මාලක ගැන comment සැපක්

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මාලක ගැන comment සැපක්

    +45
    සිරිසේන 144p · 1 day ago


    දන්සල් දොරෙහි නැත දුගියෝ
    සල්පිල් වලය පුරවැසියෝ
    පන්සිල් රකිති මැරවරයෝ
    මේ ... කේතුමතී නුවරයි
    මේ........... කේතු ..මති... නු. ව. ර. යි

    නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක්

    දකිනු නොහැක ලේ බින්දුවක් නොමලොත් මකුනෙක් මදුරුවෙක්
    මල බැඳුනු ගිනි දණ්ඩේ දැල් බන්දිත් මකුළු සේනා
    වෙඩි හඬ අසනු රිසි දනෝ
    පුපුරවති අහෝ රතිඥ්ඥා

    මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්න මතු වාසනා //


    දස රද දම් නිමිති පැවති නරපති ඇමති වඩන රුති
    දස රද දම් නිමිති පැවති නරපති ඇමති වඩන රුති
    සත වෙත පතල මෙත සදති...
    මේ ... කේතුමතී නුවරයි
    මේ........... කේතු ..මති... නු. ව. ර. යි

    රැකෙයි අකුරට නිතිය දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති වී ඇත

    නැත අක්‍රමිකතා වැඩේ සුහදතා සුන්දරතා සුවතා
    අහෝ සැපයි සැපයි මෙපුර විසුම නම්

    මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්න මතු වාසනා //


    කියමින් නිබද ගී මියුරු දකිමින් අවට රු සොඳුරු

    කියමින් නිබද ගී මියුරු දකිමින් අවට රු සොඳුරු
    සතුටින් රඟති මේ නුවරු
    මේ ... කේතුමතී නුවරයි
    මේ........... කේතු ..මති... නු. ව. ර. යි

    නැත මුදලේ වටිනාකම් බුහුමන් කරත් ශිල්ප ශ්‍රාස්ත්‍රයටම
    නැත පවුල් වාද පිල් බේද කුල වාද දෑ වාද
    නැත බදු බර පවුල් බර ජිවන බර

    මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්න මතු වාසනා //


    දන්සල් දොරෙහි නැත දුගියෝ

    සල්පිල් වලය පුරවැසියෝ
    පන්සිල් රකිති මැරවරයෝ
    මේ ... කේතුමතී නුවරයි
    මේ........... කේතු ..මති... නු. ව. ර. යි


    ..................................................................

    sira · 1 day ago
    සොය සොයා කියවන්න..! සාහිත්‍ය මාසයේ පොත්--------• ඉසෙඩ් ස්කෝර් - බන්ධුල ගුණවර්ධන (ආර්ථීක විජ්ජා පොතක්)
    • තෙල් බාලා - සුසිල් ප්‍රේමජයන්ත (ස්වයං චරිතාපදාන)
    • කේලම් තොල්ලා - පුලතිසිපුර සිරිසේන
    • මැරෙන තුරා මං - වැව්බැඳි පුර බර්ටි පී. දිසා
    • පිස්සු ආචාරියෝ - හඟ=රන්කෙත සුදු බණ්ඩා
    • ඔන්න මෙයා මං පැන්නා - ඇතුගල් පුර දයා ශ්‍රී
    • මගේ බඩු 400 - අකුරැස්සේ අපචාර
    • කටුවන මළගේ - ජුලම්පිටියේ අමරේ
    • ධනවතෙකු වන්නේ කෙසේද? - කළුතර රත්තරන්
    • අසරණ කප්පම් - සියනෑවේ සරණේ
    • නිවනට පහසු මග - ඛෙල්ලන්තොට අහවල් හිමි
    • දෙමළු මරමු - අපි සිංහල ප්‍රකාශනයක්
    • මං බය නෑ - හේමකුමාර නානායක්කාර

    ...........................................................

    amda · 1 day ago
    තගා බයිලා - Thugs Baila
    මුලසුන බයිලා චක්‍රවර්ති

    ආ යෙත් වලියක් දාගෙන මාලක සිල්වා

    වාද බයිල කියමුද බුදු පානක් දල්වා
    එතකොට, වාද බයිල කියමුද බුදු පානක් දල්වා
    එලිසම රැකලා, නොම මගේ කලිසම ගලවා

