මාරයා..

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    “උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ..

    මරණයක් කොටා ඇත නලලේ..”
    එහේ ම තිබුනේ පැරණි සිංදුවක.. :)

    සිංදුවේ තිබුනා වගේම
    මේ ලොකේ උපන්නොත් කවදා හරි අපිව අරගෙන යන්න එන පුද්ග‍ලයෙක් ඉන්නවා... :sorry:

    ඒ කවුද? :eek:

    කවුරුවත් නෙවේ ඒ තමා අපි කවුරුත් කියන “මාරයා”... :)
    අපි කැමැති වුනත් නැතත් දවසක මේ මාරයා අනිවාර්ය යෙන් ම අපිව රැගෙන යනවා...ඒක එහේමයි :):)



    Chamikawpblogspotcom3-55.jpg

    හැබැයි මේ “මාර” කියන එකනම් අපි ඕන එකකට යොදාගන්නවා..

    මාර වැඩේ.. මාර සවුත්තුව, මාර අප්සට් එක.. මේ වගේ මාර වචන ගොඩාක් තියෙනවා.. :)
    අන්න ඒ හින්දම මේ පෝය දවසේ මටත් හිතුනා මාරයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න.. :)

    මාරයා වැනි අය වෙනත් ආගම් වලද සිටින බව පෙනේ..
    සාතන් යන නමින් ක්‍රිස්තියානි ආගමේ දැක්වෙන්නේ එවැන්නෙකි. :)

    බෞද්ධාගමේ දැක්වෙන මාරයා ගැන මෙහි ලියා දක්වනු ලබයි. :)
    මාරයා සමහර වෙලාවට පුද්ගලයකු ,නැතිනම් දෙවි කෙනෙකු නැතිනම් යක්ෂයකු ලෙස හදුන්වනු ලබයි. මාර දිව්‍ය පුත්‍ර රාජයා ලෙස සමහර අවස්ථාවන් හිදී නම් කරනුයේ දෙවි‍ කෙනෙකු ලෙස සලකන නිසායි. :)

    මාරයාගේ වාසස්ථානය පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයයි. :)

    ඒ නිසා මාරයාට “වසවර්ති මාරයා” ලෙස ද හදුන්වයි. අහලා ‍තියෙනවා නේද සමහර වෙලාවට එක එක අයටත් මේ වචනය භාවිතා කරනවා ..
    7.gif




    මාරයා සතු විශාල බල සේනාව දස මාර සේනාව ලෙස හදුන්වයි. අපි කවුරුත් දන්නා තණ්හා, රති, රඟා යන මාර දුවරූ තිදෙනාද අයත් වන්නේ මේ බල සේනාවටයි. ඊට අමතරව බල සේනා ලෙස කාමය,රාගය, බඩගින්න හා පිපාසය, බය, ඊර්ෂ්‍යාව ඉන් තවත් සමහරකි.


    Chamikawpblogspotcom2-58.jpg
    බුද්ධත්වය‍ට හෝ රහත් ඵලයට නොපැමිණිනි ඕනම අයකුට තනතුර,තරාතිරම නොබලා මාරයා කරදර කරනු ලබයි. මක්නිසාද සත්වයා දුකින් එතෙර ‍වීම වැලැක්වීම ඔහුගේ රාජකාරියයි. :)

    බුදුන්වහන්සේ මාරයාගේ මෙම ක්‍රියාවට විරුද්ධ වෙමින් සසර මග නැති කර ගත්තේය..

    එහෙත් බුදු බවට පත්වීම වැලැක්වීමට ඔහු නොකල දෙයක් නැත.. එදා මාරයා එසේ පැවසුයේ බුදු වීමෙන් ඔහුගේ බලය බිදී වැරදි වල සුල මුල හෙලිවන නිසායි. :)


    Chamikawpblogspotcom1-62.jpg
    බුද්ධ චරිතයේදී මාරයා ප්‍රථම වරට එක්වන්නේ සිදුහත් කුමාරය ගිහි ගෙය හැර දමා අභිනිෂ්ක්‍රමණය කිරීමත් සමඟයි. කන්ථක අසු පිට යන කුමාරයාට වාහල් දොරකඩදී “ කුමාරය.. තව දින 07 කින් ඔබ සක්විති රජ වන්නේය..එම නිසා රජකම කරව..!”එදින සිද්ධාර්ථ කුමාරයා “මට රජකමින් වැඩක් නැත.. ලොව්තුරා බුදුබවා ලබා මිස පසු නොබසිමියි..” පවසමින් මාරයා පලවා හැරි අතර ඔහුට අවස්ථාවක් එනතුරු සත්වසක් පුරා බලා සිටි මාරයා බුදු බවට පත්වන දිනයේ එය වලකා ලීමට විවිධ ආකාරයේ කටයුතු කර ඇති බව පුජාවලියේ දැක්වේ.. :)
    එදා මුලින්ම මාරයා ඔහුගේ සේනාව රැස් කොට වසවර්ති ඝෝෂා නම් වු බෙර නාදය පවත්වා ඇත. :)

