මායාවරුන්ගේ අතීතය සහ 2012

sweets

Banned
Jul 2, 2011
297
160
0
මායාවරුන්ගේ අතීතය සහ 2012

2012 දී සිදුවෙන්නේ කුමක්ද? මේ ගැන මුල සිට දැන ගැනීමට මුලින්ම මායාවරු ගැන දැනගෙන සිටිමු - 1 කොටස



2012 සිදුවෙන්නේ යයි කියන ලෝක විනාශය පිළිබදව ඔබ මේ වන විටත් දන්නවා නිසැකයි. එය සිදුවීමට හේතුවන්නේ කුමන කාරණයක් නිසාද? එය සත්‍යවශයෙන්ම සිදුවන්නක්ද? යන උභතෝකෝටික ගැටළුද ඔබට ඇති බව රහසක් නොවේ. කෙසේ වෙතත් 2012 ලෙස නම් කල චිත්‍රපටියට පසුව මෙම සියළුකාරණා ලෝකය තුල සංවාදයට බදුන්වූ අතර එම චිත්‍රපටිය ප්‍රචාරණයට යොදා ගත් උපක්‍රම හේතුවෙන් අනවශ්‍ය භීතියක් ලෝකය පුරාම මෙය පිළිබදව ඇතිවූ අතර මෙම කරුණ පිළිබදව ඍජුව විග්‍රහකිරීම් මෙන්ම ලෝකය තුල මිනිසා ගෙන යන අකටයුතුකම් අරඹයා මෙවැනි විපත්, මෙම කරුණට අදාල මායාවරුන්ගේ දිනදර්ශනය නොවෙතත් සිදුවන බවද අපගේ සහෝදර බ්ලොග් රචකයන් කිහිපදෙනෙකුම ලියා තිබූ බවද මතකය නැගේ.


කරුණුකාරණා මෙසේ සිදුවෙමින් පවතිද්දී සත් සමුදුරට කලකට ඉහත පාඨක සහෘදයන් කිහිපදෙනෙකුම 2012 ගැන ලියන්නට අනුබලය සැපයෙද්දී සුමංගල හිමියන් හා බණ්ඩාර මිතුරා යන දෙපලගෙන් ලද මුලාංශ්‍ර දායකත්වය හා එයට ලබා දෙන ලද ධෛර්යයද සහිතව ඔබ නිරතුරු සත් සමුදුර තුලින් ඇසුරු කිරීමට ප්‍රියකරන ගවේශනාත්මක ලිපි ගොන්නට මෙම 2012 සංසිද්ධිය පිළිබදව ලියවුන ලියවිල්ලක්ද එකතුකිරීමට අද සිතුවෙමි.


එසේවුවත් සාමාන්‍යයෙන් වැඩිපුරම දැකගැනීමට හැකිවූ 2012 පිළිබද ලියවිල්ලකට වඩා එම කාරණාවට සම්බන්ධ ශිෂ්ඨාචාරයන්, ඔවුන්ගේ සැඟවුන කාරණා, මෙම සංසිද්ධියට හේතුවූ දිනදර්ශනය ආදිය ගැන මෙන්ම මෙ‍තෙක් අඩුවෙන් කතාබහට ලක්වූ තොරතුරු රැසක් ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තුවෙමි. මෙය බොහෝවිට ලිපි කිහිපයක් දක්වා දිර්ඝවීමටද ඉඩකඩ ඇති අතර එහෙනම් මුලින්ම මෙම 2012 සැබෑ අයිතිකරුවන් වන පෞරානික ශිෂ්ඨාචාරයක් වන මායා ශිෂ්ඨාචාරය හා මායාවරුන්ගේ සැඟවුන කාරණ සොයා බලමු.


මායා ශිෂ්ඨාචාරය - Maya Civilization


හැදින්වීම
මායා ශිෂ්ඨාචාරය යනු පෞරානික මෙන්ම ඇමරිකානු මහද්වීපයේ ස්ව‍දේශික සංස්කෘතියක් තිබූ ජනතාවකගේ ශිෂ්ඨාචාරයක් වන අතර යුරෝපීයන් ඇමරිකානු පොළව කෙලසන තුරු එය පෘතුවියේ බටහිරට වන්නට තිබූ දියුණු ශිෂ්ඨාචාරයක්දවේ. මායාවරුන්ගේ ව්‍යාප්තිය ගත් කල එය වර්ථමාන නැගෙනහිර හා දකුණු මැක්සිකෝව, ග්වාතමාලා, බෙලීස්, එල් සැල්වඩෝර් සහ බටහිර හොන්ඩියුරාස් දක්වා පැතිර තිබී ඇත. ඔවුන්ගේ සමෘධිමත් කාලය ක්‍රි.ව. 300 සිට 900 දක්වා තිබූ බව පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් පවසන අතර අති දැවැන්ත ගල් පිරමීඩ, පූජනීය ස්ථාන, ප්‍රතිමා ඇතුළුව තවත් සංකීර්ණ ගොඩනැංවීම් රැසක් ගණිත ශාස්ත්‍රය හා නක්‍ෂත්‍ර විද්‍යාව යොදා ගෙන සිදු කර ඇති අතර ඒවා රූපාක්‍ෂර හෙවත් hieroglyphs වල සටහන් කර තිබූ බවට සාක්‍ෂි හමුවේ. (මෙම hieroglyphs පිළිබදව පුරාණ මිසර පිරමීඩ ගැන ලිපියේද සටහන්විය).




ක්‍රි.ව. 900 න් පසුව මායාවරු අභිරහස් ලෙස ග්වාතමාලාවේ දකුණු දිග මිටියාවත ප්‍රදේශයෙන් බැහැරවී ඇති අතර ඔවුන් උතුරේ පිහිටි Yucatán අර්ධද්වීප පෙදෙස හා ඒ ආශ්‍රිතව ජනාවාස වී ඇත. මෙම ව්‍යාප්තිය 16 වන ශතවර්ශයේ ස්පාඤය ආක්‍රමණිකයන් පැමිනෙනතුරුම සිදුවී ඇත. මෙම ප්‍රදේශ තුල තවමත් පුරාණ මායාවරුන‍්ගෙන් පැවත එන්නන් වාසය කරන බවද කියයි. කෙසේවෙතත් මෙයින් බහුතරයක් ස්පාඤය ආභාශය ලබා ඇති අතර සැලකියයුතු පිරිසක් තවමත් සිය අනන්‍යතාවය වන සාම්ප්‍රධායික මායා සංස්කෘතිය ආරක්‍ෂාකරගෙන සිටින බවද සතුටින් කිවහැක. වර්ථමානය වන විට පුරාණ මායාවරුන්ට ඥාතීත්වය ඇති මිලියන 7 ක පමණ පිරිසක් ඉහතින් දැක්වූ ඇමරිකානු ප්‍රදේශවල වාසය කරයි. ඉතිහාසයඥයන් හා ‍මායා ශිෂ්ඨාචාරය පිළිබද ඇසූපිරූ තැන් ඇති විද්වතුන්, ‍මායා ශිෂ්ඨාචාරය මූලික වශයෙන් අවධි තුනකට බෙදා වෙන්කර විස්තර කරනු ලබයි. එනම් Preclassic period (ප්‍රාග්සම්භාව්‍ය යුගය), Classic period (සම්භාව්‍ය යුගය) සහ Proclassic period (පශ්චාත් සම්භාව්‍ය යුගය) යනුවෙනුයි.
 
  • Like
Reactions: susitha87

sweets

Banned
Jul 2, 2011
297
160
0
ප්‍රාග්සම්භාව්‍ය යුගය - Preclassic period


බෙහෝ කාරණවලට අනුව ඔවුන්ගේ ශිෂ්ඨාචාරයේ වර්ධනය මන්දගාමීව හා දීර්ඝව ප්‍රාග් සම්භාව්‍ය යුගය හෙවත් Preclassic period ලෙස සලකන ක්‍රි.පූ. 2000 සිට ක්‍රි.ව. 300 දක්වා සිදුවී යයි ඉතිහාසඥයන් පවසයි. කෙසේවුවත් ඔවුන්ගේ සංස්කෘතික ගති ලක්‍ෂන මතුවෙන්නට පටන්ගත්තේ මෙම කාලයේදී බව ඉතිහාසඥයන්ගේ මතයයි.මෙම කාලසමයේ මුල් අවධියේදී Mayan බස කතාකරන ස්වදේශික ඇමරිකානුවන් කලාප තුනකට බෙදා වෙන්කල හැකි ප්‍රදේශවල වාසය කරන්නට ඇත. එනම් නැගෙනහිර හා දකුණුදිග මැක්සිකෝව හා මධ්‍යම ඇමරිකාව, වියලි දේශගුණයක් මෙන්ම හුනුගල් ආශ්‍රිත පරිසරයක් ලෙස සැලකෙන මැක්සිකෝවේ උතුරු දිග වෙරල තීරය අයත් Yucatán අර්ධද්වීප පෙදෙස, උතුරු ග්වාතමාලාවේ අභ්‍යන්තරයේ ඇති Petén කලාපයට අයත් නිවර්ථන වනන්තර වල හා ගිනිකඳු හා කඳු මුදුන් වලින් සමන්විත දකුණුදිග ග්වාතමාලාවේ පැසිෆික් සාගරයට ආසන්න ප්‍රාදේශයේය.


