධර්මනුකූල නැහැ.

    ඔයා ඔය කියන කතාව වෙන අර්ථයකින් ධර්මයේ එකතැනක සඳහන් වෙනවා චූල-සෝතාපන්නයා කියලා. මේක මාර්ගඵලයක් නෙමෙයි. ඒ සඳහා ගමන සිද්ද වෙනවායි කියන එකක්. ටෙක්නිකලි සෝතාපන්නත් නෙමෙයි, ඊට පහල තැනක්. ඒක තමා විසුද්ධි මාර්ගයෙ සඳහන් වෙන්නෙ. මට මතක විදිහට කංකාවිතරණ විශුද්ධිය ලැබූ පුද්ගලයා චූල-සෝතාපන්න ලෙස සඳහන් වෙනවා. උදය-වය කියන, ඇතිවීම නැතිවීම (අනිත්‍ය) "සරල මට්ටමකින්" දැකීම කරපු කෙනෙක්. එයාට තව පසු කරන්න ඥාන බොහොමයක් තිබෙනවා. ඒ නිසා සෝතාපන්නයෙක් නොවෙයි. එයත් හැබැයි අනිත්‍ය යම් මට්ටමකට දැකලා තියනවා නමුත් ප්‍රඥාව සම්පූර්ණ වෙලා නැහැ. ඒ අනිත්‍ය යම් මට්ටමකට දැකපු නිසයි චූල-සෝතාපන්න වෙන්නෙ. ඔයාට මෙතනින් වත් යම් පැහැදිලි වීමක් වෙයිද දන්නෑ.

    දැන් ඔය "ප්‍රඥාව" පර්ෆෙක්ට් කරගෙන අනිත්‍ය දකින කතාවට මේ සූත්‍රය දාලා බලන්නකො.

    සික්ඛාත්තය සූත්‍රය

    මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශීලය සම්පූර්‍ණ කරන්නේ වේද, සමාධිය එක්තරා ප්‍රමාණයකින් කරන්නේ වේද, ප්‍රඥාව එක්තරා ප්‍රමාණයකින් කරන්නේ වේද, හෙතෙම යම් කුඩා, අනුකුඩා ශික්‍ෂාපද වෙයිද, ඒ ශික්‍ෂාපදයන්ගේ වරදට පැමිණෙන්නේද වෙයි. වරදින් නැගී සිටින්නේද වෙයි. ඊට හේතු කවරේද?

    “මහණෙනි, මෙහි මාර්‍ග ඵලයන්ට නුසුදුසු බව නොකියන ලදී. මහණෙනි, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවට සුදුසුවූ, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ, යම් ඒ ශික්‍ෂාපද කෙනෙක් වෙත්ද, එහි නිත්‍ය සිල් ඇත්තේ වෙයිද, පිහිටි සිල් ඇත්තේ වෙයිද, ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මෙයිද, හෙතෙම සංයෝජන තුනක් ක්‍ෂය කිරීමෙන් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, මාර්‍ග නියාමයෙන් නියතවූ, මතු මාර්‍ගත්‍රය පිහිටකොට ඇත්තාවූ, සෝවාන්වූවෙක් වෙයි.

    එතකොට සෝතාපන්නයා මේ ශාසනයේ සමාධිය සහ ප්‍රඥාව පර්ෆෙක්ශන් එකට අරගත්ත කෙනෙක් නෙමෙයි. සෝතාපන්න කෙනාගෙත් ප්‍රඥාව පර්ෆෙක්ට් නැහැ කියනවනං ඊට කලිං තැන ගැන කුමන කතාද...:coffee:ආන්න ඒකමයි මේ ආයෙ ආයෙ කියන්නෙ. ප්‍රඥාව පර්ෆෙක්ශන් කරන්න ඉන්න එපා. ඒක වැඩෙයි මාර්ගය වඩනකොට. "සෝතාපන්න නොවී අනිච්චානුපස්සනාව වඩන්න බැහැ" කියන මතයට බහින්න එපා කියන එකයි මේ කියන්නෙ. අනිච්චානුපස්සනාව පිරිසිදු වෙවී ඉදිරියට යාවි.

