කෝච්චි ගැන නම් මම මොකුත්ම දන්නේ නෑ.ලංකාවේ අපි නම් දැකලා තියෙන්නේ ඩීසල් එන්ජින් වලින් දුවන කෝච්චිනේ..
දවසක් අහම්බෙන් මෙන්න මේ වීඩියෝ එක දැක්කා.
2000න් පස්සේ එවුන් ටිකක් රේල් පාරේ රගනවා සෙල්ෆි ගන්නවා..වැඩි වෙලා යන්නේ නෑ,දකුණු පැත්තේ ඉන්න කොල්ලා ,ඌට පිටිපස්සේ තියෙන පීල්ලට අත තියෙනවා..ඌ පිස්සුවෙන් වගේ දගලන්න පටන් ගන්නවා,ලග ඉන්න කෙල්ලවත් ඒ රේල් පිල්ල උඩටම තල්ලු කරනවා.කරනවා නෙමෙයි ඉබේම වෙනවා.වම් පැත්තේ ඉන්න සුදු කමිස කාරයා මේක දිහා පුදුම වෙලා බලන් ඉන්නවා.ඌ හිතන්න ඇති මුන් දෙන්නා ප්‍රෑන්ක් එකක් වත් කරනව්ද කියලා..
හැබැයි වාසනාවට සුදු කමිසකාරයාට වෙන්නේ මොකක්ද කියලා තේරුම් යනවා සුලු වෙලාවකින්.ඌ කෙල්ලයි කොල්ලයි අර රේල් පීල්ලෙන් අහකට ඇදලා දානවා.කෙල්ලව අයින් කරන නම් ලේසි වෙන්නේ නෑ කියලා පේන්නේ..
බැලූ බැල්මට පේන්නේ අරුන් දෙන්නට විදුලි සැර වදිනවා වගේ නේද.
ඒත් යකෝ කරන්ට් ලයින් එකක් කොහොමද ඔතනින් යන්නේ කියලා මාත් හිතුවා.සමහර විට මේක බලන උඹලටත් එහෙම හිතෙන්න ඇති.විදුලි දුම් රිය ගැන එච්චර දැනීමක් නැති,ඒක වැඩ කරන්නේ කොහොමද කියලා කලින් අහලා දැකලා නැති මටයි උඹටයි මේක අලුත් දෙයක් වෙන්න ඕනේ..
අපේ රටේ තියෙන්නේ ඩීසල් එන්ජින් කෝච්චි නිසා මටත් උඹටත් විදුලි දුම්රිය අලුත් දෙයක්.මේක කලින් නොදැන හිටියා කියලා ඉතින් ලැජ්ජා වෙන්න ඕනේ නෑ.
විදුලි දුම්රිය ක්‍රියාත්මක වෙන්නේ විදුලිය සපයන විදි දෙකක් තියෙනවා.
1.Overhead wires
2.Third rail
පැරණිම විදිය තමයි මෙන්න මේ වගේ කණු ගහලා වෙනම කරන්ට් ලයින් අදින එක.මේ ලයින් එක කෝච්චියේ වහලේ තියෙන පැන්ටොග්‍රාෆ් කියන කොටස එක්ක සම්බන්ධ වෙලා තමයිලු විදුලිය දුම්රියට ලබා දෙන්නේ..මේ ලයින් එකේ යන විදුලිය වෝල්ට් 25,000 විතර වෙනවා කියන්නේ.හැබැයි මේ ලයින් එකේ යවන්නේ AC කරන්ට් එකක්.
පේනවානේ කරන්ට් ලයින් ටික...
පැන්ටොග්‍රාෆ් - කරන්ට් ලයින් එකයි දුම් රියයි සම්බන්ධ වෙන්නේ මේ කොටසින්.කරන්ට් එක දුම්රිය ඇතුලට ගන්නේ මේ ආම් එක වගේ කොටස හරහාලු.
අනික් විදිය තමයි මෙන්න මේ තුන්වෙන රේල් පීල්ල.කෝච්චිය දුවන රේල් පීලි දෙකට සමාන්තරව දුවන තුන් වෙනි පීල්ලක් තියෙනවා.මේක දිගේ තමයිලු කෝච්චියට ඕන කරන කරන්ට් එක එවන්නේ.කොහොම හරි කෝච්චියට මේ කරන්ට් එක ගන්නත් ක්‍රමයක් ඇති.මේ තුන් වෙනි පීල්ල දිගේ එවන්නේ DC කරන්ට් එකක්.වෝල්ට් 600 වැඩිලු ඒ කරන්ට් එකත්.
අර කොල්ලා කෝච්චිය දුවන රේල් පීල්ල උඩ ඉදගෙන ඉන්න ගමන් අත තියලා තියෙන්නේ ඔය වෝල්ට් 600 කරන්ට් එක අරන් යන තුන්වෙනි පීල්ලේ.ඉතින් කරන්ට් එක ඌ හරහා භූගත වෙනවා,කෙල්ලත් සර්කිට් එකට සෙට් කරනවා.
සමහරු කියනවා AC කරන්ට් එක වැදුනම ඈත විසික් වෙනවා,DC කරන්ට් වැදුනම ලයින් එකටම ඇලිලා හිටිනවා කියලා.මේවායේ ඇත්ත නැත්ත නම් මම දන්නේ නෑ.කරන්ට් වැඩ ගැන එක්පර්ට්ලා මේකේ ඉන්නේ,උන් දන්නවා ඇති ඇත්ත නැත්ත.
මේ සිද්ධිය වෙලා තියෙන්නේ සෑම් අංකල්ගේ රටේලු.ගිය අවුරුද්දේ එකක්.
මෙට්‍රෝ ස්ටේෂන් වල රේල් පාරවල් හරහා මාරු වෙන මිනිස්සු ,ඒවාට වැටෙන උන් ඉන්න වීඩියෝ නම් ඕන තරම් යූටියුබ් එකෙන් දැකලා තියෙනවා.සමහර විට උන් පවා මේ තුන් වෙනි රේල් පීල්ල ගැන හරියට දැනුවත් නැතුව ඇති.හරියට වීඩියෝ එකේ ඉන්න මෝඩයෝ තුන්දෙනා වගේ.නොදැන සිටීම නිදහසකට කරුණක් වෙන්න පුලුවන්.ඒත් රේල් පාරේ මෙහෙම රගන්න අවසර නෑනේ..අන්න ඒකයි මුන්ට මෝඩයෝ කිව්වේ..
bonus Video
මූටත් විදුලි සැරයක් වදිනවා වගේ පෙන්නේ..ඉන්දියාවේ උකන්නෙක් ..දන්න එකෙක් හරියට පැහැදිලි කිරීමක් කරපන් වෙන්නේ මොකක්ද කියලා