නොයෙක් උත්සව අවස්ථාවන් සඳහා මෙන්ම සංගීත සංදර්ශන වලට නැතුවම බැරි දෙයක් වන Flame Spray Machine ඔබ නොයෙක් අවස්ථාවන් වල දැක ඇත. මෙම උපකරණය ක්‍රියාත්මකවීමට භාවිතා කරනු ලබන්නේ දහනය වන වායු රසායනිකයක් අඩංගු ශරීරයට අහිතකර නොවන කෑන් එකකි. නමුත් ලංකාවේ දැනට එම ද්‍රව්‍යය සොයාගැනීමට අපහසු නිසා මේවා ක්‍රියාත්මක කරවන බොහෝ දෙනා රහසේම මෙම උපකරණයට Mortien, Baygon වැනි කෘමි නාශක කෑන් යොදා ක්‍රියාත්මක කරවයි. එය ඉතාම පහත් ගණයේ ක්‍රියාවකි. වේදිකාවක් මත රඟදක්වන දරුවන්, නැටුම් කණ්ඩායම්, සංගීත කණ්ඩායම්, නිවේදන ශිල්පීන්, කැමරා ශිල්පීන් ආදී බොහෝ දෙනාට මේ කෘමිනාශක අග්‍රානය වේ. සමහර අවස්ථාවන් වල ගිනි හට නොගෙන ස්ප්‍රේ පමණක් වායුගෝලයට එක්වන අවස්ථාද ඇති බැවින් එවන් අවස්ථාවන් වලදී සෘජුවම මෙම විෂ ශරීර ගතවේ. උත්සව සංවිධානය කරන හා උත්සව වලට සහභාගී වන බොහෝ දෙනා නොදැනුවත්වම මෙම මාරයාගේ ගොදුරක් වනු ඇත. නිරන්තරවම වේදිකාවන් වල කටයුතු කරන වෘත්තිකයනි, මෙම උපකරණය ඇති තැනක ඔබ කටයුතු කරනවනම් මෙහි දමා ඇත්තේ කුමක්දැයි හොඳින් සොයාබලන්න. කෘමිනාශක යොදන්නේ නම් එයට විරුද්ධ වන්න. ඔබේ සෞඛ්‍යය රැක ගැනීම ඔබේ වගකීමයි.
මෙහි දක්වා ඇත්තේ කුඩා දරුවන්ගේ උත්සවයක මේම විෂ යොදා ඇති ආකාරයයි.