    එය දිව්‍ය ලෝකය පුරාවටම ඇසී තිබු අතර එය ඇසුනු අය වෙව්ලීමට පත් වු බවද සඳහන් වේ. බෙර නාදය අසා මාරයාගේ සේනාව ඔහුට තව තවත් එකතුවී ඇත. ඉන් කෙල සියයක් යොදුන් උස වු ගිරි මේඛලා නැමැති ඇත් රජකු පිට නැගී ඔහු විසින් හිස් පන්සීයයක්, දහසක් දළ හා දහසක් අත් මවා ගෙන රතු වු ඇස් ඇතිව බුදුන් වහන්සේ වෙත තම සේනාව සමඟ පැමිණියත් බුදුන් වහන්සේගේ තේජසින් ළංවීමට නොහැකි වු විට, ගස් ගල් පෙරලාගෙන යන මහා ප්‍රචන්ඩ සුළඟක් මවා එවීය. ඉන් පසු එම සුළගින් සිද්ධාර්ථ කුමාරයා මොන සක්වලට විසිවී ඇත් දැයි සොයා බැලීය. එහෙත් එම සුළගින් බුදුන් වහන්සේ නොව ඇසතු බෝ රුකද සෙලවීමට මාරයාට නොහැකි විය. :)



    Chamikawpblogspotcom4-53.jpg
    නිරුපද්‍රිතව සිටිනා බුදුන් දැකීමෙන් කෝපයට‍ පත් ඔහු මහා සාගර පතුලටම පළවා හරිමියි සිතා ගෙන මහා වර්ෂාවක් මැව්වත් එයින් බුදුන් වහන්සේගේ සිවුරු කොනක්වත් නොතෙමී තිබුනි. එහෙත් පසු නොබැසි ඔහු මහා පර්වත වර්ෂාවක්, අව් වර්ෂාවක්, අගුරු වර්ෂාවක්,අළු වර්ෂාවක් , වැලි වර්ෂාවක් වැනි නොයෙකුත් වැසි වස්සවා කිසිවක් කල නොහැකි වු තැන තම ඇතු පිට පැමිණ සිය චක්‍රායුධයෙන් පහර දුන් අතර එයත් කල නොහැකි වීමෙන් පැරදී පලා ගියේය... :)

    අවසානයේ බුදුන් වහන්සේ මාරයා පරදා බුදු බව ලබා ගත්තේය.
    බුද්ධ චරිතය හා මාර සේනාවේ ක්‍රියා කලාපයන් මේ කෙටි වීඩියොවෙන් දැක ගත හැකිය..

    එය උපුටා ගෙන ඇත්තේ Little Buddha නැමැති චිත්‍රපටියෙනි. ගීතය මධුමාධව අරවින්දයන් ගෙනි. :)



    මෙවැනි මාර දේ කල හැකි මාරයා සක්‍ දෙව් වාගේම සදාකාලික නැති බව පැවසේ ආයුෂ ගෙවී යද්දී චුත වන අතර අලුත් මාරයකු අප සොයා ගෙන පැමිණෙනවා ඇත. මේ මාරයා පරාජය කල හැක්කේ නිවන් දැකීමෙන් පමණී.. :)
    එම නිසා අදම පින් දහමට යොමුවිය යුතුය... :)
    තොරතුරු හා ජායාරෑප අන්තර්ජාලයෙන් හා දලදා වරුණ සඟරාවෙන් උපුටා ගන්නා ලදි. මුල් කතෘට උපහාරය ඔබේ දැනුම උදෙසා ඉදිරිපත් කරන ලදි. :)


    අදහසත් ලියලා යන්න අමතක කරන්න එපා.. ‍


     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    මෙවැනි මාර දේ කල හැකි මාරයා සක්‍ දෙව් වාගේම සදාකාලික නැති බව පැවසේ ආයුෂ ගෙවී යද්දී චුත වන අතර අලුත් මාරයකු අප සොයා ගෙන පැමිණෙනවා ඇත.
    :sorry::sorry::sorry: patta rep++
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්නව ද ඔය මාරය කවුද කියලා......
    අහල ඇති දිව්‍යලෝකයක් තියනව “පරිනිම්මිත වසවර්තිය“ කියල.....
    අන්න ඔය දිව්‍ය ලෝකයේ ලොක්කා........ඒ කියන්නේ head of the department තමා ඔය කියන මාරයා.....
    පොර ගේ සම්පූර්න නම “වසවරිති මාර දිව්‍ය පුත්‍රයා“
    ඇත්තට ම පොර දෙවි කෙනෙක්..........................