මාමලාට තේරෙන සිංහලෙන් imf

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    IMF එක හදන්නේ 1944 දී ඇමෙරිකාවේ Bretton Woods වලදී. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වන අලුත් ගෝලීය සම්මතයේදී.

    රටක් අන්තර්ජාතික වෙළෙඳපොළ සමග ගණුදෙනු කරන විට ගෙවීම් කරන්න වෙන්නේ අන්තර්ජාතිකව පිළිගත් මුදල් ඒකකයකින්. ඒ සඳහා ඒ රටට අන්තර්ජාතික වෙළඳාමෙන් උපයා ගත් විදෙස් මුදල් රැස් කර ගන්න වෙනවා. ඉතිං ඒ එකතු වෙන මුදල් ටික ඒ රට තුල සංචිත විදියට එකතු වෙනවා. ඒක හරියට වතුර ටැංකියක් කියලා හිතමු.

    මේ වතුර ටැංකියට අපි විවිධ ආකාරයෙන් වතුර පුරව ගන්නවා. අපි භාණ්ඩ නිශ්පාදනය කරලා ඒවා පිටරටට විකුණලා විදෙස් මුදල් උපයා ගන්න ඒවා මේ ටැංකියට වැටෙනවා. පිටරට වැඩ කරන අය හම්බ කරලා මෙහෙට එවන ඒවා ඒ ටැංකියට වැටෙනවා. සංචාරකයෝ අරගෙන එන ඩොලර් ටික මේ ටැංකියට වැටෙනවා. පිට රටින් ඩොලර් ණය ගත්තම ඒවා මේකට වැටෙනවා. පිටරටින් ආයෝජන ආපුවම ඒවත් මේකට වැටෙනවා. ඉතිං මේ ටැංකිය නිරන්තරයෙන් වතුර පිරෙන ටැංකියක්.

    ඒ වගේම මේ ටැංකියෙන් නිරන්තරයෙන් වතුර ඉවත් වෙනවා. පිටරටින් භාණ්ඩ ගෙන්වන්න ඕන අය මේ ටැංකියෙන් වතුර ගන්නවා. අපේ අය පිට රට යන කොට මේකෙන් ටිකක් අරගෙන යනවා. අපි ගත්ත ණය ගෙවන්න ඕන වෙන කොට මේකෙන් අරගෙන ගෙවනවා. ඉතිං මේ විදියට මේ ටැංකියෙන් වතුර එනවා යනවා.

    මේ නිරන්තර හුවමාරුව වෙන කොට මේ ටැංකිය හිස් වෙලා යන්න බෑ. ඒකේ වතුර යම් ප්‍රමාණයක් අනිවාර්යයෙන් ඉතුරු වෙලා තියෙන්න ඕනේ. ඒ ටික හරියට රටට අත්‍යාවශ්‍ය භාණ්ඩ පිටරටින් ගෙන්වන්න මාස තුනකට ප්‍රමාණවත් මුදල කියලා සම්මතයක් තියෙනවා.

    රටක ආර්ථිකයේ ඇති වන යම් යම් ප්‍රශ්න නිසා මේ බැලන්ස් එක බිඳෙන්න පුළුවන්. එහෙම වෙලාවට ටැංකියේ වතුර වේගයෙන් හිස් වෙලා ගිහින් රටකට මේ විදෙස් රට වලට ඇති ගෙවීම් කර ගන්න බැරි මට්ටමට ටැංකියේ වතුර නැති වෙන්න පුළුවන්. ආන්න ඒ වෙලාවට අපි කියනවා අර්බුදයක් කියලා. Balance of Payment අර්බුදයක්.

    මේක වෙන වෙලාවට විසඳන්න පොදු ක්‍රමයක් ලෝකෙට ඕනේ. ආන්න ඒ නිසයි IMF එක හදන්නේ. මේ ආයතනයේ තියෙන වගවීම හින්දා ඒකේ සාමාජික රට වල් එක්ක ගණුදෙනු කරන්න ලෝකය බය නෑ.

    ඉතිං මේ වගේ ආයතනයක් රජ කාලේ තිබුණේ නෑ. ඒ කාලේ පොදු මුදල් ඒකකයක් තිබුණෙත් නෑ. ගොඩක් වෙලාවට කෙරුණ සීමිත අන්තර්ජාතික වෙළෙඳාම කෙරුණේ භාණ්ඩ හුවමාරු ක්‍රමයක් යටතේ. ඒ කාලේ ගෝලීය ආර්ථිකයක් තිබුණෙත් නෑ.

