මාර්ග අනතුරු වලින් 15%ක් පමණ ව්‍යාජ සිග්නල්.

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    මාර්ග අනතුරු වලින් 15%ක් පමණ ව්‍යාජ සිග්නල්.

    වාහන වල සිග්නල් ලයිට් මොන පාටද කියලා ඇහුවොත් 90% කට වඩා කියන්නේ කහ හෝ තැඹිලි කියලා. ඊට අමතරව අයෙක් නොදැනුවත්ව හෝ සුදු කියන්න පුලුවන්. ඒත් හරි උත්තරය තමා පාට 3කින් සිග්නල් ලයිට් තියෙනවා. ඒ
    1. සුදු පාට
    2. රතු පාට
    3. කහ පාට

    සිග්නල් කියන්නේ සංඥාව කියන අදහස. අපිට මේ විදියට සංඥා ලැබෙන අවස්ථා 3ක් තියෙනවා.

    සුදු පාට සිග්නල් ලයිට්
    මේවා තමා රිවර්ස් ලයිට් කියලා එහෙම කියන්නේ. ඕනම වාහනයක් රිවර්ස් ගියර් එකට දැම්මම මේවා පත්තු වෙනවා. එතකොට මේක දකින ඕනම කෙනෙක් තේරුම් ගන්නවා මේ වාහනය පසුපසට එන්න හදන්නෙ කියලා.

    රතු පාට සිග්නල් ලයිට්
    මේවා තමා බ්‍රේක් ලයිට් කියලා ගොඩක් අය කියන්නේ. ඒත් මේක බ්‍රේක් ලයිට් කිව්වොත් වැරදි. ආකර 3කට ක්‍රියා කරනවා.

    පාර්කින් ලයිට් ලෙස – ඔබ වාහන පාර්ක් කරන විට සාමාන්‍යයෙන් වෝල්ට් 5ක විභව අන්තරයක් සහිතව ලයිට් හෝ ඊට සමාන එලියක් සහිත LED පත්තු වෙනවා
    ඔබ බ්‍රේක් පැඩලය ස්වල්ප ප්‍රමාණයක් පෑගූ විට වේගය අඩු වන බව පි‍ටුපසින් එන අයට දැනුදීමට සාමාන්‍යයෙන් වෝල්ට් 22ක විභව අන්තරයක් සහිත ලයිට් හෝ ඊට සමාන එලියක් ඇති LED පත්තු වෙනවා.
    ඔබ බ්‍රේක් පැඩලය ක්‍රමයෙන් යටටම පාගන විට වාහනය නවතින බවට රතු පැහැති වෝල්ට් 22ක පමණ ලයිට් දැල් වීම මගින් දැනුම් දෙනවා.
    එනම් පසුපසින් පැමිණෙන පිරිසට ඔබගේ මෙම සංඥාව වඩාත් හොදින් අවබෝධ කර ගන්න පුලුවන්. ඔබ වේග අඩු කිරීමකදී ස්වල්ප වේලාවක් සහ ඔබ නැවැත්වීමේදී සාපේක්ෂව ඉහල වේලාවක් බල්බ දැල්වීමෙන් ඔබ කරන්නේ කුමක්ද යන්න වටහා ගන්න පුලුවන්.

    කහ පාට සිග්නල් ලයිට්
    වාහන වලට කහ පාට සිග්නල් ලයිට් වලින් කරුණු කිහිපයක් කියැවෙන නිසා සුදු සහ රතු පාට සිග්නල් ලයිට් වලට වඩා නිරවද්‍යතාව සාපේක්ෂව අඩුයි. එබැවින් ඔබ කිසි විටෙක කහ පැහැති සිග්නල් එකක් දු‍ටු විට එය එකවර විශ්වාස නොකරන්න. උදාහරණයකට යමෙකු දකුණට සිග්නල් දමා ඇති විට එයින්

    දකුණට හැරවීම අදහස් කරන්න පුලුවන්
    දකුණට U හැරවුමක් ලබා ගන්න විය හැකිය.
    එසේ නැතහොත් දකුණු මංතීරුවට මාරු වීමට විය හැකිය.
    එසේම යමෙකු යම් පස කහ පැහැති සිග්නල් එක දල්වා ඇති විට

    වම්පසට වාහනය හැර වීම්ට හෝ
    වම් පසට ගෙන වාහනය නැවැත්වීමට විය හැක
    ඔබට සිත් කියවීමට නොහැකිය, එබැවින් මෙම සංඥාව ඔබට එකවර තේරුම් ගත නොහැක, එසේම බොහෝ පිරිස් හට මෙම සිග්නල් නැවත ඕෆ් කරන්නත් අමතක වෙනවා ,ඒක නිසා ඔබ ඇතැම් විට අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට පිවිසුනු විට යමෙකු දකුණට සිග්නල් දමා ඇති විට වමෙන් ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී එම පුද්ලයා වමට හැරවීම නිසා අනතුරක් වෙන්න පුලුවන්

    ඔබට වාහනයක් වමෙන් ඉස්සර කළ හැක්කේ වාහනයක් දකුණට සිග්නල් දමා ඇති විට පමණි.