මුල්කාලීන මායාවරු ගොවීන් ලෙස සිය ජීවිතය ගෙවූ අතර ඔවුන් කුඩා තුනින් තැන විසිරී තිබූ ගම්මානවල thatch නමින් හැදින්වුන නිවාස තනා ගෙන විසූ බව පැවසේ. සාමූහික ලෙස ගොවිතැන් කල ඔවුන් උල් කරන ලද ලී දඩු ආධාරයෙන් පොලව හාරා බීජ වගා කර ඇත. ප්‍රාග් සම්භාව්‍ය යුගයේ පසුකාලීන අවධිවල ඔවුන් තමන් විසින් සොයාගත් නව ගොවිතැන් විධික්‍රම වන එකදිගට වගා කිරීමේ ක්‍රමශිල්ප, මාරුවෙන් මාරුවට බෝග වගා කිරීමේ ක්‍රම, වගාවන් සදහා පොහොර භාවිතය, ගෘහ වගා බිම් ආදිය සිදුකර ඇත.


එසේම සමහර ප්‍රදේශ වල සමහර කාලවල ඇතිවන වගුරුබිම්ද සිය බෝග වගාවන් සදහායොදාගත් බවද පැවසේ. මොවුන් වගා කල බෝග ලෙස බඩ ඉරිඟු, බෝංචි, අලිගැටපේර, ගම්මිරිස්, ගස්ලබු, අන්නාසි සහ කොකෝවා ප්‍රධාන වේ. මෙම කොකෝවා, ජලය හා මිරිස් ආදිය යොදාගෙන ඔවුන්ට ආවේණික චොකලට් පානයන්ද තනා ගෙන ඇති අතර කාන්තාවන් විසින් බඩ ඉරිඟු අඹරා එයද ජලය සමග මිශ්‍රකර atole ‍ලෙස හදුන්වන පානයක් හෝ පිසගැනීමෙන් කේක් එකක් වැනි ආහාරයක් තනාගෙන තිබේ. ඒවගේම ඔවුනගේ තවත් රසවත් බීමක් වී ඇත්තේ balche ලෙසින් හදුන්වන මීපැණි හා balche ගසේ පොතු මුසුකොට තනන පානයක් වන අතර මෙය බොහෝවිට ඔවුන් මධ්‍යසාරයක් ලෙස භාවිතාකරන්නට ඇතැයි සැලකිය හැක.


හාවුන්,මුවන් සහ කළුකුමුන්ට ‍මායාවරු අනුකම්පාවක් නොදක්වා ඇති අතර එම සතුන් දඩයම් කොට මද ගින්නේ පුළුස්සා ආහාරයට ගෙන තිබේ. මතස්‍යයන්ද ඔවුන්ගේ ආහාරයේ කොටසක් වී ඇති අතර ගෘහස්ථව කළුකුමුන්, තාරාවන් හා බල්ලන් ඇතිකර තිබේ.




මේ අවධියේ ඔවුන් ආහාර කල්තබා ගැනීමටද අමතක කර නැත. ඔවුන්ට ආවේණික ක්‍රමවේදයන් ඔස්සේ මැටි බදුන්වල ආහාර කල් තබා ගත් බවට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි තවමත් හමුවේ.


මායා පිරිමින් දඩයමේ හෝ මසුන් ඇල්ලීමේ හෝ ගොවිතැනේ නොයෙදෙන විට ඔවුන් ගල් ආයුද, මැටි පිළිම, පාශාන කැටයම් කිරීමේන් කරනු ලබන නිෂ්පාදන,කඹ, මළු හා පැදුරු ආදිය තනා ඇත. මායා කාන්තාවන් මැටි බදුන් පින්තාරු කිරීම, ponchos ලෙස හැදින්වෙන කබා විශේෂය ගෙතීම, පිරිමින් අදිනා loincloths නම් අමුඩයක් වැනි ඇදුම්ද, කාන්තාවන් අදින සාය ආදිය තනා ඇති අතර ඒවා කපු හා maguey ශාකයේ පත්‍ර භාවිතාකර නිපදවාගෙන ඇත. එසේම ඔවුන් wild fig ශාකයේ ‍පොතු උපයෝගී කරගෙන කඩදාසිද තනා ගෙන ඇති අතර ඒවා මූලිකවම ඔවුන් භාවිතා කර ඇත්තේ උත්සව අවස්ථාවල භාවිතය සදහායි. ඔවුන් සතුව බර ඇදගෙන යා හැකි සතුන් හෝ රෝද සවිකල වාහන ආදිය නොතිබූ අතර පටු අඩිපාරවල් දිගේ tumplines ලෙස හැදින්වෙන ඔසවා ගෙන යන භාණ්ඩය දෙපසින් රැහැන් සවිකොට එය හිසේ හෝ පපුවේ එල්ලා ගෙන යන ක්‍රමයට හෝ ගලා යන දියපහරවල් දිගේ ගස්වල කදන් සාරා තනා ගත් dugout canoes යාත්‍රායොදා ගෙන භාණ්ඩ ප්‍රවාහනය කොටඇත.
tumplines ආකාරයට බර ඔසවාගෙන යාම
dugout canoes යාත්‍රා සෑදීම
මුල් කාලීන මායාවරු ඥාතීත්වය පදනම් කරගත් නායකත්වයක් යටතේ ඒකරාශීව සිට ඇත. නායකයත්වය පරම්පරාවෙන් උරුමවූවක් වූ අතර එය පදනම් ඇත්තේ දේශපාලනික දක්‍ෂතාවයන් හා අදෘශ්‍යමාන අද්භූත බලවේග සමග සංනිවේදනය කිරීමේ හැකියාවන් මතයි. නායකයා සහ ඔහුගේ පවුලේ අයට එම ජනකොට්ඨාශයේ ප්‍රභූත්වයෙන් සැලකුම් ලබා ඇති අතර ඔහුට සහ ඔහුගේ සමීපයන්ට සමාජයේ ඉහල වරප්‍රසාදද ලැබී තිබේ. සමහර ජනාවාසයන් නායකයන් හෝ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකුගෙන් සැදුම් ලත් මණ්ඩලයකින් පාලනය වී ඇති අතර එය දේශපාලනික හා ආගමික වශයෙන් ඒකරාශිව තිබී ඇත.


වෙනත් පැරණි ශිෂ්ඨාචාරවල කෘෂිකාර්මික ජනතාව සේ මුල්කාලීන මායාවරු කෘෂිකර්මය සදහා වූ දෙවියන් වැදුම් පිදුම් කර ඇති අතරම වර්ෂාව සදහා වූ දෙවියන් සහ පසුව වැදුම් පිදුම් කල බඩ ඉරිඟු සදහා වු දෙවියන් එයින් ප්‍රධානය. සිය දිවියේ සෑම දිනක්ම පාලනය කරන්නේ මෙම දෙවිදේවතාවන් බවට ඔවුන්ගේ තද විශ්වාසයක්ද තිබී ඇත. ඒ වගේම මායා නක්‍ෂත්‍ර විද්‍යඥයන් සූර්යයා, චන්‍ද්‍රයා හා ග්‍රහලෝක ආදිය ඇසුරෙන් නිර්මාණය කරගත් නක්‍ෂත්‍ර ගණනය කිරීම් හා එයින් සාදා ගත් ලිත් හා තාරකා විද්‍යාත්මක දිනදර්ශනද තිබින. මෙම නක්‍ෂත්‍ර විද්‍යාව මායාවරුන්ගේ ජීවිතය හා බද්ධව තිබී ඇති අතර එය නිසා සුභ ප්‍රතිඵල ගෙනදෙන බවට විශ්වාසය තිබී ඇති අතර ඔවුන්ගේ වගා කටයුතුවල සිට එදිනෙදා දිවියේ විවිද ක්‍රියාකාරකම් සදහා හා ඔවුන්ගේ යුදකටයුතු සදහාද එය බහුලව භාවිතා කර තිබේ.


පාලකයන් හා යටත් වැසියන් ජනාවාසයේ ඇති ප්‍රධාන ගොඩනැගිල්ලක් කේන්‍ද්‍රගත කරගනිමින් වාසය කල අතර ඒ බව දකුණු දිග උස්බිම් වල පිහිටි Kaminaljuyú(http://www.delange.org/Kaminaljuyu/K1.htm), Tikal (http://www.authenticmaya.com/tikal1.htm) හා මධ්‍යම පෙදෙසේ ඇති මිටියාවතක් වන Petén කැලෑ ප්‍රදේශවලදී දැක ගත හැකිය. පිරිමිඩාකාරයේ පස් ගොඩැලි වල බොරළු අතුරා තැනූ අල්තාර හෝ සෙවිලිකල වහලකින් යුතු ගොඩනැගිල්ලකින් යුතු ‍දේවොලක් මෙම ජනාවාසයන්හි මධ්‍යයේ පිහිටා තිබූ අතර ඒවායේ සිටි පූජකයන් දෙවියන් වෙනුවෙන් බිලිපූජා ආදිය සිදුකොට තිබේ. ප්‍රාග්සම්භාව්‍ය යුගයේ පසුකාලීනව මායාවරු ගොඩනැගිලි පාශාන යොදාගෙන ඉදිකිරීමට වැඩිවශයෙන් පෙලඹී ඇත.
Unxcavated Temples Mounds. Kaminaljuyú,
Guatemala City, Guatemala

