මායාවරුන්ගේ අතීතය සහ 2012
2012 දී සිදුවෙන්නේ කුමක්ද? මේ ගැන මුල සිට දැන ගැනීමට මුලින්ම මායාවරු ගැන දැනගෙන සිටිමු - 1 කොටස
2012 සිදුවෙන්නේ යයි කියන ලෝක විනාශය පිළිබදව ඔබ මේ වන විටත් දන්නවා නිසැකයි. එය සිදුවීමට හේතුවන්නේ කුමන කාරණයක් නිසාද? එය සත්‍යවශයෙන්ම සිදුවන්නක්ද? යන උභතෝකෝටික ගැටළුද ඔබට ඇති බව රහසක් නොවේ. කෙසේ වෙතත් 2012 ලෙස නම් කල චිත්‍රපටියට පසුව මෙම සියළුකාරණා ලෝකය තුල සංවාදයට බදුන්වූ අතර එම චිත්‍රපටිය ප්‍රචාරණයට යොදා ගත් උපක්‍රම හේතුවෙන් අනවශ්‍ය භීතියක් ලෝකය පුරාම මෙය පිළිබදව ඇතිවූ අතර මෙම කරුණ පිළිබදව ඍජුව විග්‍රහකිරීම් මෙන්ම ලෝකය තුල මිනිසා ගෙන යන අකටයුතුකම් අරඹයා මෙවැනි විපත්, මෙම කරුණට අදාල මායාවරුන්ගේ දිනදර්ශනය නොවෙතත් සිදුවන බවද අපගේ සහෝදර බ්ලොග් රචකයන් කිහිපදෙනෙකුම ලියා තිබූ බවද මතකය නැගේ.
කරුණුකාරණා මෙසේ සිදුවෙමින් පවතිද්දී සත් සමුදුරට කලකට ඉහත පාඨක සහෘදයන් කිහිපදෙනෙකුම 2012 ගැන ලියන්නට අනුබලය සැපයෙද්දී සුමංගල හිමියන් හා බණ්ඩාර මිතුරා යන දෙපලගෙන් ලද මුලාංශ්‍ර දායකත්වය හා එයට ලබා දෙන ලද ධෛර්යයද සහිතව ඔබ නිරතුරු සත් සමුදුර තුලින් ඇසුරු කිරීමට ප්‍රියකරන ගවේශනාත්මක ලිපි ගොන්නට මෙම 2012 සංසිද්ධිය පිළිබදව ලියවුන ලියවිල්ලක්ද එකතුකිරීමට අද සිතුවෙමි.
එසේවුවත් සාමාන්‍යයෙන් වැඩිපුරම දැකගැනීමට හැකිවූ 2012 පිළිබද ලියවිල්ලකට වඩා එම කාරණාවට සම්බන්ධ ශිෂ්ඨාචාරයන්, ඔවුන්ගේ සැඟවුන කාරණා, මෙම සංසිද්ධියට හේතුවූ දිනදර්ශනය ආදිය ගැන මෙන්ම මෙතෙක් අඩුවෙන් කතාබහට ලක්වූ තොරතුරු රැසක් ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තුවෙමි. මෙය බොහෝවිට ලිපි කිහිපයක් දක්වා දිර්ඝවීමටද ඉඩකඩ ඇති අතර එහෙනම් මුලින්ම මෙම 2012 සැබෑ අයිතිකරුවන් වන පෞරානික ශිෂ්ඨාචාරයක් වන මායා ශිෂ්ඨාචාරය හා මායාවරුන්ගේ සැඟවුන කාරණ සොයා බලමු.
මායා ශිෂ්ඨාචාරය - Maya Civilization
හැදින්වීම
මායා ශිෂ්ඨාචාරය යනු පෞරානික මෙන්ම ඇමරිකානු මහද්වීපයේ ස්වදේශික සංස්කෘතියක් තිබූ ජනතාවකගේ ශිෂ්ඨාචාරයක් වන අතර යුරෝපීයන් ඇමරිකානු පොළව කෙලසන තුරු එය පෘතුවියේ බටහිරට වන්නට තිබූ දියුණු ශිෂ්ඨාචාරයක්දවේ. මායාවරුන්ගේ ව්‍යාප්තිය ගත් කල එය වර්ථමාන නැගෙනහිර හා දකුණු මැක්සිකෝව, ග්වාතමාලා, බෙලීස්, එල් සැල්වඩෝර් සහ බටහිර හොන්ඩියුරාස් දක්වා පැතිර තිබී ඇත. ඔවුන්ගේ සමෘධිමත් කාලය ක්‍රි.ව. 300 සිට 900 දක්වා තිබූ බව පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් පවසන අතර අති දැවැන්ත ගල් පිරමීඩ, පූජනීය ස්ථාන, ප්‍රතිමා ඇතුළුව තවත් සංකීර්ණ ගොඩනැංවීම් රැසක් ගණිත ශාස්ත්‍රය හා නක්ෂත්ර විද්‍යාව යොදා ගෙන සිදු කර ඇති අතර ඒවා රූපාක්ෂර හෙවත් hieroglyphs වල සටහන් කර තිබූ බවට සාක්ෂි හමුවේ. (මෙම hieroglyphs පිළිබදව පුරාණ මිසර පිරමීඩ ගැන ලිපියේද සටහන්විය).