    නමුත් එම ලයිට් එක මීට සෑහෙන්න වෙලාවක සිට නිවා දැමීමට අමතක වූ ලයිට් එකක්. අතුරු පාරකින් පැමිණි ඔබ දු‍ටු පලවෙනි වර එය විශ්වාස කිරීම නිසා මෙම අනතුර සිදු විය. නමුත් මාර්ගයේ පෙර සිටම පැමිණි රථ එය ව්‍යාජ සිග්නල් එකක් බවට හදුනාගෙන සිටි නිසා පරීක්ෂාකාරීව ධාවනය කරා. මෙලෙස ලංකාවේ සිදුවන අනතුරු වලින් 15%කට හේතුව වන්නේ ව්‍යාජ සිග්නල් හෝ කහ පැහැති සිග්නල් හරි හැටි තේරුම් නොගැනීමයි.

    එබැවින් ඔබ යමෙකු දකුණට කහ පැහැති සිග්නල් එකක් යෙදූ විට,

    ඔහුගේ වාහනයේ බ්‍රේක් ලයිට් පත්තු වේ නම් හෝ වේගය අඩු වන බව පෙනේ නම් ඒ U හැරවුමක් හෝ දකුණට හැරවීමකට විය හැකිය.
    අනතුරුව ඔහුගේ ගමන් පථය නිරීක්ෂණය කරන්න, එහම් වාහනය දකුනට බර වමටද කියලා , මොටර් සයිකල් සහ ත්‍රී රෝද රථ වල රියදුරාගේ හැන්ඩ්ල් එක කැපෙන හෝ වැඩි පුර හැරවෙන පැත්ත අනුව නිගමනයකට එන්න පුලුවන්. කාර් එකක නම් සාපේක්ෂව පසු පස පෙදෙස මාර්ගය දෙසට සහ ඉදිරිපස මාර්ගයෙන් දකුනු පසට බර වෙන්න පුලුවන්. මේ විදියට නිගමනයකට ආවට පස්සේ ඔබට පුලුවන් වමට සිග්නල් දාලා එම වාහනය ඉස්සර කර යාමට හෝ ඔහු දකුණට හරවන තුරු හෝ U හැරවුම ලබා ගන්නා තුරු ‍රැදී සිට ගමන් කිරීමට
    ඊට අමතරව ලංකාවේ සමහරු හතරමං හන්දි වලදී තමන් සෘජුව ගමන් කරන බව දක්වන්න හැසාඩ් ලයිට් එනම් ඩබල් සිග්නල් දාගෙන යනවා. මේක ඉතාම වැරදි ක්‍රියාවක්. එනම් මෙසේ ඔහුගේ දෙපසම ලයිට් දැල්වෙන බව නිරීක්ෂණය වන්නේ ඔහුට ඉදිරියෙන් හෝ පසුපසින් ලම්භකව සිටින අයෙකුට පමණි. ඔහුට දකුණතින් සිටින කෙනෙක් ඔහු දකුනට හරවනවා යැයිද ඔහුට වම් පසින් සිටින කෙනෙක් ඔහු වමට හරවනවා යැයිද නිගමනයකට එන්න පුලුවන්.

    එවිට මංසන්ධියේදී රිය අනතුරක් සිදු වෙන්න හෝ අපහසුතා වලට මුහුණ දෙන්න පුලුවන්. මෙවිට ඔබට සිතෙන්නේ මෙච්චර හැසාඩ් / ඩබල් සිග්නල් දාලත් මේ මිනිස්සු එන හැටි හෝ ක්‍රියා කරන හැටි කියලා. එහෙම වෙන්න හේතුව එක් එක් ඈන්ගල් වලින් ඉන්න අයට පේන්නේ එක එක විදියට. ඒකයි හේතුව, එම නිසා ඔබ සෘජුව ගමන් කරනවා නම් කිසිදු සිග්නල් ලයිට් එකක් නොදල්වා හරි මංතීරුවේ ගමන් කරන්න.

    මේ අනුව රතු සහ සුදු සිග්නල් ලයිට් වල නිරවද්‍යතාව 99%ක් පමණ වන අතර කහ පැහැති සිග්නල් ලයිට් වල නිරවද්‍යතාවය 70% – 80% ක් පමණ වේ. එබැවින් ඔබ කිසිදු විටෙක කහ පැහැති සිග්නල් එක වර විශ්වාස කරන්න එපා. විශේෂයෙන් මෝටර් බයිසිකල් සහ ත්‍රී රෝද රථ ව්‍යාජ සිග්නල් ලබා දෙනවා. සාමාන්‍යයෙන් කාර් රථ වල ඔටෝ ඕෆ් වෙන නිසා අඩුයි, ඒත් බස් ලොරි මෙන්ම පරණ වෑන් වලින් මේ විදියට ව්‍යාජ සිග්නල් ලැබෙනවා. ඔබ දැනුවත් වීම තුලින් 15%ක් පමණ වන නොමග යෑම නිසා ඇතිවන මාර්ග අනතුරු ප්‍රතිශතය අවම කර ගැනීමට හැකි වනු ඇත.

    අනතුරකදී ව්‍යාජ සිග්නල් ලබා දුන්නා කියලා ඔබට බේරෙන්න බෑ. හදිසියේ හෝ ඒ පුද්ගලයා මිය ගියොත් ඔබ ව්‍ය ඝාතනයට වැරදිකරු වෙනවා වගේම මුලින්ම දවස් 14ක ට්‍රිප් එකක් යන්නත් ලැබෙනවා. ඒක නිසා ඉක්මන් වන තත්ත්පරයට වඩා වැඩි අවධානයක් මාර්ගයට දී සුපරික්ෂාකාරීව රිය ධාවනයේ යෙදෙන්න.


    උපුටාගත්තේ FB එකෙන්.. ;)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,193
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඊට අමතරව ලංකාවේ සමහරු හතරමං හන්දි වලදී තමන් සෘජුව ගමන් කරන බව දක්වන්න හැසාඩ් ලයිට් එනම් ඩබල් සිග්නල් දාගෙන යනවා. මේක ඉතාම වැරදි ක්‍රියාවක්. එනම් මෙසේ ඔහුගේ දෙපසම ලයිට් දැල්වෙන බව නිරීක්ෂණය වන්නේ ඔහුට ඉදිරියෙන් හෝ පසුපසින් ලම්භකව සිටින අයෙකුට පමණි. ඔහුට දකුණතින් සිටින කෙනෙක් ඔහු දකුනට හරවනවා යැයිද ඔහුට වම් පසින් සිටින කෙනෙක් ඔහු වමට හරවනවා යැයිද නිගමනයකට එන්න පුලුවන්.

    එවිට මංසන්ධියේදී රිය අනතුරක් සිදු වෙන්න හෝ අපහසුතා වලට මුහුණ දෙන්න පුලුවන්. මෙවිට ඔබට සිතෙන්නේ මෙච්චර හැසාඩ් / ඩබල් සිග්නල් දාලත් මේ මිනිස්සු එන හැටි හෝ ක්‍රියා කරන හැටි කියලා. එහෙම වෙන්න හේතුව එක් එක් ඈන්ගල් වලින් ඉන්න අයට පේන්නේ එක එක විදියට. ඒකයි හේතුව, එම නිසා ඔබ සෘජුව ගමන් කරනවා නම් කිසිදු සිග්නල් ලයිට් එකක් නොදල්වා හරි මංතීරුවේ ගමන් කරන්න.


    තව සමහරු හදිසියේ රෝහලකට යනව නම් හැසඩ් ලයිට් දාගෙන යනව. එතකොට ඇම්බියුලන්ස් එකක් කියල හිතන්නෙ
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    avatar527796_5.gif
     

    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    එහෙම වැරද්දක් මං නම් හිතන්නැහැ.:yes:

    වැරදියි මචන් hazard lights පාවිච්චි කරන්නේ වහනය අනතුරකට ලක්වෙලා හරි ඉදිරියට/පසුපසට යනහමන් හදිසියේ නවතුවොත් අන්න එතකොට අනතුරක් ඇති බව අන්‍යන්ට පෙන්වන්න පමණයි , ඕක දාගෙන යන්න තහනම්
     
    • Like
    Reactions: Asmodeus

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,205
    2,106
    113
    පාකින් ලයිටුත් නෑ :(:(
    කලින් platina 100/125 ට ආව. ඉටපස්සේ ඉන්දියාවේ උන් ඒක ගැලෙව්වා.
    ඉස්පොක් 6න් එකකුත් ගැලෙව්වා.

    අනිවාර්යෙන් එකක් දාගනින්. ගොඩක් ඒවගේ reflector cup එකේ එතන mark කරලා තියනවා. මම එකක් දාගත්ත. හැන්දෑවේ 6ට වගේ යද්දී ටිකක් අදුරුයි. ඒ නිසා ආරක්ෂාවට හොදයි.


    ලංකාවේ රෝද දෙකේ වාහන වලට නියමිත ආරක්ෂාක උපක්‍රම නැ. මමත් post එකක් දාන්න ඉන්නේ අවුරුද්දක් දෙකක් තිස්සේ ඉදල
     
    • Like
    Reactions: windows_ubuntu