..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Nalini Chandima4 hrs ·
    g_kf1vXYV_O.png

    ඉස්සර අපිට ඩෙංගු ගැන කියනකොට කියල දුන්නු දෙයක් තමයි, ඩෙංගු වෛරසය ශරීරගත වෙන අය 10,000ක් ගත්තොත්, ඕකෙන් මොකක්ම හරි රෝග ලක්ෂණයක් පෙන්නන්නෙ එයින් 1000ක් විතර; එයිනුත් ඩෙංගු රක්තපාත උණ හැදෙන්නෙ 100කට විතර (ඉතිරි අයට නිකං ඩෙංගු උණ); රක්තපාත අවස්ථාවට යන අයගෙනුත් ෂොක් එකකට යන ගානට අමාරු වෙන්නෙ එක්කෙනෙක්ට විතර.
    එතකොට අර තෙල් ඔලුවෙ ගෑහම සනීප වෙන්නෙ මොන කැටගරියටද, කල්ක බිව්වහම සනීප වෙන්නෙ මොන කැටගරියටද, ගල් කෑල්ල පපුවෙ තියල ආශීර්වාද කරාම සනීප වෙන්නෙ මොන කැටගරියටද, කොළ යුෂ බිව්වහම සනීප වෙන්නෙ මොන කැටගරියටද කියන කාරණාව හොයල බලන්න වෙනව. මොකද, වෛරසය ශරීරගත වෙන අයගෙන් අතිමහත් බහුතරයකට ලොකු අමාරුවක් නොවෙන නිසා. ඔය ගණන් හිලව් ටිකක් එහාමෙහා වෙනවා ඇති වසංගත තත්වයකදි.
    .
    සාමාන්‍යයෙන් ඩෙංගු රක්තපාත උණ හැදුණහම වෙන්නෙ මෙන්න මෙහෙම: මුළින් ඔය වෛරස් උණ ලක්ෂණ එනවා. තුන්වෙනි දවස විතර වෙද්දි ප්ලේට්ලට් කවුන්ට් එක අඩු වෙන්න පටන් ගන්නවා. හතරවෙනි පස්වෙනි දවස් විතර වෙද්දි, රුධිර නාලවල පාරගම්‍යතාවය වැඩි වෙලා, ඒවයෙ තියෙන දියරගතිය බඩ ඇතුළට, පෙණහළු වටේ තියෙන කුහරයට එහෙම ගලන්න ගන්නවා. එතකොට රුධිර පීඩනය අඩු වෙලා, අවයවවලට යන රුධිර ප්‍රමාණය අඩු වෙලා, වකුගඩු/ අක්මාව වගෙ වැදගත් අවයවවලට හානි වෙන්න පුළුවන්. ඊට පස්සෙ ආයෙම ඔය පාරගම්‍යතාවය හරි ගිහින්, එළියට ගිය තරලයත් ආපහු නහර තුළට ඇවිත් කාරණා කටයුතු සාමාන්‍ය අතට හැරෙනවා. වකුගඩුවලට, අක්මාවට, මොළේට එහෙම ඔය අතරෙ හානි වෙලා තිබ්බනම් ඒව සාමාන්‍ය අතට හැරෙන්න තව දවස් යන්න පුළුවන්.
    .
    ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට ආහම කෙරෙන්නෙ මෙහෙම: රෝහයෙ එක එක වකවානුවලදි මොකද කළ යුත්තෙ කියල ගයිඩ්ලයින්ස් තියෙනවා. ඒ අනුව රෝගය පිළිබඳව අවධානයෙන් ඉන්නවා. මලක් වුණත් පර වෙනකොට, ඕකෙ පාට වෙනස් වෙනවා, සුවඳ වෙනස් වෙනවා, පෙති රැළි වෙලා ඇකිළෙනවා වගෙ දේවල් කීපයක් වෙනවනෙ. ඒවගෙ තමා. පට්ටිකා සංඛ්‍යාවෙ වෙනස්කම් වීම, රුධිර ඝනත්වය වෙනස්වීම, සුදු රුධිරාණු සංඛ්‍යාව වෙනස් වීම වගෙ දේවල්, පෙණහළු වටේට හරි බඩ ඇතුළට හරි තරලය වහනය වෙලාද කියල බැලීම, අවයවවලට හානි වෙලාද, හරියට ක්‍රියා කරනවද කියලා බැලීම වගේ දේවල්.
    .
    අර විදිහට නහරවල තියෙන්න ඕන තරලය පිටතට ගලන අය අඳුනගත්තහම, ඒ අයගෙ පිටතට යන තරල ප්‍රමාණයට සම වන පරිදි දියර ලබා දීම තමා කෙරෙන්නෙ. පැයක් පාසා මූත්‍රා බලල, ප්‍රෙෂර් එක, නාඩි ආදිය බලල, පිටතට යන තරලය කොච්චරක් විතර ඇද්ද කියල අනුමාන කරන එක තමා කෙරෙන්නෙ. ඕක හරියට සමපාත වෙන පරිදි දීගන්න හම්බුණානම් ඒ පැය 48ක් විතර කාලය තුළ, ඊට පස්සෙ හොඳ අතට හැරෙන්න ගන්නවා..
