ගිය මාසෙ මුලම මටත් හැදුන. උඹ කිව්ව වගේ මම ගණන් ගත්තෙම නැහැ බං. හිතුවෙ සාමාන්‍යය උණක් වෙන්න ඇති කියල. බ්ලඩ් එකක් චෙක් කෙරෙව්ව. ප්ලේට්ලට්ස් අඩුවුණා 45000ට. ඊට පස්සෙ තමයි හොස්පිට්ල් නතර වුණේ. ඇඟ රිදෙනව කියන්නෙ ආයෙත් නෑ ඉතින් කතා කරල වැඩක් නෑ ඒ ගැනනම්. පුදුම දුකක් වින්ද හැබැයි. මම වගේම මගේ ගෙදර අය. නෑදෑයො. හැමෝම... හොස්පිට්ල් එකේදිම මගේ ප්ලේට්ලට්ස් තව අඩුවෙන්න ගත්ත. 45000න් 43000 වුණා. ඊට පස්සෙ චෙක් කරද්දි 42000යි. කෑම කන්න බැහැ. හෙනම අමාරුයි. ඒත් අමාරුවෙන් හරි ගිලිනව ටිකක්. සෙලයින් මිලිලීටර් 60ක් දුන්න පැයට. මට බොන්න නියම කරල තිබ්බෙ මිලිලීටර් 40යි. ඔය අතරෙ තමයි මට ගස්ලබු ඩ්‍රින්ක් එක දුන්නෙ අපේ මස්සිනා. ඒක බිව්ව්ට පස්සෙ ප්ලේට්ලට්ස් වැඩිවෙන්න ගත්ත.
හැබැයි අදටත් මහන්සි වෙන්නනම් අමාරුයි. පොඩ්ඩ ඇත්තම් ඇඟ රිදෙන්න ගන්නව.

ඔව් බන් සෑහෙන කාලයක් යනකල් ඔය ඇගට ෆිට් නැති ගතිය තියනවා 
පරිස්සමෙන් හිටහන් මාස තුනක් වත් යනකල්, බොන්න එහෙම එපා










