මාරක අනතුරු ඵක දිගට...ඊයේ දිනයේදී පමණක් 5ක් මරුට..⚡🚨⚠️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    9VsA.gif


    ඊයේ (30) සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් 5 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.

    කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ මුත්තෙට්ටුගල මහින්ද විද්‍යාලය අසල දී කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු ගැටී අනතුරක් සිදුව ඇත.

    බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 66ක් වූ මිලේනියම් සිටි, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මේ අතර කෑගල්ල පොලිස් වසමේ කොළඹ - මහනුවර මාර්ගයේ කුරුළුකැලේ හංදියේ දී මහනුවර සිට ගලිගමුව දෙසට ධාවනය කළ යතුරුපැදියක් බස් රථයකට ඉස්සර කිරීමට යෑමේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

    යතුරුපැදිය බසයේ ගැටී අනතුර සිදුව තිබුණි.

    එලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි මකුද්දල, හැලමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මේ අතර ඔක්කම්පිටිය පොලිස් වසමේ බෝගස් හංදිය මාර්ගයේ ඇළ හන්දියේ දී ඔක්කම්පිටිය දෙස සිට බෝගස් හංදිය දෙසට ධාවනය කළ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව අවුරුදු 26 ක් වූ තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මේ අතර උඩපුස්සැල්ලාව නිල්දණ්ඩාහින්න මාර්ගයේ රොක්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ දී ලංගම බස්රථයක් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබුණි.

    අනතුරින් 42 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මේ අතර කරුවලගස්වැව පොලිස් වසමේ පුත්තලම - ත්‍රිකුණාමලය මාර්ගයේ සායි ලංකා වත්ත ප්‍රදේශයේ දී පුත්තලමේ සිට අනුරාධපුරය දෙසට ධාවනය කළ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් බරපතළ තුවාල ලැබු ත්‍රීරෝද රථ රියදුරු වූ 54 හැවිරිදි පුද්ගලයෙක් රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.


    Ada derana
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,761
    113
    Colombo, Sri Lanka
    ගොඩක් අනතුරු වලට හේතුව පාරේ යනකොට තියන ඉවසීමක් නැතිකම තමයි
     
    • Like
    Reactions: Mr Bones