මාරු~නොතිබුණොත්...?

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මාරු~නොතිබුණොත්...?


    මාරු නොතිබුණොත්...?


    ලසිතගේ මුදල් පසුම්බිය කාර්යාලයේදී නැති විය. ඔහු දෙලොව රත් වී එය හොයද්දී ඔහුගේ කාර්යාල සගයා වූ චන්ද්‍රසේන සිනාසෙමින් පැමිණ මුදල් පසුම්බිය ලසිත අත තැබීය. වහා මුදල් පසුම්බිය දිග හැර බලා සැනසුම් සුසුමක් හෙළූ ලසිත චන්ද්‍රසේන දෙස බලා මෙසේ ඇසීය.
    ‘මගෙ පර්ස් එක හොයලා දුන්නට තමුසෙට බොහොම ස්තුතියි. ඒත් නැති වෙනකොට මේකෙ තිබුණේ පන්සීයේ කොළ දහයක් විතරයි කියල මට හොඳට මතකයි. ඒත් දැන් පන්සීයේ කොළ අටකුයි සීයේ නෝට්ටු 10 කුයි මේකෙ තියෙනවා. කොහොමද එහෙම වුණේ?’
    ‘ඕක හම්බ වුණේ සරප් නෝනගෙ කවුන්ටරේ ළඟ වැටිලා තිබිලා. මේක අහුලලා දුන්නම මට තෑග්ගක් දෙන්ඩ සර් ළඟ මාරු නෝට්ටු නැතිවෙයි කියල හිතලා මමයි පන්සීයෙ කොළ 2 ක් සරප් නෝනා ගෙන් මාරු කර ගත්තෙ.’ චන්ද්‍රසේන බයාදු ලෙස සිනාසෙමින් කීවේය.

    :lol::yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඩේලියා පවුල


    ඩේලියා පවුල


    දුර්ලභ මල් වර්ග ඇති දර්ශනීය මල් වත්තක අයිතිකරු වූ ලලිත් තම වෙර වීරියෙන් මෙතෙක් එකතු කරගත් මල් වර්ග ගැන මහත් ආඩම්බරයකින් තම මිතුරු චමිල හට විස්තර කරමින් සිටියේය.
    මේ මල් වර්ගය ඩේලියා පවුලට අයිති බොහොම වටිනා එකක්.’ ඔහු එම මල් වර්ගය දෙසට ළං වෙමින් චමිලට කීවේය.
    ‘හරි... හරි... ඒ පවුලේ අය නිවාඩුවකට පිට ගිහිල්ලා එනකම් බලාගන්න කියල තමුසෙට භාර දීලා ගියා ද?’ චමිල ඇසීය.

    :rolleyes::P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    විනෝද ගමන


    ‘තමුසෙ කොහෙද මේ තකහනියක් ගියේ? කොහෙ වුණත් බොහොම සන්තෝසෙන් ගිය ගමනක් විත්තිය මූණෙන් පේනවා.’ කට පළල් කොට සිනාවෙමින් තමන් වෙත ආ සුගත් ගෙන් වීරකෝන් විමසීය.
    ‘විනෝද ගමනක් ගියා.’ සුගත් පිළිතුරු දුන්නේ අර සිනාවෙන්මය.
    ‘මේ හදිස්සියෙ විනෝද ගමනක් ගියා?’ වීරකෝන් කුහුලින් විමසීය.
    ‘අපෙ නැන්දම්මා මෙච්චර කල් අපෙ ගෙදරනෙ හිටියෙ. අද එයාව ඒ ගොල්ලන්ගෙ ගමේ මහ ගෙදරට එක්ක ගෙන ගියා.’ සුගත් කීවේ ය.

    :P:cool:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වෙන මොනවද දැනගන්න ඕනෙ?


    වෙන මොනවද දැනගන්න ඕනෙ?


    පින්තු කොළඹ කොටුවෙන් මාතර බලා යන ශීඝ්‍රගාමී දුම්රියට නැඟී, එහි හිස් අසුනක ජනේලය අසල වාඩි වී හොඳින් හරිබරි ගැසී නිදා ගන්නට සැරසුණේය. ඉදිරි අසුනේ වාඩි වී සිටි තලතුනා පුද්ගලයකු පින්තු දෙස ඕනෑකමින් බලා කටපුරා සිනාසී ඔහුගෙන් මෙසේ ඇසීය.
    ‘මහත්තයා මේ බෑරක් ද?’
    ‘මං මේ කෝච්චියෙන් මාතරට ගිහින් එතැනින් හම්බන්තොටට බස් එකකින් යනවා. මම වැඩ කරන්නෙ එහෙ කච්චේරියේ. එහෙ වැඩට ගිහින් දැන් අවුරුදු දෙකක් වෙනවා. මට මාසෙකට රුපියල් විසිදාහක විතර පඩියක් හම්බු වෙනවා. මම නැවතිලා ඉන්නෙ අපෙ ඔෆිස් එකේම වැඩ කරන යාළුවකු ගෙ ගෙදර. අපේ පවුලෙ අයියලා අක්කලා ඔක්කොම බැඳලා. මම තමයි බාලයා. මම තාම අවිවාහකයි... මුන්නැහේට මගෙන් වෙන මොනවත් හෙම දැනගන්න තියෙනව ද?’ නොනවත්වාම කියාගෙන ගිය පින්තු, මොහොතක් ඉදිරි අසුනේ පුද්ගලයා දෙස බලා සිට අනතුරුව තම අසුනේ හරිබරි ගැසී ගොරවන්නට විය.


    :confused::eek:

     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    විවාහ ජීවිතයේ තරම




    විවාහ ජීවිතයේ තරම


    ‘කසාද බැඳපු මිනිස්සු හැමෝම වගෙ මරණින් පස්සෙ දිව්‍ය ලෝකෙ යනවා කියන්නෙ ඇත්ත ද අනේ?’ හන්දියේ ඉදිකර තිබු වෙසක් තොරණ බැලීමට ගොස් ආපසු නිවෙස බලා යමින් සිටි අනෝමා තම සැමියා ගෙන් විමසුවා ය.
    ‘නැහැ... නැහැ... ඒ මිනිස්සු අපායට ගියත් ඒ ගොල්ලො හිතන්නෙ තමන් දිව්‍ය ලෝකෙ ඉන්නවා කියලයි.’ නිහාල් කීවේය.

    :growl::lol:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    තුවක්කු



    තුවක්කු


    නව වෙළෙඳ සංකීර්ණය කුඩා සිනමා ශාලාවකින් සහ වෙළෙඳ කුටි රාශියකින් සමන්විත විය. එහි විවෘත කෙරුණු සංගීත භාණ්ඩ අලෙවි හලකට ගායක පේ‍්‍රමරත්න පිවිසියේ පැදුරු සාජ්ජවලදී තමා හා සහභාගි වන සගයකු ද සමඟ ය.
    එහි ප්‍රදර්ශනය කර තිබු සිතාර්, සර්පිනා, තබ්ලා, ගිටාර්, ඩොල්කි, වයලීන ආදි විවිධ වාද්‍ය භාණ්ඩ පිරික්සමින්, ඒවා අතපත ගාමින් සිටි පේ‍්‍රමරත්න එක්වරම නැවතුණේ සංගීත භාණ්ඩ මධ්‍යයේ ප්‍රදර්ශනය කර තිබු තුවක්කු කීපයක් දැකීමෙනි. පුදුමයට පත් ව, මුව අයා ඒ දෙස මොහොතක් බලා සිටි හෙතෙම වෙළෙද සේවකයකු අමතා මෙසේ ඇසීය.
    ‘මොකෝ මේ සංගීත භාණ්ඩ මැද්දෙ තුවක්කු? මේවා කාට විකුණන්න ද?’
    ‘ඇයි සර්, මේ සංගීත භාණ්ඩ ගෙනියන අයගෙ අසල්වාසීන්ට’ වෙළෙඳ සේවකයා කීවේය.

    :shocked::lol: