මාරු කාසි - මගේ කෙටිම කෙටි කතාව - 02

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    "මෙතන කාසියක් අඩුයි නේ. හදිස්සියේ දුවගෙන එනවා ගාන හරියට බලලා ගේන්න බෑ නේ"

    මුදලලාලි හාල් දෙසියපනහක් රැගෙන ගුවන්ගත වෙන්නට සැරසෙන පොඩි කොල්ලාට කෑ ගැසුවේ ය. මදකට නතර වූ කොල්ලා තැනින් තැන මසා සිදුරු වැසූ කලිසමේ පුංචි සාක්කුවට අත දමා එහි පතුලේ සැඟවී සිටි කාසිය ඉවතට ගෙන මුදලාලිගේ මේසය මත තැබීය.

    "ඔය ඉතින් උඹේ හොර හිත නේ. ඒක හංගගෙන. තාත්තලා පුතාලා ඉන්නේ නම් යාප්පුවට. ඒකට මොක ද කෙරුවාව මෙහෙමයි."

    පොඩි එකා කිසිවක් නෑසුනා සේ පාර අයිනෙන් නිවසට දිව ගියේ ය. ඉර බසින්නට තව ඇත්තේ හෝරා කිහිපයකි. තාත්තා තව ටිකකින් එන බව දන්නා කොල්ලා හාල් තම මවට දී නැවත ගේ ඉදිරිපස මැටි පිලේ වාඩි ගත්තේ ය.

    බොරලු පාරේ ඉදහිටවත් යන්නට ගමටම තිබුණේ වල්ව්වේ මොටෝ රිය සහ සිරිදාසගේ ගොන් කරත්තය පමණි. විටින් විට වෙලදාමේ ආ කරත්ත හැරෙන්නට ඉතා කලාතුරකින් පැමිණෙන ප්‍රභූන්ගේ රථයක් දකින්නට නම් පෝය හඳ දෙකතුනක්වත් යනතුරු බලා සිටින්නට වෙන කාරණයකි. ගමටම තිබූ වෑර්ලස් දෙකහි හිමිකරුවෝ වූයේ කඩේ මුදලා සහ වලව්වේ හාමු ය. ඔය කාරණා කෙසේ වෙතත් මේ කොල්ලාට වැඩි පරෙස්සමට පාරේ අයිනෙන්ම යන්නට තාත්තා කියා දී තිබුණේ ගම්මුලාදෑනියා එළාර රජු මෙන් නොවන බව දන්නා හෙයිනි.

    "මම හිතලා කළ දෙයක් යෑ. කාසිය සාක්කු අඩියේ වැටිලා , මට අහු නොවෙන තරමට."

    කොල්ලා තමන්ටම මුමුණා ගත්තේ ය. ඒ ඔහුගේ පුරුද්දය. කවරෙක් හෝ නොකල වරදකට ඔහුට බැන වැදුන විට හෝ කවරෙක් හෝ ඔහුට යම් වරදක් කළවිට ඒ මොහොතේ නිහඬව සිට , තනි වූ විගස තමාටම ගතු කියා හිත හදා ගැනීම ඔහු නිතර උත්සාහ කළේ ය.

    කොල්ලාට වැඩි වේලාවක් පාර දෙස බලා ඔහේ කල්පනා කරන්නට අම්මා ඉඩ නොතබා "පුතේ, ඊයේ මම කඩේ අරන් තියපු අඩුම කුඩුම ටිකක් ඇති. මෙන්න මේ කාසි ටික අරන් ගිහින් ලතා නෝනාගෙන් ඒ ටික ඉල්ලන් වරෙන්. දැන් ඒ නෝනා කඩපිලට ඇවිත් ඇති. මෙතන වැඩිපුර තියෙනවා. උඹට ඉතිරි දේවි. ඒකත් අරන් පසෙස්සමට වරෙන්." යැයි කීවා ය.