    කිරිබත්ගොඩ මර්වින්


    මම වගේම වැඩ කාරයා මගේ සුදු පුතා

    තොපි ඔක්කෝම කට වහගනු මම හරි ජගතා
    යකෝ, තොපි ඔක්කෝම කට වහගනු මම හරි ජගතා
    අප්ප වගේ නැත්තන් ඌ…. නොට්ටිගේ පුතා

    ඩැයිවර් මල්ලි


    වටකරලා නෙලුවා…. උන්, අපේ බේබිට

    එතන තිබුන පිස්තෝලේ.. ගෙනාවා ගන්ට
    සෑර්, එතන තිබුන පිස්තෝලේ.. ගෙනාවා ගන්ට
    උඩ පැන පැන ගැහුවනේ උන් අපේ බේබීට

    ..........................................................

    amda · 1 day ago
    මාලක පුතා

    සිගරට් ඉල්ලා, දුන්නත්, ගිනි නෑ කියලා

    කිව්වොත් නෙලලා, මම, යන්නේ බේරිලා
    අම්මට, කිව්වොත් නෙලලා, මම, යන්නේ බේරිලා
    තොපි ආවත්, යවන්නේ මම, ඇට කුඩු කරලා

    රඹුක්වැල්ලේ කෙහෙලිය


    පන්සලේ දී බෑනේ අනේ.. හිරේට ගන්ට

    මගේ එකත් යවනව මම, මුගෙ සෙට් එකට
    මගේ එකත් යවනව මම, මුගෙ සෙට් එකට
    ගාඩ් එකට ජීප් එකත් දෙනවා… පුතාට

    ............................................................

    amda · 1 day ago
    ඇස් පී අජිත් රෝහණ

    එව්වා කොහෙද.. කොයි කාටත් එකයි නීතිය

    ලොක්කා කිව්වා.. මෙවැනි අයට තදයි නීතිය
    අපේ, ලොක්කා කිව්වා.. මෙවැනි අයට තදයි නීතිය
    ඌ ඉන්නා තැන කිව්වොත්.. ඔබටයි මිලියනය

    හමුදාපති තුමා


    මූ මොනවද එතන කළේ.., මහ රෑ ජාමේ

    උත්තර දීපන් මේජර්.., ඇවිත් කොමසමේ
    කැරකිලා, උත්තර දීපන් මේජර්.., ඇවිත් කොමිසමේ
    දන්නෙ නැද්ද මෙම්බස්... VIP..... සමාගමේ

    ඩෙංගු සේන


    අනේ මගේ කාලේ කන... වින පරිස්සන

    තියන්නෙපා ලොක්කා... මම කියමි වැඳගෙන
    අනේ, තියන්නෙපා ලොක්කා මම... කියමි වැඳගෙන
    මුන්ට ගේම් දෙන්නත් බෑ... කලත් කොඩිවින

    ...........................................................

    amda · 1 day ago
    මාතරින් ඩලස්

    හෙලා දකිනවා ලොක්කා.. නෑ කතා දෙකක්

    පත්තරවල තියෙනවාද… මේ වගේ සැපක්
    ඔය කුණු, පත්තරවල තියෙනවාද… මේ වගේ සැපක්
    පලදෙන්නේ නියමට මට පූරුවේ පිනක්

    .............................................................

    amda · 1 day ago
    මුලසුන බයිලා චක්‍රවර්ති

    පාරුවේ පුවක් එතකොට... පූරුවේ පවක්

    දැකලා තියෙනවද ඔහෙලා... පිස්සු මී හරක්
    අම්මපා, දැකලා තියෙනවද ඔහෙලා... පිස්සු මී හරක්
    රණවිරුවත් බල්ලා මාක්... නැති උනොත් පිනක්

    ............................................................

    ගොසිප් නමයේ තිබුණේ...ලියපු උන්ටයි අචාරේ...

































     
    • Like
    Reactions: bathalaya