මෙම ප්‍රාග්සම්භාව්‍ය යුගය තුල පැරණි මායාවරුන්ගේ මූලික ලක්‍ෂන ස්ථාවර මට්ටමකට පත්ව ඇති අතර මෙම යුගය තුල ඔවුන් අති දැවැන්ත පිරමීඩ තැනීමට පවා සමත්ව ඇති අතර ග්වාතමාලාවේ මිටියාවතක් වන El Mirador හි තනා ඇති පිරමීඩය මායාවරුන්ගේ දැවැන්තම ඉදිකිරීමක් වන අතර එය සම්භාව්‍ය යුගය අයත් වන ක්‍රි.. 400 පමණ වන විට එය ප්‍රධාන ජනාවාසයක්ව පැවත තිබේ. එසේම ඔවුන් මෙම කාලයේදී Obsidian නම් ගිනිකදු ආශ්‍රිත මෘදු පාශානයකින් තනා ගත් අවිආයුද හා මෙවලම් El Mirador හා පැසිෆික් පහත් බිම් වන Chiapas හා ග්වාතමාලාවේදී හමුවී තිබේ. Kaminaljuyú උස්බිම් ප්‍රදේශය මායාවරුන්ගේ ප්‍රබල ජනාවාස බිමක් වන අතර එය පහත්බිම් වල ජනාවාසයන් සදහා හා සැපයුම් පාලනය කල ප්‍රදේශයක් බවද පැවසේ. එසේම එය වෙලද මාර්ගයන් පාලනය කරන මධ්‍යස්ථානයක් ලෙසද පැවති බව ඉතිහාසඥයන් පවසයි.
El Mirador
 

sweets

Banned
Jul 2, 2011
297
160
0
2012 දී සිදුවෙන්නේ කුමක්ද? මායාවරුන්ගේ ස්වර්ණමය යුගය - 2 කොටස




පළමු ලිපියෙන් මායා ශිෂ්ඨාචාරය යුග වශයෙන් සැලකීමේදී පළමු ප්‍රධාන යුගය ලෙස සැලකෙන ප්‍රාග්සම්භාව්‍ය යුගය ගැන සාකච්ඡාකරනු ලැබූ අතර මෙම ලිපියෙන් දෙවන ප්‍රධාන යුගය ලෙස හා ඔවුන්ගේ සමෘධියේ වැදගත්ම යුගය යයි සැලකිය හැකි සම්භාව්‍ය යුගය හෙවත් Classic period අවධිය ගැන කතා කරමු.

සම්භාව්‍ය යුගය - Classic period



ක්‍රි.ව. 300 දී පමණ ඇරඹී සම්භාව්‍ය යුගය හෙවත් Classic period මායා ශිෂ්ඨාචාරයේ ස්වර්ණමය යුගය ලෙසද සලකෙන අතර මේ කාලය වඩාත් සංකීර්නවී ඇත. මෙම අවධිය වන විට ඔවුන්ගේ ජනගහනය වර්ධනයවීම වැඩිවී තිබුනා මෙන්ම අභ්‍යන්තරයේ තිබූ උස්බිම් වල විසූ මායාවරුන් හා පහත් බිම් වල විසූ මායාවරුන් අතර එක් වීමක් සිදුවී ඇත. එසේම ඔවුන් දෙපිරිස අතර තරඟකාරීත්වයක්ද වර්ධනයවී ඇත. වාණිජ කටයුතු හා යුද කටයුතු ඔවුන්ගේ සංස්කෘතිය වර්ධනය කෙරේ ප්‍රධානම උත්තේජනය වී ඇති බව සදහන් කල යුතුය. එසේම මෙම අවධිය වන විට මායාවරුන්ගේ වඩාත්ම සංවර්ධිත ප්‍රදේශ ලෙස Petén කැලෑ ප්‍රදේශ හා ඒ අවට පහත් බිම් ප්‍රදේශ වන Tikal, Palenque, Piedras Negras, සහ Copán දැක්විය හැකි අතර මෙම සංවර්ධනය ක්‍රි.ව. 300 සිට ක්‍රි.ව. 900 දක්වා සිදුවූ බවද පැවසේ.


මායාවරු අතර ටිකෙන් ටික සමාජමය පංති බිහිවීමත් සමග මායා සමාජය වඩාත් සංකීර්ණ තත්වයට ක්‍රමයෙන් පත්වී ඇත.පාරම්පරික උරුමයෙන් නායකත්වය දරන පංතියේ පවුල් සාමාන්‍ය මායා වැසියන්ට වඩා ඉහල තලයක සිට ඇති අතර එවැනි පවුල් වලින් බිහිවූ රජකෙනෙකු ඒ ඒ මායා නගර පාලනය කර තිබේ. මෙම රජවරු ප්‍රාග්සම්භාව්‍ය යුගයේ සිටි ප්‍රධානීන්ගේ පාලන ක්‍රමයට සමාන ආකාරයකින් පාලනය ගෙන ගියත් ඔවුන්ගෙන් වෙනස් වී ඇත්තේ මෙම අවධියේ බිහිවූ රජවරු සමාජ පංති ක්‍රමයක් පෙරදැරි කරගෙන ඔවුන් සාමාන්‍ය ජනයාගෙන් වෙන්ව ඔවුන්‍ට සමාන ප්‍රභුවරු සමග සමීපව සිටීමයි. මෙම රජවරු සමග සමීපව සිටි අනෙක් කොටස පූජකයන්ය. නගර මධ්‍යයේ පිහිටි දෙවොලක් කේන්‍ද්‍රකරගනිමින් වාසය කල අතර මෙම නගරයක ජනගණත්වයද ඉහල මට්ටමකින් තිබූ බව සදහන්ය.නිදසුනක් ලෙස සමස්ථ Tikal ප්‍රදේශයේ වර්ග කි.මි. 314 ක ප්‍රදේශයේ පමණක් 92,000 ක් වූ ජනගහනයක් සිටි බව කියන අතර එහි මධ්‍ය ප්‍රදේශයේ පමණක් මායා ඉදිකිරීම් 2700 ක් පමණ තිබී ඇත.

සම්භාව්‍ය යුගයේදී යුදවැදීම් තරමක් සීමාවී ඇති අතර එය ඔවුන්ගේ චාරිත්‍රානුකූල උත්සව සදහා බොහෝවිට යොදාගෙන ඇත. මායා පාලකයන් , stelae ලෙස හදුන්වන කැටයම් නෙලූ පාශානමය මූර්තිවල දැක්වෙන ආකාරයෙන්ම නිතරආයුද දරා සිට ඇති අතර ඔවුන් තම සේනාව මෙහෙයවා ප්‍රතිවාදී කණ්ඩායම් අල්ලා ඔවුන් බිලිපූජා සදහා යොදාගෙන ඇත්තේ ආගමික හෝ දේශපාලනික හේතුවෙනුවෙනි. ඒවගේම මෙම පාලකයන් ආක්‍රමණය කරන ලද නගර වල සමහර කොටස් විනාශකර ඇති අතර ඒ බොහෝවිට මධ්‍යයේ පිහිටා ඇති දෙවොලේ යාබද ප්‍රදේශ බවද කියයි.



පහත්බිම්වල පිහිටි මායා නගර අංගසම්පූර්ණව ඔවුන්‍ විසින් ගොඩනැංවීමද මෙම අවධියේ සිදුකර ඇත. එවා දේවස්ථාන, මාලිගා, අංගණ, ජලය එක්රැස් කරන ස්ථාන, සපත්තු පාලම් ආදියෙන් සමන්විත වී ඇත. එසේම ඒවායේ බිත්ති, පොළව හා අනෙකුත් පෘෂ්ඨයන් රතු හෝ ක්‍රීම් පැහැයෙන් යුතු ‍හුණු බදාමයකින් ආවරණය කර ඇති අතර හිරු එළිය වැටෙන විට එම ස්ථාන අලංකාරවත්ව දිලිසෙමින් තිබී ඇත. එපමණක් නොව මූර්තිකරුවන් විසින් තම පාලකයන් හා ඔවුන්ගේ පවුල් වල විස්තරද, දේශපාලනික ඉතිහාසය හා එම ‍ජනාවාස සමග බැදී පවතින වැදගත් කාරණා පාශානමය කැටයම් ලෙස ශිලාලේඛණ නිර්මාණය කර ඇත.



 

sweets

Banned
Jul 2, 2011
297
160
0
පහත්බිම්වල පිහිටි මායා නගර අංගසම්පූර්ණව ඔවුන්‍ විසින් ගොඩනැංවීමද මෙම අවධියේ සිදුකර ඇත. එවා දේවස්ථාන, මාලිගා, අංගණ, ජලය එක්රැස් කරන ස්ථාන, සපත්තු පාලම් ආදියෙන් සමන්විත වී ඇත. එසේම ඒවායේ බිත්ති, පොළව හා අනෙකුත් පෘෂ්ඨයන් රතු හෝ ක්‍රීම් පැහැයෙන් යුතු ‍හුණු බදාමයකින් ආවරණය කර ඇති අතර හිරු එළිය වැටෙන විට එම ස්ථාන අලංකාරවත්ව දිලිසෙමින් තිබී ඇත. එපමණක් නොව මූර්තිකරුවන් විසින් තම පාලකයන් හා ඔවුන්ගේ පවුල් වල විස්තරද, දේශපාලනික ඉතිහාසය හා එම ‍ජනාවාස සමග බැදී පවතින වැදගත් කාරණා පාශානමය කැටයම් ලෙස ශිලාලේඛණ නිර්මාණය කර ඇත.
Maya Temple - The Castillo Pyramid in Chitzen Itza found in
the Yucatan Peninsula of Mexico.


