මාලඹේ සයිටම් එක ගැන ප්‍රශ්නයක්

Mr.Underwear

Active member
  • Dec 21, 2015
    154
    16
    28
    මාලඹේ සයිටම් එක ගැන ප්‍රශ්නයක්

    මට මේක ප්‍රශනයක් මචං..
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    ඇයි මචං මාලඹේ සයිටම් එකට වෛද්‍ය සභාවෙන් අනුමැතිය ලැබෙන්නේ නැත්තේ?
    සාධාරණ හේතුවක් කියහන්කෝ කවුරුහරි.:confused:
     
    ABOLISH SAITM

    Member
    Jan 17, 2017
    35
    8
    0
    අවසන් සටන ඇරඹූ වගයි....
    Simple Nevil is world no 1 cheater...
    They failed to achieve even minimum requirements...
     
    • Like
    Reactions: kasun137

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    මචන් ලෝකේ දියුණු රටවල වෛද්‍ය විද්‍යාලයක් ආරම්බ කරන්න ඕන අවම නිර්ණායක ටිකක් තියෙනවා, භෞතික සම්පත් වගේම,හොඳ output එකක් තියෙන ශික්ෂණ රෝහලක්,සහ සියලු අවශ්‍ය උප විසේසඥ විෂයන් හෝ එහෙම තියෙන රෝහලකට යොමුකිරීමේ හැකියාව.ඉගැන්වීමට සුදුසුකම් ඇති නිත්‍ය ආචාර්ය මඩුල්ලක්,පිළිගත් syllabas එකක්,සහ අදාල රටේ වෛද්‍ය සභාවෙන් නියාමනය වෙන්න ඕන.අපේ රටේ එහෙම එකක් තිබුනේ නැති නිසා WHO එකේ නියාමන තමයිපිලිගත්තේ.
    සෛටම් පටන්ගත්තේ ශික්ෂණ රෝහලක් නැතුව.දැන් ඇති රෝහලටත් ශික්ෂණ රෝහලක සුදුසුකම් නැ.එකේ ඔක්කොම sub speciality නැහ.නිත්‍ය ස්ටාෆ් එකට ලංකාවේ ලියපන්චියාවත් ඇත්තේ ටික දෙනාටයි.එනිසා ඒගොල්ල කරන්නේ විසිටින් ලෙක්චරර් ල දාල උගන්වනවා.ලංකාවේ නීතිය අනුව උසස් පෙළ c තුනක් හෝ ඊට සමාන ලෝකේ විභාග වලින් ප්‍රතිපල ලබා නැත්නම් වෛද්‍ය ලියාපදිංචිය ලබන්න බැහැ .නමුත් මේකේ s 2 ගත්ත යටත් උපාදිය දෙනවා.ඒ මදිවට ලෝකේ කොහෙවත් නැතිවිදියට අවුරුද්දට ඉන්ටෙක් 2 ගන්නවා එකකටවත් පහසුකම් නැතිව.මේ වගේ ක්‍රියාත්මක උනොත් slmc ඒක එයාලගේ ලියාපදිංචිය දෙන්නේ නැහැ.

    සෛටම් එක දැන් කරන්න ඕන ඔය සුදුසුකම් ටික හදාගන්න එක.නමුත් කරන්නේ සල්ලි විසිකරලා ඒවා හදාගන්නතුව අඩුවියදමෙන් හොරවිදියට ලියාපදිංචිය ගන්න හදන එක.
     
