මාරන්තික විදුලිය (ධාරාව )

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    මාරන්තික විදුලිය (ධාරාව )


    First aid for an electrical shock | First Aid for Free


    අපිට නිකන් හිතෙන්නෙ නිකන් වෝල්ට් 1000ක ශොක් එකක් වෝල්ට් 100ක ශොක් එකකට වඩා ගොඩාක් මාරන්තිකයි කියලා වගේනේ. හැබැයි ඇත්තටම මෙ කතාව එහෙම නෙවෙයි. මේ වෙනකන් electric shock (කරන්ට් වැදීම ) නිසා මැරිලා තියෙන අයගෙන් වැඩි හරියක් මැරිලා තියෙන්නෙ වෝල්ට් 110 AC හරි වෝල්ට් 42 DC නිසා.

    Electric shock එකේ මාරන්තික බව ඇත්ත්ටම තියෙන්නේ වෝල්ටේජ් එකෙ නෙව් ඇග අතුලෙන් ගලාගෙන යන කරන්ට් එක එහෙම නැත්නම් ධාරවේ. ගෙදරක වයරින් එකට කනෙක්ට් කරන ඔනෙම උපාංගයක් හරහා මාරන්තික (මනුස්සයෙක් මරන්න පුලුවන් තරමේ ) ධාරාවක් ගලාගෙන යනවා. Phone charger එකක් හරහා උනත් එහෙමයි. වැදිලා මැරුනෙ නැති අය ඔනෙ තරම් ඉන්නව හැබැයි නරක වෙලාවක වැදුනොත් මැරෙන්න පුලුවන්.


    Screenshot (363).png


    මිලි ඇම්පියර් 10 (10milliamps) ට වඩා වැඩි කරන්ට් එකකින් හොදට රිදෙන්න ශොක් එකක් වදින්න පුලුවන්. සාමන්‍ය මනුස්සයෙක් මැරෙන්නෙ නෑ. හැබැයි මිලි ඇම්පියර් 100 (100 milliamps) ත් මිලි ඇම්පියර් 200 (200milliamps) ත් අතර ධාරව මාරන්තිකයි. ඒ කියන්නෙ ඇග ඇතුලෙන් ගලගෙන යන ධාරාව නිසා කෙලින්ම මනුස්සයෙක් මැරෙන්න පුලුවන්.

    ධාරාව 200ට (200milliamps) වඩා වැඩි නම් දරුනු විදිහට පිච්චෙන්න පුලුවන්, සිහි නැතිවෙන්න පුලුවන්, හුස්ම ගන්න බැරි වෙන්න පුලුවන්. මේ ශොක් එක නිසාවෙන් මනුස්සයෙක් මරෙන්නෙ නැ. නමුත් පිලිස්සීම් වලට හරි සිහි නැතිවීමට හරි හුස්ම ගන්න බැරි කමට හරි ඉක්මන් ප්‍රතිකාර නොදුන්නොත් මනුස්සයෙක් මැරෙන්න පුලුවන්. කරන්ට් වැදිලා මැරුන මිනිස්සු ගොඩක්ම මැරුනෙ හරියට වෙලාවට හදිස්සි ප්‍රතිකාර නොලැබුන නිසා. හුස්ම ගන්න බැරුව.

    කරන්ට් වැදිලා වැටුන මනුස්සයෙක්ට හරියටම වැදුන ශොක් එකේ සයිස් එක කියන්න බෑ. නමුත් පුලුවන් ඉක්මනට හදිස්සි ප්‍රතිකාර ලබදෙන්න ඔනේ. කෘතීම ස්වශනය ලබදෙන්න ඔනෙ හුස්ම ගන්නෙ නැත්නම්.

    ඇග ඇතුලෙන් ගලාගෙන යන ධාරාව වෙනස් වෙනස් වෙන්නෙ ඇගේ තියෙන resistance (ප්‍රතිරෝධය) එක නිසානෙ. ඔය resistance එක වෙනස් වෙන්න පුලුවන් ශොක් එක වදින තැන අනුව, සමේ තෙත හරි වියලි ගතිය අනුව. පොඩි අයිඩියා එකක් ගන්න මම මෙහෙම දාන්නම්

    කන් දෙක අතර අභ‍ය්න්තර ප්‍රතිරෝධය 100ohms විතර

    අතක් සහ කකුලක් අතර අභ‍ය්න්තර ප්‍රතිරෝධය 500ohms විතර

    අභ‍ය්න්තර ප්‍රතිරෝධය කියන්නෙ සමේ ප්‍රතිරෝධය නැතුව (අඩු කලාම)

    වියලි සමක 500,000ohms විතර

    තෙත් සමක ප්‍රතිරෝධය 1000ohms විතර
     
    Last edited:

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    miliamps voltage eka anuwa wenas wenawa neda?
    12 v 1amp waage wadunaa danenne na wage
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Machan තෙත සමක ප්‍රතිරෝධය අඩු වෙන්න ඕනි නේද? අනික let go current එක හැටියට අපි ගන්නේ 30 මිලි ඇම්පියර්. ඒ නිසා තමයි ගෙදර trip switch එක 30 මිලි ඇම්පියර් වලට operate වෙන්න හදල තියෙන්නෙ.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Amperage depends on the applied voltage. The magnitude of current and time determine the damage.

    32-0.jpg


    AC-1: imperceptible
    AC-2: perceptible but no muscle reaction
    AC-3: muscle contraction with reversible effects
    AC-4: possible irreversible effects
    AC-4.1: up to 5% probability of ventricular fibrillation
    AC-4.2: 5-50% probability of fibrillation
    AC-4.3: over 50% probability of fibrillation
     

    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    Under dry conditions, the resistance offered by the human body may be as high as 100,000 ohms. Wet or broken skin may drop the body's resistance to 1,000 ohms," adding that "high-voltage electrical energy quickly breaks down human skin, reducing the human body's resistance to 500 ohms
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    42V DC වලින් මැරෙන්න තරම් ධාරාවක් යන්නේ නෑ ඒක බොරුවක් .