මායාවරුන්ගේ මාලිගා මායාවරුන් ජලය රැස් කිරීමට තනන ලද තටාකයක්
පුරාවිද්‍යාඥයන් විසින් කනිනු ලබන අවස්ථාවක්
මායාවරුන් ජලය එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමට
භාවිතාකරන ලදැයි සැලකෙන ජලනල පද්දතිය හා තාක්‍ෂනය

සමාජය හා ආර්ථිකය



සම්භාව්‍ය යුගයේ රජවරු තම නමට පදවි නාමයක්ද යොදාගෙන ඇති අතර එය මායා බසින් k’ul ahau වන අතර එහි අර්ථය උත්තරීතර හා පූජනීය පාලකයා යන්නයි. මෙම යුගයේ පසුකාලීනව රජුට සහය වීම පිණිස පාරම්පරිකව පැවත එන පාලක සභාවක්ද තබා ගෙන ඇත. එසේම රජුට දේශපාලනික වශයෙන් පමණක් නොව මේ අවධියේ ආගමික බලතලද තිබී ඇත. කෙසේ වෙතත් පසුසම්භාව්‍ය යුගය ලෙස ගැනෙන ක්‍රි.ව. 900 සිට ක්‍රි.ව. 1521 දක්වා කාලයේදී රජුට තිබූ ආගමික බලතල ඉවත්වී ඇති අතර පූජක පැලැන්තියේ ආයතනික බලතල වැඩිවී ඇත.


මායා සමාජය තුල ‍වෙළද පාර්ශවයටද කැපී පෙනෙන තැනක් ලැබී තිබිනි. භූමියේ අභ්‍යන්තර ප්‍රදේශ යාකරමින් පැවති වෙළඳ මාර්ග පහත් බිම් වල තිබූ මධ්‍යස්ථාන වලින් පාලනය කෙරුන අතර ඒවා මගින් ලුණු, obsidian හා jade පාශාන,කොකෝවා, සත්ව හම්, නිවර්ථන කලාපීය පක්‍ෂීන්ගේ පිහාටු හා සුකෝපභෝගී තත්වයෙන් සැලකූ පිඟන් ග‍ඩොල් ආදිය පාලනයකින් යුතුව වෙළදාම් කටයුතු සිදුකෙරුන බව පැවසේ. සම්භාව්‍ය‍ යුගයේ මුල් කාලයේ මධ්‍යම මැක්සිකෝවේ Teotihuacán, මායා ශිෂ්ඨාචාරය පැවති ප්‍රදේශ ලෙස හැදින්වෙන Mesoamerica හි අද්විතීයම නගරය ලෙස හැදින්වේ. මෙම නගරය ඒ අවධියේ Mesoamerica දේශපාලනික හා ආගමික බලය පැතරවූ ස්ථානය ලෙසද නම් කලාට වරදක් නැත. එසේම වාණිජ ජාලය තුලද මෙම නගරය ප්‍රධාන මධ්‍යස්ථානයක් වූයේය.
Teotihuacán quetzal දකුණු දිග කලාපයේ උස්බිම්වල විසූ මායාවරුන් සිය වෙළඳ භාණ්ඩ ලෙස යුදායුද හා මෙවලම් තැනීමට ඇවසි obsidian පාශාණ, ඇඹරුම් ගල්, ජේඩ්, කොලපැහැ ගිරවුන් හා quetzal පක්‍ෂීන්ගේ පිහාටු, ගස්වලින් ලබා ගත් සුවද ගෙනදෙන දුම්මල විශේෂයක් වූ copal, cochineal ලෙස හැදින්වූ මියගිය කෘමීන්‍ වියලා තනාගත් රතුපැහැ ඩයි අනෙකුත් ප්‍ර‍දේශ කරා රැගෙන ගොස් ඇත. පහත්බිම්වල විසූ මායාවරුන්ගේ වෙළඳ භාණ්ඩ වී ඇත්තේ ජගුවර් සතුන්ගේ හම්, කපු නූල් හා රෙදි, balche, ඉටි, මී පැණි, කරවල මුවමස් හා ගිණි අවුලුවා ගැනීමට භාවිතා කරන තිරුවාන ගල් විශේෂයකි. මෙලෙස භූවිශමතාවයෙන් වෙනස් වූ ප්‍රදේශ වලින් අනෙකුත් ප්‍රදේශයට රැගෙන ආ භාණ්ඩ දෙආකාරයකට අලෙවි වී තිබේ. එනම් භාණ්ඩ හුවමාරුවක් ලෙස හෝ ඒ අවධියේ ඔවුන් මුදල් ලෙද භාවිතා කල කොකෝවා ඇට භාවිතයෙනි. එසේම ප්‍රභූපැලැන්තියට අයත් ජනයා සුකෝපභෝගීව ජීවිතය ගත කර ඇති අතර පහල පංතියේ ජනයාගේ ජීවිතය අඩු දියුණුවකින් යුතුවිය.

වර්ථමානයේ පවා මායාවරු ලුණු වෙලදාමේ යෙදී සිටිති
 

sweets

Banned
Jul 2, 2011
297
160
0
මායා වංශාධිපතීන් පිරිමින් යටිකය සදහා විසිතුරු මැහුම්ගෙතුම් කරන ලද කපු ඇදුමක් ඇද ඇති අතර එය පිහාටුවලින්ද අලංකාර කර තිබේ. උඩුකයට කපුරෙද්දෙන් තැනූ ලෝගුවක්ද හෝ ජගුවරු හමෙන් තැනූ ඇදුමක් හෝ පිහාටුවලින් තනන ලද ඇදුමක් භාවිතාකර ඇත. එසේම පිහාටු වලින් තැනූ විශාල කැපී පෙනෙන හිස් පලදනාවක්ද භාවිතාකරන්නට අමතක කර නැත. වංශාධිපතීන් ගැහැණුන් සැහැල්ලු මෙන්ම සුදු පැහැ කපු රෙද්දෙන් නිමවූ ලෝගුවක් ඇද ඇති අතර ඒවාද විසිතුරු මැහුම්ගෙතුම් වලින් අලංකාර කොට තිබේ.



වංශාධිපතීන් ගලින් නිමවූ නිවාස වල විසූ අතර ඒවායේ බිත්ති කපරාරු කොට ඒවා බිතුසිතුවම් වලින්ද අලංකාර ‍කොටතිබී ඇත. මෙම නිවාස වල ඔවුන් සිදුකරන ලද භෝජන සංග්‍රහවලදී අමුත්තන්ට කළුකුම් මසින්, මුව, තාරා යනාදී සතුන්ගේ මසින්ද, ඔවුන් නිපදවූ චොකලට් හා balche පානයන්ගෙන්ද සංග්‍රහ කොට ඇති අතර අමුත්තන් මෙම සාද වලට පැමිනෙන විට ත්‍යාගභෝගද රැගෙනවිත් තිබේ. වංශාධිපතියෙකු මිය ගිය පසු මෘතදේහය පාශානමය දෙනක බහා ජේඩ් හා මැටි ආභරණවලින් සරසා භූමදානය කර තිබේ. එසේම ඔහුගේ මරණින් පසු දි‍වියේදී ඔහුට සේවය කිරීම පිණිස මිනිසුන්ද ඔහුගේ මලගම සිදුවන දිනයේ බිලී දී ඇත.


මෙම ශිෂ්ඨාචාරයේ සම්භාව්‍ය යුගයේදී වංශාධිපතින්ට පහල සමාජ ස්ථරය Yalba Unicob හෙවත් Lower Men ලෙස හැදින්වූ අතර එයද කොටස් දෙකකට බෙදා වෙන්කර දැක්වේ. එනම් නිපුනත්වයක් ඇති ශිල්පීන් හා වෙළෙන්දන් එම සමාජ ස්ථරයේ ඉහල කොටසට හිමිකම් කී අතර එය වර්ථමානයේ මධ්‍යම පංතියට සම කර දැක්වේ. මෙම පංතියට එදා අයත්වූවන් ලෙස පාශාන හා දැව කැටයම්කරුවන්, බිත්ති කපරාරුකරන්නන්. පින්තාරුකරුවන්, කුඹල්කරුවන්, මූර්ති ශිල්පීන් හා වාණිජ කර්මාන්තයේ නිරතවූවන් සලකන ලදි.


මායාවරු ගොවිතැනේ යෙදුන හැටිමෙම මධ්‍යම පංතියට අයත් නොවූ නුපුහුණු කම්කරුවන් අතරින් ගම්බද මායා වැසියන් බහුතරයක් ගොවීන් වූ අතර ඔවුන්ගේ කෘෂි නිෂ්පාදනයෙන් 2/ 3ක් හෝ ඊටත් වැඩියෙන් ඔවුන්ගේ හාම්පුතුන් වූ ඉහල පැලැන්තියේ මායාවරුන්ට දී ඇත. නගරබදවිසු ‍නුපුහුණු කම්කරුවන්ගේ වෘතීන්වූයේ ගල් කැඩීම, කශලශෝදක වෘතිය හා බඩු ඔසවාගෙන යාමේ රාජකාරීන්ය. නගරබදව විසූ මෙම වැසියන් නගර‍යේ මධ්‍යයේ නොව නගරයේ සීමාවට ආසන්නයේ සිය නිවාස තනාගෙන වාසය කර ඇත.


මෙම පහල සමාජ ස්ථරවල නිවාස ගත් කල අඩුමට්මේ අය සරල කූඩාරම් ආකාරයේ නිවාස වල වාසය කර ඇති අතර ඇතිහැකි අය කටුමැටි බිත්ති සහිත පාම් අතු සෙවිල කල නිවාස තනාගෙන වාසයකරන ලද බව සදහන්ය. කෙසේවෙතත් මෙම නිවාස වල තිබී ඇත්තේ අඩු ගෘහභාණ්ඩ ප්‍රමාණයක් වන අතර නිවාස පරම්පරාවකට වඩා පැවතී නැති අතර පැරණි නිවාසය කඩා වලලා එය මත නව නිවාස නැවත තනා ගෙන ඇත. එයින් ඔවුන් බලාපොරොත්තුවී ඇත්තේ ඔවුන්ගේ මලගිය මුතුන්මිත්තන්ගේ ආත්මය තමන් වටා රැදේවි යන විශ්වාසයයි.


