මාලදිවයිනම මුහුදු වතුරෙන් යටවී
පාවෙන නව දූපතක් සමුහයක් බවට පත්වෙන
මාලදිවයින
අපට ඉතාමත් සමීප රටක් වන මාලදිවයින ගැන අපූරු ආරංචියක් පසුගියදා අසන්නට ලැබිණි. මෙම ආරංචියෙන් කියවුණේ මාලදිවයින ටිකෙන් ටික මුහුදුබත් වෙන බවයි. සරළව කියතොත් මුළු මාලදිවයිනම මුහුදු වතුරෙන් යටවී නැතිවී යැමට ඉඩ ඇති බවයි. මෙම ආරංචිය තහවුරු කරන තවත් පුවතක් ඒ සමගම අපට දැන ගන්නට ලැබිණි. මෙම පුවතින් කියවුණේ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා ඔස්ටේ්රනලියා රජයෙන් තමන්ගේ රට වැසියන්ට පදිංචිවීම සඳහා ඔස්ටේ්රිලියාවෙන් පුංචි කොටසක් වෙන්කර දෙන ලෙස ඉල්ලීඹක් කර ඇති බවයි. තමන්ගේ රට මුහුදුබත්වීමට ඉඩ ඇති බැවින් මෙම ඉල්ලීම කරන බවද ඔහු කියා සිටියේය. එහෙත් භූ විද්යාරඥයන් පිරිසක් පසු කලකදී මාලදිවයින ගැන කළ පර්යේෂණයකින් පසුව කියා සිටියේ මෙම දිවයින කිසි දිනක මුහුදුබත් නොවන බවයි. භූ විද්යාණඥයන් එසේ කීවද මෙම මතය ගැන වැඩි විශ්වාසයක් නොතබන වත්මන් මාලදිවයින් රජය මෙම ව්ය්සනයෙන් ගැලවීම සඳහා අලුත් ක්රයමවේදයක් සොයාගෙන තිබේ. මෙම ක්ර මවේදය නම් මුහුදේ පාවෙන අලුත් මාලදිවයිනක් නිර්මාණය කිරීමට සැරසීමයි මෙය ඔබටත් මටත් විශ්වාස කළ නොහැකි දෙයකි. එහෙත් මාලදිවයින තමන්ගේ මුහුදුබත්වීමට යන රට පාවෙන රටක් කිරීම සඳහා මේ වන විටත් සැලසුම් සකස් කර හමාරය.
මාලදිවයින යනු පුංචි දූපත් 1192 කින් සෑදී ඇති දිවයිනකි. එය මාලයක් වැන්න. මේ නිසා එයට මාලදිවයින යනුවෙන් නම් තබා ඇතැයි ජනප්ර වාදයේ එන කතාවකින් කියෑවෙයි. මාලදිවයින රජය මුලින්ම නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත්තේ ගොල්ෆ් ක්රී ඩාංගණයකි. මුහුදේ පාවෙන මෙම යෝධ ගොල්ෆ්පිටිය නිර්මාණය කිරීම සඳහා පවුම් මිලියන 320 ක් වැය කිරීමට මාලදිවයින සූදානමින් සිටියි. නිමවීමෙන් පසු මෙම යෝධ ගොල්ෆ්පිටියට ක්රීකඩකයන් යා යුත්තේ මුහුදේ ඒ සඳහාම නිර්මාණය කරනු ලබන උමගක් මාර්ගයෙනි. මෙම ගොල්ෆ්පිටිය මුහුදු මට්ටමේ (ජලයේ) සිට අඩි පහක් පමණ ඉහළින් නිර්මාණය කිරීමට එහි නිර්මාණකරුවන් සැලසුම් කර ඇත. කොයි මොහොතක හෝ තම රට නොහොත් දූපත් සමූහය මුහුදු ජලයෙන් යටවේදැයි බියකින් පසුවන මාලදිවයින් රජය ඕලන්දයේ Dutch Dockieadas International නමැති ගෘහ නිර්මාණ ශිල්ප සමාගමක් හවුල් කරගෙන ලෝකයේ තිබෙන පළමුවන පාවෙන කෘත්රිතම දූපත් සමූහය නිර්මාණය කිරීමට මේ දිනවල ලහිලහියේ සූදානම් වෙමින් සිටියි.