    ඒ වගේම බොහෝ විට තිබුණේ ස්වයංපෝෂිත ආර්ථිකය ක්‍රමයක්. විදෙස් සංචිත කියලා ටැංකියක් තිබුණෙත් නෑ.

    ලෝකේ ඉස්සරහට යන කොට වෙනස් වෙනවා. ඒ වෙනස් වීම එක්ක ගෝලීයකරණය සිදු වෙනවා. අපි ඒවාට අනුගත වීමයි කළ යුත්තේ.

    මේ මාමගේ අහිංසක කමට මෙහෙම ලියන්න ඇති. ලොකු පිරිසක් IMF එකට බනින කොට , ඒ අයව විශ්වාස කරන කෙනෙක් නම්, මමත් දැන් බනින්න ඕනේ කියලා හිතන්න ඇති.

    ඔන්න මාමලට පෙන්නන්න සරළව ලිව්වා.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    අරගලේ කාලේදි නාමල් රාජපක්‍ෂ තැප්‍රොබේන් එකට ආවට පස්සේ සන්නා නොසිතූවිදියකට සයිලන්ට් උනා. ඒවගේම පැතුම් කර්නලුත් රනිල්ගේ ඉත්තෙක් කියලා ඒ දවස්වලම කියවුනා. ඒවා දැන් ඇත්ත කියලා හොදට පේනවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පැතුම් කර්නර්
    #රනිලඋඩපුකනොමික්ස්
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලාභය රැගෙන යෑම....

    වාමාංශිකයෝ පෙළෙන තවත් බයක් තමයි මේ ලාබය අරං යනවා කියන බය. ඒක ඇත්තෙන්ම මිත්‍යාවක්.

    එහෙම රටක් තුලට එන ආයෝජන වලින් ලාබය උපයලා අරගෙන ගිහින් ඩොලර් සංචිත හිඳෙනවා නම්, මේ වෙනකොට චීනය, ඉන්දියාව, වියට්නාමයේ එහෙම ඩොලර් සංචිත හිඳිලා පොත්තට වේළිලා තියෙන්න ඕනේ.

    ලෝකයේ වසරකට විදෙස් ආයෝජන විදියට බෙදී යන මුළු ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 1500 ක් පමණ. හැම අවුරුද්දේම මේ ධනය නිර්මාණය වෙනවා, ආයෝජනය වෙනවා, වර්ධනය වෙනවා, ලාබ ඉපැයෙනවා, බෙදිලා යනවා. ඊළඟ අවුරුද්දේ ආයේ ඒකම වෙනවා. මේක තමයි ගෝලීය මූල්‍ය ආර්ථිකය ක්‍රියාත්මක වෙන විදිය.

    ඉතිං ආයෝජන එන්නේ ලාභ උපයන්න තමයි, නැතුව දන් දෙන්න නෙවෙයි. යම් රටක ලාබය ඉපැයීමේ අවස්ථාව වැඩි නම් ඒ රටට වැඩිපුර ආයෝජන එනවා. එක අවුරුද්දක ලාභයක් ඉපැයුවොත් ඊළඟ අවුරුද්දේ වැඩිපුර ආයෝජන එනවා. මේ උපැයෙන ලාබය 10% ක් පමණ වෙන්න පුළුවන්. මේ ලාබය ගෙනියන්නේ ඒ ආයෝජනය යොදවලා යම් නිශ්පාදනයක් කරලා ගෝලීයව අළෙවි කරලා. ඒ තුලින් රටේ දළ දේශීය නිශ්පාදනය ඉහළ යනවා, රැකියා ලැබෙනවා, අපනයන මගීන් ඩොලර් ආදායමක් රටට ගලා ගෙන එනවා. ඒ උපයන එකෙන් ලාබයක් අරගෙන යනවා.

    මේ ආයෝජනත්, ආදායමත් නිසා රටේ ඩොලර් සංචිත ගොඩනැගෙනවා. වැඩේ හරියට කෙරෙනවා නම් ඊළඟ අවුරුද්දේ ආයේ තව ආයෝජන එනවා. මේ විදිහට ගියාම අවසානයේ රටේ සමස්ථ සංචිත ප්‍රමාණය ඉහළ යනවා, එකතු වෙනවා.