සාමාන්‍ය වැසියන් කපුරෙද්දෙන් පිළියෙල කල සරල අමුඩයක් වැනි ඇදුමක් හා කබායකින් සිය විලිවසාගෙන තිබේ. මෙම වැසියන්ගේ කාන්තාවන් කපු වලින් ගොතනලද හැට්ටයක් හා සායක්‍ හෝ සැහැල්ලු මල්ලක් වැනි ඇදුමක් ඇද ඇති අතර එය සරල මෝස්තර වලින් අලංකාරය කර තිබේ. කෙ‍සේවෙතත් මෙම කාන්තාවන් හා තරුණියන් ‍කොණ්ඩය දිගට වවා ඒවා අන්‍යයන්ගේ සිත් ඇදගන්න සුළු ‍ලෙස පීරා අලංකාරව සිට ඇත. ඔවුන් භාවිතා කල කොණ්ඩා සැරසිලි අනුව එම ස්ත්‍රිය විවාහක අවිවාහක බව තීරණය කිරීමේ හැකියාවද තිබූ බව කියයි. පිරිමි සහ කාන්තාවන් දෙකොට්ඨාශයම නොයෙක් විසිතුර මෝස්තර වලින් සිය සිරුර පච්ඡාකොටා ගෙන තිබීම එම සමාජයේ සුලභ සිදුවීමක් විය.



මායා සමාජයේ පහලම ස්ථරය වහලුන් වූ අතර ඔවුන්ට අයත්වූයේ එකල අපරාධ සිදු කර හසුවූ අය හෝ වහල්භාවයට බැදී සිටි දිළිදුම මායා වැසියන් හෝ යුද්දවලදී යටත් කරගත් මිනිසුන්ය. ඔවුන්ගේ ජීවිතය දුඛිංත වූ අතර ඔවුන් අතර යම් හෙයකින් ඔවුන්ගේ ස්වාමිය මිය ‍ගිය හොත් ඔහුගේ මරණින් මතු දිවියේදීද සේවය කිරීම පිණිස ඔහු අවසන් ගමන් යන විට වහලුන්ටද සිය ජීවි‍තයෙන් සමුගතයුතු වූ බව සදහන් වේ.



 
  • Like
Reactions: Thilina weerakkody

sweets

Banned
Jul 2, 2011
297
160
0
  • දෙවන ලිපියේදී අපි සම්භාව්‍ය යුගය හෙවත් Classical Period ගැන කතාබහ කරමින් සිටි අතර එය මායාවරුන්ගේ ස්වර්ණමය යුගය නැතහොත් එම ශිෂ්ඨාචාරයේ හිනි පෙත්තට නැගි යුගය ලෙස හැදින්වූයෙමු. තෙවන ලිපිය අරඹමින් එම යුගයේ තවත් ප්‍රධානතම අංගයක් වන මායාවරුන්ගේ ආගම් නැමති මාතෘකාව ඔස්සේ නැවතත් මායාවරුන්‍ගැන හා ඔවුන්ගේ ආන්දෝලනාත්මක ලිපිපෙලේ තෙවැන්න අරඹමු.


    ආගම්
    Hunab Ku දෙවියන්ගේ සංකේතයපුරාතන ශිෂ්ඨාචාරවල ආගමික වශයෙන් ඇති සංකීර්ණත්වය මායාවරුන් තුලද දක්නට ලැබුනි. විශේෂයෙන් ඇමරිකානු ප්‍රධාන පුරාතන ශිෂ්ඨාචාරයන් වන මායා, ඇස්ටෙක් හා ඉන්කාවරුන් පොදුවේ විශ්වාසකල පරිදි විශ්වය ප්‍රධාන කොටස් තුනකින් යුතුවිය. එනම් දෙව්ලොව, පෘතුවි පෘෂ්ඨය හා පාතාල ලෝකයයි. එපමණක් නොව ඔවුන් පුළුල් ලෙස විවිද දෙවිවරුන් සහ දේවතාවියන්, විවිද අද්භූත බලවේග කෙරේ තදින් ඇලී සිට ඇති අතර අහසේ තරු, ග්‍රහලෝක ආදියටද ආගමික වශයෙන් වැදගත් කමක් දී තිබූ අතර අහසේ ඒ ඒ කලාපද ඔවුන්ගේ දේව ඇදහිල්ලට අදාලවිය. මෙම ප්‍රධාන ශිෂ්ඨාචාර තුනේම තව ‍පොදු ලක්‍ෂනයක් වූයේ ආගම හා ඔවුන්ගේ එදිනෙදා ජීවිතය අතර ගසට පොත්ත මෙන් ඇති තදබල බැදීමයි. මෙම ඇදහීම් සදහා විශේෂිත වූ ආගමික වත් පිළිවෙත්, පූජකයන්, ස්ථාන හා එම දෙවියන්ට ආවේණික වර්ණයන්ද තිබී ඇත.


    මායාවරු ඇදහූ දෙවියන් අතරින් ප්‍රධානම දෙවියා Hunab Ku ලෙස හදුන්වා ඇති අතර එම දෙවියා ලෝකයේ මැවුම්කරු ලෙස ඔවුන් හැදින්වූ අතර ඔහු මිනිසාට වඩා ඉතා ඉහල ශ්‍රේෂ්ඨත්වයක් ඇති අයෙකු ලෙස ඔවුන්ගේ විශ්වාසය විය.


    Itzamna දේවතා ස්වරූපයඑසේම ඔහු පෙනී සිටින තවත් ස්වරූපයක් මායාවරු Itzamna ලෙස හදුන්වාගත් අතර එය අකාශයට නැතහොත් ඔවුන්ගේ විශ්වාසය අනුව දිව්‍යලෝකයට අධිපතියා ලෙසද, දහවලට හා රාත්‍රියට අධිපතියා ලෙස හා ලේඛණයට හා ඖෂධ පිළිබදව දෙවතාවාලෙසද මායාවරුන්ගේ ගරුබුහුමනට ලක්විය.


    Kinich Ahau Kinich Ahau යනු හිරු දෙවියායි. එම දෙවියා, Itzamna දෙවියාගේ තරුණ ස්වරූපය බවට මායාවරු විශ්වාස කර අදහා ඇත. තව ආකාරයකින් ඔවුන් සිතා ඇත්තේ Itzamna දෙවියාගේ පුතා, Kinich Ahau ලෙසයි.


    සද දෙවියා දෙයාකාරයකින් අදහා ඇති අතර සදේ මහළු කාලය Ix Chel දෙවියා ලෙසත් තරුණ කාලය Ix Ch'up දෙවියා ලෙසත් ඔවුන් සලකා ඇත.
    Yum Kaax කෘෂිකර්මාන්තයේ යෙදුන සාමාන්‍ය ජනයා බහුලව ඇදහූ දෙවියෙක් Yum Kaax..මෙම දෙවියාබඬඉරිගුවලට සම්බන්ධ දෙවියා ලෙස ඔවුන් සැලකූ අතර ඔවුන්ගේ තවත් වැඩියෙන් ඇදහීමට ලක්වූ දෙවියා වූයේ Chacs හෙවත් වැසි දෙවියාය. මෙම වැසිදෙවියා ලෝකයේ කෙලවරේ විසූ බව මායා විශ්වාසයයි. අකුණු වලටද අධිපතිවූයේ මෙම දෙවියා බව මායා විශ්වාසයයි.


    කාන්තාවන් පමණක් ඇදහූ දෙවිදෙවතාවන්ද සිට ඇත. Ix Chel දෙවියා එවැනි කාන්තාවන් විසින් පුදපූජා කල දෙවියකුවන අතර එම දෙවියා සඳට, ජලයට, ප්‍රතිකර්ම සදහා, දරු උපත් සදහා මෙන්ම පෙහෙකම් කටයුතු සදහාද අධිගෘහිත දෙවියා විය.
    Ix Chel


    සියළුම මායාවරු ඇදහු දෙවියා Ixtab නම් විය. මෙම දෙවියා අධිපති වූයේ සියදිවි නසා ගැනීමටය. මායා විශ්වාසය අනුව සියදිවි හානිකරගන්නා විශේෂ දිව්‍යලෝකයකට යාමට වාසනාව ලැබූවෙක් විය. එසේම සෑම දිනයක්, මාසයක් හා වසරක් පාලනය කිරීමටද දෙවියන් මැදිහත්වූ බව ඔවුන්ගේ විශ්වාසයයි.
    Ixtab

    මායා ශිෂ්ඨාචාරය තුල දෙවියන් හා සංනි‍වේදනය සදහා බොහෝ පූජා විධි මෙන්ම උත්සවද රැසක්විය. ඔවුන්ගේ නව වසර ජූලි මාසයෙන් ඇරඹී ඇත. මෙම මාසයේ විශේෂයෙන්ම ඔවුන් දෙවියන් පුදා ඇති අතර ඊට අමතරව හදිසි අවස්ථාවන් ලෙස සැලකූ දුර්භීක්‍ෂය, ඉඩෝර කාල, සුලිසුලං වැනි අවස්ථාවලදීද දෙවියන්ට ගරුත්වයෙන් යුතුව විවෘත ප්‍රදේශක ඒකරාශී විපුදපූජා පවත්වා ඇත. පිරිමින් හා කාන්තාවන් අලංකාර පිහාටුවලින් වර්ණවත් වූ ඒ ඒ නිලයන් හදුනාගත හැකි ඇදුම් හා හිස්පලදනා පැලද, සිවුරුහම්කරමින්, ආගමික වාක්‍ය කියමින්, නලා පිඹිමින්, බෙර වයමින් හා අත්වල හා පාදවල සවිකරගත් සීනු නාද කරමින් නට නටා දෙවියන් පුදා ඇත. එසේම තව ආගමික වත් පිළිවෙතක් වී ඇත්තේ රත්වූ ජලයේ ස්නානයයි.