ක්‍රි.ව. 900 න් පසුව මායාවරු අභිරහස් ලෙස ග්වාතමාලාවේ දකුණු දිග මිටියාවත ප්‍රදේශයෙන් බැහැරවී ඇති අතර ඔවුන් උතුරේ පිහිටි Yucatán අර්ධද්වීප පෙදෙස හා ඒ ආශ්‍රිතව ජනාවාස වී ඇත. මෙම ව්‍යාප්තිය 16 වන ශතවර්ශයේ ස්පාඤය ආක්‍රමණිකයන් පැමිනෙනතුරුම සිදුවී ඇත. මෙම ප්‍රදේශ තුල තවමත් පුරාණ මායාවරුන්ගෙන් පැවත එන්නන් වාසය කරන බවද කියයි. කෙසේවෙතත් මෙයින් බහුතරයක් ස්පාඤය ආභාශය ලබා ඇති අතර සැලකියයුතු පිරිසක් තවමත් සිය අනන්‍යතාවය වන සාම්ප්‍රධායික මායා සංස්කෘතිය ආරක්ෂාකරගෙන සිටින බවද සතුටින් කිවහැක. වර්ථමානය වන විට පුරාණ මායාවරුන්ට ඥාතීත්වය ඇති මිලියන 7 ක පමණ පිරිසක් ඉහතින් දැක්වූ ඇමරිකානු ප්‍රදේශවල වාසය කරයි. ඉතිහාසයඥයන් හා මායා ශිෂ්ඨාචාරය පිළිබද ඇසූපිරූ තැන් ඇති විද්වතුන්, මායා ශිෂ්ඨාචාරය මූලික වශයෙන් අවධි තුනකට බෙදා වෙන්කර විස්තර කරනු ලබයි. එනම් Preclassic period (ප්‍රාග්සම්භාව්‍ය යුගය), Classic period (සම්භාව්‍ය යුගය) සහ Proclassic period (පශ්චාත් සම්භාව්‍ය යුගය) යනුවෙනුයි.
2012 දී සිදුවෙන්නේ කුමක්ද? මේ ගැන මුල සිට දැන ගැනීමට මුලින්ම මායාවරු ගැන දැනගෙන සිටිමු - 1 කොටස
2012 සිදුවෙන්නේ යයි කියන ලෝක විනාශය පිළිබදව ඔබ මේ වන විටත් දන්නවා නිසැකයි. එය සිදුවීමට හේතුවන්නේ කුමන කාරණයක් නිසාද? එය සත්‍යවශයෙන්ම සිදුවන්නක්ද? යන උභතෝකෝටික ගැටළුද ඔබට ඇති බව රහසක් නොවේ. කෙසේ වෙතත් 2012 ලෙස නම් කල චිත්‍රපටියට පසුව මෙම සියළුකාරණා ලෝකය තුල සංවාදයට බදුන්වූ අතර එම චිත්‍රපටිය ප්‍රචාරණයට යොදා ගත් උපක්‍රම හේතුවෙන් අනවශ්‍ය භීතියක් ලෝකය පුරාම මෙය පිළිබදව ඇතිවූ අතර මෙම කරුණ පිළිබදව ඍජුව විග්‍රහකිරීම් මෙන්ම ලෝකය තුල මිනිසා ගෙන යන අකටයුතුකම් අරඹයා මෙවැනි විපත්, මෙම කරුණට අදාල මායාවරුන්ගේ දිනදර්ශනය නොවෙතත් සිදුවන බවද අපගේ සහෝදර බ්ලොග් රචකයන් කිහිපදෙනෙකුම ලියා තිබූ බවද මතකය නැගේ. කරුණුකාරණා මෙසේ සිදුවෙමින් පවතිද්දී සත් සමුදුරට කලකට ඉහත පාඨක සහෘදයන් කිහිපදෙනෙකුම 2012 ගැන ලියන්නට අනුබලය සැපයෙද්දී සුමංගල හිමියන් හා බණ්ඩාර මිතුරා යන දෙපලගෙන් ලද මුලාංශ්‍ර දායකත්වය හා එයට ලබා දෙන ලද ධෛර්යයද සහිතව ඔබ නිරතුරු සත් සමුදුර තුලින් ඇසුරු කිරීමට ප්‍රියකරන ගවේශනාත්මක ලිපි ගොන්නට මෙම 2012 සංසිද්ධිය පිළිබදව ලියවුන ලියවිල්ලක්ද එකතුකිරීමට අද සිතුවෙමි.