    හැමෝටම එකම විදිහට ලෙඩේ බලපාන්නෙ නෑ වගේම, හැම කෙනෙක්වම එකම විදිහට මොනිටර් කරන්න, ප්‍රතිකාර කරන්න අමාරුයි. මහත අය, ළමයි, ප්‍රෙග්නන්ට් අය, වෙන අසනීප තියෙන අය ආදි අයව බලන්න අමාරුයි. ලෙඩේ වණ වෙනකම් ගෙදර ඉඳල එන අයව බලන්න අමාරුයි.
    .
    ලෙඩේ එක් එක් අවස්ථා අඳුනගන්න පාවිච්චි වෙන දේවල් කීපයක් තියෙනව. ස්කෑන් කරල බලන එක, පට්ටිකා හා සුදු රුධිරාණු සංඛ්‍යාව, PCV බලන එක වගේ. ඒවා ලෙඩේ සාමාන්‍ය ගමන්මග බලන ක්‍රම. එහෙම නැත්නම් සංකූලතා ඇති වෙලාද කියල බලන ක්‍රම. මලක් පර වෙද්දි පාට, සුවඳ වෙනස් වෙන එක බලනව වගේ. හැබැයි පාට වෙනස් වෙන එක නොපෙනෙන්න, පෙති කෘතිමව පාට කළ පමණින් මල පර වෙලා නෑ කියන්න බෑ වගේ, පට්ටිකා සංඛ්‍යාව මොන ක්‍රමයකින් හරි වැඩි කළ පමණින් (ඒ කියන්නෙ පිටින් පට්ටිකා දීලා හරි බෙහෙතක් මාර්ගයෙන් පට්ටිකා වැඩි කරලා හරි) ලෙඩේ සනීප වෙන්න යන්නෙ කියල කියන්න බෑ.
    .
    ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ ඔය කිව්ව විදිහට, ක්‍රමානුකූලව, අනුමත කරන ලද ක්‍රමවේදයකට අනුව ප්‍රතිකාර කෙරෙනවා. ඒ ක්‍රමේ ගැන විශ්වාසයක් නැති අයට පුළුවන් වෙනත් ක්‍රමයකට ගිහින් ප්‍රතිකාර ගන්න. හැබැයි, සුව කරන වගකීම තනිකර බාර අරගෙන කරනවද කියලා හොයා බලන්න. එහෙම නැතුව ලෙඩා ඉස්පිරිතාලෙ නවත්තලා, අතනින් මෙතනින් කල්ක තෙල් ගේනවා කියන්නෙ, අර තැන ගැන විශ්වාසෙ මදිකමක්, එහෙමත් නැත්නම් එතනින් වගකීම බාර නොගන්න ප්‍රශ්නයක්. වෛරසය සිරුරුගත වෙන අතිමහත් බහුතරයක් ලෙඩ්ඩු, අමාරු නොවී නිකම්ම සනීප වෙනවා, කිසි බෙහෙතක් නොකරම. අර අමාරු වෙන කීප දෙනාව අඳුනගෙන, ඒ අයව බේර ගැනීමටත්, අනික් අවයවවලට වෙන බලපෑම අවම කරගැනීමටත් තමා ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ මෙච්චර මහන්සි වෙන්නෙ.
    .
    ළමයින්ට තමන්ගෙ ජීවිත ගැන තනිවම තීරණ ගැනීමේ හැකියාව නැති නිසා, කරුණාකරලා ළමයින්ව ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට ගෙනත් ප්‍රතිකාර කරන්න. වැඩිහිටියන්ට ඕනනම්, ඉස්පිරිතාලෙ නෑවිත්, ගිනි ගණන් දීලා, අනියම් ප්‍රතිකාර කරගන්න; කොහොමත් වැඩි දෙනෙක් නිකම්ම සනීප වෙනවා; අමාරු වෙන අයගෙ වගකීම ප්‍රතිකාර කරන කෙනා බාර ගන්නෙ නැතෑ.
    .
    මම දැක්කා බෝධිනීගෙ පෝස්ට් එකක කෙනෙක් කියල තියෙනවා, 'මම දන්න කෙනෙක් අහවල් අනියම් බෙහෙතින් සනීප වුණාය, මව්පියන් දෙපළම වෛද්‍යවරුන්ය' කියල. මං දන්න ළමයෙක් ඩෙංගු හැදිල, ගෙදර තියාගෙන ප්‍රතිකාර කරන්න ගිහින් මළා- එයාගෙත් මව්පිය දෙපළම වෛද්‍යවරු. නිශ්චිත ක්‍රමවේදයකට පටහැනිව යන්නේනම්, වගකීමෙන් යුතුව එහෙම කරන්න

