මාරාන්තික රකුසු මල

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මාරාන්තික රකුසු මල

උග්‍ර විෂ සහිත මාරාන්තික රකුසු මල දිගු කලකට පසු බ්‍රිතාන්‍යයේදී යළි උපදී

agrostemma-githago3.jpg


මල් යනු ලෝකය සුන්දරත්වයෙන් සරසන ඕනෑ ම පුද්ගලයෙකුගේ නෙත පිනවන සොබාදහමේ අපූරු දායාදයකි.

බාඳුරා වැනි ඇතැම් මල් කුඩා සතුන්ට මර උගුල් සකසන අතර නියඟලා මලේ කලා රසය තිබුණ ද එහි අලය මාරාන්තික බව ද අපි අසා ඇත්තෙමු.

එහෙත්, මිනී මැරිය හැකි මාරාන්තික මලක් පිළිබඳව ඔබ අසා තිබේ ද?

එවැනි මලක් බ්‍රිතාන්‍යයේ සන්ඩර්ලන්ඩ් ප්‍රදේශයේදී සහකාර වන නිලධාරියෙකු වන ඩගී හෝඩ්න්ට හමුවී තිබේ.

යුරෝපා රටවල තිරිඟු වගා ආශ්‍රිතව මෙම මල් වර්ගය 19 වන සියවසේ සුලභව පැවතිය ද 20 වන සියවසේදී එය වඳ වී පැවතිණි.

ඒ අනුව, දුර්ලභව පැවති මෙම මලක් යළි හමුවූයේ, දිගු කලකට පසුව ය.

බ්‍රිතාන්‍යයේ රාජකීය උද්‍යාන අලංකරණ සංගමය අනතුරු අඟවා ඇත්තේ, කෝන් කොක්ල් (corn-cockle) නමැති මෙම මල උග්‍ර විෂ සහිත මල් වර්ගයක් බවට ය.

මෙම මලෙහි සුවඳ අඝ්‍රහණය කිරීමෙන් උදරාබාධ, වමනය, අතීසාරය, ශරීරය දුර්වල වීම, ස්වසන අපහසුතා යන රෝගී තත්ත්වයන් පමණක් නොව මරණයට පත්වීමට ද හැකි බව එම සංගමය පෙන්වා දෙයි.

agrostemma-githago2.jpg


agrostemma-githago.jpg


newsfirst.lk​