IMF එක හදන්නේ 1944 දී ඇමෙරිකාවේ Bretton Woods වලදී. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වන අලුත් ගෝලීය සම්මතයේදී.
රටක් අන්තර්ජාතික වෙළෙඳපොළ සමග ගණුදෙනු කරන විට ගෙවීම් කරන්න වෙන්නේ අන්තර්ජාතිකව පිළිගත් මුදල් ඒකකයකින්. ඒ සඳහා ඒ රටට අන්තර්ජාතික වෙළඳාමෙන් උපයා ගත් විදෙස් මුදල් රැස් කර ගන්න වෙනවා. ඉතිං ඒ එකතු වෙන මුදල් ටික ඒ රට තුල සංචිත විදියට එකතු වෙනවා. ඒක හරියට වතුර ටැංකියක් කියලා හිතමු.
මේ වතුර ටැංකියට අපි විවිධ ආකාරයෙන් වතුර පුරව ගන්නවා. අපි භාණ්ඩ නිශ්පාදනය කරලා ඒවා පිටරටට විකුණලා විදෙස් මුදල් උපයා ගන්න ඒවා මේ ටැංකියට වැටෙනවා. පිටරට වැඩ කරන අය හම්බ කරලා මෙහෙට එවන ඒවා ඒ ටැංකියට වැටෙනවා. සංචාරකයෝ අරගෙන එන ඩොලර් ටික මේ ටැංකියට වැටෙනවා. පිට රටින් ඩොලර් ණය ගත්තම ඒවා මේකට වැටෙනවා. පිටරටින් ආයෝජන ආපුවම ඒවත් මේකට වැටෙනවා. ඉතිං මේ ටැංකිය නිරන්තරයෙන් වතුර පිරෙන ටැංකියක්.
ඒ වගේම මේ ටැංකියෙන් නිරන්තරයෙන් වතුර ඉවත් වෙනවා. පිටරටින් භාණ්ඩ ගෙන්වන්න ඕන අය මේ ටැංකියෙන් වතුර ගන්නවා. අපේ අය පිට රට යන කොට මේකෙන් ටිකක් අරගෙන යනවා. අපි ගත්ත ණය ගෙවන්න ඕන වෙන කොට මේකෙන් අරගෙන ගෙවනවා. ඉතිං මේ විදියට මේ ටැංකියෙන් වතුර එනවා යනවා.
මේ නිරන්තර හුවමාරුව වෙන කොට මේ ටැංකිය හිස් වෙලා යන්න බෑ. ඒකේ වතුර යම් ප්‍රමාණයක් අනිවාර්යයෙන් ඉතුරු වෙලා තියෙන්න ඕනේ. ඒ ටික හරියට රටට අත්‍යාවශ්‍ය භාණ්ඩ පිටරටින් ගෙන්වන්න මාස තුනකට ප්‍රමාණවත් මුදල කියලා සම්මතයක් තියෙනවා.
රටක ආර්ථිකයේ ඇති වන යම් යම් ප්‍රශ්න නිසා මේ බැලන්ස් එක බිඳෙන්න පුළුවන්. එහෙම වෙලාවට ටැංකියේ වතුර වේගයෙන් හිස් වෙලා ගිහින් රටකට මේ විදෙස් රට වලට ඇති ගෙවීම් කර ගන්න බැරි මට්ටමට ටැංකියේ වතුර නැති වෙන්න පුළුවන්. ආන්න ඒ වෙලාවට අපි කියනවා අර්බුදයක් කියලා. Balance of Payment අර්බුදයක්.
මේක වෙන වෙලාවට විසඳන්න පොදු ක්‍රමයක් ලෝකෙට ඕනේ. ආන්න ඒ නිසයි IMF එක හදන්නේ. මේ ආයතනයේ තියෙන වගවීම හින්දා ඒකේ සාමාජික රට වල් එක්ක ගණුදෙනු කරන්න ලෝකය බය නෑ.
ඉතිං මේ වගේ ආයතනයක් රජ කාලේ තිබුණේ නෑ. ඒ කාලේ පොදු මුදල් ඒකකයක් තිබුණෙත් නෑ. ගොඩක් වෙලාවට කෙරුණ සීමිත අන්තර්ජාතික වෙළෙඳාම කෙරුණේ භාණ්ඩ හුවමාරු ක්‍රමයක් යටතේ. ඒ කාලේ ගෝලීය ආර්ථිකයක් තිබුණෙත් නෑ.
ඒ වගේම බොහෝ විට තිබුණේ ස්වයංපෝෂිත ආර්ථිකය ක්‍රමයක්. විදෙස් සංචිත කියලා ටැංකියක් තිබුණෙත් නෑ.
ලෝකේ ඉස්සරහට යන කොට වෙනස් වෙනවා. ඒ වෙනස් වීම එක්ක ගෝලීයකරණය සිදු වෙනවා. අපි ඒවාට අනුගත වීමයි කළ යුත්තේ.
මේ මාමගේ අහිංසක කමට මෙහෙම ලියන්න ඇති. ලොකු පිරිසක් IMF එකට බනින කොට , ඒ අයව විශ්වාස කරන කෙනෙක් නම්, මමත් දැන් බනින්න ඕනේ කියලා හිතන්න ඇති.
ඔන්න මාමලට පෙන්නන්න සරළව ලිව්වා.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්