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    THANKS.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මට හිතෙනවා බන් මේක බයෝ වෙපන් එකක්ද කියලා :oo:
    නැත්නම් කොහොමද මුන් මෙච්චර ඉක්මනට අනුවර්තනේ වෙන්නේ :frown:
    ඩෙංගු ඇමරිකාව වගේ රටවල නෑනේ :baffled:

    අනේ මන්ද බන් ඒ රටවල් පිරිසිදුයි නේ, මේ ලොන්ත කොකටු රට වගේද :baffled::baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    godak pvt hospitals wala doctorsla dawal ta naha, ewaye inna nurse la gana api katha nokara imu, gov hospital ekaka ward ekaka hamathissema doctors la innawa, aduma gane ekek hari innawa, nurse la innawa, un alert eke inne nitharama, pvt wage room eken room ekata yanna ona na dokalata, hama patient kenekma wage penawa...

    wife ta dengue hadila friday discharge kare ban, asiri eken transfer kara leddu 3 denek,e minissu asaranai,unta gewala ledatath amaru wela ithin hithaganinko :( untaa karaganna baruwa anthimata gov genawa lajja nathuwa unge ambulance walin,eka ledekta dawasakma urine pass wela naha! medical checkup ekak wage karaganna, admit unata dengue wage 24 hours alert eke inna ona leda walata private yannepa ban, insurance thibbath yannepa!

    සිරාවට බන් ඒක ඇත්ත :yes::yes:

    අර ලෙඩ්ඩු අනාතයි :( urine පාස් උනේ නැති ලෙඩා නම් පුදුම දුකක් විදින්න ඇත්තේ බන් :(
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කොහොම හරි දෙවැනි දවසේ රෑ urine check කරන්න හදද්දී urine යන්නේ නැතුව ගියා මන් ෆුල් හොල්මන් උනා ඇයි බර තිබ්බට බඩු යන්නේ නෑ, පස්සේ doctor ට කියුවා මට හිටියේ lady doctor කෙනෙක් assign වෙලා එය කියුවා එහෙනම් catheter එකක් දාන්න වෙනවා කියල ඒක දැම්මම සැරෙන් සැරේ urine ගන්න යන්න ඕනේ නෑ කියල මන් එතකන් දැනන් හිටියේ නෑ catheter එක කියන්නේ මොකක්ද කියල ඊට පස්සේ අරන් ආව මෙහෙම එකක්

    oka demmata passe poto ko ban.

