June 28, 2025 at 10:40 am | lanka C news
කොළඹ ජාතික රෝහලේ සිදු කෙරෙන බයිපාස් හෘද සැත්කම්, අවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය හිඟයක් හේතුවෙන් නැවතීමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ දිනකට බයිපාස් සැත්කම් 6 ත් 10 ත් අතර ප්‍රමාණයක් සිදු වන නමුත්, එක් රෝගියෙකුට සැත්කමක් සඳහා වසර 2 ක් පමණ පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදු වන බවය.
වසර ගණනාවක් තිස්සේ, බයිපාස් සැත්කම් සඳහා අවශ්‍ය සමහර ශල්‍ය ද්‍රව්‍ය රෝගීන් විසින් වෛද්‍ය නිර්දේශ මත රුපියල් 70,000 ක් පමණ වැය කරමින් පිටතින් මිල දී ගෙන ඇත.
කෙසේ වෙතත්, විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සම්බන්ධ සිද්ධියෙන් පසුව, වෛද්‍යවරුන් පිටතින් ශල්‍ය ද්‍රව්‍ය ගෙන එන ලෙස නිර්දේශ කිරීමට පසුබට වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන්, ඉදිරියේදී රෝගීන්ට ජීවිත තර්ජනයක් විය හැකි තරම් ශල්‍ය ද්‍රව්‍ය හිඟයක් ඇති විය හැකි බවට අනතුරු අඟවයි.
මෙම ගැටලුවට විසඳුමක් ලබා ගැනීම සඳහා, විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ මහතා සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටින බව ද වාර්තා වේ.