    දැන් මේ ආයෝජන තෙල් වගේ රට ඇතුලත විකුණන දේකට ආවහම අපනයනයක් නැතුව ලාබය විතරක් අරගෙන යෑම ගැන තමයි තර්කය තියෙන්නේ. ඒක මෙහෙම බලමු. බල ශක්තිය කියන්නේ රටක වැදගත්ම ක්ෂේත්‍රයක්. රටේ අනෙකුත් සියළුම කර්මාන්ත වලට සහ ජන ජීවිතයට සෘජුවම බලපානවා. ඒ නිසා මේ ක්ෂේත්‍රය ඉතාමත් කාර්යක්ෂම සහ තරඟකාරී විදියට තියා ගන්න එක වැදගත්. වේගයෙන් ඉහළ යන බල ශක්ති අවශ්‍යතාවයට අනුරූපීව මේ ක්ෂේත්‍රය ගොඩ නැගෙන්න ඕනේ. ඒ තුල සමාගම් කීපයක් තරගකාරීව නියැලිලා ඉඳීම තමයි මෙහිදී වඩාත් සුරක්ෂිත. එවිට එක සමාගමක අවුලකින් ක්ෂේත්‍රය කඩා වැටෙන්නේ හෝ අකාර්යක්ෂම වෙන්නේ නෑ. ඒ ඔස්සේ සමස්ථ බල ශක්ති ක්ෂේත්‍රය තුල ඇති විශ්වාසනීයත්වය ඉහළ යනවා.

    ඉතිං මේ මූලික ක්ෂේත්‍රයක විශ්වාසනීයත්වය ඉහළ යෑම, අඛණ්ඩ සැපයුමක් වෙළෙඳපොළ නිර්ණායක අනුව පවත්වා ගැනීමට හැකියාව ලැබීම ආදී කරුණු රටකට ආයෝජන ගෙන්වා ගැනීමට ඉතා වැදගත්. අපි නිතර කියන නිශ්පාදන ආර්ථිකයක් හදන්න නම් විශ්වාසනීය බල ශක්ති වෙළෙඳපොළක් එයට අත්‍යාවශ්‍යයි. ඒ අනුව තමයි අනෙක් කර්මාන්ත මෙහේ කරන්න ආයෝජන ගලා ඒවා ප්‍රවර්ධනය වෙන්නේ.

    එවිට රටේ සමස්ථ සංචිත ප්‍රමාණය ඉහළ යනවා. එයින් ලාබ එහෙට මෙහෙට යාවි. නැත්නම් ආයෙත් ඒවා ආයෝජනය වේවී. මුදල් කියන්නේ ගලා යන දෙයක්. ඒ සම්බන්ධයෙන් අපි ලිහිල් වෙන්න වෙන්න මුදල් රැඳෙනවා. අපි ඒක තද කරන්න කරන්න ඒවා මිනිස්සු එළියට අරගෙන යනවා. අපි කළ යුත්තේ නොබියව විවෘත වී ආර්ථිකය දියුණු කර ගැනීමට මහන්සි වීමයි. මේක එක දවසින් හෝ අවුරුද්දේන් කරලා ඉවර කරන එකක් නෙවෙයි. හැමදාම කරන්න ඕනේ එකක්. ඒකට ඉවරයක් නෑ. ආර්ථික මැෂින් එක දිගටම වැඩ. අපි ඒකෙන් ජනනය වෙන ධනයෙන් අපේ හැකියාවෙන් අපිත් ටිකක් හම්බ කර ගන්නවා. අපි හම්බ කර ගන්න ප්‍රමාණය අපේ මහන්සිය සහ දක්ෂතාවය මත තීරණය වෙනවා.

    ඒ නිසා එක ක්ෂේත්‍රයක ඩොලර් ලාබය ගැන වෙනම ගාණ හදන්න එපා. ඒක සමස්ථ ආර්ථිකයටම බලපාන විදිය ගැන හිතන්න. අවසානයේ ආර්ථිකය කියන්නේ මේ වගේ විශාල ගනුදෙනු රාශියක එකතුවක්.

    මේ ලාබය අරං යයි කියන බය නම් ඇත්තෙන්ම හරි බාල ප්‍රතිතර්කයක්. ඕක වැඩිපුරම ඇහුණේ විමල් වීරවංශ වගේ පිරිසෙන්, දැන් හැබැයි අනෙක් වාමාංශික ව්‍යාපාරත් ඒක උස්සන් යනවා. වාමාංශිකයෝ හදපු රටවල් ලෝකේ කොහෙවත් නැත්තේ ඒ නිසා වෙන්න ඇති.

    #NoLeftism
    #පැතූනොමික්ස්

    පැතුම් කර්නර්