ජනතා විමුක්ති පෙරමුණ හා මැතිවරණයට පෙර ඊට ඡන්දය දෙනවාය ෆේස්බුක් එකේ ලොරි ටෝක් දිදී හිටි "උගත් නාගරික මධ්‍යම පාංතිකයින්" පිරිසත් දෙස බලන විට මට මතක් වෙන්නේ අර බුලත් කොළ අස්සේ ගම්මිරිස් කොළ හංගා කදක් හදා විකිණීමට ගිය රයිගමයාත්, ගම්මිරිස් ඇට අස්සේ ගස්ලබු ඇට හංගා කදක් හදා ගෙන ගිය ගම්පලයාත් කදවල් දෙක මාරු කර ගැනීමේ කතාවය. අන්තිමට දෙදෙනාම එකිනෙකාට රැවටුනහ.
මායාදුන්නේ අස් වීමත් හොඳය. දැන් ජවිපෙට මෙතෙක් කල් අමාරුවෙන් ඇඳගෙන හිටි උගත්කමේ අමුඩයත් ගලවා දමා සිය සැබෑ ස්වරූපයෙන්ම යළි පෙනී සිටිය හැකිය. එසේම ජවිපෙට ඡන්දය දෙනවාය කියා මෙතන ලියා, කවුරුත් බලා ඉන්නවාද දෙපැත්ත බලා, අලියාට කතිරය ගැසූ පිරිසට "හොඳ වෙලාවට අපි ඕකුන්ට රැවටුණේ නැත්තෙ" යි සතුටු විය හැකිය.