~~//...මාමේ, සෝමාවතීත් යනවද????

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...මාමේ, සෝමාවතීත් යනවද????

මාමේ, සෝමාවතීත් යනවද? ඔව් ඇයි ගාණ අඩුකරන්නද?
hath_tag.jpg



කුරුණෑගල දිස්ත්‍රික් සංචාරක
ගුණරත්න ලියනආරච්චි


යුද බිය තුරන්වීමත් සමග උතුරු මැද හා නැගෙනහිර පළාත්වල පූජනීය ස්ථාන වැද පුදා ගැනීමට ජනතාව දැඩි උනන්දුවක් දක්වති. ඒ නිසා වන්දනා නඩ රැගෙන යන්න කටයුතු කරමින් සිටින සිරිසේන මහතා අනුරාධපුර පොළොන්නරු වන්දනා ගමනක් සංවිධානය කළේය. ඒ සඳහා බැතිමතුන් 50 – 60 ක් එකතු කර ගත් පසු ගමනට සුදුසු බස් රථයක්ද සූදානම් කර ගන්නට අසල ගමක බස් රථයක් හිමි කඩ හිමියෙක් හමුවන්නට ගියේය.
බස් හිමි මුදලාලි නොසිටි අතර, බස් රථය පදවන රියදුරු වැඩ අවසන් කර ගනුදෙනු පියවමින් කඩ හිමියාගේ වැඩිමහල් පුතු සමග එහි සිටියේය. ‘ආ... ඩ්‍රැයිවර් මහත්මයා ඉන්න එකත් හොඳයි. පුංචි මහත්තයෝ, අපි ලබන පෝයට වන්දනා ගමනක් සූදානම් කර ගත්තා. ඉතිං බස් එක බුක් කර ගන්නයි ආවේ.’ ‘කොහේද යන්න සිතා ගෙන ඉන්නේ සිරිසේන මාමේ’
ගමන් මාර්ගය විස්තර කළේ සියලුම වන්දනා ස්ථානවල නම් කියමින්ය. එය අසා සිටි රියැදුරු ‘මාමේ මේ ගමනට දවස් දෙකට.... ගන්න ඕනෑ.’ ගනුදෙනු අඩු කර ගන්නත් සිරිසේනට අවශ්‍ය විය. ඒ පිළිබඳව විමසූ විට නැවතත් රියැදුරු මහතා ‘මාමේ සෝමාවතීත් යනවාදැයි?’ ඇසීය. ‘සිරිසේන මහතාට යකා නැග්ගේය. ‘ඇයි උඹට මගේ දුව යනවා නම් ගාන අඩු කරන්න පුළුවන්ද?’ රියැදුරු මහතා අන්දුන් කුන්දුන් වී සිද්ධ වුණේ කුමක්දැයි සිතා ගත නොහැකි වී මුදලාලිගේ පුතාගේ මුහුණ බැලුවේ කාරණාව පැහැදිලි කරයි සිතාය.
‘මාමේ..... සෝමාවතී චෛත්‍ය වදින්නත් යනවා නම් තවත් කි. මී. ගණක් යන්න ඕනෑ. ඒ නිසා මුදල අඩු කරන්න බැහැ. අනික දැන් වියදම් වැඩියි’ කියා කරුණු පැහැදිලි කරදී ගමන යන්න අවශ්‍ය කටයුතු පිළියෙල කර දෙන ලදී. ‘සෝමාවතී යනවා නම් මුදල් අඩු කරන්නම්’ කියූ විට සිරිසේන මාමා ගමේ අයට බැන වදින්න අමතක නොකරයි. මේ රියැදුරුට තම මිතුරන්ගෙන්ද දැන් නිතරම ‘සෝමාවතී’ යනවා වන්දනා ගමනක් යමුදැයි අසන්නට ලැබේ.

( දිනමිණ 19-10-2011)