මායාකාරී සිතිවිලිවලට මනෝ වෛද්‍ය විද්‍යාවේ කියනවා ඩිලූෂනස් කියලා. මේ මායාකාරී සිතිවිලි ජාලය තුළ එක් සිතිවිල්ලක් තමා සැකය. ඕනෑම පුද්ගලයකුට තම ජීවිත කාලය තුළ තමා ආශ්‍රය කරන අනෙක් පුද්ගලයන් සමඟ විවිධාකාරයේ සැක සහිත පුද්ගලයන් සමඟ විවිධාකාරයේ සැක සහිත සිතිවිලි පහළ වෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය දෙයක්. රෝගයක් නොවේ.
අපි හිතමු ඔබේ සැමියා සාමාන්‍යයෙන් වැඩ ඇරී ගෙදර එන්නේ සවස 6ට කියලා. බිරිය වන ඔබ මේ පමා වීම ගැන කලබලයට පත්වෙනවා විතරක් නෙවෙයි සැකයක්ද මතු කරගන්න පුළුවන්. මේ සිතිවිල්ල ඕනෑම කෙනකුට ඇති විය හැකි වන අතර මායාකාරී සිතිවිල්ලක් නෙවෙයි.
එසේ නම් මායාකාරී සිතිවිල්ලක් හෙවත් ඩිලූෂන් නමින් හඳුන්වන්නේ කුමක්ද? මායාකාරී සිතිවිල්ලක් යනුවෙන් අදහස් කරන්නේ යම්කිසි පුද්ගලයකු යම් සත්‍ය කරුණක් හෝ සිද්ධියක් විකෘති ලෙස හෝ වැරැදි ලෙස විශ්වාස කිරීමයි. එම කරුණ හෝ සිද්ධිය සාමාන්‍යයෙන් එම සමාජය තුළ සිටින අනෙක් අය විශ්වාස කරන්නේ නෑ. සමහර විට මෙම මායාකාරී සිතිවිලි හඳුනා ගැනීමටද අපහසුයි.
සැකය, සත්‍ය සිද්ධීන් නිසා පුද්ගලයකු තුළ ඇති විය හැකියි. නමුත් මායාකාරී සිතිවිලි නිසා ඇති වන සැකය දරුණු මානසික රෝගයක් විදියටයි සැලකෙන්නේ.
මෙයට නිසි ලෙස ප්‍රතිකාර ගැනීම අතිශය වැදගත්. මෙය දැඩි ඊර්ෂ්‍යාව පදනම් කරගෙන ඇතිවන රෝගයක්. මෙවැනි පුද්ගලයකු මොළය තුළ නොයෙකුත් රසායනික විපර්යාසයන්ද ඇති වන බව විශේෂඥයන් සොයාගෙන තිබෙනවා. මනෝ වෛද්‍යවරයකු වෙත යොමු නොවන මෙවැනි රෝගීන්ගේ ජීවිත ගෘහ ප්රචණ්ඩත්වය, පවුල් අවුල් වීම, දික්කසාදය, ප්රචණ්ඩත්වය හා මිනීමැරුම්වලින් ද කෙළවර විය හැකිය.
මම ඔබට උදාහරණයක් කියන්නම්.
නිරෝෂාගේ වයස අවුරුදු 35යි. ඇය ගුරුවරියක්. දරුවන් දෙදෙනෙක් ඉන්නවා. නිරෝෂාගේ ස්වාමියා බැංකු නිලධාරියෙක්. දෙදෙනා විවාහ වූයේ අවු. 3ක ප්‍රේම සම්බන්ධතාවකින් පසුවයි. විවාහ වී දැනට වසර 10ක්. නිරෝෂාගේ ස්වාමියා වන බන්දුල ඔහුගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කෙරුවේ මෙහෙම.
"මට දැන් ජීවිතෙත් එපා වෙලා. රස්සාව කරගන්නවත් හිතේ නිස්කලංක බවක් නෑ. මගේ බිරිය නිරෝෂා දවසට 25 පාරකට වඩා මම වැඩ කරන ස්ථානයට ඛ්චතත කරලා මම ඉන්නවාද කියලා පරීක්ෂා කරනවා. පුදුම සැකයක් දැන් ඇයට ඇතිවෙලා තියෙන්නේ. දවසක් අපූරු සිද්ධියක් වුණා. එදා මම ර්ණීටටඪජඥ එකේ හිටියේ. රැස්වීමක් තියෙන නිසා මගේ ෆෝන් එක පැය භාගයකට විසන්ධි කළා. ඇය ත්‍රීවීල් එකක් අරගෙන ආවේෂයෙන් වගේ ර්ණීටටඪජඥ ඇවිත් මගේ කාර්යාලයේ සිටින තවත් කාන්තාවක් මට ජෝඩු කරමින් මට බැනවැදුණා. ඇත්තටම මගේ කිසිම සම්බන්ධතාවක් ඔය කියන තරුණිය සමඟ නෑ. මට හරිම ලැජ්ජයි.
දවස් 3ක් ර්ණීටටඪජඥ එකට ගියෙත් නෑ. මම ගෙදර ආවම මගේ දුරකතනය මුල සිට අග වන තෙක් පරීක්ෂා කරනවා. පුංචි වෙනසක් දුටුවොත් හරි. ඉස්සර මට ර්ණීටටඪජඥ එකට අඳින ඇඳුම් ලස්සනට අයන් කරලා දෙනවා. දැන් එහෙම කරන්නේ නෑ. ඇයට මම හොඳට අඳින එකත් සැකයක්. මේ සැකයේ බරපතළකම කෙසේද කියතොත් ඇය සමහර විට මගේ යට ඇඳුම් පවා පරීක්ෂා කරනවා. ඒවායේ ගඳ සුවඳ බලනවා. මෙහෙම පරීක්ෂා කරනවා දවසක් මගේ අතටම අහුවුණා. මම ඇහැව්වා මොනවද ඔය බලන්නේ කියලා. ඇය හෙමින් එතැනින් ලිස්සලා ගියා.
දැන් මට තනියම කොහෙවත් යන්න බෑ. කොණ්ඩෙ කපා ගන්න සැලෝන් එකට ගියත් එතැනට වෙලා කොණ්ඩෙ කපලා ඉවර වෙනකම්ම ඉන්නවා. මගේ ර්ථීඩධදඥ එකට එන හැම තොරතුරක්ම ඇය පරීක්ෂා කරනවා. සමහර දවස්වලට මගේ ගෙදර තියෙන ර්ණීටටඪජඥ කාමරයේ ලිපිගොනු ඇදලා දාලා. ඒවා සියුම් ලෙස පරීක්ෂා කළ බවක් පෙනී යනවා. ඇයට තරහ ගියාම හරිම අසාමාන්යකමක් පේන්න තියෙනවා. මේ ළඟදීත් මෙවැනි ලොකු රණ්ඩුවක් වුණා.
මම වැඩ ඉවර කරලා එන ගමන් ටයි එකක් ගන්න ඉඩධන එකකට ගියා. ඇය නැතිව මේ ගමන ගියා කියලා තමයි මේ රණ්ඩුව ඇති වුණේ. "උඹ අර ගෑනි එක්ක නේද ගියේ කියපන්" කියලා වියරුවෙන් වෙ ග් ඇහුවා. මේ රණ්ඩුව දැකපු මගේ දරුවෝ දෙන්නා හොඳටම බයවෙලා කාමරේ ෙදාර වහගෙන හිටියේ. මේ තත්ත්වේ මෙහෙම පැවැතුණොත් ළමයි දෙන්නාගේ අනාගතේ අවුල් වන බව මට හොඳටම විශ්වාසයි. මගේ ලොකු දුවට අවු. 8යි. දැන් ඇය නිතරම හිසේ කැක්කුමක් ගැන කියනවා. ගිය වර වාර විභාගේ ලකුණුත් 50ට වඩා අඩුයි. මම දවසක් දුවගෙන් ඇහැව්වා "මොනවද ඔයා හැමවෙලේම කල්පනා කරන්නේ කියලා." "මට අම්මයි තාත්තයි දෙන්නම නැති වෙයිද කියලා බයයි." කියලා ඇය අඬ අඬා කිව්වා.
අපි නිරෝෂා දෙසට හැරුණා. ඇයගේ මුහුණේ ඉරියව් ක්ෂණයෙන් වෙනස් වෙලා. සැකය සහ භීතිය ඉරියව්වලින් හොඳට පෙනුණා. ඇය කෝපයෙන් සහ වියරුවෙන් කතා කරන්න පටන් ගත්තා.
"බන්දුල මාව රැවැට්ටුවා. ර්ණීටටඪජඥ එකේ ඉන්න නාඩගම් කෙල්ලෙක් එක්ක මෙයා යාළු වෙලා. ර්ණීටටඪජඥ එකේ වැඩ කරන කීප දෙනකුට ඛ්චතත කරලා මම විස්තර හොයා ගත්තා. ඔවුන් කිව්වේ ඒ කෙල්ලගේ චරිතෙ නම් හොඳ නෑ කියලා." "එයාලා කිව්වද ඒ කාන්තාව ඔබේ සැමියා එක්ක අනිසි සම්බන්ධයක් තියෙනවා කියලා?"
"නැහැ එහෙම නම් කිව්වේ නැහැ. මට තාම මතකයි, දැන් අවු. 1කට විතර ඉස්සර මම බන්දුල සමඟ ර්ණීටටඪජඥ එකේ පාටි එකකට ගියා. මේ කාන්තාවත් ඒ ර්ථීචපබර එකේ හිටියා. ඇය හොරෙන් හොරෙන් බන්දුල දිහා බලනවා මම දැක්කා. අනිත් එක දැන් ඉස්සර වගේ නෙවෙයි. බන්දුල දැන් ලස්සනට අඳිනවා. මේ ළඟදි හොඳ පර්ෆියුම් එකක් අරගෙන තිබුණා. මොකටද පර්ෆියුම් ගන්නේ දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා. මගේ අතට අහුවුණොත් මම මෙයාව ඉතුරු කරන්නේ නෑ. නින්දෙන් හරි බෙල්ල මිරිකනවා"
මෙහෙම කියාගෙන යනකොට නිරෝෂාගේ මුහුණ කෝපාවිෂ්ට වුණු බව දක්නට ලැබුණා.
නිරෝෂා ගොදුරු වී ඇත්තේ සැකය නමැති මායාකාරී රෝගයටයි. මේ ප්‍රබල මානසික රෝගයේදී මොළයේ නොයෙකුත් වෙනස්කම් සිදුවන බව විද්‍යාඥයෝ පවසනවා.
මෙවැනි රෝගියකු
හමුවූ විට ඔබ කළ යුතු දේ.
පහරදීම හෝ තාඩන පීඩනවලට ලක් කිරීමෙන් වැළකීම. එසේ වුවහොත් මෙම රෝගී තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකියි.
යන්ත්‍ර මන්ත්‍ර යාගහෝම පසුපස නොයෑම.
රෝගියා කොන් කිරීමෙන් වැළකීම.
සැකය තවදුරටත් වැඩි වන ලෙස පරිසරය සකස් නොකිරීම.
(ඔබගේ දුරකතනය නිතර පරීක්ෂා කරනවා නම් එයට විරුද්ධව පාස්වර්ඩ් එකක් මඟින් දුරකතනය ලොක් කිරීම.) එවැනි දේ නොකරන්න.
වෛද්‍යවරයා ලබාදෙන ඔෟෂධ නිසි ලෙසට ලබාදීම.
රෝගියා ඔෟෂධ ලබා ගන්නේද යන්න පිළිබඳ ඔබේ සැලකිල්ල යොමු කළ යුතුයි. නැතහොත් රෝගී තත්ත්වය තවත් උත්සන්න විය හැකියි.
සැකය සත්‍ය සිද්ධියක් මෙන්ම ප්‍රබල මානසික රෝගයක් ලෙසද මතු විය හැකියි. මෙය රෝගියාගේ වරදක් නොවේ. රසායනික වෙනසක් නිසා මොළයේ ඇතිවන අසනීපයක්. විද්‍යාත්මක ලෙස මේ ප්රශ්නය දෙස බැලීමෙන් රෝගය මෙන්ම ඔබගේ සිතිවිලිද වෙනස් කරගත හැකියි.
කිරිබත්ගොඩ
රජයේ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය ඒකකයේ
ප්‍රධාන මනෝ වෛද්‍ය
එන්. කුමාරනායක 0777676414