මාර්තු 31 පස්සෙ දින නෑලු....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මාර්තු 31 පස්සෙ දින නෑලු....

    අද වගේ දවසක වත් මම පුතාගෙ කතාවකට එකග නොව්නොත් මොකක් වෙයිද කියල තමයි මෙහෙම තීරනයකට ආවෙ..විභාගෙ ඉවරයි..හැබැයි පාස්ට් පේපර්ස් කරනව..අද තියෙන්නෙ දෙමල....මට කලිනුත් කිය කිය හිටිය සිකුරාද ඉස්කෝලෙ යන්න බෑ කියල...මම හිතුවෙ හොර ලෙඩක් අරන් අඩල හැපිල නවතී කියල..ඒත් උනේ වෙන දෙයක්...
    පුතා කියනව මාර්තු 31 පස්සෙ දින නෑලු....එහෙම තිබුනනම් කැලැන්ඩරේ තියෙන්න ඕනෙලු......ඒ නිසා ඉස්කෝල නිවාඩු ලු......අම්මගෙම පුතානෙ කියල මම එකග උනා ඉතින්....ඉස්සර මමත් මෙහෙම සීන් දැම්ම ....මතකයි ඉස්සර මම ඉස්කෝලෙ යන කාලෙ කව්දෝ කියපු කුප්ප කතාවකට සුදු ලූනු ගෙඩියක් කිහිල්ලෙ ගහල ලිප ලග ඉදල මට "උන" ඒ නිසා ඉස්කෝලෙ යන්න බෑ කිව්ව ..එදා තාත්ත කනෙන් අල්ලනකොට කිහිල්ලෙ තිබුන සුදු ලූනු ගෙඩිය බිම වැටිල මේ මොකක්ද මේ කියල අහනකොට දුවපු දිවිල්ල කාමරේට, හුසේන් බෝල්ට්ට වත් එච්චර ලග පිකප් තියෙන්න නැතුව ඇති.........හැබැයි මෙහෙම දෙයක් නම් කරල නෑ ජීවිතේට....ඒ
    ත් ඉතින් දැන් අය හිතන්නේ වෙනස් විදිහට නේ....කොහොම හරි අද ගෙදර හිටිය...

    286ptx.jpg