    කොල්ලාට දුවන්නට ඇත්තේ වංගු තුනකි. කඩපිල ඒ නිවසට එතරම් ළඟය. මෙතරම් හැන්දෑ වූවත් ඈ ඔහුව පිටත් කරේ එබැවිනි.

    මුදලාලිගේ බිරිඳ ලතා ය. ගොම්මන වැටෙන විට ඈ ද කඩපිලට එන්නට පුරුදුව සිටියා ය. ඒ බේබද්දන්ගෙන් මුදලාලි බේරා ගැනීමටත්, වේලාසන කඩය වසා ඔහුව නිවසට කැදවාගෙන යාමටත් ය. ඒ ඇයට දීග ආ මුල්ම දිනවල කඩේට ආ ගොයියන් සමඟම සූදුවට වහ වැටී රෑ දෙගොඩහරි ජාමේ වන තුරුත් සූදුකෙළි මුදලාලි එනතුරු අවදි වී සිටි අතීතය අදටත් ඇයට අමතක නොවන හෙයිනි.

    කොල්ලා මොහොතකින් කඩපිලේ ය. මුදලාලි පේන්නට නැත. අම්මා කී පරිදිම ලතා මුදලාලිගේ පුටුවේ පට්ටල වී සිටියා ය.

    "ආ උඹ ආව ද?"
    "ඉදින්..."
    "ආ මේන්න මේ ටික අම්මට දීපන්."
    ඈ කීවා ය.

    "ආ නෝනා."
    කොල්ලා කාසි ටික ඈ ඉදිරියේ මේසය මත තැබුවේ ය.

    ඈ ඉතා ඕනෑකමින් ඒවා සතේට ගනන් කළා ය.

    '"හරි එහෙනම් පරිසමින් පලයං"

    ඔහු තවත් මොහොතක් ඈ දෙස බලා සිටියේ ය.

    ඈ නැවත කාසි ගනිමින් ලාච්චුවට දැමුවා මිස ඔහු ඉන්නා වගක් නොවී ය. සේදිරිස් කඩේට ගොඩවී මොනව හෝ ඉල්ලන්නට ආ බැවින් කොල්ලා තවත් බලා හිදින්නට තරම් ධෛර්යයමත් නොවීය.

    නැවත නිවසට දිව එන අතර මඟ දෙතුන් විටක් ඔහු මෙසේ මිමිණුවා.

    "අම්මා පස්සේ ඉල්ලා ගනී. නෝනට ගාන වැරදුනා"

    -නිමි
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    ඒ කියන්නෙ? වැඩියෙන් සල්ලි අරන් අඩුවෙන් බඩු දීලද?
    හපොයි නෑ :) කලින්ම කොල්ලට වුනේ වැරැද්දක් ඒත් මුදලාලි වැරදිවට හිතලා කොල්ලට බැන්නා. ඊළඟවතාවේ මුදලාලිගේ නෝනට වැරදුනා. ඉතුරු සල්ලි දෙන්න තිබුනත් ගාන වැරදිලා ඉතුරු දුන්නේ නෑ. ඒත් කොල්ලා ඒක හොරකමක් විදියට නෙවෙයි වැරැද්දක් වුන විදියටම දැක්කා.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හොඳයි. විසංවාදය සහ උත්ප්‍රාසය දෙකම හොඳට පිළිබිඹු කරලා තියෙනවා. දිරි ගැන්වීමක් විදිහට හදවත් ලකුණක් දුන්නා.

    අපේ ගේ ළඟ කඩේ මුදලාලිත් ඒ වගේ. 5 හොරා කියල කියන්නේ. රුපියල් 5 ඉතිරි දෙන්නෙනෑ. ලංකාවේ බස් කොන්දලත් එහෙමනේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේක කියෙව්ව.

    මුලුගමටම වලව්වෙ කාර් එක පමනක් තිබ්බ යුගයට අදාල නිස, හාල් ග්‍රෑම් 250ට වඩා රාත්තල හෝ රාත්තල් බාගය වන යෙදුම වඩා සුලබ වේ.

    මේ හා සමාන බොහො කතා කියවල තිබෙ.
    ජයසෙන ජයකොඩි
    ජයකොඩි සෙනෙවිරත්න වැනි අයගෙ.

    එවත් එක්ක බලනකොට, ඉහත කාරනාව නිරීක්ශනය විය.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    සමහර සල්ලිකාරයෝ පට්ට දුප්පත්. උන්ට තියෙන්නේ සල්ලි විතරමයි.
    ඔව් බන්

    හොඳයි. විසංවාදය සහ උත්ප්‍රාසය දෙකම හොඳට පිළිබිඹු කරලා තියෙනවා. දිරි ගැන්වීමක් විදිහට හදවත් ලකුණක් දුන්නා.

    අපේ ගේ ළඟ කඩේ මුදලාලිත් ඒ වගේ. 5 හොරා කියල කියන්නේ. රුපියල් 5 ඉතිරි දෙන්නෙනෑ. ලංකාවේ බස් කොන්දලත් එහෙමනේ.
    Thanks සහෝ. ඔව් ඒ වගේ අය මමත් දන්නවා.
    ------ Post added on Aug 1, 2021 at 9:06 AM

    මේක කියෙව්ව.

    මුලුගමටම වලව්වෙ කාර් එක පමනක් තිබ්බ යුගයට අදාල නිස, හාල් ග්‍රෑම් 250ට වඩා රාත්තල හෝ රාත්තල් බාගය වන යෙදුම වඩා සුලබ වේ.

    මේ හා සමාන බොහො කතා කියවල තිබෙ.
    ජයසෙන ජයකොඩි
    ජයකොඩි සෙනෙවිරත්න වැනි අයගෙ.

    එවත් එක්ක බලනකොට, ඉහත කාරනාව නිරීක්ශනය විය.
    බොහොම ස්‍තූතී. මටත් ඇත්තටම ඔතන නොගැලපීමක් තේරුණත් පස්සේ හදන්න කල්පනා වුණේ නෑ. ඉදිරියට ලියද්දී මේක ප්‍රයෝජනවත් :yes: (y)
    ------ Post added on Aug 1, 2021 at 9:10 AM
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,178
    113
    34
    Kalutara
    හපොයි නෑ :) කලින්ම කොල්ලට වුනේ වැරැද්දක් ඒත් මුදලාලි වැරදිවට හිතලා කොල්ලට බැන්නා. ඊළඟවතාවේ මුදලාලිගේ නෝනට වැරදුනා. ඉතුරු සල්ලි දෙන්න තිබුනත් ගාන වැරදිලා ඉතුරු දුන්නේ නෑ. ඒත් කොල්ලා ඒක හොරකමක් විදියට නෙවෙයි වැරැද්දක් වුන විදියටම දැක්කා.
    අඩෝ එහෙම දෙයක් හිතට ආවෙම නෑනෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,178
    113
    34
    Kalutara
    පටලා ගන්නේ නැතුව කියවන්න ඕනි

    ඉතින් මම කියපු දේ වෙන්න විදිහක් නැද්ද උඹේ අවසානෙට අනුව? බඩු ලිස්ට් එකේ බඩු අඩුවෙන් දීලා සල්ලි වැඩිපුර ගත්තා. අම්මා ඉල්ල්ගනියි. මුදලාලි නෝනට ගාන වැරදුනා.

    පොත් කියවනව අඩුයි නේද?
    වැල කතානේ කියවන්නේ
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    ඉතින් මම කියපු දේ වෙන්න විදිහක් නැද්ද උඹේ අවසානෙට අනුව? බඩු ලිස්ට් එකේ බඩු අඩුවෙන් දීලා සල්ලි වැඩිපුර ගත්තා. අම්මා ඉල්ල්ගනියි. මුදලාලි නෝනට ගාන වැරදුනා.


    වැල කතානේ කියවන්නේ
    ඔව් ඉතින් එහෙමත් හිතා ගන්න පුළුවන්
     
    • Love
    Reactions: Heshan Daminda