මාරි ඇන්ටොනෙට් අපහරණය හෙවත් පාන් නැත්තම් කේක් කාපල්ලා!

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,664
    7,027
    113
    United States
    පාන් නැත්තම් කේක් කාපල්ලා!

    ලොව ප්‍රකටම ප්‍රකාශයක් කිවහොත් නිවැරදියි.

    Keep-Calm-and-Let-Them-Eat-Cake.png


    මරණයෙන් වන්දි ගෙවූ මාරි ඇන්ටොනෙට් ඇත්තෙන්ම මෙම ප්‍රකාශය සිදුකර ඇත්ද?

    එන්න අපි සොයා යමු!

    ගතානුගතික වැඩවසම් පාලන සම්ප්‍රදායන්ට එල්ඹ සිටිම නිසා 18 වැනි සියවසේදි ප්‍රංශය දේශපාලනික හා ආර්ථික අර්බුධයන් රැසකට මුහුණ දී තිබිණි. රාජාණ්ඩුව හා රදළයන්ගේ උදර පෝෂණයේ වගකීම පැවරී තිබුනේ අතිමහත් බහුතරයක් වූ දුගී ජනතාව වෙතයි. සියළු වරප්‍රසාද මැද සුඛෝපභෝගි දිවිගෙවන රදළ පරපුර වෙනුවෙන් බදු බර දරමින් මූලික අයිතින්ද අහිමි පීඩිත පන්තිය වෙතට මේසමයේ යුරෝපයේ පැතිර ගිය නිවහල් සිතුවිලි කාන්දුවන්නට විය. ඇමරිකානු නිදහස් අරගලය වෙනුවෙන් අත දිග වියදම් කිරිම නිසා ප්‍රංශ භාණ්ඩාගාරයද දැඩි අර්බුදයකට මුහුණ දි සිටියේය. ආර්ථික අර්බුදයෙන් මිදීමට ප්‍රතිසංස්කරණ හදුන්වාදිමට දැරූ උත්සහයන් අඩාල විය. කුසට අහරක් නොමැතිව තමන් දුක් විදිද්දි තම බත් පත ගසාකන රදළයන්ට එදිරිව ප්‍රංශ ජනයා නැගි සිටියේය.

    Versailles-මාළිගාව.png

    Versailles-මාළිගාව

    Versailles-%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80-2-900x506.png

    පාන් නැත්තම් කේක් කාපල්ලා කියූ ප්‍රංශ රාඡකීයන්ගේ මාළිගය

    18 වන සියවස වන විට ප්‍රංශයේ දී තිබුනේ වැඩවසම් සමාජ ක්‍රමයක්. එකල සිටි රජුන් හා රදළයන් සුඛෝපභෝගිව දිවි ගෙව්වද ජනතාව අධික පීඩා ඇතිව දිවි ගෙවීය. මෙකල ඇමරිකානු නිදහස් සටනට ප්‍රංශය මුදල් බොහෝ සෙයින් වියදම් කල නිසා ඒ වියදම පිරිමැහීමට රජය බදු අයකිරීම වැඩි කළේ ය. එයිනුත් පීඩා වින්දේ අති බහුතර සාමාන්‍ය ජනතාවයි. මේ නිසා ප්‍රංශයේ රදළයන්ට එරෙහිව සාමාන්‍ය ජනතාව නැගී සිටියි. මෙය අපි ප්‍රංශ විප්ලවය ලෙස හදුන්වමු. මේ ප්‍රංශ විප්ලවය පිලිබද සරල විග්‍රහයක්.

    107875444-56a9a2575f9b58b7d0fd8e14.jpg


    මාරි ඇන්ටොනෙට්


    20-erdekesseg-marie-antoinette-rol_f3ccdd27d2000e3f9255a7e3e2c48800.jpg


    ආහාර නැති බවට මොර දෙමින් ජනයා උද්ගෝෂණය කරද්දි එය සවන් වැකුණු එවක 16 වැනි ලුවී රජුගේ බිසව වූ මාරි ඇන්ටොනෙට්, පාන් නැතිනම් කේක් කාපල්ලා (let them eat cake) යැයි පැවසූ බව ප්‍රකටය. මෙම ප්‍රකාශය හේතුවෙන් ඇන්ටොනෙට් බිසව දැඩි අපකීර්තියට පත්වූ අතර අවසානයේදි ගිලටීනයේ දැවැන්ත තලය ඇගේ ගෙල මත පතිත විය.

    මාරි ඇන්ටොනෙට් මෙවැනි ප්‍රකාශයක් කලාද?

    කුසට ආහාරයක් නොමැතිව මිනිසුන්ගේ විලාපය ඇසුණු මාරි ඇන්ටොනෙට් බිසව “පාන් කැත්තම් කේක් කාපල්ලා” යැයි ප්‍රකාශයක් කෙරූ බවට සමාජයේ ප්‍රකටයි. මේ නිසා අවසානයේ දී ඇයව ගිලටීනයෙන් හිස ගසා මරා දමයි. ප්‍රංශ බසින් ඇති “Qu’ils mangent de la brioche” යනක් යමන ඉංග්‍රීසියෙන් “Let them eat cake” යන පරිවර්තනය වී ලොව පුරා ප්‍රචාරය වුවත් එය නිවැරදි නොවේ. ප්‍රංශ වැකියේ අර්ථය “එයාලට බ්‍රියෝෂ් කන්න කියන්න” යනුයි. බ්‍රියෝෂ් යනු කේක් වර්ගයක් නොවේ. එය පාන් වර්ගයකි.යුරෝපා රටවල ජනප්‍රිය ආහාරයක් වන බ්‍රියෝෂ් පාන් වර්ගයකි. ලියුම්කරු ද උදෑසන ආහාරය ලෙස කිරි සමග බ්‍රියෝෂ් නිතර ආහාරයට ගනි. විවිධ හැඩයේ හා විවිධ වර්ගයේ බ්‍රියෝෂ් වෙළදපොලේ ඇත.


    brioche.jpg



    download.jpg

    බ්‍රියෝෂ් වර්ග කිහිපයක්

    “Qu’ils mangent de la brioche” යන ප්‍රකාශය මුල් වරට හමුවන්නේ, ප්‍රංශ දාර්ශනික ජීන් ජැක් රූසෝ (Jean-Jacques Rousseau) ගේ වෙළුම් කිහිපයකින් යුතු පාපොච්චාරණය (Confessions) නම් ස්වයංචරිතාපදාන සංග්‍රහයෙනි. ක්‍රි.ව 1765/69 සමයේදි ලියැවුණු රූසෝ ගේ පාපොච්චාරණයේ එක් තැනක මෙසේ සදහන් වේ.

    download.jpg

    රෑසෝ

    At length I remembered the last resort of a great princess who, when told that the peasants had no bread, replied: "Then let them eat brioches."

    ‘‘great princess‘‘ ලෙසින් රූසෝ කවුරුන් හැදින්වූවාදැයි සදහනක් නැතත් ඇතැම් ඉතිහාසඥයින් මෙය මරි තෙරේස් (1638-1683) නම් ප්‍රංශයේ 14 වැනි ලූවි රජුගේ බිසව විය හැකි බවට මතයක් පලකරයි. මතය සත්‍යයක් නම්, ආසන්න වශයෙන් ඇන්ටොනෙට් බිහිවිමට වසර 100කට පෙර සිදුවීමකි.

    කිසිම විටෙක රූසෝ මෙය ඇන්ටොනට්ගේ ප්‍රකාශයක් බව සදහන් කර නැත. රූසෝ තම පාපෝච්චාරණය ලියු සමය හා ඇන්ටොනට් ගේ වයස සලකා බැලිමේදි මෙය ඇය මුල්කොටගෙන කල ප්‍රකාශයක් යන මතයද බැහැර කල හැක. එවක ඇන්ටොනට් කුමරිය දස හැවිරිදි වියේ (උපත - 1755) ඔස්ට්‍රියාවේ දිවිගෙවු අතර ප්‍රංශයට පා තබා නොතිබිණ. ඇය ප්‍රංශයට පා තබන්නේ තවත් සිව්වසරකට පසුව 16 වැනි ලූවි හා විවාහාප්‍රාප්ත වීම සදහාය.


    ඇත්තවශයෙන්ම මෙවැනි ප්‍රකාශයක් මාරි ඇන්ටොනෙට් විසින් කල බවට තහවුරු කල හැකි පැහැදිලි සාක්ෂි මෙතෙක් හමුවී නැත.