    ela ela..den shape ne. sunday aniwa waren
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    රුධිර පරීක්ෂණ ගාස්තුවත් අද සිට පහලට

    පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල සිදු කෙරෙන රුධිර පරීක්ෂණ මෙන්ම ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තු අද සිට අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

    ඩෙංගු රෝග ව්‍යප්තියේ ඉහළ යාම සලකා මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

    පවතින තත්ත්වයත් සමග සිදු කරන රුධිර පරීක්ෂණ ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

    මෙම තීරණයත් සමග රෝගීන්ට වඩා පහසුවක් හිමිවනු ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පැවසුවේ.

    රජය විසින් තීරණයක් අරන් තිබෙනවා ඩෙංගු රෝගය සඳහා කෙරෙන පූර්ණ රුධිර පරික්ෂාව රුපියල් 250ක උපරිමයකට සීමාවක් පණවන්න. නැවත දැනුම් දෙන තුරු.

    ඒ වගේම මේ ඩෙංගු ප්‍රතිදේහ පරික්ෂාව රුපියල් 1000කට සීමාකර තිබෙනවා.

    මේ පිළිබඳ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර දැනුවත් කර ඇති බව ද ඔහු කියා සිටියා.

    මෙම මිළ සංශෝධනය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

    -neth news
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අනේ මන්ද බන් ඒ රටවල් පිරිසිදුයි නේ, මේ ලොන්ත කොකටු රට වගේද :baffled::baffled:

    ඉතින් බන් ඩෙංගු හැදෙන්නේ පිරිසිදු වතුරෙලුනේ..
    අනිත් එක ඩෙංගුවා මාර ඉක්මණට ඕනම අවස්ථාවකට අනුවර්තනේ වෙනෝනේ :oo::frown:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඉතින් බන් ඩෙංගු හැදෙන්නේ පිරිසිදු වතුරෙලුනේ..
    අනිත් එක ඩෙංගුවා මාර ඉක්මණට ඕනම අවස්ථාවකට අනුවර්තනේ වෙනෝනේ :oo::frown:

    දැන් අපිරිසිදු වතුරෙත් හැදෙනවලු බන් :dull::dull:

    අනික බන් ඒ රට වල මෙහෙම තැන තැන් වල වතුර එක් රැස් වෙන කුණු ගොඩවල් නෑනේ, ඉතින් මැස්සෝ මදුරුවෝ කොහොමත් අඩුයි :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්මෝ..:shocked::shocked::shocked::shocked::shocked::shocked: බොහොම ස්තූතියි මචන් විස්තර කරල දැම්මට. හොඳටම වැදගත්.:)
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Uba eda qwe astral body 1k eliyata yanna hadanwa wage denuna kiyana kathawa ahuwama full holman una mchan.. khoma hari uba goda giyane.. api paressam wena gaman puluwan taram dengue maduruo bowena ekat natikraganna try kramu..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Uba eda qwe astral body 1k eliyata yanna hadanwa wage denuna kiyana kathawa ahuwama full holman una mchan.. khoma hari uba goda giyane.. api paressam wena gaman puluwan taram dengue maduruo bowena ekat natikraganna try kramu..

    අඩේ ඔව් බන් :dull::dull:

    අන්නේකයි බන් පරිස්සන් වෙන්න ඕනේ හැදුනට පස්සේ වැඩක් නෑනේ කට්ටක් තමයි :baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සෙක්ස්කියුටර් උඹට මෙමරි අඩුයි වගේ දැනිලා තියේද ඩෙංගු හැදුනාට පස්සේ...
    අමතක වෙනවද මේ කරන්න හිතාගෙන හිටිය දේ?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    සෙක්ස්කියුටර් උඹට මෙමරි අඩුයි වගේ දැනිලා තියේද ඩෙංගු හැදුනාට පස්සේ...
    අමතක වෙනවද මේ කරන්න හිතාගෙන හිටිය දේ?

    :confused::confused: හෑ... නෑ ... :no:

    එහෙම නම් දැනිල නෑ උපුලෝ, ඒකත් අමතක වෙලාද දන්නේ නෑ :lol::lol: