මාරු~නොතිබුණොත්...?
මාරු නොතිබුණොත්...?
ලසිතගේ මුදල් පසුම්බිය කාර්යාලයේදී නැති විය. ඔහු දෙලොව රත් වී එය හොයද්දී ඔහුගේ කාර්යාල සගයා වූ චන්ද්‍රසේන සිනාසෙමින් පැමිණ මුදල් පසුම්බිය ලසිත අත තැබීය. වහා මුදල් පසුම්බිය දිග හැර බලා සැනසුම් සුසුමක් හෙළූ ලසිත චන්ද්‍රසේන දෙස බලා මෙසේ ඇසීය.
‘මගෙ පර්ස් එක හොයලා දුන්නට තමුසෙට බොහොම ස්තුතියි. ඒත් නැති වෙනකොට මේකෙ තිබුණේ පන්සීයේ කොළ දහයක් විතරයි කියල මට හොඳට මතකයි. ඒත් දැන් පන්සීයේ කොළ අටකුයි සීයේ නෝට්ටු 10 කුයි මේකෙ තියෙනවා. කොහොමද එහෙම වුණේ?’
‘ඕක හම්බ වුණේ සරප් නෝනගෙ කවුන්ටරේ ළඟ වැටිලා තිබිලා. මේක අහුලලා දුන්නම මට තෑග්ගක් දෙන්ඩ සර් ළඟ මාරු නෝට්ටු නැතිවෙයි කියල හිතලා මමයි පන්සීයෙ කොළ 2 ක් සරප් නෝනා ගෙන් මාරු කර ගත්තෙ.’ චන්ද්‍රසේන බයාදු ලෙස සිනාසෙමින් කීවේය.