    එසේපමණක් නොව මෙවැනි අවස්ථාවල ආගමික පුදපූජාවක් ලෙස ඔවුන් පියවි සිහියෙන්ද සිට නොමැති බව සදහන් වේ. ඒ සදහා මත්වෙන බීමක් වූ balche ද පානය කර ඇත. එයින් පමණක් සෑහිමකට පත්වී නැත සිතින් විවිද විකාර චිත්තරූප මවා ගැනීමට උපකාරීවන මත්ද්‍රව්‍යද ඔවුන් භාවිතයට ගෙන ඇත ඒවා විශේෂිත හතු ඇසුරෙන් හා ඔවුන් දුම්පානයට යොදාගෙන ඇති ප්‍රභල මතවීමේ හැකියාවකින් යුතු දුම්කොල විශේෂයකින් සිදුකරගෙන ඇත.


    තරුණ වංශාධිපති මායාවරු පාරිශුද්ධ වූ ක්‍රීඩාවක් ලෙස සැලකූ ball game ලෙස හැදින්වෙන ක්‍රීඩාවක් සෙල්ලම් කර ඇත.
 

sweets

Banned
Jul 2, 2011
297
160
0
මේ සදහා වූ විශේෂිත අංගනයන්ද තනා තිබිනි. මෙම සෙල්ලම ක්‍රීඩාවක් ලෙස හැදින්වූවත් මෙය එක්තරා අතකින් සමහර අවස්ථාවලදී පරාජිත පිලට මාරාන්තික විය. මන්ද සෑමවිටම නොවුනත් ඇතැම් අවස්ථාවලදී පරාජයට පත්වන පිලට හෝ එහි නායකයාට අත්වන ඉරණම මරණය වූ බැවිනි. මෙම ක්‍රීඩාව ගැන සැකෙවින් දක්වතොත් මෙසේය.මෙයට ‍යොදාගත් අංගන නැතහොත් "court" ඉංග්‍රීසි කැපිටල් “I” හැඩයෙන් හා විවිද ප්‍රමාණයෙන් තිබූ බව පැවසෙන අතර විශාලතම අංගනය අඩි 459 ක් දිග හා අඩි 114 ක් පළල එකක් බව කිව යුතුය. ‍අංගනය දෙපසින් ඇති බිත්තිවල උස අඩි 26 ක් පමණ වී තිබේ. Great Ball Court මෙය කණ්ඩායම් ක්‍රීඩාවකි. කණ්ඩායමකට ක්‍රීඩකයන් 2 සිට 5 දක්වා ඇතුලත්ව තිබේ. ‍යොදා ගත් බෝලය රබර් වලින් සාදන ලද එකක් බව කියන අතර එය අඟල් 12 ක පමණ විශ්කම්භයෙන් හා කිලෝග්‍රෑම් 8 ක පමන බරකින් යුක්තවූ බවද පැවසේ.



මෙහිදි කලයුතු ක්‍රීඩාව වූයේ මෙම ක්‍රීඩා අංගනයේ බිත්තියක ඉතා ඉහල උසක ඇති ඉහත කී බෝලය ඇතුල්කල හැකි ප්‍රමාණයේ සිරස් අතට පිහිටි පාශානමය මුදුවක් තුලින් බෝලය යැවීමයි.


මෙය වර්තමාන පාපන්දු ක්‍රීඩාවටද යම් නෑකමක් කීවාද කියා සිතෙන්නේ මෙහිදීද දෙපිලේ ක්‍රීඩකයන්නට පන්දුව අතින් ඇල්ලීමට තහනම්වීමයි. අතින් ඇල්ලීමෙන් තොරව පන්දුව කෙසේ හෝ මුදුව තුලින් යැවිය යුතුවූ අතර මෙය අසීරු දෙයක් බවද සදහන් කරයි. එනිසා මෙම පන්දුවට පහර දිය යුතුවූයේ කලවයෙන්, උකුලෙන් හා බාහුවෙනි.මේ ‍බෝල ක්‍රීඩාව අවසන් වන්නේ එක් පිලක් හෝ මුදුව තුලින් බෝලය යැවූ විට හෝ ‍බෝලය මොනයම් අවස්ථාවක කිසියම් කණ්ඩායමක් අතින් බිමට පතිත වුවහොත් එවිටද ක්‍රීඩාව අවසන් වේ.


බෝලය අතින් ඇල්ලීමට නොහැකි නිසා මෙය පාපන්දු ක්‍රීඩාවට සමාන යයි පෙනුනත් මෙය සිදුකරන විට අදින ලද ඇදුම් ආයිත්තම් ඇමරිකාවේ ක්‍රීඩා කරන ඇමරිකන් පාපන්දු ක්‍රීඩාවට ආසන්න බවක් දක්වයි. එනම් මායා ක්‍රීඩකයන් මුව දඩයමේ යන්නා සේ දිස් වී ඇති අතර හිස් වැස්මකින්ද, දනහිස් සදහා ආවරණද (Knee Pads), උරහිස් සදහා ආවරණද (Shoulder Pads), පාවහන්, අත්ආවරණ, වළළු (Wrist bands) හා ඉණ පටියකින් (Padded Belts) සන්නද්ධවී සිට ඇත. මෙම ඇදුමට ස්පාඤය ජාතිකයන් Yugo ලෙස හදුන්වා ඇති අතර මෙම ඇදුමට තවත් සුවශේෂී අංගයක්ද තිබී ඇත. එනම් බඩවටා පැලද සිටි බව කියන අශ්වලාඩමක හැඩයෙන් යුතු ඝන ලීයකින් නිමවන ලද පලිහයි.


බෝල ක්‍රීඩාව ගාම්භීරත්වයෙන් යුතු ආගමික පූජා චාරිත්‍රවලින්ද යුතු වැදගත් උත්සව අවස්ථාවක් වූ බව කියන අතරම එය සදහා ඉහල පෙලේ ආගමික පූජකවරුන් මෙන්ම රාජ්‍යයේ ඉහලපෙලේ පාලකයන්ද මෙම අවස්ථාව නැරඹීමට හා ඒ ඒ චාරිත්‍ර ඉටු කිරීමට සහභාගී වී තිබේ.


තරඟයේ ජයග්‍රාහකයන්ට කාගෙත් ගරුසැලකිලි වලට ලක්විය. එහෙත් පරාජිතයන්ට ඇතැම් අවස්ථාවලදී එතරම් සුභදායක තත්වයක් හිමිනොවීය. එම කණ්ඩායමටම හෝ එහි නායකයාට දෙවියන් සතුටු කිරීමට හා එනිසා ජීවත්ව සිටින්නගේ කෘෂිකර්මය, ව්‍යාපාර හා සෞඛ්‍යය දියුණූවීම වෙනුවෙන් දිවිපිදීමට සිදුවූ අතර ඔවුන්ගේ දේහ ක්‍රීඩා අංගනය යටම වලලා ඇති අතර හිස් කබල් මෙම ක්‍රීඩාවේ පන්දුව තැනීමෙදී එහි මධ්‍යය සදහා යොදාගෙන ඇත.


කෙසේවෙතත් මෙම ක්‍රීඩාව එකල අතිශයින් ජනප්‍රිය එකක් වී ඇති අතර එය නැරඹීමට විශාල ජන සහභාගීත්වයක් මෙන්ම මායා ශිෂ්ඨාචාරය පැවති ප්‍රදේශවලින් මෙම බෝල ක්‍රීඩාව සිදුකල අංගනයන් සිය දහස් ගණනකගේ නටඹුන්ද හමුවී ඇත.


බොහෝ ආගමික උත්සව දෙවියන් සතුටු කිරීම උදෙසාවූ බිලිපූජා ආදියෙන් බහුල වී ඇත. මෙම බිලිපූජා සිදුකර ඇත්තේ විවෘත ප්‍රදේශ වල තනා ඇති සුවිශාල පිරමීඩ වල මුදුනේදීය. මෙම පිරමීඩ මුදුනට නැගීමට පඩි විශාල ගණනකින් සමන්විත පියගැට පෙලවල් තිබූ අතර අල්තාරය මුදුනේ විය. මෙම මුදුනේ ඇති පූජ්‍යස්ථානයේ දෙවියන් වැඩ සිටින බවට මායාවරු විශ්වාස කල අතර එය කැටයමින් හා බිතුසිතුවමින් අලංකාර කර තිබූ අතරම වහල සදහා යොදා ගෙන තිබූ කැටයම් සහිත පාශානමය පුවරුව roof comb ලෙස හැදින්වීය. මෙහි අල්තාර‍යට ඉදිරියෙන් දෙවියන් සදහා සුවද ධූප වල දුමින් සුවදවත් කර තිබූ අතර දෙවියන්ට පිදීමට ධාන්‍ය, පළතුරු හා ඇතැම් බැතිමතුන් රුධිරයද රැගෙන විත් ඇත. එපමණක්ද? නැත. අතිභක්තිමත් බැතිමතුන් සිය තොල්, දිව පමණක් නොව සිය රහස් අවයවද උල් කටුවලින් විද දෙවියන් සතුටුකර ඇත.


