"මෙතන කාසියක් අඩුයි නේ. හදිස්සියේ දුවගෙන එනවා ගාන හරියට බලලා ගේන්න බෑ නේ"
මුදලලාලි හාල් දෙසියපනහක් රැගෙන ගුවන්ගත වෙන්නට සැරසෙන පොඩි කොල්ලාට කෑ ගැසුවේ ය. මදකට නතර වූ කොල්ලා තැනින් තැන මසා සිදුරු වැසූ කලිසමේ පුංචි සාක්කුවට අත දමා එහි පතුලේ සැඟවී සිටි කාසිය ඉවතට ගෙන මුදලාලිගේ මේසය මත තැබීය.
"ඔය ඉතින් උඹේ හොර හිත නේ. ඒක හංගගෙන. තාත්තලා පුතාලා ඉන්නේ නම් යාප්පුවට. ඒකට මොක ද කෙරුවාව මෙහෙමයි."
පොඩි එකා කිසිවක් නෑසුනා සේ පාර අයිනෙන් නිවසට දිව ගියේ ය. ඉර බසින්නට තව ඇත්තේ හෝරා කිහිපයකි. තාත්තා තව ටිකකින් එන බව දන්නා කොල්ලා හාල් තම මවට දී නැවත ගේ ඉදිරිපස මැටි පිලේ වාඩි ගත්තේ ය.
බොරලු පාරේ ඉදහිටවත් යන්නට ගමටම තිබුණේ වල්ව්වේ මොටෝ රිය සහ සිරිදාසගේ ගොන් කරත්තය පමණි. විටින් විට වෙලදාමේ ආ කරත්ත හැරෙන්නට ඉතා කලාතුරකින් පැමිණෙන ප්‍රභූන්ගේ රථයක් දකින්නට නම් පෝය හඳ දෙකතුනක්වත් යනතුරු බලා සිටින්නට වෙන කාරණයකි. ගමටම තිබූ වෑර්ලස් දෙකහි හිමිකරුවෝ වූයේ කඩේ මුදලා සහ වලව්වේ හාමු ය. ඔය කාරණා කෙසේ වෙතත් මේ කොල්ලාට වැඩි පරෙස්සමට පාරේ අයිනෙන්ම යන්නට තාත්තා කියා දී තිබුණේ ගම්මුලාදෑනියා එළාර රජු මෙන් නොවන බව දන්නා හෙයිනි.
"මම හිතලා කළ දෙයක් යෑ. කාසිය සාක්කු අඩියේ වැටිලා , මට අහු නොවෙන තරමට."
කොල්ලා තමන්ටම මුමුණා ගත්තේ ය. ඒ ඔහුගේ පුරුද්දය. කවරෙක් හෝ නොකල වරදකට ඔහුට බැන වැදුන විට හෝ කවරෙක් හෝ ඔහුට යම් වරදක් කළවිට ඒ මොහොතේ නිහඬව සිට , තනි වූ විගස තමාටම ගතු කියා හිත හදා ගැනීම ඔහු නිතර උත්සාහ කළේ ය.
කොල්ලාට වැඩි වේලාවක් පාර දෙස බලා ඔහේ කල්පනා කරන්නට අම්මා ඉඩ නොතබා "පුතේ, ඊයේ මම කඩේ අරන් තියපු අඩුම කුඩුම ටිකක් ඇති. මෙන්න මේ කාසි ටික අරන් ගිහින් ලතා නෝනාගෙන් ඒ ටික ඉල්ලන් වරෙන්. දැන් ඒ නෝනා කඩපිලට ඇවිත් ඇති. මෙතන වැඩිපුර තියෙනවා. උඹට ඉතිරි දේවි. ඒකත් අරන් පසෙස්සමට වරෙන්." යැයි කීවා ය.
කොල්ලාට දුවන්නට ඇත්තේ වංගු තුනකි. කඩපිල ඒ නිවසට එතරම් ළඟය. මෙතරම් හැන්දෑ වූවත් ඈ ඔහුව පිටත් කරේ එබැවිනි.
මුදලාලිගේ බිරිඳ ලතා ය. ගොම්මන වැටෙන විට ඈ ද කඩපිලට එන්නට පුරුදුව සිටියා ය. ඒ බේබද්දන්ගෙන් මුදලාලි බේරා ගැනීමටත්, වේලාසන කඩය වසා ඔහුව නිවසට කැදවාගෙන යාමටත් ය. ඒ ඇයට දීග ආ මුල්ම දිනවල කඩේට ආ ගොයියන් සමඟම සූදුවට වහ වැටී රෑ දෙගොඩහරි ජාමේ වන තුරුත් සූදුකෙළි මුදලාලි එනතුරු අවදි වී සිටි අතීතය අදටත් ඇයට අමතක නොවන හෙයිනි.
කොල්ලා මොහොතකින් කඩපිලේ ය. මුදලාලි පේන්නට නැත. අම්මා කී පරිදිම ලතා මුදලාලිගේ පුටුවේ පට්ටල වී සිටියා ය.
"ආ උඹ ආව ද?"
"ඉදින්..."
"ආ මේන්න මේ ටික අම්මට දීපන්."
ඈ කීවා ය.
"ආ නෝනා."
කොල්ලා කාසි ටික ඈ ඉදිරියේ මේසය මත තැබුවේ ය.
ඈ ඉතා ඕනෑකමින් ඒවා සතේට ගනන් කළා ය.
'"හරි එහෙනම් පරිසමින් පලයං"
ඔහු තවත් මොහොතක් ඈ දෙස බලා සිටියේ ය.
ඈ නැවත කාසි ගනිමින් ලාච්චුවට දැමුවා මිස ඔහු ඉන්නා වගක් නොවී ය. සේදිරිස් කඩේට ගොඩවී මොනව හෝ ඉල්ලන්නට ආ බැවින් කොල්ලා තවත් බලා හිදින්නට තරම් ධෛර්යයමත් නොවීය.
නැවත නිවසට දිව එන අතර මඟ දෙතුන් විටක් ඔහු මෙසේ මිමිණුවා.
"අම්මා පස්සේ ඉල්ලා ගනී. නෝනට ගාන වැරදුනා"
-නිමි

කලින්ම කොල්ලට වුනේ වැරැද්දක් ඒත් මුදලාලි වැරදිවට හිතලා කොල්ලට බැන්නා. ඊළඟවතාවේ මුදලාලිගේ නෝනට වැරදුනා. ඉතුරු සල්ලි දෙන්න තිබුනත් ගාන වැරදිලා ඉතුරු දුන්නේ නෑ. ඒත් කොල්ලා ඒක හොරකමක් විදියට නෙවෙයි වැරැද්දක් වුන විදියටම දැක්කා.