    මේ ටික ලිව්වෙ මම අහපු කියවපු දෙවල් වලින් හදාගත්ත මොඩල් එක අනුව. මට තෙරෙන විදිහ බොහෝ දුරට නිවරදි දර්මය නොවෙන්න පුලුවන්. එක නිසා නොපකිලවම මගෙ වරදි තෙරුම් ගැනිම් පෙන්වන්න. මගෙ මතය ඔබගෙ මතයට වඩිය නිවරදි බව ඔප්පු කරීමෙ අභිලාශයක් නැත. ඔබ දමු පොස්ට් වලින් ඉගෙන ගෙන අතිදේ බොහොමයි.

    සතුටුයි හුවමාරුවට. වැරදි පෙන්වනවට වඩා මට ඕනෙ "ප්‍රායෝගිකව" භාවනාව ජීවිතයට එකතු කරගන්න පොලොඹවන්න. රහත්වෙන තෙක් අපි හැමෝටම තියෙන්නෙ විවිධ මත. අපි කවුරුත් සංසාරය දුකයි දුකයි කීවට ඒක ප්‍රත්‍යක්ෂව නොදැනයි දුකයි දුකයි කියන්නෙ. ඒ බුදුන් කියූ චතුරාර්‍ය සත්‍ය (දුක) පැහැදිලිව දන්නේ රහතන් වහන්සේයී. ඒ තත්වයට පත්වීමට නම් සතර සතිපට්ඨානය වැඩිය යුතුයි. ආන්න ඒකයි පෙලඹෙනවා නම් ඒ ඇති.🧘‍♂️
     
    Last edited:
    • Like
    Reactions: ek_rosh

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    නිකමට කියවලා බලන්න

    2. නිවන = ප්‍රපංචයන්ගෙ නොවීම, පංචස්කන්ධය නොවිම . මම හා ලෝකයෙ නොවීම.
    මෙ පෙන්නන්න හදන්නෙ එක එක කෝණ වලින් එකම සිද්ධිය .

    3. අපෙ සියලු දැනුම (ගණිතය ,විද්‍යාව ) ප්‍රපංච කියලා ගන්න පුලුවන් . ප්‍රපංච හිස්, ඇත්තටම නැති දේවල් කියලා විස්තර වෙන්නෙ. ඒ හිස් ස්වාභාවය එක්ක බැලුවොත් සියලු රැකියා මිච්චා ආජීව .බ්‍රහ්මජාල සූත්‍රය , පොට්ටපාද සුත්‍රය තියෙන්නේ ඒ කෝණයට. හිස් බව අවබෝධ කෝණයට.
    ධර්මයත් අතහැරෙන්න ඕන කියලා තියෙන්නේ ඔය කෝණයට, ධම්මජීව ස්වාමීන්වහන්සේ ඉණි මගට පයින් ගහන්න කියන්නෙ එතැනට .හැබැයි කලින් පයින් ගැහැව්වොත් ඉවරයි . මොකද ධර්මය තමා ගොඩ යන්න තියන එකම විදිහ.
     
    inb4 ewijesekara say "සනිකෙට ආයෙත් නැත කියන අන්තෙට වැටුන නේද මහත්තයෝ" ;-):-D

    බට් සීරියස්ලි, ඔබතුමා නැත කියන අන්තයට වැටෙනවා ද මන්දා. මට පැහැදිලි නැහැ හරියටම මොකද අන්තිමට කලින් ඉනිමගට පයින් ගහන්නත් එපා කියන නිසා. නමුත් "නිවන = පංචස්කන්ධයේ නොවීම, ඇත්තටම නැති දේවල්" වගේ ඒවා දැක්කම එහෙම හිතෙනවා. ඕක ඔය ඇත කියන අන්තෙ පැලපදියම් වෙච්ච අයට තේරුම් කරන්න රෙටොරික් එකක් විදිහට හොඳයි නමුත් හැබැයි ඒ ගමන්ම ඒ අයට සඳහන් කරන්න ඕනෙ නැත කියලා කියන්නත් බැහැ බව. (මේක අර එක්තරා "රහතෙක්" කිව්වා වගේ අනිත්‍යට නිත්‍ය දානවා නිත්‍යට අනිත්‍ය දානවා, දාලා මැදට ගන්නවා වගේ කතාවක් නෙමෙයි")

    දිසා කාකයා පෙනෙන දිවයිනට යන්නත් ඕනෙ, කන්ද නගින්න උදව් වුන ඉනිමට පයින් ගහන්නත් ඕනෙ, මේ කන්දේ තිබෙන වැලේ එල්ලිලා එහා කන්දට පනින්නත් ඕනෙ. රිට පොලවට තියලා මහා පිම්මක් පනිනකොටම රිට අතාරින්නත් ඕනෙ. ඒ නිසා ඇත කියන්නවත්, නැත කියන්නවත් නොගිහින් හේතූන් ඇතිවිට තිබෙන දෑ හේතූ භංගයෙන් නිරෝධවෙනවා කියන පැත්තෙන් බැලීම තමා වටින්නෙ.

    එතකොට තමා පයින් ගහන්න පුලුවන් වෙන්නෙ. වැල අතෑරගන්න පුලුවන් වෙන්නෙ, රිට බය නැතිව අතාරින්න හිත හැදෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara

    ඇත්තටම "නැත" අන්තෙ ඉන්න කෙනෙක්ට මෙ discussion එක කරන්න බෑ. ඇයි එයාට කාත් එක්ක වත් කතා කරල වැඩක් නෑ. ඔබතුමා කියන්නෙ "ලෝකයක්" නැත කියන එකද? ලෝකයක් කියන කොටම ඒක ඇත අන්තය ,සංකල්ප වලින් නෑ කියලා කියන්න. නොවිම කියන්නෙ ඔබතුමා නිවන කියලා විස්තර කරපු එක . ප්‍රපංච හිස් කියලා පිලිගන්න අමාරුයි තමා . හිස් කියලා අවබෝධයි නම් අපි මහණ වෙලානෙ.

    හේතුන් "ඇති" විට කියන කොටත් කෙනෙක්ට හිතන්න පුලුවන් ඇත අන්තය හරියටම දන්නෙනෑ කියලා (හිත් කියවන්න බෑනේ )
    ඇත නැත කියන එක අවිද්‍යාව (හේතු) වලටත් අදාල වෙන්න පුලුවන්
     
    මේ කියලා තියෙන එක මට තේරෙන්නෙ නැහැ. මට ඉහත රිප්ලයි එකෙන් ඔයා කියන්න හදන කොහිරන්ට් "අදහස" තේරුම් ගන්න අපහසුයි.

    මෙන්න මේක මට පහදලා දෙන්නකො.

    ඇයි "නිවන = පංචස්කන්ධයේ නොවීම" කියන්නෙ කියලා?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    පංචස්කන්ධය මම තේරුම් අරන් තියන විදිහට මෙ අපෙ live experience එක. නිවන කියන එක වචන වලට ගේන්න අමාරුයි . Live experience එකට ප්‍රතිවිරුද්ධ බව වගෙ කිව්වොත් .

    පංචස්කන්ධය මම තේරුම් අරන් තියන විදිහට මෙ අපෙ live experience එක. නිවන කියන එක වචන වලට ගේන්න අමාරුයි . Live experience එකට ප්‍රතිවිරුද්ධ බව වගෙ කිව්වොත් .
    Live experience එක හදන්න තියන හැකියාවත් ඇතුලුව .
    ------ Post added on May 7, 2022 at 12:19 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පංචස්කන්ධය මම තේරුම් අරන් තියන විදිහට මෙ අපෙ live experience එක. නිවන කියන එක වචන වලට ගේන්න අමාරුයි . Live experience එකට ප්‍රතිවිරුද්ධ බව වගෙ කිව්වොත් .

    Live experience එක හදන්න තියන හැකියාවත් ඇතුලුව .
    ------ Post added on May 7, 2022 at 12:19 PM

    එතකොට රහතන් වහන්සේට "ලයිව් එක්ස්පීරියන්ස්" එකක් නැද්ද ?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    එතකොට රහතන් වහන්සේට "ලයිව් එක්ස්පීරියන්ස්" එකක් නැද්ද ?
    තියෙනවා හැබැයි එ හමුවීම/live experience එක හම්බෙන්නෙ හිස් බාවය එක්ක. පරිණිර්වානය දි තමා ලයිව් experience එක ඉවර වෙන්නෙ . රහතන්වහන්සේලා ගෙ live experience එක නැවත ඉපදීමෙ "හැකියාව" නෑ.
    Live experience එකෙන් තොර දෙයක් නෑ. මතකය, භාවනා experience , ධ්‍යාන . ධම්ම රූපයක් මුල් වෙන එක තමා වෙනස. රහතන්වහන්සේලාට විතරක් සමවැදෙන්න පුලුවන් ධ්‍යානයක් තියෙනවා ,ඒක ගැන නම් නම් දන්නෙනෑ .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    තියෙනවා හැබැයි එ හමුවීම/live experience එක හම්බෙන්නෙ හිස් බාවය එක්ක. පරිණිර්වානය දි තමා ලයිව් experience එක ඉවර වෙන්නෙ . රහතන්වහන්සේලා ගෙ live experience එක නැවත ඉපදීමෙ "හැකියාව" නෑ.
    Live experience එකෙන් තොර දෙයක් නෑ. මතකය, භාවනා experience , ධ්‍යාන . ධම්ම රූපයක් මුල් වෙන එක තමා වෙනස. රහතන්වහන්සේලාට විතරක් සමවැදෙන්න පුලුවන් ධ්‍යානයක් තියෙනවා ,ඒක ගැන නම් නම් දන්නෙනෑ .

    රහතන් වහන්සේලා පමණක් සමවදින සමාධියක් නම් මතකයට එන්නෙ නෑ. අෂ්ටසමාපත්තිලාභී අනාගාමී සහ රහත් උතුමන් නම් නිරෝධසමාපත්තියට සමවදිනවා කියලා තිබෙනවා. ඵලසමවතටත් සමවදින්න පුලුවන් ඒ ඒ අයට.

    රහතන් වහන්සේලාගේ සිතේ රාග,දෝෂ,මෝහ නම් සම්පුර්ණයෙන්ම නැතිවෙලා තිබෙන්නෙ.

    ඇත නැත දෙකටම බුදුහාමුදුරුවො නොබැස්සෙ ඇයි, අන්තවලට නොවැටී "ලෝකයක්" ගැන කතාකලේ ඇයි කියන එක ඉන්දියානු වෛදික චින්තන සම්ප්‍රදායට සාපේක්ෂව කතා කරන්න පුලුවන්. වෙලාවක් හම්බුනොත් ලියන්නම් (ප්‍රොෆෙසර් ඩේවිඩ් කලුපහනගෙ අදහස්) . ධම්මජීව හාමුදුරුවොත් මේ ගැන කතාකරනවා අපර්මොනස්ටරි සර්මන්ස් වලදි.
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    රහතන් වහන්සේලා පමණක් සමවදින සමාධියක් නම් මතකයට එන්නෙ නෑ. අෂ්ටසමාපත්තිලාභී අනාගාමී සහ රහත් උතුමන් නම් නිරෝධසමාපත්තියට සමවදිනවා කියලා තිබෙනවා. ඵලසමවතටත් සමවදින්න පුලුවන් ඒ ඒ අයට.

    රහතන් වහන්සේලාගේ සිතේ රාග,දෝෂ,මෝහ නම් සම්පුර්ණයෙන්ම නැතිවෙලා තිබෙන්නෙ.

    ඇත නැත දෙකටම බුදුහාමුදුරුවො නොබැස්සෙ ඇයි, අන්තවලට නොවැටී "ලෝකයක්" ගැන කතාකලේ ඇයි කියන එක ඉන්දියානු වෛදික චින්තන සම්ප්‍රදායට සාපේක්ෂව කතා කරන්න පුලුවන්. වෙලාවක් හම්බුනොත් ලියන්නම් (ප්‍රොෆෙසර් ඩේවිඩ් කලුපහනගෙ අදහස්) . ධම්මජීව හාමුදුරුවොත් මේ ගැන කතාකරනවා අපර්මොනස්ටරි සර්මන්ස් වලදි.
    නිරෝධ සමාපත්තිය කියන වචනය තමා එන්න ඕන. එක ධ්‍යානයකට වෙනස් තමා. රාග, ද්වෙශ, මෝහ නැති වන්නෙ දිඨ්ටි විපල්ලාසය නැති හින්ද .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නිරෝධ සමාපත්තිය කියන වචනය තමා එන්න ඕන. එක ධ්‍යානයකට වෙනස් තමා. රාග, ද්වෙශ, මෝහ නැති වන්නෙ දිඨ්ටි විපල්ලාසය නැති හින්ද .
    එහෙමනම්, රහතන් වහන්සේගෙ "live experience" එකේ "හිස් බාවයක් තිබෙන්නෙ" කියනවාට වඩා උන්වහන්සේලා තුල රාගයෙන් හිස්, ද්වේශයෙන් හිස් මෝහයෙන් හිස් යන්න කීවොත් වඩාත් උචිත නැද්ද?
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    එහෙමනම්, රහතන් වහන්සේගෙ "live experience" එකේ "හිස් බාවයක් තිබෙන්නෙ" කියනවාට වඩා උන්වහන්සේලා තුල රාගයෙන් හිස්, ද්වේශයෙන් හිස් මෝහයෙන් හිස් යන්න කීවොත් වඩාත් උචිත නැද්ද?
    උදාහරණයක් කියන්නම්.
    කෙනෙක් ඉන්නවා එයා විද්‍යාව මාරම ආසයි. ඒක ඇත්තම ඇත්ත කියලා හිතන් ඉන්නෙ . විද්‍යාවට විරුද්ධ ඒවා කිව්වාම තරහා යනවා. විද්‍යත්මක ඒවා කියවන්න මාරම ආසයි.
    හැබැයි ,උපකල්පනය කරන්න !!
    එක පාරටම එයාට විද්‍යාත්මක ක්‍රමයෙ මූලිකම සිද්ධාන්තයක වැරැද්දක් හම්බෙනවා, ඒ මූලික වැරැද්ද හින්ද විද්‍යාව ගැන 100% විශ්වාසය බිද වැටෙනවා. විද්‍යාව ගොන් පාට් එකක් වෙනවා එයාට.
    දැන් එයාට විද්‍යාව ගැන කවුරු හරි බැන්නා කියලා තරහා යන්නෙ නෑ, අලුතින් ඒවා ආවා කියලා වැඩකුත් නෑ.

    විද්‍යාව හිස් බාවයෙන් හම්බුන නිසා රාගය,ද්වෙශය අතහැරුනද? නැත්නම් රාගය ද්වෙශය නැති නිසා විද්‍යාව අතහැරෙනද? යමක් හිස් බාවයෙන් හම්බුනොත් තමා ආසාව නැති වෙන්නෙ.
    ලෝකය ,live experience එක හිස් බාවයෙන් හම්බුනහම ඉබේම රාග,ද්වෙශ මෝහය එන්න බැරුව යනවා
     
    උදාහරණයට එකඟයි නමුත් මම ප්‍රශ්නය ඇහුවෙ ඒක නෙමෙයි. මම ඇහුවෙ "හිස් භාවය කියන්නෙ මොකක්ද කියන එක වැඩිදුරටත් නිර්වචනය කරන්න" කියන එක. සරලවම කිවහොත් මොනවාගෙන්ද හිස් කියන එක.

    හිස්බව කීවහම ඒ හිස්බව කුමන හිස්බවක්ද කියන එක නිර්වචනය කරන්න අවශ්‍යයි. ඒකයි මම ඒ ප්‍රශ්නය ඇහුවෙ. මොකද හිස් කිව්වම කාටහරි හිතෙන්න පුලුවන් රහතන් වහන්සේට ඇහෙන්නෙ නෑ පේන්නෙ නෑ හිතෙන්නෙ නෑ කියලා. ඔබතුමා රිප්ලයි එකේ කරලා තියෙන්නෙ හිස්භාවය "ඇතිවුනේ ඇයි" කියන එක පැහැදිලි කරන්න. එක මමත් පිලිගන්නවා හිස් බවක් තියෙනවා කියලා. බුදුහාමුදුරුවො නිතර කියනවා වගේ "මුලින් සිඳින ලද තල්ගසක් මෙන්" තමා රහතන් වහන්සේගේ හිත. ගහක් පවතිනවා වගේ පෙනුනට මොකෝ මුල් ගලවලා ගහේ පැවැත්ම සදහටම ඉවර කරලා තිබෙන්නෙ. ඒවගේම හිස්බව ඇතිවෙන්න යථාභූතඥානදර්ශනය අත්‍යවශ්‍ය බවත් පිලිගන්නවා. නමුත් ඒ එකක්වත් මම අහපු ප්‍රශ්නයට අදාලා නැහැ. ඇයි හිස් උනේ ? කියන එක නෙමෙයි ඇහුවෙ. මොනවගෙන්ද හිස් උනේ ? කියන එකයි ඇහුවෙ.
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    මොනවගෙන් හරි හිස් වුනා කිව්වොත් වැරදි.
    කලින් උදාහරණයෙන්ම කියන්නම්. හැබැයි එහෙනම් නැද්ද කියලා හිතන්න පුලුවන් එකත් වැරදි . උදාහරණ වල තියන limitation එකක්.
    විද්‍යාව තුල මූලික සිද්ධාන්තයක වැරැද්දක් තියෙනවා නම් ඒක කොයිම වෙලාවකවත් විද්‍යාවක් ද? විද්‍යාවක් තිබිලා නැති උනා කියන එක වැරදි එතකොට (විද්‍යාවක් තිබිලා නෑ කියන එකත් වැරදි )
     
    • Like
    Reactions: Fiona Dabare

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මොනවගෙන් හරි හිස් වුනා කිව්වොත් වැරදි.කලින් උදාහරණයෙන්ම කියන්නම්. හැබැයි එහෙනම් නැද්ද කියලා හිතන්න පුලුවන් එකත් වැරදි .

    මෙතනට තමා මට එන්න අවශ්‍ය වෙලා තිබ්බෙ. ඔබතුමාව හිර කරන්න නෙමෙයි. ඔබතුමා කතා කරපු විදිහට ඔහොම දෙයක් කියයිදෝ කියන සැකය තිබ්බ නිසායි මම ඒ විදිහට ප්‍රශ්න කලේ. ධර්මය සාපේක්ෂයි නමුත් ප්‍රායෝගිකත්වයට මුල් තැන දිය යුතුයි.

    මහා වෙදල්ල සූත්‍රය

    “ඇවැත්නි, රාගය වනාහි ප්‍රමාණ කරණ (පුද්ගලයාගේ ප්‍රමාණය දක්වන) ධර්මයෙකි. ද්වේෂය ප්‍රමාණ කරණ ධර්මයෙකි. මෝහය ප්‍රමාණ කරණ ධර්මයෙකි. රහත් භික්ෂුවගේ ඒ රාගාදිය නැති වූවාහුය. උදුරනලද මුල් ඇත්තාහුය. අගින් කැපූ තල් ගසක් මෙන් කරන ලද්දහ. විනාශ කරන ලදහ. මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහ. ඇවැත්නි, අප්‍රමාණ චිත්තවිමුක්තීහු යම් පමණක් වෙත්ද, ඔවුන් අතුරෙන් අර්හත්ඵල චිත්ත විමුක්තිය අග්‍රයයි කියනු ලැබේ. ඒ අර්හත්ඵල චිත්ත විමුක්තිය රාගයෙන් හිස්ය. ද්වේෂයෙන් හිස්ය. මෝහයෙන් හිස්ය."

    ඔබතුමා ධම්මජීව ස්වාමීන්වහන්සේ ධර්මය විග්‍රහ කරන ආකාරයට ප්‍රියයි නම් මම කැමතියි කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනා රෙකමන්ඩ් කරන්න. මොකද ඔය හිතන විදිහ හොඳයි(y). ඒ හිතන විදිහට ගැලපෙයි ඥාණනන්ද හාමුදුරුවන්ගෙ විග්‍රහයන්. ධම්මජීව ස්වාමීන්වහන්සේ පවා ඉන්ෆ්ලුවන්ස් වෙලා තිබෙන්නෙ කටුකුරුන්දේ ඥාණානන්ද හාමුදුරුවන්ගෙ අර්ථ විවරණ තුලින්. මම දැන් ත්‍රෙඩ් එකෙන් රිටයර් වෙන්නම්. 🙏 මෙතෙක් වෙලා අදහස් හුවමාරුවෙන් මන් ගැන විශ්වාසයක් ගොඩ නැගුනානම්, කියනවාට කටුකුරුන්දේ හාමුදුරුවන්ගේ දේශනා ශ්‍රවණය කරලා බලන්න.
     
    Last edited:
    • Like
    Reactions: nipund

    අහල තියෙනවා , ආයෙ අහල බලන්නම්. තෙරුවන් සරණයි !

    ස්තුතිය 🙏
    ------ Post added on May 8, 2022 at 9:49 PM
     
    • Like
    Reactions: greenthunder