ඊටත් එහා ගිය බැතිමතුන් බිලිපූජා පැවැත්වීමටද මැලිවී නැත. ඒ සදහා කුඩා දරුවන්, වහළුන් හා යුද්දවලදී අල්ලා ගත් සිරකරුවන් යොදාගෙන ඇත. මෙම අසරණයන් නිල්පැහැයෙන් පින්තාරු කොට ඉන්පසු ආගමානුකූලව පිරමීඩ මුදුනේදී මරාදමා ඇත. එහිදී එක්වර ඊතලයකින් විදීමකින් හෝ ඔහුගේ අත්පා අල්ලා ගෙන සිටියදී “අතිඋතුම් පූජකයන් මෙම නරබිල්ලේ පපුව flint ගලින් තැනූ ශුද්ධවූ පිහියකින් කපා හදවත එලියට ඇද අදාල බිලිපූජා දේවකාරිය ඉටුකර ඇත. යුද්දවලදී අල්ලා ගන්නා පාලකයන්වද බිලිදී ඇති අතර එවිට පොරොවක් ආධාරයෙන් අංගඡේදනය කොට එම කටයුත්ත කර තිබේ.
 

sweets

Banned
Jul 2, 2011
297
160
0
සාමාන්‍යයෙන් සම්භාව්‍ය යුගයේදී බලවත් පූ‍ජක පැලැන්තියක් සිටි බව කියතත්, ඇතැම් පුරාවිද්‍යාඥයන්ගේ මතය නම් එම කටයුත්තත් රජු හෝ රැජින විසින් කල බවයි. තව අයගේ මතය වන්නේ වංශාධිපතුන්ගේ එක් පෙලපතකින් මෙම පූජකයන්වීමට පුහුණුවලත් අය සිටි බවයි. කෙසේවෙතත් ස්පාඤය ආක්‍රමණ සිදුවන කාලයේ බලවත් පූජක පැලැන්තියක් සිටිබවට මතයක් තිබේ. මෙම ආක්‍රමණය සිදුවන අවධිය වන විට සෑම නගරයකම හෝ රාජ්‍යයක ප්‍රධාන පූජකයකු සිට ඇති අතර ඔහු Ahaucan May ලෙස හදුන්වා තිබේ. මෙම ප්‍රධාන පූජකයා මායාවරුන්ගේ දිනදර්ශනයේ, ඔවුන්ගේ පූජනීය වංශකතා, ඔවුන්ගේ ඉතිහාසය හා ජ්‍යොතිශසටහන් පිළිබදව භාරකාරයද විය. ඔහුගේ මෙම තාරකා විද්‍යාත්මක හා ගණිතමය දැනුම මත ඉදිරියේ සිදුවන චන්‍ද්‍රග්‍රහණ හෝ සූර්යග්‍රහණ පිළිබදවද අනාවැකි කීමට හැකියාව තිබූ බව කියයි. තවද පූජකයන්ගේ වගකීමක් වූයේ මායා ජනතාව වෙත තම ඉතිහාසය හා මාය hieroglyphic ලියන ආකාරය පිළිබදව ඉගැන්වීම හා එය ප්‍රචලිත කරවීමයි.


ප්‍රධාන පූජකයාට පහලින් තිබූ සහායක තනතුර ahkinob හෙවත් “they of the sun” ලෙස හදුන්වා ඇත. ඔවුන්ට දෛනිකව සිදුකල යුතු කාර්යයන්විය. එනම් සිද්ධස්ථානයේ ගිණිමැල දැල්වීම, සුවදකාරක ද්‍රව්‍ය දැල්වීම හා දිනපතා දෙවියන් වන්දනාවයි. එසේම මෙම පහළ ශ්‍රේණීයේ පුජකයන් විවිද ජ්‍යොතිශ කරුණු අරඹයා පැමිනෙන්ට උපදෙස් දීම හා විවාහ ආදී කටයුතු සදහා සුභ දිනයන් පිළිබදව දැනුවත් කිරීම හා දරුවන්ට නම් තැබීමද කර ඇත.


මෙලෙස තදබල ලෙස ආගම හෝ තම විශ්වාසය දිනූ ඇදහිලි ක්‍රමකෙරේ ඇලී ගැලී සිටි මායාවරු පිළිබදව මෙවැනි කෙටි සටහනකින් විස්තර කල නොහැකි වුවත් අපේ ප්‍රධාන මාතෘකාවට අදාල වන කරුණක් ඔවුන්ගේ ආගමික මතිමතාන්තර තුලින්ද හමුවේ. එය මෙසේ විස්තර කල හැක. මායාවරුන්ගේ විශ්වාසය අනුව විශ්වය කිහිපවිටක්ම විනාශවනවාසේම එය නැවත නිර්මාණය වීමද සිදුවේ. මෙය සෑම වසර 5000 කට වරක් වන සේ චක්‍රයක් ලෙස සිදුවන බවද ඔවුන්ගේ මතයයි. ඒ අනුව දැන් පවතින් විශ්වය ඇරඹී ඇත්තේ ක්‍රි.පූ. 3114 දීය. ඒ අනුව සැලකූ කල වසර 5000 පිරෙන්නේ ක්‍රි.ව.2012 දීය. ඒ නිසා 2012 දී මේ විශ්වය විනාශවී යා යුතුය. මෙලෙස විශ්වය විනාශ වී යාම හා නැවත ප්‍රතිනිර්මාණය වීම සදාකාලිකවම සිදුවන දෙයක් බවද ඔවුන් තරයේ විශ්වාස කර ඇත. එපමණක් නොව දැන්පවතින්නේ කලින් විශ්වයේම අනුපිටපතක් බවත්, ඊලඟට ඇතිවන විශ්ව‍ය දැන් විශ්වයේ අනුපිටපතක් බවද ඔවුන්ගේ මතයයි. පසුව සවිස්තරාත්මකව කතාකිරීමට බලාපොරොත්තුවන මායාවරුන්ගේ සංකීර්ණ දිනදර්ශනය ගතහොත් එය දින 365 ක සූර්ය වර්ශයකින්ද, එය තුල දින 260 ක පුදපූජා අඩංගු වසරක්ද, මෙයටත් අමතරව දින 584 ක වසරක් ලෙස සලකන සිකුරු හා අනිකුත් ග්‍රහයන්ගේ චලනයන් පදනම් කරගත් වසරක්ද විය. ඊට අමතරව ඒ ඒ දින වාසනාවන්තද? නැත්ද යන්නද දිනදර්ශනයේ ඇතුලත් විය.


මායා සංකල්පයක් වූයේ පෘතුවිය යනු පොකුනක පාවෙමින් සිටින යෝද කේමනයකුගේ පිටුපස කොටස ලෙසයි. ජලයෙන් පිටත කේමනයාගේ පෙනෙන කොටස පැතලි හා මුළු හතරකින් දිස්වේ. මෙම කොන් හතර මාලිමාවක දිශා හතර මෙනි.
ජලයේ සිටින කේමනයා
එසේම ඒ ඒ දිශාවට ආවේණික වර්ණයන්ද ඇත. උතුරට සුදුද, රතු නැගෙනහිරටද, දකුණට කහ සහ බස්නාහිරට කළු ලෙසයි. මධ්‍යය කොළ වර්ණයෙන් යුතුබවද සලකන ලදි. පෘතුවියට ඉහලින් මට්ටම් 13 ක දිව්‍ය ලෝක පිහිටා ඇති බවද ඔවුන්ගේ විශ්වාසයයි. එහි 7 ක් ඉහලට යන ලෙසද, 6 ක් පහලට එන ලෙසද ඇතිබව පැරණි මායා මතයයි. පෘතුවියට පහලින් පාතාල ලෝක එසේත් නැතහොත් අපායවල් 9 ක් ඇත. 5 ක් පහල දෙසටත්, 4 ක් පහල සිට ඉහලටත් විහිදී ඇති බව ඔවුන් කියයි. සමස්ථ විශ්වයම ගතහොත් එය එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ ලෝක‍ය මැද ඇතැයි සලකන ‍හරිත සිබියා වෘක්‍ෂයෙනි.එහි අතු දිව්‍යලෝකය තෙක් වැඩී ඇති අතර මුල් පාතලය ‍තුලට වැඩී ඇත. මායාරජවරුන් විසින් තැනූ සිද්ධස්ථාන වල මෙය සිත්තම් කර ඇති අයුරුද දැක ගත හැකි බව පවසයි.


ආගමික වශයෙන් මෙවැනි අතිසංකීර්ණභාවයකට හිමිකම් කී මායාවරුන්ගේ ආගමික වශයෙන් තව කිවයුතු කරුණු බොහෝමයක් ඇතත් මෙම ලිපි මාලාවේ තව කතා කල යුතු වැදගත් කරුණු විශාල ප්‍රමාණයක් ඇති නිසා මෙම ලිපිය මෙතනින් අවසන් කරන අතර සිව්වන කොටසේදී තව නොදැන සිටි කරුණු රැසක් සමග හමුවෙමු
 

sweets

Banned
Jul 2, 2011
297
160
0
2012 දී සිදුවෙන්නේ කුමක්ද? මායාවරුන්ගේ අකුරුකරවීම - 4 කොටස



මායාවරුන්ගේ ආගම් හා ඇදහීම් පිළිබදව පසුගිය ලිපියෙන් අපි කතා බහ කල අතරම අධික කාර්යබහුල බව නිසා කෙටි නිහැඩියාවකට පසු නැවතත් අපි මායාවරුන්ගේ සම්භාව්‍ය යුගයේ තවත් වැදගත් කරුණු මෙම ලිපියෙනුත් සොයාබලමු.


විද්‍යාව හා ලේඛණය
මායවරුන් සතුව ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නැංවිමට සමත්වූ දක්‍ෂතාවයන් රැසක්ම තිබූ අතර එයින් කැපී පෙනෙනම දක්‍ෂතාවය වූයේ ගණිතයට හා තාරකා ශාස්ත්‍රයට ඔවුන් දැක්වූ නිපුණතාවයයි. එම ඥානය භාවිතා කර ඔවුන්ගේ විවිද කරුණු අරඹයා පැවැත්වෙන ආගමික උත්සව පැවැත්වීම පිණිස අන්තර්කාල දිනදර්ශන කිහිපයක්ම ඔවුන් සම්පානයකරගෙන ඇත.
මායා දිනදර්ශනය එයින් එක් දිනදර්ශනයක් වන්නේ හිරු පාදක කරගෙන තනා ගෙන ඇති දින 365 ක දිනදර්ශනයයි. මෙම කැලැන්ඩරයේ මාස 18 ක් තිබී ඇති අතර දල වශයෙන් එක් මසකට දින 20 ක් යෙදී ඇත. මෙම දිනදර්ශනය Haab ලෙස හදුන්වා ඇත. එසේම මෙහි එක් මසකට දින 5 ක් තිබී ඇති අතර එම දින Uayeb යන නමින් හදුන්වා ඇත.





 

sweets

Banned
Jul 2, 2011
297
160
0
as
මායවරුන් සතුව ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නැංවිමට සමත්වූ දක්‍ෂතාවයන් රැසක්ම තිබූ අතර එයින් කැපී පෙනෙනම දක්‍ෂතාවය වූයේ ගණිතයට හා තාරකා ශාස්ත්‍රයට ඔවුන් දැක්වූ නිපුණතාවයයි. එම ඥානය භාවිතා කර ඔවුන්ගේ විවිද කරුණු අරඹයා පැවැත්වෙන ආගමික උත්සව පැවැත්වීම පිණිස අන්තර්කාල දිනදර්ශන කිහිපයක්ම ඔවුන් සම්පානයකරගෙන ඇත.
මායා දිනදර්ශනය එයින් එක් දිනදර්ශනයක් වන්නේ හිරු පාදක කරගෙන තනා ගෙන ඇති දින 365 ක දිනදර්ශනයයි. මෙම කැලැන්ඩරයේ මාස 18 ක් තිබී ඇති අතර දල වශයෙන් එක් මසකට දින 20 ක් යෙදී ඇත. මෙම දිනදර්ශනය Haab ලෙස හදුන්වා ඇත. එසේම මෙහි එක් මසකට දින 5 ක් තිබී ඇති අතර එම දින Uayeb යන නමින් හදුන්වා ඇත.







දෙවැන්න පූජනීය දින 260 ක් යොදාගෙන මාස 13 ක් වන සේ තනා ඇති ලිතක් මගින් වාසනාවන්ත හා අවාසනාවන්ත දින සොයාගැනීමට එසේත් නැතහොත් යමෙකුගේ දෛව්‍ය නිර්ණය කිරීමට හදාගෙන ඇති දිනදර්ශනයයි. මෙම දිනදර්ශනය Tzolk’in ලෙස හැදින්වේ.



(මෙම රූපය විශාලනය කර බැලීම සදහා එය මත click කරන්න).




එසේම මෙම දිනදර්ශන දෙකම යොදාගෙන ඔවුන් ඒ ඒ දිනට නියමිත කාර්යයන්ද තීරණය කොට ඇත. එපමනක් නොව එම දිනදර්ශන දෙකෙහි සංකලනයෙන් සූර්ය හෝ චන්‍ද්‍රග්‍රහණ සිදුවන දින හා ඔවුන්ගේ වැදගත්ම ග්‍රහයාවන සිකුරු ග්‍රහයාගේ කක්‍ෂගත පිහිටීම පවා නිර්ණය කර ගැනීමට සමතුන් වී ඇත.




මායා තාරකා විද්‍යාඥයන් අසීරු ගණිත ගැටළුද විසදීමට සමතුන් බව කියයි. ඒ ඇසුරෙන් ඔවුන්ට අනාගතයේ හෝ අතීතයේ වසර දහස් ගණනක සතියේ දිනයට අදාල දවස කීමට තරම් ප්‍රාගුණ්‍යයක් තිබී ඇත. එසේම දිනදර්ශනයක දින ඉවත් කර හෝ වෙනමම එකතුකර නිවැරද තාරකා විද්‍යාත්මක් ගණනය කිරීම සිදුකර ඇත.
ඔවුන් සතුව දශම හෝ භාග වලින් ගණිත කර්ම විසදීමේ හැකියාව නොතිබී ඇති අතර concept of zero න්‍යාඥ යොදාගෙන සංකීර්ණ ගැටළුද විසදා ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ පුරාණයේ පැවති බො‍හෝ ශිෂ්ඨාචාර concept of zero න්‍යාඥ පිළිබදව දැනුමක් නොතිබූ බව ඉතිහාසඥයන්ගේ මතය වේ.


(මෙම දින දර්ශන පිළිබද වැඩිදුරටත් ඉදිරියේදි කතා කරමු).


සංකීර්ණ ලේඛණ කලාවක් ඇති කර ගැනීමටද ඔවුන් මනාව සමත්වී ඇත. ඒ සදහා මුලින්ද සදහන් කල පරිදි hieroglyphic ක්‍රමය යොදා ගෙන ඇති අතර එමගින් ඔවුන්ගේ ඉතිහාසය හා වංශාවලිය පිළිබදව ලේඛණ තබා ඇත. මෙම ලියාතැබීම් ඔවුන් තනා ගෙන ඇති bark කඩදාසියෙන් යුතු පොත් හෙවත් codices වල මෙන්ම ශිලා ස්ථම්භවල අල්තාරවල, ලී ලින්ටල් මත හා වහලවල ලී පරාල මත මෙන්ම මැටි බදුන්වල පින්තාරු කිරීමෙන්ද සිදුකර ඇත.. මෙම ශිෂ්ඨාචාර පිළිබදව වැඩිදුර අධ්‍යයනය සිදුකල ප්‍රවීනයන්ගේ මතය අනුව මායාවරුන්ව යුරෝපීයන් විසින් ආක්‍රමණය කරන කාලසීමාවේ පවා මායාවරුන්ගේ තරම් භාෂාමය හා ලේඛනමය නිපුනත්වයක් යුරෝපීයන්ගේ පවා නොතීබූ බව පැවසේ.


මෙම hieroglyphic නිර්මාණය සදහා යොදා ගෙන ඇති සංකේත නැතහොත් glyph විවිච රූප වලින් යුතුවූ අතර ඒවා මිනිස් රූප, සත්ව රූප, අදභූත රූප, විවිද වස්තු හා හැඩතල ආදිය යොදාගෙන ඇත. සංකිර්ණ ලේඛණ තැබීමක් වුවත් මායාවරුන්ට ඕනෑම වචනයක් මෙම සංකේත ආධාරයෙන් ලිවිය හැකිවූවා මෙන්ම සාමාන්‍ය වචන ඉදිරිපත් කිරීමට මෙන්ම ගණිතමය අගයන් සදහාද වෙන වෙනම සංකේත ඔවුන් භාවිතා කර ඇත. එසේම වචන තැනීමේදී සංකේත කිහිපයක් එකට ඈදා එය සිදුකර ඇතිබවද ඉතිහාසඥයන් පවසයි.
glyph
 

sweets

Banned
Jul 2, 2011
297
160
0
මායාවරුන්ගේ ඉලක්කම් අක්‍ෂරගත කිරීම ගත් කල එය මූලිකව සංකේත තුනක් මත පමණක් රදාපැවති අතර එම සංකේත එකිනෙක මිශ්‍රකිරීමෙන් අනෙකුත් ඉලක්කම් ගොඩනැංවීම කලහ. මේ එම මූලික සංකේත තුනයි.


මේ එම සංකේත සම්මිශ්‍රනය තුලින් අංක 29 දක්වා ඉලක්කම් ලියා ඇති ආකාරයයි.




20 සහ 100 දැක්වූ අයුරු,




ඔවුන්ගේ අංක 20 පාදයෙන් භාවිතා කර ඇති අතර එය vigesimal ලෙස හැදින්වේ.




2007 අගය දැක්වූ අයුරු.


සංකීර්ණ සංඛ්‍යා ගොඩනංවා ඇති අයුරු.





මෙම අංක තිරස්ව මෙන්ම තිරස්වද ලිවීමට ඔවුන් සමත්ව ඇති අතර අංක වලට ආවේනික රූප පවා ඔවුන්ගේ ලේඛන කලාවට යොදාගෙන ඇත. දින දර්ශන ආදිය සැකසීමේදී යොදාගෙන ඇත්තේ මෙම රූපයි.







මෙම ලිපිය කියවූ පසු ඔබද මෙම මායාවරුන්ගේ ගණිතය පිළිබදව සිතන්නට මොලය වෙහෙසන්නට ඇති නිසා
මෙම කොටස මෙතනින් අවසන් කිරීමට අදහස් කරමි. කෙසේවෙතත් ඉතිහාසඥයන්ගේ මතය අනුව අනෙකුත් Pre-ColumbianAmerican civilizations නැතහොත් ඇමරිකානු මහද්වීපය තුල තිබූ අනෙකුත් ඉපැරණි ශිෂ්ඨාචාර වල
මායාවරුන්ට තරම් දියුණු ලේඛණ කලාවක්, කලාත්මක ලෙස නිර්මාණ කිරීමේ හැකියාවක්, ඉහළ ගණිතමය ඥානයක්
හා ඉහල තාරකා ශාස්ත්‍රයක් නොතිබූ බවද අවධාරණය කරයි