මේ වන විට ඕලන්ද ගෘහ නිර්මාණ සමාගම පාවෙන නිවාස සහ හිරගෙවල් කීපයක්ම නිර්මාණය කර ඇත. මෙම නිවාස සහ හිරගෙවල් නිර්මාණය කිරීම සඳහා ඔවුන් උපයෝගී කරගෙන ඇත්තේ කොන්ක්රී.ට් තට්ටු සහ පොලිස් ටයිරින් පෙණය.(polystyrenfoam)
ඕනෑම වැස්සකට හා තදබල කුණාටුවකට ඔරොත්තු දෙන ලෙසත් නොකැඩෙන ලෙසත් මෙම පාවෙන දූපත් නිර්මාණය කිරීමටද ඕලන්ද සමාගම බලාපොරොත්තු වෙයි. මුහුදු පත්ලේ සිටම ගොඩනැගෙන සමහර පාවෙන දූපත් සඳහා ඝණකම රැහැන් හෝ වෙලස්කෝපික් මෝරිං (බෝට්ටු බැඳ තබන) ෙච්න් යොදා ගැනීමටද බලාපොරොත්තු වෙයි.
මුහුදු පත්ලට හානියක් නොවන ලෙස මෙම පාවෙන දූපත් සමූහය ළං ළංව ඉදි කිරීමටද ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පීහු බලාපොරොත්තු වෙති. එසේම මුහුදු පතුලේ ඇති පැළෑටි සහ සතුන්ට හානියක් නොවන සේ මෙම දූපත්වල ඉදිකරන නිවාස නිර්මාණය කිරීමටද මෙම ගෘහ නිර්මාණ ශිල්පීහු අදහස් කරති. මුහුදු පත්ලේ ඇති නොයෙක් වර්ගවල පැළෑටින්ටද එහි සිටින මත්ස්යමයන්ටද ඉරඑළිය ලැබෙන සේ මෙම නිවාස සහිත පාවෙන දූපත් ඉදිකිරීමටද ඔව්හු සැලසුම් කර ඇත.
ඉදිකිරීමට යෝජිත මෙම පාවෙන දූපත් මුලින්ම ඉන්දියාවේදී හෝ මැදපෙරදිග මුහුදු තීරයේදී හෝ සාදා නිම කිරීමට බලාපොරොත්තු වන ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පීන් පිරිස පසුව එය මාලදිවයිනට ඇදගෙන ඒමටද විධිවිධාන යොදා තිබෙන බව කියා සිටිති.
පිහිනන්නන් සඳහාද කිමිදෙන්නන් සඳහාද පෞද්ගලික සම්බැරීන් පාවිච්චි කරන්නන් සඳහාද මෙම පාවෙන දූපත් තුළ සිට එම ක්රිදයාවන් ඉටුකර ගැනීම සඳහා සියලුම පහසුකම් සලසා ඇතැයි ද ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පීහු කියා සිටිති.
මුහුදුබත්වීමට යන මාලදිවයිනට මෙවැනි ව්යා පෘතියක් ආරම්භ කරමු යෑයි මුලින්ම යෝජනා කරන ලද්දේ ඕලන්දයේ වෝටර් ස්ටුඩියෝ Water Studio නමැති සමාගම විසිනි. මේ නිසා මෙම ව්යාේපෘතියේ මොළකාරයා වෝටර් ස්ටුඩියෝ බව බොහෝ දෙනෙකු නොදනිති.
වෝටර් ස්ටුඩියෝ සමාගමේ ප්ර ධාන විධායක නිලධාරි පෝල් වෑන් ඩී. කෑම්ප් මෙම ව්යා්පෘතිය ගැන මෙසේ කියයි. මාලදිවයින කාලගුණික විපර්යාසයකට මුහුණ දෙමින් සිටින දූපත් සමූහයක් බව අපට තේරුම් ගියේ බොහොම කාලයක සිටයි. අපි මේ ගැන මාලදිවයින් ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. අපි කීවේ මේ කාලගුණික විපර්යාසයෙන් ඔවුන් බේරා ගෙන ඔවුන්ට සුබදායක ජීවන තත්ත්වයක් ලබාදෙන්න පුළුවන් කියල. ඒ අනුව තමයි අපි මේ පරිසරයට හිතකාමී ව්යා පෘතිය ආරම්භ කළේ. මෙම ව්යාලපෘතිය සම්පූර්ණයෙන්ම ක්රිරයාත්මක කිරීමෙන් පසු අපිට පුළුවන් වෙයි මාලදිවයින හරිත කලාපයක් බවට පත් කරන්න.
මෙම ව්යා.පෘතියේ ප්ර්ථම පියවර වශයෙන් ගොල්ෆ් ක්රී ඩාපිටියේ වැඩ කටයුතු ඉක්මණින්ම අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කියන වෑන් සී. කෑම්ප් මෙය ලෝකයේ තිබෙන එකම හා මුල්ම පාවෙන ගොල්ෆ් ක්රී ඩාංගණය බවද කියා සිටියි. මෙයට අමතරව ඔවුන් මාලදිවයින මුහුදු පත්ලේ "කල්බ් හවුස්" Club House නමින් විනෝදාගාරයක් ද ඉදිකිරීමටද සූදානම් වෙයි. මෙම "ක්ලබ් හවුස්" විනෝදාගාරය ඉදිකිරීමෙන් පසු එයට ගමන් කිරීම සඳහා විශේෂ සෝපානයක් නිර්මාණය කිරීම ද වෑන් ඩී කෑම්ප් ඇතුළු පිරිස බලාපොරොත්තු වෙති.
මෙම පාවෙන දූපත් මුලින්ම අපි නිර්මාණය කරන්නේ ඉන්දියාවේ හෝ මැදපෙරදිග මුහුදු තීරයකයි කියන සැලසුම් ශිල්පී කොයින් ඔල්තුයින් පරිසරයට කිසිම හානියක් නොවන ලෙස මෙය නිර්මාණය කිරීමෙන් පසු මාලදිවයින් මුහුදු තීරයෙන්ම මේවා ඇදගෙන එන බවද ඔහු කියා සිටියි.
දැනට වැඩ ආරම්භ කර ඇති ගොල්ෆ් ක්රීනඩා පිටියේ සම්පූර්ණ වැඩ කටයුතු 2013 දී නිම කිරීමට බලාපොරොත්තු වෙන බව කියන කොසන් ගොල්ෆ් ක්රී ඩාංගණය ඉදිවන්නේ මාලදිවයිනේ ප්රතධාන නගරය වන මාලේ නගරයේ සිට විනාඩි පහකින් යා හැකි දුරක යෑයි කියා සිටියි. ගොල්ෆ් ක්රීලඩාපිටියට සූර්ය ශක්තිය ලබාදීමටද මෙම ගෘහ නිර්මාණ ශිල්පීන් බලාපොරොත්තු වෙති. මේ අතර පාවෙන දූපත්වලට අමතරව පෞද්ගලික පාවෙන දූපත් 43 ක්ද ඉදිවෙයි. මෙය පෞද්ගලික අංශයෙන් සිදු කෙරෙන්නකි. මෙම පෞද්ගලික දූපත් සමූහය හඳුන්වා ඇත්තේ Amillarah නමිනි.
සියලුම විනෝදාංශයන්ගෙන් හා රසයන්ගෙන් පිරි මෙම පෞද්ගලික පාවෙන දූපත් සමූහය සඳහා ජෙටියක්ද වෙනම ඉදිවෙයි. ඒ කුඩා බෝට්ටු නතර කිරීම සඳහාය. මෙයට අමතරව නාන තටාක, ෆාම් ගස්, විවිධ මල් වර්ග, ආදියද මෙම දූපත් සමූහය තුළ ඉදිකිරීමට සැලැසුම් කර ඇත. සිනමා ශාලා සම්බාහන හල් සහ රාත්රීධ සමාජ ශාලා ද මෙම පෞද්ගලික පාවෙන දූපත් සමූහය තුළ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දේශගුණික විපර්යාසයන් නිසා මුහුදුබත්වීමට යන මාලදිවයින බේරා ගැනීමටත් යළි එයට පුනර්ජීවයක් ලබාදීමටත් මාලදිවයින් රජය සූදානම් වන්නේ ඔය ආකාරයෙනි. තව නොබෝ දිනකින් මාලදිවයින අපට දැක ගැනීමට ලැබෙන්නේ පාවෙන දූපත් සමූහයක් ලෙසිsනි. එවිට එය ලෝකයේ තිබෙන එකම පාවෙන දූපත් සමූහය බවට පත්වනු ඒකාන්තය.
ආතර් යූ. අමරසේන
උපුටා ගැනීම දිවයින පුවත්පත.