    • Like
    Reactions: harshana123
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    1. රජයේ වෛද්ය නිළධාරී සංගමය පුද්ගලික / මුදල් ගෙවා කරන අධ්යාපනයට විරුද්ධ නැත
    2. පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්ය අධ්යාපනයක් ලබා ඩීමට නොහැකි බව හෙළි කර අත්තේ 2007 දී OASIS වෛද්ය පීඨය හා සම්බන්ධ ප්රශ්නයේදීය
    3. විදේශීය වෛද්ය උපාධි ලබා එන උපාධිධාරීන්ට ERPM විභාගය ලිවීමට නම් C2S1 ක් තිබීම අනිවාර්ය වේ
    4. වෛද්ය පීඨයක ගුණාත්මක භාවය ගැන අවසන් තාක්ෂණික තීරණය ලබා දෙන්නේ වෛද්ය කවුන්සලයයි (SLMC).
    5. රජයේ වෛද්ය නිළධාරී සංගමය (GMOA), ශ්රී ලංකා වෛද්ය ආයතනය (SLMA) හා වෛද්ය කවුන්සලය (SLMC) යනු එකිනෙකින් ස්වාධීන ආයතන වේ. පළමුවැන්න වෘත්තීය සමිතියක් වන අතර, දෙවැන්න වෘත්තීය එකමුතුවකි. තෙවැන්න රජයෙන් පත් කල ව්යවස්ථාපිත ආයතනයකි
    6. සයිටම් ආයතනයේ වෛද්ය ශිෂ්යයකු වීමට ඇතුළු වීමේ කඩ ඉමක් නැත (No entry criteria)
    7. සයිටම් සිය සිසුන්ට පොරොන්දු වූ පරිදි න්ෂ්නි නිග්රෝඩ් විශ්ව විද්යාලය සමග සම්බන්ධයක් නැත
    8. නෙවිල් ප්රනාන්දු රෝහලේ පුහුණුවට ඇති තරම් රෝගීන් නොමැත.
    9. රජයේ රෝහල් වල වෛද්යවරුන් වෛද්ය ශිෂ්යයින් පුහුණු කරන්නේ ගරු / ස්වේච්ඡා සේවයක් ලෙසය. සයිටම් සිසුන්ට ඉගැන්වීමට ඔවුන් නීතියෙන් බැඳී නැත
    10. සයිටම් විභාග වෛද්ය කවුන්සලය මගින් නියාමනය නොවේ
    11. සයිටම් සිසුන් රාජ්ය වෛද්ය පීඨ සිසුන් සියල්ලන්ම අවසන් වසරේ ලියන පොදු පරීෂණයට (common MCQ) සහභාගී වීම ප්රතික්ෂේප කර ඇත
    12. සයිටම් සිසුන්ට ERPM ලිවීමට බලකිරීම නීති විරෝධීය.
    13. සයිටම් ආයතනය විසින් සිසුන් බඳවා ගැනීම නවත්වා ගත යුතු බවට 2011 දී සෞඛ්ය අමාත්යවරයා විසින් ප්රකාශයක් නිකුත් කර ඇත
    14. සයිටම් ආයතනය වෛද්ය කවුන්සලය (SLMC) මගින් පිළිගෙන නැත
    15. සයිටම් ආයතනයට ගුනාත්මක භාවය දියුණු කිරීමට 2010 සිට දුන් සියළු අවස්ථා ඔවුන් විසින් මඟහැර ඇත.

    -Ranga Weerakkody-
     
    ABOLISH SAITM

    Member
    Jan 17, 2017
    35
    8
    0
    9. රජයේ රෝහල් වල වෛද්යවරුන් වෛද්ය ශිෂ්යයින් පුහුණු කරන්නේ ගරු / ස්වේච්ඡා සේවයක් ලෙසය. සයිටම් සිසුන්ට ඉගැන්වීමට ඔවුන් නීතියෙන් බැඳී නැත

    රටේ බහුතරයක් මෙය නොදනී....
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    9. රජයේ රෝහල් වල වෛද්යවරුන් වෛද්ය ශිෂ්යයින් පුහුණු කරන්නේ ගරු / ස්වේච්ඡා සේවයක් ලෙසය. සයිටම් සිසුන්ට ඉගැන්වීමට ඔවුන් නීතියෙන් බැඳී නැත

    රටේ බහුතරයක් මෙය නොදනී....

    sira mchan
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    9. රජයේ රෝහල් වල වෛද්යවරුන් වෛද්ය ශිෂ්යයින් පුහුණු කරන්නේ ගරු / ස්වේච්ඡා සේවයක් ලෙසය. සයිටම් සිසුන්ට ඉගැන්වීමට ඔවුන් නීතියෙන් බැඳී නැත

    රටේ බහුතරයක් මෙය නොදනී....

    සළකන්නේ රැහේ එවුන්ට විතරයි.... පිට උන්ට නෑ... :rofl::rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    නෑ ඒකෙන් කියන්නෙ "නීතිමය තත්වය" ගැන.
    eg:
    දන්සැලක් දෙනවා . කට්ටිය පෝලිමේ ඇවිත් කාලා යනවා. තව කට්ටියක් පෝලිමේ එන්නෙ නැතුව පිටින් පැනලා ආවම, (පෝලිමේ එන උන්ට සලකන එකත් ෂෝට්කට් වලින් එන උන් පන්නන එකත් දන්සැලක් දෙන එකාගෙ වැඩක්.
    අකමැති නම් බල කරන්නෙ නෑ නාවට කමක් නෑ) අධිකරණ නියෝග තියෙනවය කියලා උන්ට සලකන්න නීතිමයව බැඳිලා නෑ.
    (කැමැත්තෙන් දෙනවානම් දෙන එක වෙනයි.බලෙන් ගන්න ආවොත් ඉතින් මුකුත්ම ලැබෙන්නෙ නෑ) :)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඉතින් බන් ආණ්ඩුවට පුලුවන්නේ අර්ධ රාජ්‍ය පුද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලයක් හදන්න standard එකකට. එතකොට ඔය කිසි අවුලක් නෑනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් බන් ආණ්ඩුවට පුලුවන්නේ අර්ධ රාජ්‍ය පුද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලයක් හදන්න standard එකකට. එතකොට ඔය කිසි අවුලක් නෑනේ.

    ඉතින් රජයේ ‍වෛදය වරැන්ට පුලුවන්නෙ සයිටම් එකේ ළමයින්ට සායනික පුහුණුවත් දෙන්න...
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඉතින් රජයේ ‍වෛදය වරැන්ට පුලුවන්නෙ සයිටම් එකේ ළමයින්ට සායනික පුහුණුවත් දෙන්න...

    දෙන්නේ නෑ. නෙවිල් ප්‍රනාන්දුටනේ සල්ලි යන්නේ. ඒක වෙන්න ඕනේ මම හිතන්නේ. හොඳම දේ අර්ධ රාජ්‍ය කරන එක. එතකොට කිසි අවුලක් නෑ.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    private medical faculty lankawe dammoth aula wenne goverment thiyena wadihariyak wahila yana eka teaching kattiya aduwela
    lankawe okkotama lokugaanak wiyadam karanna amarui ithin
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    දෙන්නේ නෑ. නෙවිල් ප්‍රනාන්දුටනේ සල්ලි යන්නේ. ඒක වෙන්න ඕනේ මම හිතන්නේ. හොඳම දේ අර්ධ රාජ්‍ය කරන එක. එතකොට කිසි අවුලක් නෑ.

    සිරාවට ඩොකාලාගෙ "ගරු සේවය" පිටින් දාලා නොමිළේ උගන්නගන්නයි ලක්ෂ 120 120 නෙවිල් ලොක්කා සාක්කුවෙ දාගන්නයි. :lol:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    private medical faculty lankawe dammoth aula wenne goverment thiyena wadihariyak wahila yana eka teaching kattiya aduwela
    lankawe okkotama lokugaanak wiyadam karanna amarui ithin

    මගේ පුද්ගලික මතය නම් හැමෝටම ඉගෙනගන්න අයිතිය තියෙන්න ඕනේ බන්. රජයේ ඒවා වැහෙන්නේ නෑ එහෙම. හැමෝම සල්ලි පස්සේ යන්න තමයි ඉගෙනගන්නෙත්, ඒක නවත්තන්න බෑනේ බන්. අධ්‍යාපනය විකුනන්න එපා කියලා පාරේ කඳුළු ගෑස් කාලා බොරු මවාපෑමක් කරලා හවසට ගෙවල් ගානේ ගිහින් ගෘප් ක්ලාස් කරලා සල්ලි හොයනවා ඔය නිදහස වෙනුවෙන් කතා කරන අයම. අනික ඔය නිදහස් අධ්‍යාපනෙන් ඉගෙනගෙන ඩොක්ටර්ස්ලා වෙන බොහෝ දෙනෙක් රට යනවා.

    මම තව විරුද්ධයි ඔය සිවුරු දාගෙන පිරිවෙන් අධ්‍යාපනය ලබලා කැම්පස් අස්සේ රින්ගන් විප්ලව කරලා විභාගේ පාස් උනාට පස්සේ සිවුරු අරින ඒකට. ඕකට කිසියම් නීතියක් දාන්න ඕනේ. අවරුදු 20ක් යනකන් සිවුරු අත අරින්න බෑ. අරිනවා නම් රජයට නොමිලේ උගන්නන්න ගිය සියලු වියදම් පියවන්න. නැති නම් වහාම අත් අඩංගුවට ගන්නවා කියල හෝ අධ්‍යාපන සහතික අහෝසි කරනවා කියලා.
     
    uba poddak hithala balapan private ewa keepayak dammama inna godak professors la private ewata yanawa sallery wadinisa government nikanma wahenawa deka thunak ithuru wei