    රට ආගාධයට යද්දි, සේවක සේවිකාවන් පිරිවරා මිල අධික ආභරණයෙන් ඇදුම් ආයිත්තමින් හැඩවී ගෙවන ඇගේ දිවියට විවේචන එල්ලවිය. ප්‍රංශ විප්ලවය යනු ප්‍රභූ පන්තියට එදිරිව නැගුණු අරගලයකි. මූලිකවශයෙන් ඇන්ටොනෙට්, ඔස්ට්‍රියානු ජාතිකයෙක් වීම,කාන්තාවක් වීම හා ප්‍රංශ ප්‍රභූපැලැන්තියේ මුල්පෙලේ සාමාජිකයකු වීම යන හේතුන් නිසා විප්ලවවාදින්ගේ ප්‍රමුඛ ඉලක්කයක් බවට පත්විය. එබැවින් විප්ලවකරුවන් ඇන්ටොනෙට් ට එදිරිව ඉහත සදහන් කල දුර්මත පතුරවන්නට ඇති බව මතයක් පවති.

    ඇන්ටොනෙට් යනු රජගෙදර නම් රන් කූඩුවේ ඇතිදැඩි වූ සිරකාර කිරිලියක යැයි හැදින්වූවාට වරදක් නැත. ලූවි රජුගේ බිසව වුවද ඈ සතුව සත්‍ය ලෙසම පාලන බලයක් රැදුනේ නැත. රජගෙදරින් නොලද ආදරය සෙවීමට ඇය නිරතුරුවම උත්සහ කළාය. තම බිළිදු දියණිය හා පුත්‍රයන්ගේ අකල් වියෝව ඈ පීඩාවට පත්කළාය.

    උපතේ සිට විපත දක්වා ඇන්ටොනෙට් ගේ දිවිය ගැන සමාජගතව ඇති ඇතැම් මතයන් සත්‍යයෙන් බැහැර ය.

    මෙම කියමන මාරි ඇන්ටොනෙට් බිසව හා සම්බන්ධ කරමින් ලියූ සටහනක් සොයාගත හැක්කේ ප්‍රංශ විප්ලවයෙන් වසර 50 කට පමණ පසු පළවූ කෘතියකිනි. එම කෘතියෙත් කතුවරයා ලියා ඇත්තේ ඔහු අසා තිබූ ‘කටකතාවක්’ ය. මාරි ඇන්ටොනෙට් බිසව ළමුන්ගේ අධ්‍යාපනය හා සාමාන්‍ය මිනිසුන්ගේ යහපත උදෙසා ක්‍රියා කල අයෙක් වූ අතර තමන් රජ පවුලේ සාමාජිකයෙක් බැවින් විප්ලවවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවටත් පත්විය. මේ හේතුවෙනුයි ඇය පිලිබද දුර්මත සමාජයේ සංසරණය වූයේ. මෙම කුඩා කියමනක් නිසා මෙතරම් වද විඳීමට අවශ්‍ය නැතැයි ඔබට සිතෙන්නට පුලුවනි. නමුත් අසත්‍යක් ලෙස තහවුරු වී ඇති කරුණක් සත්‍යක් ලෙස හුවා දක්වමින් පෙළ පොත් වලට ඇතුලත් කිරීම අධ්‍යාපනයේ දුර්වලකම පෙන්වීමකි.

    බොහෝ දෙනා සිදු කරන පරිදි පෙලපොත කටපාඩම් නොකර එහි අඩංගු කරුණු හැකි අයුරින් සොයා බලා සත්‍ය අසත්‍ය බව තහවුරු කරගෙන ඉතිහාස අධ්‍යනයක යෙදෙන ලෙස ඔබේ දරුවාට කියා දෙන්න. අන්තර්ජාල පහසුකම් ඇති බැවින් ඉතා පහසුවෙන් මෙවන් කරුණු සොයාගත හැකියි. පොත පත කියවා විචාරශීලීව ඉගෙනීමෙන් ඔබට මෙවන් වැරදි සහගත තැන් නිවැරදි කරමින් උගත හැකියි.


    පහත දැක්වෙන්නේ වර්තමාන සාමාන්‍ය පෙළ ඉතිහාසය පෙළ පොතේ කොටසක්.


    Capture.PNG


    තව දුරටත්
    මුව හමට තැලීමෙන් ඇති ඵලය කිම.

    මූලාශ්‍ර : අන්තර්ජාලය හා General knowledge (sinhala) Telegram චැනලය ඇසුරිනි .

    1626011327606-png.134824

    හැමෝටම සුභ දවසක්... :love2::-)
     
    Last edited: